ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (11 වැනිදා) මීර්පුර් නුවරදී පැවැති එක්දින තරගයේදී ලකුණු 21 ක ජයක් ලබාගැනීමට පාකිස්තානු පිල සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිල 33 වැනි ඕවරයේදී කඩුලූ දෙකක් පමණක් දැවී ලකුණු 160 ක් ලබා සිටි නමුත් පාකිස්තානු ඉනිම ලකුණු 262 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශ පිලට අවසන් ඕවර 5 දී (පන්දු 30 කදී) ලකුණු 33 ක් අවශ්‍ය වූ නමුත් බංග්ලාදේශ පිලේ අවසන් කඩුලූ දෙක ලකුණු 11 කදී බිඳ වැටිණ. පාකිස්තානය ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 262 (මොහොමඞ් හෆීස් 89, නසීර් ජස්මේඞ් 54, යුනිස් ඛාන් 12, උමාර් අක්මල් 21, සෆ්රාස් අහ්මඞ් උමාර් ගුල් 39, සකිබ් අල් හසන් 41/2, සදාත් හොසේන් 53/3) බංග්ලාදේශය ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 241 (ටමීම් ඉක්බාල් 64, නසිමුදීන් 30, ජහුරුල් ඉස්ලාම් 23, සකිබ් අල් හසන් 64, නසීර් හොසේන් 47, උමාර් ගුල් 58/3, මොහොමඞ් හෆීස් 40/2, සහීඞ් අෆ්රීඩි 49/2)
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාකිස්තානු පිලට ලකුණු 21 ක ජයක්