IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පාකිස්තානු සිරකරුවන් 43දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවන් වී සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් 43 දෙනෙකු එරට රජයේ ඉල්ලීමක්   මත , අද(04) අලුයම පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරියා පැවසීය.

මොවුන් ශ්‍රී ලංකාවේ මහාධිකරණ මගින් වැරදි කරුවන් වී විවිධ බන්ධනාගාර වල වසර 10 ක් 15 ක් තරම් කාලයක් සිර දඩුවම් විදිමින් සිටි පාකිස්තානු ජාතිකයන් පිරිසක් බවත් , මොවුන් මෙලෙස පාකිස්තානය වෙත රැගෙන යෑමෙන් පසුව ද එරට බන්ධනාගාර තුළට යළිත් මොවුන් ඇතුළු කිරීමට නියමිත බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

පාකිස්තානු රජය විසින් මොවුන් රැගෙන යෑම සදහා එරට ආරක්ෂක නිලධාරීන් එක් සිරකරුවෙකුට දෙදෙනා බැගින් , ආරක්ෂක නිලධාරීන්  86 දෙනෙකු සමග පාකිස්තානු ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ(03) දින රාත්‍රී 10.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බස් රථ කීපයක් මගින් මෙම පකිස්තානු ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබූ අතර , ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් ද සමග  මෙම පිරිස පිටුවහල් කිරීම සදහා  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි.

එහිදී මෙම සිරකරුවන්ට අදාළ නඩු ලිපි ගොනු ද රැගෙනවිත්  පාකිස්තානු ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙම පාකිස්තානු සිරකරුවන් පිරිස රැගත් පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවයේ පී.කේ.- 9873 දරන විශේෂ ගුවන් යානය අද(04) අලුයම 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන්, පකිස්තානයේ ඉස්ලාමාබාද් ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය.



අදහස් (5)

පාකිස්තානු සිරකරුවන් 43දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ

Raveendra Wednesday, 04 November 2020 02:45 AM

හොද තීරණයක්. මෙවන් අයව අහිංසක මිනිසුන්ගේ බදු මුදල්වලින් නඩත්තු කිරීම ඉදිරියටත් කරගෙන යනවාද නැද්ද බලධාරීන් තව තවත් පමානොවි තීරණය කලයුතු නොවේද?

:       0       1

sunanda Wednesday, 04 November 2020 05:51 AM

ඔය ත්‍රස්තයන් හුරතල් කරන රටේ නිදහස හම්බෙයි සටස් ගාලා. ඊට පස්සෙ ආපහු බිස්නස් පටන් ගනී. මොකෝ මරණ දණ්ඩනය දෙන්න ඔච්චර මහන්සි වෙලා ගෙනියන්න ඕනෙ නෑනෙ.

:       0       0

Nuwan Wednesday, 04 November 2020 06:39 AM

පකිස්තානු රජයේ අනුදැනුම මත පාකිස්තානේ මත්ද්‍රව්‍ය වගේම රසදිය අඩංගු මුහුණු ආලේපන, ඒ වගේම ලෝකේ තියෙන ඕනෑම බෙහෙතක හොර මිශ්‍රණ හදනවා. මේවා ඔක්කොම ලංකාවේ ඉන්න පකිස්ථාන ජාතිකයන් සහ අනිත් අය ගෙන්වලා බෙදා හරිනවා.

:       0       0

upali Wednesday, 04 November 2020 01:57 PM

සියලුම විදේශ සිරකරුවන් රටින් පිටුවහල් කරන්න. ඔය අයට කන්න දෙන්නේ අපගේ බදුමුදල්ය.

:       1       4

WCA Wednesday, 04 November 2020 05:26 PM

ඔය එක්කම අර එල්ලුම් ගහට ගිය අයත් ගෙවල්වලට යවන්න. මොකද හිටියා කියලා වැඩක් නැහැනේ. ආණ්ඩුවට මුට්ටිය ඇල්ලුවාම නිදහස් වෙන්න පුළුවන්නේ... තව ටික දවසකින් කීයක් ජනාධිපති නිදහස දෙයිද දන්නේනෑ..

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 185 1

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 243 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 599 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 290 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 808 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1457 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site