IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාකිස්ථානයේ අගමැතිට කම්කරු අමාත්‍යවරයාගේ පැසසුම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාකිස්ථානයේ ඇඟලුම් ඇඟළුම් කම්හලක කළමනාකාරවරයකු  ලෙස  සේවය කරමින් සිටියදී ම්ලේච්ඡ සහ  අමානුෂික අයුරින් ඝාතනයට ලක් කෙරුණු  ප්‍රියන්ත කුමාර මහතාගේ එම ඝාතනය සිද්ධිය සැලවූ වහාම  අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ එරට රජය ඒ සම්බන්ධයෙන් ගත් දැඩි ක්‍රියාමාර්ග රජය සහ කම්කරු අමාත්‍යාංශය  ඉතා ඉහළින් අගය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.

ඔහු මෙසේ පැවසූවේ  ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පනත අනුව ප්‍රතිලාභ ලබාදිය හැක්කේ  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශ රැකියාවන් සඳහා යන අයට පමණක් වුවත්  තමා විශේෂ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ප්‍රියන්ත  කුමාර මහතාගේ පවුලේ අයට ලක්ෂ 25 ක කරුණාසහගත දීමනා දීමනාවක් ලබාදීමට දැනටමත් කටයුතු කර ඇති බවත්  මෙවැනි අනපේක්ෂිත සිද්ධීන්වලට මුහුණ දෙන අය වෙනුවෙන්  විශේෂිත රක්ෂණ ක්‍රමයක අවශ්‍යතාව තදින්ම දැනී ඇති බවත්  ඔහු සඳහන් කළේය.

මෙවැනි සිද්ධීන් ඇති නැවතත්  නොවේවායි ප්‍රාර්ථනා කරන බවද  නිමල් සිරිපාල සිල්වා මහතා කීවේය.

විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී ඇතැයි පැවසූ අමාත්‍යවරයා රජයට හොරෙන් සංචාරක  වීසා රැගෙන ගොස් විදේශයන්හි අතරමං  වන අය සම්බන්ධයෙන් නීතිමය රැකවරණයක් ලබාදීමේ හැකියාවක් නැතැයිද ප්‍රකාශ කළේය.

මේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඝාතන සිද්ධිය සැලවූ වහාම රාජතාන්ත්‍රික ආකාරයෙන් අවශ්‍ය සියලුම පියවර ගත් බවයි.

මේ ඝාතන සිද්ධියෙන් පසු ඒ රජයට වැරදි ආකාරයෙන් මතයක් සමාජ ගත කිර සිද්ධිය සාධාරණීකරණය  කිරීමට  හැකියාවක්  තිබුණද  ඔවුන් එසේ කටයුතු නොකළ බවත් විශේෂයෙන්ම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ සිද්ධියේදී කළ කැපවීම සහ  ගත් තීන්දු පිළිබඳව ඒ මහතාට ගෞරවය සහ සහය ස්තූතිය පුද කරන බවත්  හෙතෙම  සඳහන් කළේය.

පාකිස්තාන අගමැතිවරයාගේ කැපවීම  අගය කරමින් මහ නායක හිමියන්ද  ප්‍රකාශයක් නිකුත් කළ බව ශාන්ත බණ්ඩාර මහතා කීවේය.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයා සාමාන්‍ය සිද්ධියක් හැටියට හුවා දක්වා තිබූ බවත් ඔහුගේ එම ක්‍රියා ක්‍රියාකලාපය හෙළා දකින බවත්  මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (3)

පාකිස්ථානයේ අගමැතිට කම්කරු අමාත්‍යවරයාගේ පැසසුම්

ravin Thursday, 09 December 2021 07:16 PM

වැඩි දෙනා නොදන්නවාට ඔහු සැබෑ දේශප්‍රේමියෙක්.. පාකිස්තානය කෙරෙහි ලෝකයාගේ තිබූ ආකල්ප වෙනස් කිරීමට සමත් වූ දක්ෂයෙක්... නායකත්වය පැහැදිලි ලෙස දැකිය හැකි අයෙක්... අතුගානකොට තමයි කුණු තියෙන බව වැටහෙන්නේ...

:       0       2

විපරමා Thursday, 09 December 2021 09:28 PM

කැකිල්ලේ රජාගේ කාලේ සුදු වෑන්, ඝාතන, අතුරුදහන්, මිනීමෝරු හිටියා. තාජුඩීන්ව අමානුෂික විදියට ඝාතනය කෙරුවා. මාධ්‍යවේදීන් කී දෙනෙක් ඝාතනය කෙරුවාද..?

:       0       0

nihal Friday, 10 December 2021 12:42 AM

එතකොට ලංකා අගමැතිට ගැරහුම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 140 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 641 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 553 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 815 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 762 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1181 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 672 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site