IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


පක්ෂ 75ක් ඇති එකම රට ලංකාව

(අංජුල මහික වීරරත්න)

රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම මිත්‍ර රටවල් සමඟ රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වී තිබෙන බවත් එය කඩා කප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව දරන ප්‍රයත්න හඳුනා ගනිමින් ඒවා පරාජය කිරීමේ වගකීම ජනතාව සතු බවත් අබෙිවර්ධන මහතා අවධාරණය කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව වැනි දේශපාලන පක්ෂ 75ක් පමණ ඇති රටක් ලෝකයේ තවත් නැති බව කී අබෙිවර්ධන මහතා ඒ අනුව රටේ බෙදීම් නිර්මාණය කර තිබෙන බව අබෙිවර්ධන මහතා පැවසීය.

 



අදහස් (20)

පක්ෂ 75ක් ඇති එකම රට ලංකාව

Lal Tuesday, 16 January 2024 10:37 PM

රනිල් ජනාධිපතිතුමාට අපේ සියලු සහයෝගය දිය යුතුයි .... ත්‍රස්තවාදීන් ට අවස්ථාව නොදිය යුතුයි

:       14       4

Prabha Wednesday, 17 January 2024 12:06 AM

ඔයා වගේ ගෝලයෙක් ලැබුන රනිල් හරිම වාසනාවන්තයි

:       0       7

Bamunuarachchi Wednesday, 17 January 2024 05:43 AM

කව්ද ඒ තත්වයට ගෙනාවේ? 5 දෙනෙක් හිටියත් පක්ෂ හදන්න හැකියාව දුන්නේ ඔහෙලා හිටිය යු එන් පිය නේද? හම්බයෝ පක්ෂ හදා ගත්තා.

:       0       9

බෙදීගියොත් රට යයි සුන්වී Wednesday, 17 January 2024 06:42 AM

තම තමන්ගෙ බඩගෝස්තරය සදහා පක්ෂ අටවාගෙන තිබීම රටේ අභාග්‍යක් වෙනවා. කොහොම නමුත් පක්ෂ ලියාපදිංචි වෙලා අවුරුදු දහයක් තුලදී තනි තනි පක්ෂ ලෙසට ඉදිරිපත් වෙලා අවම වශයෙන් පළාත් පාලන ආයතන මැතිවරණයකින් දෙතුන් දෙනෙක් වත් තේරී නැත්නම් එම ලියාපදිංචි අවලංගු කරන්න ඕන. නිකම්ම විවිධ වාසිගන්න පක්ෂ ඇටවීම තහනම් කරන්න ඕන. ජනතාව අතර සමගිය නැතිවීමට ඔය ත්‍රීවීලර් පක්ෂද බලවත්ම හේතුවක් වෙනවා

:       0       5

Lakmal Wednesday, 17 January 2024 06:48 AM

උඹ වගේ ගොන් හරකෙක් ජාතක කරාට වැඩිය හොඳයි ඒ ටික සරමේ පිහදාලා දැම්මා නම් හරකෝ

:       2       12

sunil Wednesday, 17 January 2024 07:09 AM

ඕස්ට්‍රේලියානු ඡන්ද පත්‍රිකාවේ ලියාපදිංචි පක්ෂ 54ක් ඇත

:       1       6

ranjith Wednesday, 17 January 2024 07:38 AM

චන්දෙක දී එක ආසනයක්වත් දින්නේ නැති පක්ෂ අවලංගු කල යුතුය .යූ.ඇන්.පී එකත් ඒ වගේ පක්ෂයක්

:       0       10

Rangana Wednesday, 17 January 2024 08:59 AM

ඉක්මනින් නිවන් සුව ලැබියන් එච්චරයි කියන්න තියෙන්නේ

:       1       9

kumara Wednesday, 17 January 2024 09:21 AM

75ක්වත් නැතිව (225න් 75ක් යන්‍ර 1/3ක්) ආණ්ඩු බලය ඇති ‌හිස් මෝඩයෙකුගේ කතාවක් අහන්න උනානේ... කෝ මහලොකු ප්‍රජාතන්ත්‍රවාදය? මහජන බලය කෝ??? මේ වගේ ‌හිස් නිවටයන්ටත් බලයක් ලැබුනානේ. අයින් වෙන්න වහාම.

:       1       11

Kumara Wednesday, 17 January 2024 09:29 AM

නමට පක්‍ෂ කීයක් තිබුනත් දැන් ජනතාව අතර තියෙන්නේ පක්‍ෂ දෙකයි. අවුරුදු 76 ක් රට කාපු හොරුන් ගේ පක්‍ෂය සහ රට ගොඩනගන නව ජනතා බලයවේගය නියෝජනය කරන පක්‍ෂය​. ඊලග මැතිවරණයෙන් හොරුන් ගේ පක්‍ෂයට පාඩමක් උගන්වනවා.

:       3       10

Buddika Wednesday, 17 January 2024 09:46 AM

එක හරි.ඒ වගේම දිනන්න තියා හිතන්නවත් බැරි එවුන් ඡන්ද ලක්ශ 100ක් ගන්නව කියලා පාරම්බාන රටත් මෙක.ඒකෙ විහිලුම දෙ ගිය පාර චන්දෙන් ඇපත් නැතිව පරාද උන අයම මෙහෙම කියන එකනෙ

:       1       9

ප්‍රබුද්ධWednesday, 17 January 2024 11:00 AM

මන්ද බුද්ධික ජාති භේදය අවුලුවා 1956 බණ්ඩාරනායක බලය ගත්තෙ එජාපය ආසන අටට බස්සා තමයි ඒ කාලයේ ලංකාවෙ මංත්‍රී ආසන සියයක් තිබුනෙ නැහැ ඊළඟට 1977 මැතිවරණය වෙලාවෙ ආසන 160 න් අටක් පමණයි ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂය ලැබුවෙ එවේලේ 160 න් හයෙන් පහක් එජාපය ගත්තා එනිසා මෙවර එජාපය නැවතත් නැගිටලා එනවා ඒත් පොඩිම සැකයක් තියෙනවා 1956 මැතිවරණ කටයුතු කල පංසලේ 2019 දී නයි නටවා බලය වෙනසක් කලා දැනුත් අලකිතේස්වර කියලා විගඩමක් වෙලා තියෙනවා එනිසා රටට හානියක් වුනේ නැත්නම් එජාපය මෙවර ලක්ෂ සියයක් ඉක්මවා ජයග්‍රහණය කරන්න ඉඩක් තියෙනවා

:       8       3

Chaminda Kumara Wednesday, 17 January 2024 09:51 AM

එජාපය වහල දැම්ම නම් හරි. පාර්ලිමේන්තුවේ එක ආසනයක් වත් දින ගන්න බැරි පක්ෂකින් වැඩක් නැහැනේ.

:       1       9

pakeer Wednesday, 17 January 2024 10:16 AM

ඔය පක්ෂ කීයක ඉඳලා තියනවද ?

:       0       7

m. saman perera Wednesday, 17 January 2024 10:40 AM

රටට ආදරේ මිනිස්සු නැහැ .පක්ෂ හදා පටු දේශපාලනයෙන් බඩ වඩා ගන්න රටක් මේක

:       0       5

wedage Wednesday, 17 January 2024 10:47 AM

කොට වජිරයා පිස්සෙක් .මොහුගේ ප්‍රකාශ මොනවට මේ පුවත් හැටියට දමනවද ?

:       0       7

Nimal Wednesday, 17 January 2024 10:52 AM

කොපමණ පක්ෂ තිබුනත් දැන් ජනතාව රොක් වෙන්නේ එක් පක්ෂයක් වටේ .ඒ මාලිමාව

:       5       8

Kamal Wednesday, 17 January 2024 12:27 PM

සහතිකම ඇත්ත තමයි මොකද විභාග මානසිකත්වය ඇතුව පොතපත නොකියවා මෙතෙක් ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ තිබුණු සියලු ප්‍රශ්නපත්‍ර වනපොත් කර විභාග පාස්වුණු පිරිස්වලට කිසිම දෙයක් කල්පනා කරන්න ශක්තියක් නැහැ.. කිසිවෙක් කියන දෙයක් අහන්න කැමැති නැහැ. තම තමන් අදහන පක්ෂයේ නායකයෝ දේශනා කරන දේ හැර වෙන කිසිවක් හරියි කියන්න ඔවුන්ගේ දිවවල් නැවෙන්නේ නැහැ පක්ෂය ආරම්භ කළේම විනාශයක් කරමින් තමයි කොහොම වුණත් ජනමතය ඉක්මවා පක්ෂයේ මතය පමණක් රජකරන මාලිමාව සුදුසුකම්වලට වඩා පාක්ෂිකයින්ට සලකන බව මංත්‍රී කෙනෙක් ලෙසට පත්වූ රටට ඉමහත් සේවයක් කළ හිටපු විගණකාධිපති ඉවත්කිරීමම පෙන්වා දෙන්න පුළුවන්...!

:       1       1

Rata Perata Wednesday, 17 January 2024 12:49 PM

ඒ වගේම තමයි ඡන්දයෙන් පැරදිච්ච කෙනෙක් රටකට පත්වුණු එකම රට... ඒ වගේම ඒ පිනා වගේ ඉන්න ඡන්දයෙන් පැරදිච්ච අය ඇමැතිකම් වල ඉන්න එකම රට...

:       0       3

Sujeewa Wednesday, 17 January 2024 05:02 PM

ඊළඟ ඡන්දෙන් පස්සේ ජාතික මට්ටමේ පක්ෂ දෙකයි සර් 1NPP 2 සජබේ. තව සුළු ජාතික පක්ෂ වැඩිම වුනොත් 4ක් ඉතුරු වෙයි. මහජන සේවෙන් සර්ලට නිවාඩු හම්බවෙයි. මේ කොරා මදෑ. නිහාල් සිල්වා, ෆ්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන වගේ විකට නළුවෝ මැරිලා ඒ ෆීල්ඩ් එකේ ඉඩ තියෙයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නුවරඑළිය මහා මංගල්‍ය ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 111 0

නුවරඑළිය අප්‍රේල් වසන්ත සැණකෙළි මාලාවේ ආරම්භය සනිටුහන් කිරිම නුවරඑළිය නගර මධ්‍යයයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. අජිත් ප්‍රේමසිංහ මහතාග


පාර්ලිමේන්තුවේ මුලසුනට එන අයට එංගලන්තෙන් පාඩමක්
2025 අප්‍රේල් මස 01 137 0

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කථානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමා


ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න අනුකාරක සභා 03ක්
2025 අප්‍රේල් මස 01 75 0

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියනු ලබන අනුකාරක සභා තුනක් ස්ථාපිත කර තිබේ.


අයි.එම්.එෆ්. කොන්දේසි නිසා ඉන්ධන මිල අඩුකරන්න බෑ
2025 අප්‍රේල් මස 01 309 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි ක්‍රියාත්මක වෙමින්තිබීම නිසා ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂ


පිළිකා නිසා වසරකට 19000ක් මිය යති
2025 අප්‍රේල් මස 01 88 0

ජාතික හා අන්තර්ජාතික සහයෝගය ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලි


පොල්-කිතුල්-තල් මදින අයට රක්ෂණයක්
2025 අප්‍රේල් මස 01 102 0

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත පිරිස් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 117 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 720 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 761 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site