IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පාගමන උදර පෝෂණයටයි : අතින් ඡන්දයට එන බව ඇමැති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අත ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාරිමාර්ග ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ 13කින් යුත් පෙරමුණක් ගොඩනඟා තිබෙන බවත් එම පෙරමුණට විමල් වීරවංශ මහතාගේ හෝ උදය ගම්මන්පිල මහතාගේ පක්‍ෂය සම්බන්ධ කර නොගන්නා බවත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයට හේතු වූයේ විමල් වීරවංශ මහතා කළ ප‍්‍රකාශයක් බව ද ඇමැති  කීවේය.

කාලයක් තිස්සේ භාවිතා නොවූ අත ලකුණින් ඡන්දයට ඉදිරිපත් වන්නේ පක්‍ෂයේ ලකුණින් පැමිණ පක්‍ෂය ශක්තිමත් කරගැනීමේ අරමුණින් බව කී අමාත්‍යවරයා බුලත් කොළය ලකුණද ආරක්‍ෂා කරගන්නා බව සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පා ගමන ඔවුන් තමන්ගේ උදර පෝෂණය සඳහා සංවිධානය කළ එකක් මිස පරාර්ථය වෙනුවෙන් සංවිධානය කළ එකක් නොවන බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

පාගමන උදර පෝෂණයටයි : අතින් ඡන්දයට එන බව ඇමැති කියයි

ටෙරන්ස් Thursday, 04 August 2016 02:57 AM

එන්නකෝ එන්නකෝ....අපි දෙන්නම් ඡන්ද! (නි)

:       0       0

සුදේශ් Thursday, 04 August 2016 02:52 AM

අපිත් බලා ඉන්නේ එනකම් තමයි. (නි)

:       0       0

සෙනෙවි Wednesday, 03 August 2016 11:46 AM

අත ලකුණින් තරඟ කරලා පහු ගිය සැරේ වුන සන්තෑසියම වෙයිද කවුද දන්නෙ ? (බ)

:       0       0

ඇසළ Wednesday, 03 August 2016 11:54 AM

ඔය කියන ලකුණින් එන එකෙකුටවත් ඇප වත් ඉතුරු වෙන්නේ නැති බව ඉර හද මෙන් විශ්වාසයි. (ර)

:       0       0

නවරත්න බණ්ඩාර Wednesday, 03 August 2016 12:30 PM

අන්න දැන් තමා මොළේ වැඩ කරන්න පටන් ගන්නේ නරකම නැහැ (බ)

:       0       0

බමුණුසිංහ Wednesday, 03 August 2016 12:46 PM

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අත ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාරිමාර්ග ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා පවසල තිබෙනලු එයාගේ හිතේ ඇති ඔය බයිලා අහල ජනතව එයාව නැවත පත් කොරවී කියල (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 03 August 2016 12:54 PM

හරියට හරි පැරදුනොත් නැවත එකතු වෙලා මේ කරගෙන යනවිදියටම රට ගෙනියනවා (බ)

:       0       0

දසුන් Wednesday, 03 August 2016 01:32 PM

එතකොට බුලත් කොළේට මොකද වෙන්නේ (බ)

:       0       0

නිහාල් Wednesday, 03 August 2016 01:50 PM

බුලත්කොලෙන් ඉල්ලලා පැරදිලා නැවත පිනට පාර්ලිමේන්තු ඇවිල්ලා දැන් බුලත්කොලේ නයාට අදුකොලේ වගේ වෙලා නේද. (බ)

:       0       0

ජනහිත Wednesday, 03 August 2016 02:02 PM

ඔය කවුරුත් කතා කරන්නේ උදර පෝෂණය පිණිස මිසක් පොදුජන යහපත පිණිස නොවෙයි නේද? වාසි පැත්තට පැනීම උදර පෝෂණය නොවෙන්නේ කොහොමද? (බ)

:       0       0

සුමුදු Wednesday, 03 August 2016 02:06 PM

පාද ලකුණින් අවනම් තමයි වඩාත් හොඳ (බ)

:       0       0

කුරුවිට සුනිල් Wednesday, 03 August 2016 02:22 PM

අලියා ලකුණින් කට්ටියක් එනවා නේද? ඔයාල හෙන්ඩුව ලකුණ දාගන්න (අ)

:       0       0

බන්දුල. Wednesday, 03 August 2016 02:36 PM

එහෙනුත් කාල, මෙහෙනුත් කන අය ගෙදර යවන එක මහා ජනතාවගේ ළඟ තියෙන්නේ. (අ)

:       0       0

නිම්මි Wednesday, 03 August 2016 02:46 PM

සුමුදුගෙ කටේ මසුරන් දාන්න ඕනේ. උදර පෝෂනෙට අර පැත්තට මේ පැත්තට පනින රිලව් කව්ද කියල මිනිස්සුන්ට තේරෙනවා. එකනේ ගෙදර යැව්වේ.(බ)

:       0       0

නිහාල් Wednesday, 03 August 2016 03:17 PM

ඔබටනම් හරියන්නේ ගෙම්බා ලකුණෙන් ආවොත් විතරයි.(බ)

:       0       0

උපාලි Wednesday, 03 August 2016 03:58 PM

අත ලකුණින් ඇවිල්ලා එක ආසනයක් දිනලා පෙන්වන්න පුලුවන් නම් (නි)

:       0       0

ගයාන් Thursday, 04 August 2016 08:34 AM

විජිතමුණි කියන අවස්ථාවාදී කෙළෙහි ගුණ නොදත් ජෝකර්ලා ට අනාගතයක් නැත (බ)

:       0       0

සිරි Wednesday, 03 August 2016 08:22 PM

මොන ලකුණෙන් හරි කමක් නැහැ, පුළුවන්නම් ඡන්දයක් දිනලා පෙන්නන්න. ඡන්දෙත් පැරදුන මෙවැන්නන්ගේ නරිවාදන් කවුරුත් ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

ඇසළ Thursday, 04 August 2016 12:41 AM

වාසි පැත්තට හෝයියා කියන මිනිසුන්ට ඊළඟ පාර මොන ලකුණෙන් ඉල්ලුවත් අබ සරණයි! ඡන්දෙ දෙන්නේ අපිනේ. (නි)

:       0       0

මුණසිංහ Thursday, 04 August 2016 01:54 AM

දිනපු අයට අභියෝග කරන්න මෙතුමා කවුද? (නි)

:       0       0

නිශාන්ත Thursday, 04 August 2016 01:53 AM

අනේ මන්දා! මොනවා නැතත් හොඳටම රිදිලා කියලා නම් තේරෙනවා (නි)

:       0       0

නිශාන්ත Thursday, 04 August 2016 01:54 AM

ලකුණ මොනවා වුණත් තීරණය ජනතාව අතේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 349 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 447 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 802 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 937 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 695 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 666 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39138 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site