IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පංචමහා බලවේගයම මහ පාරේ

පනස්හයේ ආණ්ඩුව බිහි කිරීමට කැපවූ පංච මහා බලවේගයම අද මහ පාරේ. අපිත් බලාගෙන ඉන්නවා මේවා අද විසදෙයි හෙට විසදෙයි කියලා. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමි එසේ පැවැසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සම්මේලනයේ නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදීය. රටේ සිදුවන වැඩ නිසා පෞද්ගලික විශ්වවිද්‍යල ආරම්භ කරීමේ බලාපොරොත්තුව සම්පූර්ණ වනබව පෙනේ යැයිද අද රටේ හැම අංශයකින්ම පිරිහී ඇතැයිද මහා නාහිමියෝ කීහ. උසස් අධ්‍යාපනයට එල්ල වී ඇති බාධක හා ප‍්‍රශ්න ඇතුලත් සංදේශයක්ද මහා නාහිමියනට පිරිනැමිණි. පේරාදෙණි සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න බණ්ඩා මහාචාර්ය එම්.එම්.ආර්.ඞී.හේරත්, ආචාර්ය ආනන්ද ජයවික‍්‍රම, ආචාර්ය මාධව මීගස්කුඹුර, ආචාර්ය ප‍්‍රසන්න පෙරේරා, ආචාර්ය සනත් රාජපක්‍ෂ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්‍ෂ්මන් නුගපිටිය මහත්වරුද පැමිණි සිටි අය අතර වූහ.



අදහස් (0)

පංචමහා බලවේගයම මහ පාරේ

සමන් Wednesday, 15 August 2012 09:35 AM

කුල වශයෙන් සිංහලයන් භේද කරන නිකාය භේදය තවදුරටත් පවත්වාගෙන යන බුදුන් වදාල දහමට පිටින් යන මේ සංඝයා ගිහි සමාජයේ ප්‍රශ්න ගැන කථා කිරීම විහිලුවක් .(ස)

:       0       0

සුරේෂ් Tuesday, 14 August 2012 08:05 PM

පන්සල් වල බන්කර් ඉදි කරගෙන සතර අගතියේ ගිලී සිටිනා සමහර නායක හාමුදුරුවරුන් ගැන බලද්දී, හාමුදුරුවරුන් කියනා දේවල් ගැන මිනිසුන් එතරම් තැකීමක් නොකරන එක පුදුමයක් නොවෙයි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 14 August 2012 08:08 PM

මේ අයගේ ඉල්ලීම් සියල්ල එකට කැටි කරලා බලන්න. එතකොට තේරෙයි මේ අය ආදරේ රටටද? තමන්ටද? කියලා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 14 August 2012 08:20 PM

හේරත් සහ සුමනා මානවඩු කියන කතාව සහතික ඇත්ත. හෙට ආණ්ඩුවේ කවුරුහරි ඔතනට ගියාම "බුදු දහම මේ තරම් බැබලුන කාලයක් කවදාවත් තිබුනේ නැහැ, විරුද්ධ පක්ෂ වල හැමෝම මේ රජයේ හොඳ වැඩපිළිවෙලට සහය දිය යුතුයි..." ඔන්න ඔහොම වදාරනවා නිසැකයි. ඉස්සර කාලවල හාමුදුරුවරු රට වනසන පාලකයින්ට 'පත්ත නික්ඛුන්ජන කම්ම' කියලා දණ්ඩනයක් පැනෙවුවා. එහිදී ඔවුන්ව සංඝ සමාජයෙන් පිළිකෙවූ කෙරෙනවා. මෙය සිදුවෙනවාට ඕනෑම අධිරාජයෙක් බිය වුණා. දැන් අපේ මහා සඟරුවන කරන්නේ අදාළ අය පළාතෙවත් නැති තැනකදී ඔහොම එකක් කියන එක විතරයි. ආපුවාම පිරිත් නූල් බඳිනවා . ඉතින් මොකටද පිළිපදින්නේ..? (නි)

:       0       0

අරුණ Wednesday, 15 August 2012 10:24 AM

ශෝක් අස්චර්යය (දී)

:       0       0

කුමාර Wednesday, 15 August 2012 05:41 PM

කෙනත්ගේ කතාව හරියට හරි. එහෙත් තවමත් අපි පරක්කු නැහැ. මේවා කාටවත් තේරෙන්නේ නැද්ද, නැත්නම් තේරිලා අපිව ගොනාට අන්දනවද කියල අපිට තේරෙන්නේ නැහැ.කොහොම වුණත් මේ යන රටාව එතරම් හොද නැහැ.අපේ නායක ස්වාමින්වහන්සේලා ගැන කියල වැඩක් නැහැ.අද එකක් හෙට එකක්. අපි දැන් අසරණවෙලා. සමාවෙන්න අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේලාට බැරිද ඔක්කොම එකතුවෙලා අපේ රට හදන්න අනුශාසනා කරන්න. දේශපාලනය නොවෙයි. ඉස්සර රජ කාලේ වගේ, දසරාජ ධර්මය ගැන අපේ රට කරවන්නන්ට කියා දෙන්න,නැතිනම් අපේ හාමුදුරුවනේ අපේ රට ඉක්මණින්ම විනාශ වෙනවා.ඇත්තටම ඔබවහන්සේලගේ වගකීම එය නොවේද. මම දකින්නේ අපේ හාමුදුරුවනේ අයෙමත් ධර්ම සංගායනාවකට කාලේ හරි වගෙයි.මොකද මුලින්ම ඔබවහන්සේලා එක මතයක පිහිටන්න ඕනෑ.වරදක් කියවුණානම් සමාවෙන්න අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 15 August 2012 10:46 AM

ඔබ වහන්සේලා කොහොමත් අවසානෙට එලියට බහින අයනේ....(ස)

:       0       0

කුලරත්න Tuesday, 14 August 2012 08:42 PM

අවසර අපේ හාමුදුරුවනේ, ඔය කියන්නේ වෙන ලංකාවක් ගැන වෙන්න ඇති. අපේ ලංකාවෙ නම් මෙහෙම දේවල් වෙන්න බැහැ. (නි)

:       0       0

ලංකා Wednesday, 15 August 2012 10:48 AM

රට කොතැනකටද ?.(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 15 August 2012 10:58 AM

සමන්, කියපු කතාව තිත්ත නිසා වෙන්න ඇති හාමුදුරුවෝ නරක් වුනේ ..(ස)

:       0       0

බමුණුසිංහ Wednesday, 15 August 2012 06:27 PM

රංජිත්, ප්‍රභාකරන් අහිංසක මිනිසුන් නොමරා හිටියා නම් ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙක්. (නි)

:       0       0

සිල්වා Tuesday, 14 August 2012 02:11 PM

කාටද ආඩම්බර

:       0       0

කුරේ Tuesday, 14 August 2012 02:17 PM

සහතික ඇත්ත නායක හාමුදුරුවනේ වංචාව, දුෂණය, අල්ලස්, ළමා අපරාද, හොරකම්, අද්දියාපනය බිදවැටීම්,බාල තෙල්, බාල බෙහෙත්,කිසිම සැලැස්මක් නැති පාලනය,රුපියල බිදවැටීම ,මේවා සේරටම පවතින රජය වගකියන්න ඕනා...(නු)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 14 August 2012 02:20 PM

අපේ රටට මොකටද පෞද්ගලික විශ්ව විද්‍යාල? අනවශ්‍ය දේ අනවශ්‍යමයි. (නි)

:       0       0

ලාල් Tuesday, 14 August 2012 02:20 PM

අපේ නායක මහ නාහිමිවරුන් දැන්වත් මේ විනාශයෙන් රට බේරාගන්න ඉදිරිපත් වෙන්න. (නි)

:       0       0

සජී Tuesday, 14 August 2012 02:20 PM

මේ ඊයේ පෙරෙයිදා කිවුවා නේද ලෝකයේ සාමකාමීම රට ලංකාවයි කියලා? (නි)

:       0       0

ජීවක Tuesday, 14 August 2012 02:23 PM

_"අපිත් බලාගෙන ඉන්නවා මේවා අද විසදෙයි හෙට විසදෙයි කියලා". අපිටත් පුලුවන් බලාගෙන ඉන්න නම්. (නි)

:       0       0

ශෂී Tuesday, 14 August 2012 02:31 PM

නියම රජයක්. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 02:30 PM

කුරේ ඕවා කියන්න ගිහින් අන්තිමට කුරේ බනිස් ‍එක්ක වෙලා නවතියිද දන්නේ නැහැ. (නි)

:       0       0

රාජා Tuesday, 14 August 2012 02:34 PM

මහ නායක හාමුදුරුවො කියන එකනම් සහතික ඇත්ත. සේරම අමු කාලා වගේ. හැම දේකටම දෙන්න ඇමතිවරුන්ට උත්තර තියෙන එකයි හොද. (නි)

:       0       0

සංජීව Tuesday, 14 August 2012 02:35 PM

හාමුදුරුවනේ, අටපිරිකරක් අරන් එන ඕනෑම කෙනෙක් පිරිත් නූලක් බදින්න සුදුසු නැහැ නේද? (නි)

:       0       0

විභූත් Tuesday, 14 August 2012 02:36 PM

දැන්වත් මේ දේවල් මෙහෙම කට ඇරලා කතා කරන එක කොච්චර හොදයිද? (නි)

:       0       0

සිසිර කුමාර Tuesday, 14 August 2012 02:39 PM

ඔබවහන්සේලාගේ කතාව නම් ඇත්ත තමයි. ඒත්? (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 14 August 2012 02:41 PM

හිනා කටයි - බත් දෙකටයි. (ස)

:       0       0

වරුණ Tuesday, 14 August 2012 02:42 PM

ඔබ වහන්සේලාත් නිකන් සුළග වගෙයි. (නි)

:       0       0

දාස Tuesday, 14 August 2012 10:15 PM

මම අහන්නේ කවුද මේවට වග කියන්නෙ...??(නු)

:       0       0

සීමන් Tuesday, 14 August 2012 02:43 PM

හාමුදුරුවන්ටත් මොනවා හිතිලා මේවා කියනවද මන්දා? (නි)

:       0       0

තුෂාන් Tuesday, 14 August 2012 02:47 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව ..... (නු)

:       0       0

ප්‍රියනාත් Tuesday, 14 August 2012 02:48 PM

දේශපාලනය යුක්‌තිය ඉෂ්ට කරන්න දෙන්නේ නෑ. රටේ අධිකරණය අතට ගුලි කරගෙන ඉන්නේ. 18 ව්‍යවස්‌ථාවෙන් පසු තමයි මේ දේ වුණේ. නඩුකාරයන් පත් කරනවා. උසස්‌ වීම් දෙනවා. ඊට පස්‌සේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පවරනවා. දඬුවම් දෙන්නෙත් එහෙමයි. (නි)

:       0       0

චන්දිම Tuesday, 14 August 2012 02:58 PM

සහතික ඇත්ත. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 14 August 2012 03:03 PM

ඒකනම් සහතික ඇත්ත.....(නු)

:       0       0

ජයසේකර Tuesday, 14 August 2012 03:03 PM

සහතික ඇත්ත..!!(නු)

:       0       0

රංජිත් Tuesday, 14 August 2012 10:42 PM

ප්‍රභාකරනුත් හිටියා නම් ශෝක් නේද? එයා නැති නිසයි මේ ඔක්කොම. ඒ අහිංසකයට කරපු එක තමයි මේ පළ දෙන්නෙ. (නි)

:       0       0

කෙවින් Tuesday, 14 August 2012 03:10 PM

අපේ හාමුදුරුවනේ. මට හිතෙන්නේ ඔබවහන්සේලාට පුලුවන් වෙයි මේවා වෙනස් කරන්න. (නි)

:       0       0

දයා-සවුදි Tuesday, 14 August 2012 03:15 PM

අපේ ජනපිතතුමාට බැරිද මේ තත්ත්වය වෙනස් කරලා දෙන්න? (නි)

:       0       0

අමිල Tuesday, 14 August 2012 11:02 PM

එහෙනම් කිවුවේ ලෝකයේ සාමකාමීම රට ලංකාව කියලා?මම හිතන්නෙ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

දීපානි Tuesday, 14 August 2012 03:19 PM

හාමුදුරුවනේ, ඔබවහන්සේලාට මේක තේරුම් ගිය එක හොදයි. (නි)

:       0       0

හේරත් Tuesday, 14 August 2012 03:25 PM

අනේ හාමුදුරුවනේ, ඕක ඔය අර කෙනා මේ කෙනා එක්ක කියන්නේ නැතුව අදාල අය බැහැදකින්න ආවහම කෙලින්ම වදාරන්නකෝ. වැඩේ ඉවරයිනේ. (නු)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 14 August 2012 03:22 PM

අපේ රටේ ආණ්ඩුවක් තියෙනවද මන්දා? (නි)

:       0       0

අරුණ Tuesday, 14 August 2012 11:24 PM

සංඝයා වහන්සේලා එඩිතරව යුක්තිය ප්‍රකාශ කරනවා නම් පාලකයන් බයයි වැරදි කරන්න. (නි)

:       0       0

ලාල් Wednesday, 15 August 2012 12:12 AM

මුලු සමාජයම පිරිහිලා. පන්සල ගමෙන් ඈත් වෙලා. බණ කියන්න හරිහමන් හාමුදුරුවරුන් නැහැ. බණ කිවුවත් අහන්න මිනිසුන් නැහැ.

:       0       0

ප්‍රවීන් මැනිලා Tuesday, 14 August 2012 03:31 PM

නායක හාමුදුරුවනේ පොඩ්ඩක් කියමුද බලන්න එහෙනම් මෙච්චර විනාශයක් වෙනකම් ඔබ වහන්සේලා මොනවාද කළේ.. මම නම් දැකලා නැහැ මේ හාමුදුරුවරු සමාජයේ වැඩක් කරනවා...!! (නු)

:       0       0

මංගල Tuesday, 14 August 2012 03:33 PM

ඔබ වහන්සේලාට දැංවත් තේරුණ එක ලොකු දෙයක්..!(නු)

:       0       0

නදුනි Tuesday, 14 August 2012 03:35 PM

මේ පුවත් පළ කරන ලංකාදීපයට ස්තුතියි.. රට මහා විනාශයක..!!(නු)

:       0       0

රජීව් Tuesday, 14 August 2012 03:38 PM

ඔබ වහන්සේලා දිගටම ඔහොම කරගෙන යන්න..!!(නු)

:       0       0

සමන් සෞදි අරාබිය Tuesday, 14 August 2012 03:43 PM

රජය වගකියන්න ඕනි තමයි... නමුත් මිනිස්සුත් වග කියන්න ඕන.. තමන්ගෙ හැදියාව නැති කරගෙන තියෙන්නෙ තමන් විසින්මයි.. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඔව්වා ඔක්කොම අඩුවෙනවා.. පළමුව දඩුවමට ක්‍රියාත්මක කරන්න ඕන.. (නු)

:       0       0

තිලක් Wednesday, 15 August 2012 03:06 AM

මුලිකම හේතුව විපක්ෂයේ දුර්වලකමයි රජයේ ගසාකෑමක්යි නම්‍ විපක්ෂ මන්ත්‍රින් ඇයි මේ ගැන පාර්ලිමේන්තුවෙ කතා නොකරන්නෙ? (නි)

:       0       0

බුද්ධි Tuesday, 14 August 2012 03:54 PM

මේක රජයේ මාධ්‍යවලත් පළ කළානම් හරි..!!(නු)

:       0       0

කෙනත් Wednesday, 15 August 2012 03:11 AM

මේවට වග කියන්න ඕනෑ ඡන්දය දීපු මහජනතාවමයි. මම සහය දුන්නේ ආණ්ඩුවට. නමුත් දැන් හිතෙනවා විපක්ෂය දුර්වල වීම රටට අපරාධයක් විදිහට. ප්‍රභල විපක්ෂයක් නැති වුණහම ඕනෑම රටක ආණ්ඩුවට බලය ගැන අභියෝග නැහැ. එතකොට ඒගොල්ල හිතේ හැටියට වැඩ කරනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවට 60 ක් සහ විපක්ෂයට 50 ක් තිබුණොත් තමයි රටේ බල තුලනයක් වෙන්නේ. දැන් ආණ්ඩුව විපක්ෂයවත්, ජනතාවවත් මායිම් කරන්නේ නැහැ. මේ වගේ අවස්ථා අපේ රටේ රජ කාලේ පවා සිදු වුණා. මම හිතන්නේ ඊළග ඡන්දෙන් ආණ්ඩුවට ලොකු අනතුරු හැගවීමක් කරන්න වෙයි වගේ. වැඩේ කියන්න අනෙක් පැත්තේ කවුද ඉන්නේ වගකීමක් ගන්න පුළුවන්? මෙන්න මේ වගේ වෙලාවකට තමයි තුන් වෙනි පැත්තක් වටින්නේ. මට හිතෙන්නේ 'ජාතික හෙළ උරුමය' වගේ ජාතිමාමක පෙරමුණක් නැවත ඇති වුණොත් නැවත බල තුලනයක් වෙයි. ආණ්ඩුව පෙරළන්න නොවෙයි , මට්ටු කරලා ටොක්කක් දෙන්න ඕනෑ නිසා. (නි)

:       0       0

සිල්වා Tuesday, 14 August 2012 04:08 PM

හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

පලිපාන Wednesday, 15 August 2012 03:40 AM

මෙහි ප්‍රතිචාර කියවීමට ඉතාම සතුටුයි. (නි)

:       0       0

වරුණ Tuesday, 14 August 2012 04:12 PM

ඒ වුණාට දස රාජ ධර්මයෙන් රට පාලනය කරන එකම ආණ්ඩුව මෙයයි. (නි)

:       0       0

අනුෂ් Wednesday, 15 August 2012 04:05 AM

පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ? ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් එක් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් වලට අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහළින් සිටිති.පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහෙනු ඇති බවට සමහරු මත පළ කරති. නමුත් දැනටමත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහී ඇත. ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින දරුණු නවක වදය , මානව හිමිකම් උල්ලංඝනය සහ සංවර්ධිත විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව සිසුන් අතර ඇති අඩු සංස්කෘතික පිරිහීම වැනි හේතු කාරණා නිසා ඉහළ මධ්‍යම පන්තික දරුවන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබුවද දෙමාපියන් බිය නිසා තම දරුවන්ව ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොඑවති. මෙම දරුවන් බොහෝවිට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව, එංගලන්තය ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රට වලට යති. උසස් අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට විශාල මුල්‍ය ශක්තියක් නොමැති මධ්‍යම පන්තික දෙමාපියන් ඉඩම් විකුණා හෝ ළමුන් පිටරට යවා උගන්වති. මේ නිසා වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් පිටරටට ඇදී යයි. පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීම මගින් වාර්ෂිකව පිටරට ඇදී යන මේ මුදල් මෙරට ඉතිරි කර ගැනීමට හැකි වෙනු ඇත. (නි)

:       0       0

සුමනා මානවඩු Tuesday, 14 August 2012 04:31 PM

ගරුතර මහා නායක ස්වාමීන්වහන්ස, රටේ නායකයා පැමිණි වෙලාවට ඔබවහන්සේ ඔය අනුශාසනාව කරන්න තිබුණා නේද?(නු)

:       0       0

නිමල් Wednesday, 15 August 2012 05:27 AM

ජයවේවා

:       0       0

ජගත් චන්දන අධිකාරී Tuesday, 14 August 2012 04:36 PM

හෙට ජනාධිපතිතුමා ඇවිත් වඳිනකොට මේ කියන බණ වෙනස් වෙයිද අපෙ හාමුදුරුවනේ...... ?(නු)

:       0       0

මලින්ත Wednesday, 15 August 2012 05:42 AM

අපි දන්න විදියට කෙලින් කතා කරන එකම ස්වාමින් වහන්සේ මල්වතු අස්ගිරි ස්වාමින් වහන්සේයි. (නි)

:       0       0

රවි Tuesday, 14 August 2012 04:37 PM

ලංකාදීපයට ස්තූතියි රටේ වෙන ඇත්ත මිනිස්සුන්ට ප්‍රචාරය කරනවට. (නි)

:       0       0

කළණ Tuesday, 14 August 2012 04:57 PM

මේ තත්ත්වයට පත් වුණාට මේ අයත් එක පැත්තකින් වග කියන්න ඕනෑ. (නි)

:       0       0

ඉන්දික Tuesday, 14 August 2012 05:16 PM

දේශපාලන බලවතුන් ඉදිරියේ ඔබවහන්සේලා අසරණයි කියලා අපට හිතෙනවා. (නි)

:       0       0

සරත්. Tuesday, 14 August 2012 05:16 PM

ඇයි මේ? එස්.එල්.පි එල්, රගර් මැච්, කාර් රේස් තියෙන්නේ. ඇයි ළඟදීම 20-20 ත් තියනවානේ. තව මොනවද අඩු? අපරාදේ පන්ච මහා බලවේගය මෙහෙම පාරට බහින්නේ. (නි)

:       0       0

හොරණ Wednesday, 15 August 2012 07:34 AM

විකාර

:       0       0

ඇරිස් Tuesday, 14 August 2012 05:20 PM

ඔබවහන්සේලා දේශපාලනීකරනය නොවී ජනතාව ආගම අතින් පෝෂණය කළා නම් නේද හොද? (නි)

:       0       0

මිනිපේ Wednesday, 15 August 2012 07:53 AM

අයියෝ සල්ලි

:       0       0

ප්‍රනාන්දු Tuesday, 14 August 2012 06:03 PM

සම්පූර්ණ ඇත්ත. නමුත් උගත්, නූගත් දෙකොට්ඨාශයම කතා කරන්නේ ඵලය ගැන මිස හේතුව ගැන නොවෙයි. (නි)

:       0       0

ප්‍රියා Thursday, 16 August 2012 04:38 AM

ඇයි හාමුදුරුවනේ අද එයි හෙට එයි කිය කියා බල බලා ඉන්නේ? හාමුදුරුවො කියලා තියෙන්නේ අද කරන්න ඕනෑ වැඩේ අදම කරන්න කියලා නේද? (නි)

:       0       0

කැලුමි ඉතාලි Tuesday, 14 August 2012 06:42 PM

රටේ හැම ක්ෂේත්‍රයකම පූශ්ණ‍; කම්කරුවාගේ සිට රජයේ සේවකයා ව්‍යාපාරිකයා දක්වා ජිවත් වෙන්නේ නොයෙකුත් ප්‍රශ්ණ මැද්දේ. මේ නිසාම මිනිසුන්ගේ මනසත් විකෘති වෙලා. කෙසේ හෝ ජීවත් විමට මිනිසුන් උත්සාහ කිරිමේදි පස් පවම ඔවුන් අතින් කෙරෙනවා. රටේ පවතින මේ භීෂණ රැල්ලට මේ මිනිසුන්ගේ මුලික ප්‍රශ්ණ මූලික හේතුවයි. (නි)

:       0       0

චානක Tuesday, 14 August 2012 06:52 PM

ඇයි ජනපතිතුමනි මේ ගැන සොයා නොබලන්නේ? (නි)

:       0       0

උපාලි Wednesday, 15 August 2012 08:41 AM

ඔබ වහන්සේලා ප්‍රමාධ වැඩියි....(ස)

:       0       0

ඩෙන්සිල් Thursday, 16 August 2012 07:16 AM

එහෙයි නායක හාමුදුරුවනේ, මෙහෙම දේවල් රටට වෙලා තියෙන්නේ පෙරමුණ ගතයුතු ඔබවහන්සේලා නැතුව පංච මහා බලවේගය පාරට බැස්ස නිසයි. (නි)

:       0       0

දිසානායක Wednesday, 15 August 2012 08:54 AM

අපේ හාමුදුරුවනේ, අපි හැමෝම කැමතියි බුදුදහම අනුව ඔබවහන්සේලා කටයුතු කරනවානම්. (නි)

:       0       0

ඉන්දි Tuesday, 14 August 2012 07:14 PM

ඒ ගමන මොනවා ඕනෑ වෙලාද දන්නේ නැහැ. (නි)

:       0       0

සම්පත් Tuesday, 14 August 2012 07:13 PM

පවත්නා හෝ පැවති රජයක් පමණක් මීට වගකිව යුතුයයි කිසිවෙක් පවසයිනම් ඒ දේශපාලන කණ්ණාඩියකින් ප්‍රශ්නය දෙස බැලීමෙනි. සමාජයේ සියළුම ස්ථරයන් (භික්ෂු සමාජයද ඇතුළුව) තුළ ඇති වී ඇති පිරිහීමත් ඒ ඒ දේශපාලන ධාරාවන් වැළද සිටින උගත් හා වැඩකරන ජනතාව රටට වඩා දේශපාලන දෘෂ්ඨින් පෙරට තැබීමත් මෙම පරිහානියට හේතුව බව මම සිතමි. (නි)

:       0       0

චානක Wednesday, 15 August 2012 09:09 AM

පාලන තන්ත්‍රයේ ක්‍රමවේදය වැරදි නිසයි මිනිසුන් මේ විදියට පක්ෂ,පාට වලට බෙදී ගහමරා ගන්නේ. (නි)

:       0       0

සම්පත් Tuesday, 14 August 2012 07:25 PM

පවත්නා හෝ පැවති රජයන් පමණක් මීට වගකිව යුතුයයි යමෙකු පවසන්නේ නම් එය මුසාවකි. භික්ෂු සමාජයද ඇතුළුව සමාජයේ සියළුම ස්ථරයන්හි ඇති සාරධර්ම හා ගුණගරුක භාවයේ පිරිහීමත්, රටට වඩා ස්වකීය දේශපාලන පක්ෂ පෙරට තබා උගත් හා වැඩකරන පරපුර කටයුතු කිරීමත්, සමාජය තුළ බලහත්කාරයෙන් පිපිරීමක් නිර්මාණය කිරීමට වාමාංශිකයයි තමාම හඳුන්වා ගන්නා දේශපාලන පක්ෂ කටයුතු කිරීමත් මෙයට හේතුව බව ස්වාධීනව මේ දෙස බලා සිටිනා ජනතාව තේරුම් ගෙන ඇති බව කියමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 522 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4104 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1964 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8677 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1472 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 422 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40083 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site