IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘පුංචි එකෙක්‘ ගිලන් රියේ මඟ හරස් කරයි

කුඩා ලොරියක්  නාරම්මල බිනල්පොලදී  ගිලන් රියක හැපීමෙන් පසු  ලොරි රියදුරා ගිලන් රියදුරාට පහර දී ඇතැයි  පොලීසියට පැමිණලි කැර ඇත.

ගිලන් රියේ සිටි රෝගීන් දෙදෙනාද රියදුරා ද වෙනත් රියදුරකු යොදවා  කුලියාපිටිය රෝහලට ගෙන ආ බව පොලීසිය පවසයි.

 

 

 



අදහස් (0)

‘පුංචි එකෙක්‘ ගිලන් රියේ මඟ හරස් කරයි

නුවන් Tuesday, 03 December 2013 06:01 PM

මිනිසුන් තුලින් විනය ගරුක භාවය පිරිහීමයි මෙයට හේතුව. (නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 04 December 2013 02:47 AM

ඔය මොකුත් නෙමෙයි, පාසල් අධ්‍යාපනයේ තියෙන අඩුපාඩුවක් තමා මේක. පාසලේදීම මේ විනයගරුක බව හදන්න ඕනෑ. (නි)

:       0       0

සුනිල් විමලසුරිය Tuesday, 03 December 2013 07:18 PM

මම ලංකාවේ ලයිසන් එක ගත්තේ තුන්පාරක් ඇල්ලුවට පස්සේ. සල්ලි තියෙනවා නම් ලංකාවේ කරන්න බැරි දෙයක් නැහැ. ගුවන්තොටුපොළන් පටන් ගත්තම ලංකාවේ යන යන තැන ඉන්නේ හොරු.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 04 December 2013 07:25 AM

එහා ඇඳේ ඉන්න පොඩි මල්ලියටත් හොඳ චාන්ස් එකක් ඇවිත් පත්තරේ වැටෙන්න සිරි අයියා.(නදී)

:       0       0

අමිළ කටුනායක Tuesday, 03 December 2013 07:38 PM

ලොරිකාරයා මිනී කාර් එකක යන්න ආසා ඇති.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 04 December 2013 08:04 AM

අසිරිමත් ලංකා පුරයේ රියදුරන් කොතරම් විනීතද කියනවා නම් පසු ගිය දිනක මා නුගේගොඩ සුපර් මාර්කට් එක අසල කහ ඉර මතින් පාර මාරු වෙද්දී මා ව යට කරන්න හැදු (ලොරි) රථාචාර්ය තුමා මට බැණ වදිමින් ඇහුවේ "බ්රේක් ගහන්නද කියන්නේ" කියා. දැන් දැන් ලංකාව ගිලානොපස්තානය ට ඉතාම හොඳ රටක් කියල ජූරියේ සම්මාන පවා ලබා ගනීවි ගිලන් රථ රියදුරන්ට පහර දීල. (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 03 December 2013 02:12 PM

මේක තමා අපේ සුපුරුදු නීති ගරුක භාවය. (ස)

:       0       0

උසුම් Tuesday, 03 December 2013 08:25 PM

චමින්ද සම්පත් මහත්මය, ඔබ ගේ අත්දැකීමක් ඇසුරෙන් පල කර ඇති අදහසත් ඉතාම වටිනවා. අද, ඇත්ත කෙනා කවුද? බොරුකාරය කවුද? කියල හඳුනා ගන්න බැරි තරමට මේ සමාජය සංකීර්ණ වෙලා, ඊටත් වැඩිය අපේ සමාජය පිරිහිලා. පැවිද්දා, මාධ්‍ය වේදියා, හා ආයතන රියදුරා ඇතුළු සමාජයේ බොහෝ පිරිස් මිට අයත්. සමාජය තුල අන්‍යයෝන්ය විශ්වාසය බිඳ වැටිලා. නමුත් ශිෂ්ඨ සම්පන්න සමාජයක ගිලන් රථයකට මග සලසා දීම සැමගේ යුතුකමක්. (නදී)

:       0       0

ලලිත් Tuesday, 03 December 2013 08:25 PM

ඔය විදියට අත්වලට වෙළුම් පටි දානවා දැක්කේ ජීවිතේ පලවෙනි වතාවට. (නදී)

:       0       0

කුමාර් Tuesday, 03 December 2013 02:56 PM

ලංකාවේ ඉන්න ඔක්කොම චන්ඩි.. !! (ස)

:       0       0

ආරියසේන Tuesday, 03 December 2013 08:45 PM

ගිලන් රථයකට මාර්ගය ඉඩ සලසා දීම ලෝක සම්මත නීතියක්. මේ ගැන අවබෝදයක් නැති කෙනෙක් ඇත්නම් මී හරකෙක් නැත්නම් කුලුමීමෙක් වෙන්න ඕන.(නදී)

:       0       0

ධනංජය Tuesday, 03 December 2013 08:55 PM

කවදාහරි දවසක මේ මෝඩ ලොරිකාරයා මැරෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ අරගන යන වෙලාවෙත් තවත් මිනිහෙක් මේ දේම කල දාට තේරුම් ගනී (නදී)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 03 December 2013 03:16 PM

ලොරි කාරයට කවුද ලයිෂන් දුන්නේ දන්නේ නැහැ. ගිලන් රථවලට හදිසි ආපදා රථවලට මාර්ගයේ ඉඩ දෙන්න කියල පොතේම තියෙනවා. කාගේ හරි බත් ගොට්ටෙක් වෙන්න ඇති. (නදී)

:       0       0

දොඩන්ගොඩ ලකී Tuesday, 03 December 2013 03:25 PM

ලොරිය පදවල තියෙන්නේ ප්‍රාදේශීය සබා මන්ත්‍රී වරයෙකු ද දන්නේ නෑ ? (ස)

:       0       0

රූපවතී Tuesday, 03 December 2013 03:27 PM

වෙනත් රටවල නම් ගිලන්රියේ ..නලා සද්දේ ඇහුන ගමන් පාරේ ධාවනය වන සියලුම වාහන අයින් කරලා නවත්වා ගෙන ..ගිලන්රියට මාර්ගයේ ඉඩ ලබා දෙනවා..ඒකටත් එක්ක අපේ රටේ ..මේවා මෙහෙම වෙන එක හොඳයි ..දේශපාලුවන්ට ගිය රටේ ....ඕන ඕන ..උන් ඒ ආකාරයට තමන් ගේ උවමනා එපාකම් සපුරා ගන්නවා ..? රට පිරිහුනාදෙන් ...හැමෝම චන්ඩින් වෙලා එකිනෙකා මරාගෙන ...නැති බංග වෙයල්ලා, සදාචාරයන් ..මිනිස්කම් කැලේ...? දුකයි මගේ රටේ හෙට දවස ගැන ...? (ස)

:       0       0

සාරසී Tuesday, 03 December 2013 09:33 PM

සමහර වෙලාවට බට්ටාට ගිලන් රිය අඳුන ගන්න බැරි වෙන්න ඇති. හිතන්න ඇති දේශපාලුවෙක් එනවා කියලා. එයාලගේ පිරිවර සේනා වලට ඉඩ දීලම එපා වෙලා ඇති.(නදී)

:       0       0

අමිල පීරිස් Wednesday, 04 December 2013 09:23 AM

ලොරියේ රියදුරා හෝ ලොරියේ හිමිකරු දේශපාලන සම්බන්ධයක් කොහෙන් හරි ඇති. දැන් චන්ඩි වැඩ කරන්නේ දේශපාලන බලයෙන්. දේශපාලනය ගැවිලා තියනවා නම් පොලිසිය නිතිය කරන්න එන්නේ නෑ. දේශපාලන චන්ඩි ,දේශපාලන අපරාධකාරයන්, දේශපාලන මිනීමරුවන්ට ගිය රටක්. (ස)

:       0       0

ජයන් Tuesday, 03 December 2013 09:54 PM

මම ඉන්නේ කුවෙට් වල මෙහෙත් ලංකාවට වඩා වෙනසක් නැහැ. මෙහෙ ඉන්දියන් කාරයෙක් එහෙම අරාබි කාරයෙක්ට වෙට්ටුවක් දැම්මොත් පාර මැද්දේ වාහනය නවත්තලා කනට ගහනවා.(නදී)

:       0       0

ජෝන් Tuesday, 03 December 2013 04:01 PM

මෙයා පොඩි රගපෑමක් කරනවා.(නදී)

:       0       0

සෙයිලනිකස් Tuesday, 03 December 2013 04:04 PM

මෙන්න මම ඊයේ වෙන පුවතකට දාපු කමෙන්ට් එකක්. මේක අදටත් සුදුසුයි.සෙයිලනිකස් 2013-12-02 11:15:02 අපි නිතරම අපේ අවුරුදු 2000 ක ලිඛිත ඉතිහාසය, සංස්කෘතිය ගැන කියෙව්වට මේක තමා දැන් සත්‍යය. පොඩ්ඩ බැරි උනා ද, මරල දැම්මා. කෙල්ල තරහ උනා ද, පවුලම මරල දැම්මා. සංගීත සංදර්ශනයේ දී ඇඟේ හැපුන ද, පිහියෙන් අනිනවා. පාරේ යනකොට නලාව ගැහුවොත් ඇඟට කපනවා. අපිට වඩා කෙටි ඉතිහාසයක් තියෙන, අපි දියුණු කාලේ ඒ අය වනචාරීන් හැටියට හිටිය කියල අපි සලකන රටවල මිනිස්සු අද කාලේ බොහොම හොඳින් හැසිරෙනවා. (ස)

:       0       0

සම්පත් Wednesday, 04 December 2013 10:09 AM

අමාරුවක් නෑ වගේ. (ස)

:       0       0

ආචාර්ය Tuesday, 03 December 2013 10:25 PM

ඔය දරුවෝ මේ ගැන කලබල වෙන්න එපා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 03 December 2013 04:26 PM

මේ බට්ටෝ දැන් ත්‍රීවීල් ගානට වැහි වැහැල වගේම ත්‍රීවිල් සෙල්ලමුත් පුරුදු වෙලා..මුන්ටම ගිය පාර වගේ මුන් දෙගොල්ලොම වාහනේ එලවන්නේ..ගැවුනොත් ගෝරි ගොඩයි..(නදී)

:       0       0

සේන Tuesday, 03 December 2013 04:42 PM

මට නම් සැහෙන විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔය ලොරි කාරයා දේශපාලුවෙක්ගේ හෙන්චයියෙක් කියලා. නැත්නම් ඔහොම වැඩ කරයිද? (නදී)

:       0       0

කුමාරි Tuesday, 03 December 2013 04:48 PM

අනිවාර්යෙන්ම මේ පුද්ගලයා ප්‍රා.සභාපති කෙනෙක් ලග කටු කන කෙනෙක්. (නදී)

:       0       0

සඳුන් Tuesday, 03 December 2013 05:23 PM

සද්දේ ඇහුණාම විනය ගරුක අය ඉඩ දෙනවා. ඒ ඉඩෙන් සමහර අය ගිලන් රථයට යන්න නොදී ඉදිරියෙන් යනවා. අන්තිමේට මිනිස්සු ඉඩ දීල තියෙන්න කොහෙවත් යන මෝඩයෙකුට.(දිල්)

:       0       0

චමින්ද සම්පත් Tuesday, 03 December 2013 05:29 PM

හැබැයි ඔය කතාවෙ තව පැත්තක් තියෙනවා. ගිය සතියෙ දවසක මම අනුරාධපුරේ යනකොට කුරුණෑගල කොස් කැලේ හරියෙදි මහ හයියෙන් නලාව ගහගෙන ගිය ගිලන් රථයකට ඉඩදුන්නා ගොඩක් අමාරුවෙන් අයින් කරගෙන. සාමාන්‍යයයෙන් කුරුණැගලින් අනුරාධපුරයට අමාරු ලෙඩුන් නොයවන නිසා පුදුමත් හිතුනා..පිටිපස්සෙ ගහල තිබුනා පුද්ගලික රෝහලක නමක්.ටිකදුරක් යද්දි ගිලන් රථය නවතලා.. රියදුරා සිගරට් බොනවා...රියදුරයි තවත් කෙනෙකුයි විතරයි හිටියේ. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 839 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 747 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 157 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1019 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 202 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1207 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site