දකුණු පළාතේ සුන්දර දූපතකි. එක් පැත්තකින් මුහුදය. එක් පැත්තකින් ගඟයි. රෑ කාලයේ ගස්වල ලගින්නට එන විවිධ කුරුලු වර්ග ගමේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.
මෑතක සිට මේ කුරුල්ලන්ට සැනසුමෙන් රාත්‍රිය ගත කරන්නට ඉඩ නොලැබේ. පිරිසක් අධි බලැති ආලෝක ධාරා ගස්වලට එල්ල කිරීම ඊට හේතුවයි.
එම එළියත් සමග පියාපත් ගසමින් කුරුල්ලෝ යළිත් ගුවනට පිවිස අනතුරක සංඥා දල්වමින් නද දෙති.
කොළඹ ව්‍යාපාරිකයකු ඔහුගේ බඩියා සමග එක්වී අනාදිමත් කාලයක සිට මෙම දූපතේ ගස්වල ලගින කුරුල්ලන් එලවා දැමීමට කැස කවයි. ඊට හේතුව මෙම දූපතේ සැප හෝටලයක් ඉදිකිරීමයි.
කුරුලු පාරාදීසය දූපතින් අවතැන් නොකර එය කළ නොහැකි බව කියති. මේ ගැන සොයා බැලීමට පොලිසියට දන්වා ඇතැයි ද දැනගන්නට ඇත.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පුංචි කුරුලු කූඩුවේ උන් ඉන්නව පාඩුවේ : එපා විදුලි එළි ගහන්න නිකන් ඉඳින් යාළුවේ‘
රිචි බාලසුරිය Sunday, 03 July 2016 05:30 AM
අද ලංකාවට අවශ්‍ය විදේශ මුදල් , එය සඳහා සංචාරක ව්‍යාපාර දියුණු කරනට සංචාරක හොටෙල් හැම තැනම , ඔවුනට දුපත ගෙන හෝ රටේ ලස්සන කුරුල්ලන් ගැන අවබෝධයක් හෝ අවශ්‍යතාවයක් නැහැ , සියල්ල සිදුවන්නේ රුපියල් සත ගැන සිතා නිසා (බ)
ලේක්කෝ ගලබඩ Thursday, 30 June 2016 05:08 AM
කොග්ගල දුපතේ සිටින ගඟන පක්ශීන්ව බේරා දුපතද බේරාගන්න සියල්ල එකතු වන්න.(ම)
කමලා Tuesday, 05 July 2016 12:30 PM
අනේ මෙහෙමත් මිනිස්සු, අහිංසක සත්තුන්ට ඉන්න දෙන්නැති හැටියක්. (ර)
නිමල් Wednesday, 29 June 2016 06:57 AM
කෝ අපේ පරිසරවේදියෝ (බ)
රුවන් Monday, 27 June 2016 09:10 AM
ඔය වැඩේ කරන්නේ කවුද කියලා අපි දන්නවා. (ර)
නිෂාඩ් ප්‍රීනා Tuesday, 28 June 2016 04:13 AM
කියව, කියවා ඉඳලා හරියන්නේ නැහැ. ගමම එකතුවෙලා ගහලා එලවන්න තියෙන්නේ. (නි)
බෙනට් Monday, 27 June 2016 10:50 AM
උඩ යන යකඩ කුරුල්ලන්ගේ ලොක්ක නේද මේ ?එයාට යකඩ කුරුල්ලෝ ඉන්න හින්ද දැන් නිකන් කුරුල්ලන්ව එපා වෙලා වගේ . හැබැයි අපි දන්නවා එයා මේ ට්‍රයි කරන්නේ මොකටද කියල . රටේ වටිනා ඉඩම් එහෙම හිතුමතේ පුද්ගලික ප්‍රයෝජන ගන්න දෙන්න බෑ. (හේ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 26 June 2016 07:57 PM
අසරණ කුරුල්ලන් (විදුලි) පන්දමේ බලයෙන් එළවාදමා මඩිය තර කරගැනීමට කැසකවන කොළඹ ව්‍යාපාරිකයා සහ ඔහුගේ බඩියාත්, වෙනත් ක්‍රියාමාර්ග මඟින් එළවා දැමීමට ගම්වාසීන් එකතුවෙන දිනය වැඩි ඈතක නොවෙන්නත් පුළුවන් (නි)
ප්‍රියන්ත Monday, 27 June 2016 04:25 AM
කොග්ගල ගඟේ දුපත් ආරක්ෂා කර ගැනීමට අපි එකතුවෙමු (නි)