IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පුංචි කාලේ ඉඳලා මගේ ආසාවක් තිබුණේ ගුරුවරියක් වීමට

2016-09-08-ent-114

ඔයා ගැන හැඳින්වීමක් කළොත්?

2016-09-08-ent-116මගේ නම සදින්සා සමරතුංග. මං ඉන්නේ කොට්ටාවේ. මගේ පාසල කෝට්ටේ, ආනන්ද බාලිකා විද්‍යාලය. මම දැනට රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඒ පිළිබඳව වැඩිදුර හදාරමින් ඉන්නේ. මේ අතර නිරූපිකාවක් විදිහටත් කටයුතු කරනවා.

 

‍රැකියාවකුත් කරනවාද?

දැනට මම මගේ නිවසේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා.

 

නිරූපණයට එකතු වෙන්නේ කොහොමද?

මගේ යාළුවා සජානි නිසා තමයි නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ. මම එයා සමග එයාගේ වැඩකටයුතුවලට සහභාගී වූ අවස්ථාවල මටත් මේ සඳහා යොමුවෙන්න අවස්ථාව උදාවුණා. ඒ වගේම මේ වන විට නිලූ සේනානායක, අර්ජුන් සේනානායක ගුරුවරුන් යටතේ මං නිරූපණය හදාරමින් සිදුකරනවා. ඒ විදිහට තමයි මං නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ, මම මේ අවුරුද්දේ මිස් ශ්‍රීලංකා ෆෝ(ර්) මිස් යුනිවර්ස් තරගයට සහභාගී වුණා. එහිදී මට මිස් ෆොටෝ ජෙනික් මිනිටයිටල් එක දිනාගැනීමට අවස්ථාව උදාවුණා.

 

නිරූපණය කියන දේ හීනයක්ද?

පුංචි කාලේ ඉඳලා මගේ ආසාවක් තිබුණේ ගුරුවරියක් වීමට. ඒ වගේම මං ඒ හීනේ සැබෑ කරගත්තා. කලක් ප්‍රාථමික පුහුණු ගුරුවරියක් ලෙස කටයුතු කළා. හැබැයි ලොකු ආසාවක් කැමැත්ත නිරූපණ ක්ෂේත්‍රය කෙරෙහි තිබුණා. නමුත් ඒ ආසාව ඉටුකරගන්න ලැබෙයි කියලනම් කවදාවත් හිතුවෙ නැහැ.

 

දැන් මොකද හිතෙන්නේ?

නිරූපිකාවක් වීමට හැමෝටම අවස්ථාවක් උදාවෙන්නේ නැහැ. ඒ අවස්ථාව මට ලැබිලා තියෙන එක ගැන ඇත්තටම සතුටුයි. මම මේ ක්ෂේත්‍රයට යොමු වෙලා වැඩි කාලයක් නැහැ. කෙටි කලකදී මේ වගේ ජයග්‍රහණයක් ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා.

 

නිරූපණය කියනදේ තරුණියට හොඳයිද? අනවශ්‍ය කතා හැදෙන්නේ නැද්ද?

ලංකාව කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය දිහා වපර ඇසකින් බලන්න පුරුදුවෙලා තියෙන රටක්. තාමත් ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයට නිසි දැක්මක් ලැබිලා නැහැ. ඉතිං ඒ වගේ රටක අනවශ්‍ය කතා හැදීම අනිවාර්යයෙන් සිදුවන දෙයක්. නමුත් තමන් කරන දේ නිසියාකාරව සිදුකරනවා නම් මම නම් හිතන්නේ නිරූපණය කියන දේ තරුණියකට නරක දෙයක් නෙමෙයි කියලා.

 

එහෙම වුණාම ක්ෂේත්‍රය පිළිබඳ කලකිරීමක් ඇතිවෙන්නේ නැද්ද?

සමහර වෙලාවට ඒ පිළිබඳ ලොකු කලකිරීමක් ඇත්වෙනවා. හැබැයි ඕනෙම වෘත්තියකදී ප්‍රශ්න කියන දේවල් එනවා. ඒ සැමදේටම මුහුණදීලා ඉදිරියට යන එක තමා වැදගත් වෙන්නේ.

 

අනාගතේ බලාපොරොත්තු එහෙම තියෙනවාද?

මගේ අනාගත බලාපොරොත්තුව තමයි මේ රටේ හොඳ ව්‍යාපාරිකාවක් වීම. මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමටත් බලාපොරොත්තු වෙනවා.

 

මෙතෙක් පැමිණි ගමනට උදවු කළ අය එහෙම ඇති?

මගේ මේ සියලුම වැඩ සඳහා මට හැකි සෑමවිටම මගේ අම්මා, තාත්තා උපකාර කළා. මගේ අක්කලා දෙන්නා උදවු කරනවා. වගේම විශේෂයෙන් ධම්මික අයියාව මතක් කරන්න ඕනේ. එයා තමයි මට මේ තැනට එන්න ලොකු සහයෝගයක් ලබාදුන්නේ. මගේ ගුරුවරුන් වෙන අර්ජුන් සේනානායක, නිලූ සේනානායක දෙන්නත්, මගේ යාළුවා සජානි, බියුමාලි මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. මේ සියලුදෙනාගෙන් මට ලොකු සහයෝගයක් මගේ සෑමදෙයකටම ලැබුණා. ඒ පිළිබඳව මං ස්තුතිවන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සදින්සාගේ ෆේස්බුක් ගිණුමෙනි.

 

2016-09-08-ent-119
2016-09-08-ent-118
2016-09-08-ent-115
2016-09-08-ent-113
2016-09-08-ent-117



අදහස් (0)

පුංචි කාලේ ඉඳලා මගේ ආසාවක් තිබුණේ ගුරුවරියක් වීමට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 5 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 284 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 172 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 632 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 300 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site