යොවුන් රංගන ශිල්පිනියක ලෙස වර්තමානයේ නමක් දිනා සිටින සුදර්ශි ධර්මසිංහ සමගින් අද "සාරවිට තරු කතා බහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වුණේමු. රංගන ශිල්පිනියක ලෙස ටෙලි හා චිත්‍රපට කිහිපයක් සඳහා සිය දායකත්වය ලබා දී ඇති සුදර්ශි මේ වනවිට ගීත රූප රචනා බොහොමයකද දකින්නට ලැබේ. මේ ඇය සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව "සාරවිට" අපිට දැක්වූ අදහස්ය.
ක්ෂේත්‍රයට ඔබගේ පිවිසීම?
ක්ෂේත්‍රයට මුලින්ම ආවේ නිරූපිකාවක් විදිහට. මනාලියන් දැක්මවල් සඳහා තමයි මුලින්ම යොමුවුණේ. ඊට පස්සෙ මගේ පොටෝ ෂුට් කිහිපයක් කළා සංජිව වෙළගෙදර අයියා. එයාගේ මාර්ගයෙන් මට ගීත රූප රචනාවක් සඳහා පෙනී ඉන්න අවස්ථාව ලැබුණා.
නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවත් අද ඔබ වැඩි දායකත්වය දෙන්නේ රංගනය පැත්තට?
නිරූපිකාවක් විදිහට වැඩ කළත් මම වැඩි දායකත්වයක් දුන්නෙ මනාලියන් දැක්මවල් සඳහා පමණයි. දැනට මම ටෙලි නාට්‍යය, චිත්‍රපට හා ගීත රූප රචනා බොහොමයකට දායක වෙලා තියෙනවා. ඒ නිසා නිරූපිකාවකට වඩා මාව රංගන ශිල්පිනියක් විදිහට හඳුනනවා නම් කැමතියි.
දැනට සුදර්ශි දායක වෙලා තියෙන කලා නිර්මාණ?
ස්වර්ණවාහිනියේ "මොණර කිරිල්ලි" හා ජාතික රූපවාහිනියේ විකාශය වුණ "සඳ ගොම්මන් රෑ" කියන ටෙලි නාට්‍යය සඳහා මම දායක වුණා. ඊට අමතරව "පෝරිසාදයා" කියලා චිත්‍රපටයකත් රඟපෑවා. මේ දිනවල රූපගත කෙරෙන හර්ෂ උඩකන්ද මහත්මයාගේ "ෆේස් ටු ෆේස්" කියන චිත්‍රපටයෙත් මා රංගනයෙන් දායක වෙනවා. මේ නිර්මාණවලට අමතරව ගීත රූප රචනා 5කට වැඩි ප්‍රමාණයක් සඳහා මම දායක වෙලා තියෙනවා.
පාසල් සමයේ ඔබ දායකත්වය කොහොමද කලාව පැත්තටද?
නැහැ. පාසල් යන සමයේ මම කලාව පැත්තට සම්බන්ධ වුණේ නැහැ. නමුත්, මගේ ආසාවක් තිබුණා කලාව පැත්තට යොමු වෙලා වැඩ කරන්න. මම හිතන්නෙ ඒ තිබුණ ආසාව නිසාම තමයි අද මම මේ තැනට ඇවිල්ලා ඉන්නෙ කියලා.
රංගන ශිල්පිනියක් විදිහට ඉදිරි ඉලක්ක?
ලොකු ඉලක්ක නැහැ. නමුත්, හොඳ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න මම උත්සාහ කරන්නේ. ඒ වගේම ප්‍රේක්ෂකයන් මා ගැන කතා කරන හොඳ චරිතයක් රඟපාන්නත් කැමතියි. ඒ වගේම රසික, රසිකාවියන් අතර නිහතමානි අහිංසක, ආදරණිය චරිතයක් වෙන්නත් මම ආසයි.
උදවු කළ පිරිසකුත් ඇති?
ප්‍රදීපිකා මෙන්ඩිස් මහත්මිය මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඊට අමතරව ඩිල්ශාන් මධුරංග, මහේෂ් කරුණාරත්න, නවීන් පෙරේරා අයත් මගේ ගෙදර පවුලේ සැමවත් මේ වෙලාවේදී මතක් කරන්න ඕනා. නිරූපණ ක්ෂේත්‍රය තුළත්, රංගන ක්ෂේත්‍රය තුළත් මට ගොඩක් අය උදවු කළා. නම් සඳහන් නොකළාට ඔවුන් සැම දෙනාවම මේ වෙලාවේදී තුති පුදකර සිටිනවා.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පුංචි කාලේ තිබුණ ආසාව නිසාම මම රංගනයට යොමු වුණා