IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පුංචි කාලෙ මගේ හිතේ තිබුණේ වෛද්‍යවරියක් වෙන්න

2016-06-24-ent-127

වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස නිතර දකින අයේෂා නිරෝෂනි සමග අද "සාරවිට" තරු කතාබහ තුළින් දිගහැරමට අපි සූදානම් වුණේමු. මීට සිවුවසරකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඇය වර්තමානය වනවිට ක්ෂේත්‍රය තුළ නමක් දිනාගැනීමට සමත්ව ඇත. නිරූපිකාවක ලෙස දිගු කාලයක් ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමට අපේක්ෂා කරමින් සිටින අයේෂා, සිය අදහස් අප සමගින් මෙසේ බෙදාහදා ගත්තාය.

 

2016-06-24-ent-126නිරූපිකාවක් වෙන්න හිතුණේ ඇයි?

පුංචි කාලෙ නම් මගේ හිතේ තිබුණේ වෛද්‍යවරියක් වෙන්න. නමුත්, කාලයත් එක්ක මට ඉලක්කයට යන්න බැරි වුණා. ඒ හින්දා තමයි නිරූපණ ක්ෂේත්‍රය මම තෝර ගත්තේ.

 

ක්ෂේත්‍රයට ආවේ?

මීට අවුරුදු 4කට විතර කලින්. මුලින්ම මම සහභාගී වුණේ මනාලියන් දැක්මවල්වලට. දැන්නම් හැම විලාසිතා දැක්මකට වගේ සහභාගී වෙනවා. මේ අවුරුදු 4 තුළ ගොඩක් නිරූපණ ප්‍රසංගවලට මම දායක වෙලා තියෙනවා. නිරූපිකාවක් විදිහට වැඩ කරන්න කලින් මම ඇඳුම් විලාසිතා නිර්මාණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කළා. මම හිතන්නෙ ඒ නිසාදෝ කොහෙද මට නිරූපිකාවක් වෙන්න මාවත විවර වුණේ කියලා.

 

නමුත්, අයේෂාව අපි ගොඩක් වෙලාවට දැක්කේ වෙළෙඳ දැන්වීම් හරහා නේ?

ඔව් දැනට මම ගොඩක් වෙළෙඳ දැන්වීම් කරලා තියෙනවා. ඒ අතරින් "ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්", "ඩයලොග්", "සිංගර් මෙගා", "මැගී", "කාර්ගිල්ස් ෆුඩ් සිටි", "මන්චි", "කොමර්ෂල් බැංකුව", "NTB බැංකුව" හා "CDB බැංකුව" කියන වෙළෙඳ ආයතන මගින් නිර්මාණය කරපු දැන්වීම් සඳහා මම දායක වෙලා තියෙනවා. ඉදිරියටත් එන්න තියෙනවා මා කළ වෙළෙඳ දැන්වීම් කිහිපයක්.

 

ටෙලි නාට්‍ය හා ගීත රූප රචනා සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා නැද්ද?

ගොඩක් ආරාධනා නම් දැනට ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ ක්ෂේත්‍ර තුළිනුත් මාව දැගන්න පුළුවන් වේවි.

 

නිරූපිකාවක් විදිහට අද කටයුතු කරන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නේ?

මම හැම වෙලාවෙම මම කරන දේවල් ගැන සතුටු වෙනවා. නිරූපිකාවක් වුණ එක ගැන වුණත් අද මට තියෙන්නේ ලොකු සතුටක්.

 

ලංකාවේ නිරූපිකාවකට වටිනාකම් තියෙනවා?

මම හිතන්නෙ ලොකු වටිනාකමක් නැහැ. මොකද, සමහර නිරූපිකාවන් නිසා තමයි ඒ තත්ත්වය ගොඩ නැගිලා තියෙන්නේ.

 

නිරූපිකාවක් විදිහට දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳෙන්නද බලාපොරොත්තුව?

මට පුළුවන් කාලයක් මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා කටයුතු කරනවා. හැමදාම ඉතින් අපි නිරූපිකාවක් විදිහට කටයුතු කරන්න බෑනේ. ඒකට සීමාසහිත කාලයක් තියෙනවා.

 

මේ ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න කවුද උදව් කළේ?

මගේ පවුලේ අයව මතක් කරන්න ඕනා. අම්මා, මල්ලි තමයි මට ගොඩක් උදව් කරන්නේ. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍රෙය්දී මම ගරු කරන කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන්වත් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.

 

2016-06-24-ent-125
2016-06-24-ent-124
2016-06-24-ent-123
2016-06-24-ent-122
2016-06-24-ent-121

 



අදහස් (0)

පුංචි කාලෙ මගේ හිතේ තිබුණේ වෛද්‍යවරියක් වෙන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 162 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 210 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 195 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 228 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1283 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 832 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site