IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පුංචි ඡන්දෙට ජනපති සහය නොදෙයි

(අංජුල මහික වීරරත්න)

මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත්  පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (4)නිල වශයෙන් දැනුම් දුන්නේය.

තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව වසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැතැයි ද එජාප නායකයන් හමුවේ අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණ දැනුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹ දී ඊයේ සවස හමු වූ අවස්ථාවේදී ය.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක්  ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකයන්ට දැනුම් දුන්නේය.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා පත් වන සභිකයන් හාරදහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බව කී ජනාධිපතිවරයා ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේදැයි දැනුම් දිය යුතුව ඇතැයිද කියා සිටියේ ය.



අදහස් (32)

පුංචි ඡන්දෙට ජනපති සහය නොදෙයි

fairoos Wednesday, 04 January 2023 06:52 PM

ඡන්දයට සහාය දුන්නොත් පොහොට්ටුවේ හොරුන්ගේ සහාය නැතිවෙයි කියලා බයද? රට ගොඩගන්න හම්බ වුණු වරම බම්බුව තමයි..

:       80       126

nimalThursday, 05 January 2023 03:12 AM

පුංචි ඡන්දෙට ජනපති සහය නොදෙයි, අදහස් පලකරන අය ජනාධිපතිගේ ප්‍රකාශය තේරුම් ගෙන නැත

:       14       17

දිමුත්Thursday, 05 January 2023 04:00 PM

චන්දවලින් පරදින අය චන්දවලට බයයි.

:       3       6

Kanthi Wednesday, 04 January 2023 07:13 PM

සහාය දුන්නත් මේ පාර නම් වැඩක් වෙන්නේ නැහැ ගොයියෝ.අනිත් මැතිවරණවලටත් ඉතින් සොරි තමයි කියන්න වෙන්නේ..

:       51       92

සුරංගොඩ Thursday, 05 January 2023 04:25 PM

නෝනේ ජනාධිපති සහාය නොදෙනවා කියන්නෙ මැතිවරණය පවත්වන්නෙ නැහැ කියලා තේරුම් ගන්න බැරිද

:       1       1

Hafeel Wednesday, 04 January 2023 07:15 PM

මෙයාට ජනවරමක් තියනවයි සහාය දෙන්නත්. මෙයාටත් ජනවරමක් නැහැ. මෙයා නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයටත් ජනවරමක් නැති මොහොතේ, මොන සහායද?

:       48       92

චමින්ද Thursday, 05 January 2023 07:58 PM

ජනවරම කොහොම වුනත් ඔහු පත්වෙලා සිටින්නෙ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දීලා නිසා ඔහු විධායක ජනාධිපති වෙනවා

:       1       1

sena Wednesday, 04 January 2023 07:23 PM

මෙයාට රට ගොඩ ගන්න තියා පාර්ලිමේනතුවට වත් වරම් නැහැ. මෙතන බොරුවට බයිලා කියනවා.

:       43       89

චින්තක Friday, 06 January 2023 04:31 PM

හැකියාව තියෙන එකාට ජනතාව නැහැ ජනතාව සිටින එකාට හැකියාව නැහැ (උදාහරණයක් 2019 ලක්ෂ හැටනවයක් ගත්ත පුද්ගලයා ) මෙයිනුත් පේන්නෙ ලංකාවෙ ජනතාවට ඕන එදාවේල මිස තමන්ගෙ දරුවන්ට රටක් ඕන හැගීමක් නැහැ (කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් වෙන මොන කෙංගෙඩියද තව ඕන කරන්නෙ කියන අපේක්ෂාව පමණයි තියෙන්නෙ )

:       0       1

Nalaka Wednesday, 04 January 2023 07:33 PM

ඔයාට සහය දුන්නේ පොහොට්ටුවේ හොරු මිසක් මිනිස්සු නෙවයි. චන්දෙ තියල පෙන්නන්න ඔයාටම බලාගත හැකියි. ඔයාට ජනමතයක් නෑ අකුලාගෙන යන්න.

:       42       88

lal Wednesday, 04 January 2023 08:17 PM

මේක ඡන්දයකට වෙලාවක් නෙවෙයි...

:       98       67

Mr Don Wednesday, 04 January 2023 08:23 PM

හොඳ තීරණයක්... ජනාධිපතිතුමනි, ඔබට ජය...!

:       84       54

Surain Wednesday, 04 January 2023 08:23 PM

ඔයාගේ කට ඇරියොත්, එන්න තියෙන ඡන්ද ටිකත් බංකොළොත් පක්ෂයට ලැබෙන්නේ නැහැ. කට වහන්නේ නැතිව හිටියොත් හොඳයි නේද? 

:       37       67

Praba Wednesday, 04 January 2023 08:55 PM

ලඟදී නීති පීඨයට ගිහින් ඇන ගත්තට පස්සෙ ද ජනතාව හමුවට යන්න බයවුනේ

:       21       27

C.K.Lankaputhra Wednesday, 04 January 2023 09:17 PM

තමන්ට වරමක් දී ඇත්තේ පොහොට්ටුවන් මිසක් ජනතාව නොවෙයි. නිකං බොරු බයිල කිය කිය කලිසමේ පහර ගන්න එපා සෑර්. රටම ගඳගහයි.

:       14       25

Perera Wednesday, 04 January 2023 09:21 PM

මෙයාට රටේ මිනිස්සුන්ගේ සහයවත් නැතිකොට ස්ටේජ් වලට නැගලා මොන බම්බුවක් කතා කරන්නද?

:       12       23

Kumara Wednesday, 04 January 2023 10:20 PM

උඹ කවුද .හිතන් ඉන්නේ උඹ ජනපති කියලා .උඹ ජනපති නෙමෙයි . උඹව මිනිස්සු පිළිගන්නේ නෑ .

:       13       28

Bus Gamunu Thursday, 05 January 2023 12:55 AM

ඔබට මේ වරම ලබාදුන්නේ කවුද? සෑම මැතිවරණයකදීම ඔබ පරාජය වෙලා

:       8       22

CHANDIMA Thursday, 05 January 2023 03:22 AM

වරමක් දීලා කියන්නේ? කවුද වරමක් දුන්නේ.?

:       0       0

ranjith Thursday, 05 January 2023 04:03 AM

ඡන්දේ නොතියන්න උප්පරවැට්ටියක් ගැන විස්වාසය තියන් වගේ.

:       0       0

Demuni Uduwara Thursday, 05 January 2023 05:15 AM

ඔබේ ව්යාපාරය ගැන සැලකිලිමත් වන්න! අපිට තර්ජනය කරන්න එපා. ඔබ ජනතාව ඡන්දය දුන් ජනාධිපතිවරයෙක් නොවේ.

:       23       24

දාස Thursday, 05 January 2023 05:39 AM

මේ හොරු 134 නායකය ජනතාවගෙ නායකය නෙමෙයි. එයයි ඇත්ත

:       5       30

ලුම්බිණි Thursday, 05 January 2023 05:53 AM

ලොකු උදව්වක්.

:       5       15

නිමේෂ් Thursday, 05 January 2023 07:21 AM

මුදල් ඇමති උනාට පස්සේ එක සුමානෙට ට්‍රිලියන ගණන් සල්ලි අච්චු ගහපු රනිල් , දැන් ඡන්දයක් තියන්න බිලියන් 10 නැහැ කියන බොරුව අපි පිළිගන්න ඕනෙද ?

:       14       23

de silva Thursday, 05 January 2023 07:38 AM

ස්ටේජ් එකට නැග්ගොත් ලබන ඡන්ද ටිකත් නැති වෙනවා.

:       3       20

Bamunuarachchi Thursday, 05 January 2023 08:03 AM

පුංචි ඡන්දෙට සහයදෙන්න එපා පමණක් නොවෙයි පුංචි ඡන්දෙ පවත්වන්නත් එපා. මේ ඡන්දෙ පවත්වන වෙලාවක් නොවෙයි. ඊළගට පත්වෙන එවුන් කරන්නේ රටේ මහා මැතිවරණය පවත් වෙනතුරු රටේ කෙරෙන පාලනයට බදා කිරීමයි විශේෂයෙන් ජෙප්පෝ ඒ ටික කරනවා. ඒ නිසා කාටවත් වැඩක් නැති පුංචි ඡන්දෙ පවත්වන්න එපා.

:       30       10

Atul Rathnayake Thursday, 05 January 2023 08:35 AM

කව්ද මෙයාට වරමක් දුන්නේ? පොහොටුවේ 134 දෙනාගේ වරමද?

:       10       24

Rohana Thursday, 05 January 2023 11:36 AM

හරියට ජනවරමක්වත් නැතිව පොහොට්ටුවේ තල්ලුවෙන් ජනාධිපති පුටුවට පැනගත් රනිල් ගෙන් මේඡන්දෙට කිසි සහයෝගයක් අවශ්‍ය නැත. ලොකුම උදව්ව කරදරකිරීම්වලින් තොරව ඡන්දය පැවැත්වීමට අවස්ථාව ලබාදීමයි.

:       3       13

ඉනායතුල්ලා Thursday, 05 January 2023 11:38 AM

ජනතිපති තුමා ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පෙහෙදිලිව අදහස් වන්නේ ඔහුට මැම චන්දයෙන් චන්ද දහදාහක් වත් මෙම චන්දයේ ඔහුට හිමි වෙන්නේ ැත. එවැනි තත්වයකට වෙටී් අවදානය ඉතාමත් වෙඩි නිසා ඔහුගේ පක්ෂය ආරක්ෂා කරගැනීමයි ඔහුගේ සැලස්මයි .

:       3       12

Buddika Thursday, 05 January 2023 11:52 AM

ඔය සහාය දුන්නත් නැතත් UNP එක පරාදයි. පොහොට්ටුව එක්ක එකතුවෙලා ඉල්ලුවත් පරඩයි. මෙ යතාර්තය UNP,පොහොට්ටු නයකයන්ට නිලධාරීන්ට තෙරෙන්නෙ නෑ.

:       2       11

නවීන් Thursday, 05 January 2023 11:55 AM

මොන "ජන වරම"ද මේයාට ලැබිලා තියෙන්නේ

:       4       18

Rasika Thursday, 05 January 2023 12:10 PM

මේකත් දැන් ජෙප්පො ආක්‍රමනය කරල වගේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1312 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1127 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1066 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 698 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 593 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5324 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25409 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site