පළාත් පාලන මැතිවරණය කල්දැමෘිම නීති විරෝධී බව පවසමින් මහ නගරා සභා හතරක නගරාධිපතිවරුන් පස් දෙනකු එක්ව ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇත.
දෙහිවල-ගල්කිස්ස, මොරටුව, ගාල්ල, සහ අනුරාධපුරය යන මහ නගර සභා හතරක හිටපු නගරාධිපතිවරුන් මෙම නඩුව පවරා ඇත.
වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් පළාත් පාලන ඇමතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලමින් මෙම නඩුව ගොනු කර ඇත්තේ ඉකුත් 23 වැනිදාය.
මැතිවරණ කොමසාරිස් වරයා විසින් මැතිවරණය නොපැවැත්වීම කරුණු කිහිපයක් මත නීති විරෝධී යැයි සිය පෙත්සමෙන් පෙන්වා දෙන බව ඊට පෙනී සිටින නීතිඥ උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම
පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය
ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුංචි ඡන්දය කල් දැම්මාට ගම්මන්පිල උසාවියේ
නවරත්න Friday, 16 October 2015 12:48 PM
අනේ අපි එයාගේ කතා එච්චර හිතට ගන්නේ නැහැ (නි)
නිලංග Friday, 16 October 2015 01:42 PM
හැමදේටම විරුද්ධ වෙන්න එපා මහත්වරුනේ (නි)
පැරකුම් Friday, 16 October 2015 01:45 PM
අපි ඔබ සමගයි. (ර)
පරාක්‍රම Friday, 16 October 2015 01:56 PM
මුළු රටේම පළාත් පාලන චන්ද එකම දවසක පවත්වන එක මේගොල්ලන්ට අගුනයි නේද? කලින් පුරුදු විදිහට බලය , පීඩනය හුදෙකලා තැන්වලට යොදන්න අවස්ථාව නැතිවෙනවනේ. මහජනතාව මෙයාලගේ ශක්තියත්, තත්ත්වයත්, වෙනත් ඇතැම් පක්ෂවලට වෙලා තියෙනවා වාගේ දැනගන්නවානේ. (අ)
සමුරායි Saturday, 17 October 2015 11:48 AM
ජනවාරි 8 වෙනකොට පක්ෂය මාරු කරපු ගෙම්බෙක් පිම්බිල ගිය උඩ පහුගිය කාලේ මේ මැතිවරණ නිසි කලට වෙලාවට තියන්නේ ඇති . මම ශාක බක්ෂක තණකොළ බුදින්නෙක් වෙමි (බ)
නිවන්තක Saturday, 17 October 2015 02:42 AM
ඒකත් එහෙමද? ඔහොම යමු (නි)
රෝහණ Saturday, 17 October 2015 02:47 AM
අනේ මේ මහත්තයෝ, තමන්ගේ ඡන්ද පදනම පෙන්නලා කෑ ගහන්න.බොරුවට කැපීපෙනෙන්න හදන්න එපා. තමුන්ට මනාප දීපු අය දැන් හිතින් දුක්විඳින බව දන්නවද? (නි)
විද්‍යා Friday, 16 October 2015 03:18 PM
අපරාදේ එහාට මෙහාට පනින්නේ නැතුව හිටියනම්. (ර)
සුමිතුරු Saturday, 17 October 2015 04:43 AM
අනේ මේ මහත්තයට තවසැරයක් පරදින එක ඉක්මන් කර ගන්න හරි ආසයි වගේ. (ර)
පුපුදු Friday, 16 October 2015 10:35 AM
හොඳයි. හැම එකකටම අපි විරුද්ධ වෙමු. ජයවේවා.! (ර)
අනුරාධා Friday, 16 October 2015 10:46 AM
මෙයාලගේ වැඩේ හැම දේටම විරුද්ධ වෙන එකනේ... (ර)
රමන් Saturday, 17 October 2015 07:48 AM
උත්සහවන්ත මිනිසෙක් මොනා උනත්. (ර)
නානක්කාරන් Friday, 16 October 2015 11:22 AM
වෙන වැඩක් නැනේ. හැම එකටම විරුද්දවේවි උසාවි යනවා. (ර)
අජිත් කරුණාරත්න Saturday, 17 October 2015 01:33 AM
දිනන්න බලාගෙන වෙන්න ඇති ඉන්න ඇත්තේ. අනේ මේ හැමඑකටම විරුද්ධ වෙන්නයි, මාධ්‍ය සාකච්ඡා කරන්නයි, උසාවි යන්නයි හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නි)