රංජන් කස්තුරි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ හෙයින් පළාත් පාලන ඡන්දය ලබන දෙසැම්බර් මස මුලදී සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
මෙවර පළාත් පාලන ඡන්දය නව ක්‍රමයට පැවැත්වෙන අතර ඒ සඳහා 2017 ඡන්ද හිමි නාම ලේඛණය භාවිත කරන බව ද ඒ මහතා පවසයි.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ඡන්දය දෙසැම්බර් මුල
බුද්ධික Friday, 25 August 2017 10:43 PM
හැබැයි තව එක දෙයක් වෙන්න තියෙනවා නේද? ඔය සම්මත වෙච්ච පනතට කථානායකවරයා සහතිකය ලබා දිය යුතුයි. ඒකට සතියක් දෙකක් ගියෙන් පස්සේ තමා ඡන්දය තියන්න පුළුවන් වෙන්නේ
Amith Friday, 25 August 2017 11:38 PM
එම දවස උදාවනතුරු ඇසපිය නොහෙලා බල සිටිමි. නිදහස් පක්සේ වෙනුවෙන් මගේ යුතු කම ඉටු කරන්න. මොකද 2015 මහා මැති වරණයේදී ජාතික ලසිටුව අපේ මනාපයට සකස් කලට !!!
jayantha Saturday, 26 August 2017 05:50 AM
අමිත්, ඔය වගේ මගේ පව්ලේ අයත් බලාගෙන ඉන්නේ අපේ අතින් උන වැරැද්ද හදාගන්න. අඩු ගානේ කතා පුන්චට පෙන්නන්න චන්දය තියෙන්නේ කාටද කියල ගම මට්ටමෙන්. ඔයාල දන්නවද කතා පුන්ච කියන්නේ කාටද කියල? ඔය රට වටේ යන්නේ කතා කිය කියා ලොකුම කෙනා
Suranga Saturday, 26 August 2017 06:38 AM
නිදහස් පක්ෂේ වෙනුවෙන් දර දිය ඇදපු මමත්, අමිත් මහතා වගේ බලාගෙන ඉන්නවා එම දවස එනතුරු ....
Kumara Saturday, 26 August 2017 07:19 AM
2011 මහින්ද මහතා බාහිර උපාධියට සිසුන් බඳවාගැනීම සීමාකළ නිසා 2015 යහපාලන ආණ්ඩුවට කතිරෙ ගැහුවා. එජාප ආණ්ඩුව මේ ප්‍රශ්නෙට කිසිම විසඳුමක් දුන්නේ නැහැ. තවත් සීමා කළා. අපි සලකන්න බලාගෙන ඉන්නේ.
තරංග Saturday, 26 August 2017 08:02 AM
හිටපු හොරුත්, ඉන්න හොරුත් ගැන අනිවාර්යෙන් ජනතාව තීන්දුවක් ගනියි. මොනවා නොකළත්... හොරකම් නොකරන. කරපු අයගෙන් හොරාකාපුවා අයකර ගත්තොත් අපේ රට හදන්න පුළුවන්.
raveendraSaturday, 26 August 2017 09:47 AM
තරංග මයා වෙත, අප සියලු දෙනාම සිටින්නේ ඔබගේ අදහසේමය. කොළ, රතු, නිල්, හොරුන් ගැන ලක්වැසියා තීරණය කල යුතුමය. තක්කඩි රැල " සුදු පාටටත් " නිගා කරමින් කපටි හිනාවකින් මූණ හදාගෙන, සුදුවතින් සැරසී එන්නේ මේ සැරෙත් මහජන දේපල කාබාසිනියා කරන්නයි යන්නෙන්ය.
Lapaya Saturday, 26 August 2017 08:25 AM
තියෙනවා කියලා තමයි කියන්නේ... තියෙන කල් විශ්වාසයක් නැහැ. බොරුවෙත් හොඳම එක..
gamini Saturday, 26 August 2017 10:45 AM
අපි ඉන්නේ අඩුවෙන්ම හොර කරන අයට ඡන්දෙ දාන්න. හොරුන්ට දඬුවම් දුන්නොත් අපේ ඡන්දේ ලැබෙනවා.
nimal Saturday, 26 August 2017 11:34 AM
පක්ෂය බේරා ගනිමු. හොරු පරදවමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගනිමු.
buba Saturday, 26 August 2017 01:42 PM
අපිට පෙනෙන හැටියට රටේ පෙරට වඩා නිවැරදි මාර්ගයකට යොමු වී ඇත. එහෙත් තව කල් යාවි. නිල්, කොළ, රතු හොරුන්ට පක්ෂ භේදයකින් තොරව දඬුවම් දිය යුතුයි. පැරණි හොරුන්ට මෙන්ම අලුත් අයටත් දැඩි දඬුවම් ඕනෑ.
himal Saturday, 26 August 2017 02:47 PM
මෙතන මේ ඡන්දේදි සලකන්නම් කියලා කටමැත දොඩවනවා. ඒත් එක ඡන්දෙනේ දෙන්න පුළුවන්. කවුරු කොහොම මොනවා කිව්වත් තමන්ට අයුතු වශයෙන් හෝ උදව්වක් කරපු ඕනෑම දූෂිත දේශපාලකයකුට මිනිස්සු ඡන්දේ දෙනවා. මොකද අද දේශපාලකයන්ට දූෂිතයෝ කියන ජනතාව ඊටත් වඩා දූෂිතයි.
nirmala Saturday, 26 August 2017 03:39 PM
අපිත් බලාගෙන ඉන්නේ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වල කපන තක්කඩි රැළට පාඩමක් උගන්වන්න. ගිලපුවා ළඟදීම වමාරාවී. පොහොට්ටුවක් අටෝලා අලියව දිනවන්න හදන්නේ නඩු ටික යට ගහගන්න නේද?
pusa Saturday, 26 August 2017 03:45 PM
සුරංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වින කටින අයට අප සාප කරමු. අත ලකුණ දිනවමු. මෛත්‍රිට දිරියදෙමු. හොරුන්ට දඬුවම් දෙමු.
Danushka Saturday, 26 August 2017 07:16 PM
සිහින දකින්නන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.
chandra Sunday, 27 August 2017 02:50 AM
මෙයා බීබීසියට කියලා තිබුණේ ඡන්ද දිනය එයාට තනියෙන් තිරණය කරන්න බැහැ කියලා. ඒ කියන්නේ දිනය තිරණය කරන්න තව කවුරු හරි ඉන්නවා. කොහොමද ස්වාධීනයි කියන්නේ?