(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි 350ක් පමණ වැය වෙතැයි කලින් ගණන් බලා තිබුණද එම වියදම රුපියල් කෝටි 400ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය මේ වසරේ ජූනි මාසයේ පමණ පැවැත්වෙනු ඇතැයි කලින් අපේක්ෂා කර තිබූ හෙයින් ඒ සඳහා රුපියල් කෝටි 350ක පමණ වියදමක් සැලසුම් කර තිබූ නමුත් මැතිවරණය පෙබරවාරි දක්වා කල් ගිය බැවින් රජයේ සේවකයින්ගේ අතිකාල දීමනා ආදිය ලබන ජනවාරියේ සිට වැඩිවීම ආදී කරුණු හේතුවෙන් එසේ වියදම ඉහළ යනු ඇතැයි ද ඒ මහතා කීය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ඡන්දයේ වියදම කෝටි 400ක්
රවින් Monday, 04 December 2017 11:35 AM
අපොයි !! අපොයි!!, මේ සල්ලි වලට බලු කපුටු දානේ දුන්නා නම්? සුනඛයින් දෙවෙනි දවසේ නකුට වනමින්, කපුටන් කාක් කියමින් ඉඳීවි. අපේ අපලේ ටිකක් හරි අඩුවෙයි. මේ ගොල්ලෝ පත්වුණු දවසේ ඉඳලා අපිට තමයි නකුට වනන්න වෙන්නේ. කාක් කියන්න වෙන්නේ. අපිට අන්තිම අපල කාලයක් උදාවෙන්නේ....
dabareMonday, 04 December 2017 11:26 PM
අනේ කලින් ඔයා හිටියේ සුරපුරයකද? කලිනුත් මීට එහා. කලින් හිටපු දේහපාලඥයෝ සහ කටු ලෙවකාපු නිලධාරි පැලැන්තිය නම් හිටියේ සුර අසුර පුරවර වගේ තමයි. මහජනතාව නම් නවුරු ආවත් තමන් හම්බකරගත් දෙයකින් බදු ගෙවලා ඉතිරියෙන් වේල පිරිමහා ගන්නවා විතරයි. ඔය දෙගොල්ලොම එකයි. හොරකම් කරන්නෙත් ඒවා වහන්නෙත් එකට සිටගෙනයි.
Shehan Monday, 04 December 2017 12:30 PM
අනේ කෝටි 4000 ක් ගියත් ප්‍රශ්නයක් නැහැ. අපේ එකම අරමුණ යහපාලනය පරාජය කිරීමයි.
MuhaMonday, 04 December 2017 12:55 PM
මේ ඡන්දෙන් රජය පරාද කරන්න බැහැනේ. එ්කට 2020 වෙනකම් ඉන්න වෙනවා.
Upali Monday, 04 December 2017 12:39 PM
රට සංවර්ධනය කරන්න තියෙන සල්ලි බිලියන 4 ක් වියදම් කරලා හොරා කන්න සෙට් එකක් හදනවා. අයියෝ සල්ලි !!!
chanaka Monday, 04 December 2017 12:48 PM
ඡන්දය දිනයේදී මේ රටේ ජනතාව පෙන්වයි.... කවුද නියම හොරු ටික කියලා.
manoj Monday, 04 December 2017 12:44 PM
දුප්පත් මිනිසුන්ගෙන් හූරගන්න බදු සල්ලි තමයි නැතුව දියවන්නාවේ ඉන්න අය ගෙදරින් ගේන ඒවා නෙමෙයි නේ.
chuda maanikke Monday, 04 December 2017 12:50 PM
රටට ආදරය කරන හැම කෙනෙක්ම හොරුන්ට දඬුවම් කල යුතුයි.
laksman Monday, 04 December 2017 12:52 PM
ඡන්දෙන් පත්වන අයගේ වසර හතරේ නඩත්තුව කීයද? සහ ඡන්ද දායකයින්ට ලැබෙන ප්‍රතිලාභ කීයද කියන්නකෝ ...?
sunil Monday, 04 December 2017 01:58 PM
ප්‍රශ්නයක් නැහැ. රාජගිරියේ බිල්ඩිමට එක දවසින් ගෙවන්න අනුමත කරපු ගාණට වඩා මේක අඩුයිනේ !!
himal Tuesday, 05 December 2017 05:24 AM
මේ වියදම් යන්නේ රජයේ සේවකයින්ගේ, ඒ කියන්නේ ඡන්ද රාජකාරිවල නියුතු සේවකයින්ගේ දීමනා, ප්‍රවාහන වියදම්, මුද්‍රණ ගාස්තු ආදී දේවලට. වියදම කියලා හීල්ලුවට මේවා තවත් පිරිසකගේ ආදායම්. මේවට හූල්ලලා, අතිකාල වියදම හොඳට සාක්කුවේ දා ගන්නවා.