IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පුංචි ඡන්දේ ලබන වසරේ

සීමා නිර්ණය කොමිසම සඳහා මැතිවරණ කොට්ඨාස නිර්ණය කිරීම වෙනුවෙන් ලබාදී තිබූ කාලය තවත් මසකින් දීර්ඝ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාෆා මහතා පැවසීය.

කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නිර්ණය වෙනුවෙන් එම කොමිසමට ලබා දී තිබූ කාලය අගෝස්තු 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ අතර සීමා නිර්ණය කටයුතුවල ගැටලූ පවතින හෙයින් මෙලෙස කාලය දීර්ඝ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයා පසුගිය දිනෙක ප‍්‍රකාශ කළ ආකාරයටම මෙම වසරේ දී මැතිවරණය පැවැත්විය නොහැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස එක්සත් ජනතා නිදහස් මහ ලේකම් මහින්ද අමරවීර මහතා තමන්ට කිව්වත් ඔහු කියන දේ කරන්නට තමන් සූදානම් නැතැයි ෆයිසර් මුස්තෆා මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ද පැවසීය.

කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධ අභියාචනා විමර්ශන කටයුතු මෙම අගෝස්තු මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබුණද අදාළ කමිටුවට එම කාලය ප්‍රමාණවත් නෙවීම නිසා එය ලබන සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ද ඇමැතිවරයා කීය.

මේ අතර සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව සැප්තැම්බර් 30 වැනිදා දුන්නත් මෙම වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත් වීම සඳහා කාලය ප‍්‍රමාණවත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.

එම වාර්තාව ලැබී මාස තුනක් ඇතුළත මැතිවරණය පැවැත්විය හැකි බවද සභාපති සඳහන් කළේය.

2012 අංක 22 දරණ පනතින් කොට්ඨාස ක‍්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කර ඇති නිසා මැතිවරණ කොමිසමට මැතිවරණය ප‍්‍රකාශ කිරීමේ බලයක් නැතැයිද මෙවැනි අවස්ථාවක මැතිවරණය පැවැත්විය හැක්කේ අමාත්‍යවරයාගෙන් ගැසට් නිවේදනයක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබුණහොත් පමණක් බව ද ඔහු කීවේය.

මැතිවරණය ප‍්‍රමාදවීම ගැන මැතිවරණ කොමිෂන් සභාවට චෝදනා කිරීමෙන් පළත් නැතැයි ද ඔහු කියා සිටියේය.

මේ මැතිවරණය නව ක්‍රමයට නොපවත්වන්නේ නම්  හදිසි නීතිය නොමැති විට පළාත් පාලන ආයතන නිල කාලය ඉකුත් වී මාස 6ක් ඇතුළත මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමේ හැකියාව තමන් සතු බව කී දේශප‍්‍රිය මහතා කීවේය. පළාත් පාලන මැතිවරණය ප‍්‍රමාද වීමට හේතු වී ඇති පනත ගෙන ආවේ පසුගිය රජය සමයේ නිසාත්, දැන් පවතින්නේ තවත් ආණ්ඩුවක් නිසාත් මැතිවරණය ප‍්‍රමාදවීම ඇතැමුන් විසින් දේශපාලන අවියක් කරගැනීම සාධාරණ නැතැයි ද සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන නොවන බවට ඇතැමුන් නගන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව කී සභාපතිවරයා පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව මෙන්ම වත්මන් කොමිෂන් සභාව ද ඉතා ස්වාධින ආයතන බව පැවසූ අතර කිසිම දිනෙක ඒවාට අනවශ්‍ය අතපෙවීම් සිදුනොවූ බව ද පැවසීය.

දේශප‍්‍රිය මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභා ශ‍්‍රවණාගාරයේදී මාධ්‍යවේදීන් සමග අද පැවැත්වූ සාකච්ඡාවකදීය.



අදහස් (0)

පුංචි ඡන්දේ ලබන වසරේ

රොකී‍ Tuesday, 03 May 2016 03:01 PM

කල්පනාවෙන්! රටේම ඉන්න හොරුන්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට නාමයෝජනා ලැබෙන්න පුළුවන් (නි)

:       0       0

දුමින්ද Monday, 02 May 2016 09:04 AM

ගාල්ලේ ජන බලය පුංචි ඡන්දෙට මදිද. (ර)

:       0       0

ෂෙල්ටන් Tuesday, 03 May 2016 03:00 AM

බාලගිරි දෝෂය අද නොවේ හෙට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 148 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 97 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 148 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 165 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site