IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පුංචි තිරයට ආ අලූත්ම පෙම් යුවළ

2016-10-30-ent-119

”මේ මුහුද මේ තැන මම ආසම කරන තැනක් අසේකා”

”හ්ම්... ඇයි ඔයා එදා මෙතෙන්ට ආවෙ? දර්ශන”

”දෙවියෝ මාව එවන්න ඇත්තේ අපි දෙන්නව මුණගස්වන්න”

මම හොඳට දෙවියෝ අදහන කෙනෙක් අසේකා... කවදාවත් දෙවියෝ ඒ විදියෙ වැරදි දෙයක් කරන්නෙ නෑ මට.

මොකද්ද දර්ශන, දෙවියො කරපු වැරදි වැඬේ...

අපි දෙන්නව මේ විදියට මේ වෙරළෙදි මුණගස්වපු එක.

ඇයි? මාව මුණ ගැහුණු එකට ඔයා දුක් වෙනවද දර්ශන?

 

මේ විදියට ආදරේ ජීවිතේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බාධක හැල හැප්පීම් මැද දිව යන පේ‍්‍රම වෘතාන්තයක් පසුගිය සතියේ සිට රාත‍්‍රී 7.30ට සිරස ඔඪ ඔස්සේ විකාශය ආරම්භ වුණා.

දර්ශන සහ අසේකාගේ චරිතවලින් කාලයකට පසුව අපේ රටේ ටෙලි නාට්‍ය ක්‍ෂේත‍්‍රයට නවක පෙම් යුවළක් එක්වෙලා තිබෙනවා. ඒ මුහුණු නුහුරු නුපුරුදු නොවුණත් පෙම් යුවළක් ලෙස ක්‍ෂේත‍්‍රයට එන්නෙ මෙම ටෙලි නාට්‍යයෙන්. අසේකා එහෙමත් නැත්නම් ඉසුරි නවෝද්‍යා කුඩා කල සිටම ටෙලි තිරයට හුුරු චරිතයක්. එලෙසම විරාජ් පෙරේරා කියන්නෙත් රූප රචනාවල බහුලව දැකගන්න හැකි වූ චරිතයක්.

මේ නව පෙම් යුවළ අලූතින්ම හමුවන ”නොදත් දේසෙක අරුමවන්ති” ටෙලි නාට්‍යය පිළිබඳවත් ඔවුන්ගේ තොරතුරුත් කතා කරන්නටත් සමගින්ම මෙවර සඳැල්ලෙන් ඉසුරි සහ විරාජ් වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.

 

ඉසුරි කොහොමද ජීවිතේ ගෙවන්නේ?

මේ දවස්වල නම් අධ්‍යාපන කටයුතු අවසන් කරලා ඉන්නේ. ්රැුඛ නිසා රංගන කටයුතුවලිනුත් ටික කාලයක් ඈත් වෙලා හිටියා. ඉතින් දැන් නැවතත් ඒ සඳහා යොමු වෙලා ඉන්නවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමුවෙන එක තමයි ඊළඟට තියෙන්නේ. උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයක් ලැබුණා. ඒත් කොළඹ නෙමෙයි. මගේ අනෙකුත් වැඩ කටයුතු සඳහා කොළඹ ඉන්න තියෙනව නම් හොඳයි. ඒ නිසා වෙනත් විශ්ව විද්‍යාලයකට අයදුම් කරලා තියෙනවා. ඒ වැඩත් එක්ක තමයි ජීවිතේ ගෙවෙන්නේ.

 

ඔබ රංගනයට පිවිසුණේ පුංචිම කාලෙනෙ. ඒ විදියට ක්‍ෂේත‍්‍රයට ආපු පුංචි කෙල්ල දැන් පෙම්වතියක් වෙලා නේද?

ඔව්නෙ... මම පෙම්වතියකගෙ චරිතය කරන පළමු අවස්ථාව තමයි මේ. ඉතින් මම කළින් කරපු හැම චරිතෙටම වඩා වෙනස්ම චරිතයක්. පුරුදු නැති දෙයක්. පොඩි කාලෙ ඉඳන් ක්‍ෂේත‍්‍රයෙ හිටියත් ළමා චරිතනේ කළේ. ඉතින් මම හිතනවා මේ පටන් ගත්තු ගමන ඉදිරියට සාර්ථක වෙයි කියලා. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ චරිතෙට මට කතා කළේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය. එතුමියට තමයි මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ. අලූත්ම චරිතෙකින් මාව හඳුන්වලා දීම පිළිබඳව.

 

ළමා චරිත කරලා පෙම්වතියගෙ චරිතයට ප‍්‍රවේශ වෙද්දි බයක් චකිතයක් දැනුණෙ නැද්ද?

අම්මෝ.. බයක් දැනුණා කරන්න තියෙන දේවල් එක්ක. නමුත් මට කියන්න ඕනෙ මේ නාට්‍යය කණ්ඩායමේ ඉන්න පිරිසගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම මගේ පෙම්වතාගේ චරිතය කරන විරාජ් අයියගෙන්. ඒ නිසා මට ඒ චරිතෙ දේවල් හදාගන්න පුළුවන් වුණා. මුලදි නම් එවැනි චරිතයක් කිරීම නුහුරුයි. ඒත් විරාජ් අයියා එක්ක වැඩ කරන්න පහසුයි. ඒ නිසා හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන් වුණා. ඒ වගේම අධ්‍යක්ෂතුමා රන්ජන් ප‍්‍රසන්න මහතා ඇතුළු හැමෝමත් උදව් කළා. ඉතින් මේ වෙද්දි රඟපාන්න බයක් නෑ. සාමාන්‍ය තත්ත්වයකට හැරිලා තියෙනවා.

 

ඉසුරි දැන් වෙනම පැත්තකින් වෙනම චරිතෙකින්නෙ ඇවිල්ලා තියෙන්නෙ. ඔයා හිතනවද කලින් කරපු ළමා චරිතවලට වඩා මේ චරිතයට ප‍්‍රතිචාර ලැබෙයි කියලා.

මෙහෙමයි ඒක විවිධ විදියට දකින අය ඉන්නවනේ. සමහර අය කැමති නෑ ළමයෙක් විදියට දැකපු මාව එක පාරටම වෙනසක් වෙද්දි. නමුත් ඒ වෙනසට කැමති අය ඉන්නවා. ඉතින් මම හිතනවා නිර්මාණය හොඳයි. කතාව ගොඩක් ලස්සනයි. ඒ නිසා හැමෝම ආදරයෙන් වැළඳ ගනියි කියලා.

 

චරිතෙ ගැන කතා කළොත්

මගේ චරිතෙ අසේකා. අසේකා ගැන කිව්වොත් ඇත්තටම ගොඩක් නිදහසේ ඉන්න හරිම සැහැල්ලූ කෙනෙක්. දඟකාරයි. නමුත් සමාජය ගැන හොඳ දැනුමක් තියෙනවා. ලෝ ස්ටුඩන්ට් කෙනෙක්. තෙවන වසරෙ ඉගෙන ගන්න. ඇය ගොඩක් කැමති ජීවිතේ නිදහස්ව ගෙවන්න. පවුලෙ අයට ගොඩක් ආදරය කරන ඇත්ත කතා කරන චරිතයක්.

 

අසේකා, දර්ශන ආදර කතාව බාධක රැසක් මැද ගලාගෙන යනවා. මොකද හිතෙන්නේ?

මගේ පවුල් පසුබිමත් එක්ක දර්ශන කියන කෙනා ගැලපෙන්නෙ නැති වුණාම සීයාගෙන්, තාත්තාගෙන් එන බලපෑම් තකන්නේ නැතිව ඒ ආදර කතාව ගලාගෙන යනවා. ඇයගෙ අම්මගෙන් නම් අකමැත්තක් නෑ. නමුත් ලොකු කැමැත්තකුත් නෑ. සල්ලිවලට වඩා දෙදෙනෙක් අතර තියෙන බැඳීම තේරුම් ගැනීම ගැන අම්මට විශ්වාසයක් තියෙනවා. දැනට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

 

මේ චරිතෙ භාරගනිද්දි මොකද හිතුණේ?

මුලින්ම බයක් හිතුණා. මොකද අසේකා ලෝ ස්ටුඩන්ට් කෙනෙක්නේ. එහෙම වුණාම ටිකක් වෙනස්. මොකද මගේ ජීවිතේ මම ගෙවන සාමාන්‍ය ජීවිතේට වඩා හාත්පසින්ම වෙනස්. මොකද මම මධ්‍යම පාන්තික කෙනෙක්. අසේකා ඊට හාත්පසින්ම වෙනස් ඉහළ පැලැන්තියක කෙනෙක්. නමුත් ඇය ජීවත් වෙන්නෙ මධ්‍යම පාන්තික ගැහැනු ළමයෙක් විදියට. ඉතින් ටිකක් බය හිතුණා.

 

ඉසුරි සහ විරාජ් නව යුවළක් ලෙස ක්ෂේත‍්‍රයට ඇවිල්ලා ඉන්නවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. විරාජ් කියන්නේ දැනටත් ගොඩක් ප‍්‍රසිද්ධ කෙනෙක්. ඔහු මියුසික් වීඩියෝ බොහෝ ප‍්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා අපි දෙන්නටම මේ ලැබිලා තියෙන්නේ ලොකු අවස්ථාවක්. ඔහු සමග පෙම්වතා සහ පෙම්වතිය චරිතය කරන්න හැකි වීම ගැන ලොකු සතුටක් තියෙනවා. ඔහු ගොඩක් හොඳ දක්ෂ නළුවෙක්. ඉතින් මම හිතනවා අපි ආරම්භ කරපු මේ ගමන සාර්ථක වෙයි කියලා.

 

ඉසුරි මේ තාක් ආපු ගමන් මග ගැන කතා කළොත්?

මම පොඩි කාලෙ අවුරුදු කුමාරියන්ගෙ තරගවලට ආවා. ඒ. ඇවිල්ලා තමයි මාව දැකලා මට අවුරුදු 5 දි වගේ මුලින්ම රංගනයට ප‍්‍රවේශ වෙන්න හැකිවුණා. ඉන් පසුව ”උ්එැර” චිත‍්‍රපටයෙ පොඩිම පොඩි අවස්ථාවකට හිටියා. ඇත්තටම එහි මම පේන්නෙත් නැති තරම්. එතනින් පසුව තමයි දඟයන්ට පමණයි, වසූදා, අමන්දා ඇතුළු ටෙලි නාට්‍යවලත් ටිකිරි පැය, පුංචි පැංචි වගේ වැඩසටහන්වලටත් සම්බන්ධ වුණේ.

 

2016-10-30-ent-118

 

විරාජ් කොහොමද ජීවිතේ?

කාර්ය බහුලයි හොඳටම. හේතුව මම මුළු කාලය රංගන ජීවිතයට කැප කරන කෙනෙක් නෙමෙයි. කැපවීම තියෙනවා. නමුත් මම රැුකියාවක් කරන ගමන් මේ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වෙලා ඉන්නේ. ඇසොසියේටඞ් මෝටර්වේස් ප‍්‍රයිවට් ලිමිටඞ්හි අලෙවි ප‍්‍රවර්ධන කළමනාකාරවරයෙක් විදියට තමයි සේවය කරන්නෙ.

මියුසික් වීඩියෝ බොහෝ ප‍්‍රමාණයකට රංගනයෙන් දායක වුණු ඔබ දැන් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. කොහොමද ඒ අද්දැකීම. මම මීට අවුරුදු තුනකට පමණ පෙර ටෙලි නාට්‍යයක ප‍්‍රධාන චරිතයක් කළා. ඊට පසුව නම් මම සම්බන්ධ වුණේ නෑ. වෙලාව ගැටලූවක් වුණ නිසා. මියුසික් වීඩියෝ තමයි වැඩිපුරම කළේ. ඉතින් මෑතකදි තමයි මට ආරාධනයක් ලැබෙන්නෙ සිරස නාලිකාවෙ 7.30 ටෙලි නාට්‍යයක් කරන්න යනවා එහි ප‍්‍රධාන චරිතෙට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් සිරස කියන්නේ අංක එකේ නාලිකාවක්. ඒ වගේම 7.30 කියන කාල සීමාවේදී දැන් තියෙන ජනප‍්‍රියම ටෙලි නාට්‍ය සිරසෙ විකාශය වෙන්නෙ. ඉතින් ඒ කාල සීමාවෙදි මේ නාට්‍යය විකාශය වෙනවා කියන එකත් ගොඩක් හොඳ දෙයක්. ඒ නිසා මම පැකිළීමකින් තොරව මේ නාට්‍යය භාරගත්තා. සිරස එක්ක වැඩ කරන්නත් ආසාවෙන් හිටියෙ. ඉතින් මම හිතනවා මේ නිර්මාණය මට ලැබුණු වටිනා තෑග්ගක් කියලා.

 

විරාජ් කලා ක්ෂේත‍්‍රයට එන්නේ නිරූපණ ශිල්පියෙක් විදියටද?

නෑ, මම රංගන ශිල්පියෙක් ලෙසම තමයි කලා ක්‍ෂේත‍්‍රයට අවතීර්ණ වෙන්නේ.

 

”නොදත් දේසෙක අරුමවන්ති”හි ”දර්ශන” චරිතය ගැන කතා කරමු?

අතීත කතාවක් සමග ගලාගෙන යන්නෙ. වර්තමානයේ සියලූ ගැලපීම් හදන්න එන කෙනා තමයි මම. ගැලපීම්, අසාධාරණකම්, නිවැරදි කිරීම්, අතීතයේ සිදුවෙලා තියෙනව නම් ඒවා හදන කෙනා. ඉතින් මම හිතනවා මේ කතාව මිනිස්සු අතරට යයි කියලා.

 

මීට අවුරුදු 3කට පෙරදිනෙ ඔබ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා හිටියෙ. නැවත බොහෝ කලකින් ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටු වෙනවා. හේතුව මාව මියුසික් වීඩියෝ රංගනයන් දැකපු හැමෝම වගේ ඇහුවෙ ඇයි රඟපාන්නේ නැත්තෙ කියන දේ. ඉතින් මට ආරාධනා නම් ලැබුණා. නමුත් හරි යන චරිතයක් ලැබුණෙ නෑ. මගේ කාල වේලාව හදාගෙන හොඳ නිර්මාණයකට දායක වෙනවා කියන තැන මම හිටියේ. කරන්නන් වාලෙ කරන්නෙ නැතිව. මම කොහොමත් තෝරා බේරාගෙන වැඩ කරන්නේ. ඒ වගේම කාලය අරගෙන හොඳ නිර්මාණයක් කළොත් ඒක හැමදාම පවතිනවනෙ. ඉතින් මේ නිර්මාණයට සුසිල නිෂ්පාදන ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය කතා කළාම බොහොම ආදරයෙන් ආරාධනාව පිළිගත්තා. පසුව තිර පිටපත සහ චරිතෙ විස්තර දැනගත්තාම මට හිතුණා සාර්ථක වැඩක් කියලා.

 

විරාජ් හිතනවද මේ ටෙලි නාට්‍ය පේ‍්‍රක්ෂකයො වැළඳගනියි කියලා?

අනිවාර්යයෙන්ම, මම පෞද්ගලිකවම විශ්වාස කරනවා ආදරණීය පේ‍්‍රක්ෂකයින් මේ නාට්‍ය ආදරයෙන් වැළඳගනියි කියලා. ලංකාවම එක තැනකට ගෙන එන වෙලාවක් වෙයි. මේ කතාවෙ පළවෙනි කොටස් ටික බැලූවොත් 100%ම වැටහෙයි. එතකොට මේ නාට්‍ය කොහොමද කියන එක. මේ වෙනස්ම නිර්මාණයක්. මම පෞද්ගලිකවම මියුසික් වීඩියෝවලින් පවා ඉවත් වෙලා තමයි මේ වෙනුවෙන් සම්බන්ධ වුණේ. මියුසික් වීඩියෝ මේ වෙද්දි 120-140ට පමණ සම්බන්ධ වෙල තියෙනවා. ඒ හැම දේකින්මත් ඉවත් වෙලා 100% මේ කතාව ගැන විශ්වාසයක් තිබුණ නිසා තමයි මේ වෙනුවෙන් දායක වුණේ. ඉතින් මම හිතනවා මෙය මගේ ජිවිතෙත් හැරවුම් ලක්ෂය වෙයි කියලා.

 

දර්ශන චරිතයට ඔබවම තෝරා ගැනීම පිළිබඳ මොකද හිතෙන්නේ?

ඇත්තටම හරි සතුටුයි. මම කරපු කැප කිරීම් තුළ මගෙ ජීවිතේ කලා ක්‍ෂේත‍්‍රයේදි මම ලබපු ඉහළම ජයග‍්‍රහණයක්. ඇත්තටම මේ චරිතෙ අංග ලක්ෂණ මගේ ළඟ තියෙනවා කියලා හිතෙනවා. මගේම චරිතය ලියවුණු කතාවක් වගේ.

 

ඉසුරි සහ ඔබ නව පෙම් යුවළක් විදියට කේෂ්ත‍්‍රයට ඇවිල්ලා ඉන්නවා. ඒ ගැන සතුටුයිද?

ඔව්, ඇත්තටම. මම ඉසුරිව අඳුනගත්තෙත් මේ නාට්‍යයට සම්බන්ධ වුණාම. මට ඇත්තටම නංගි කෙනෙක්, ඒ වගේම හොඳ යාළුවෙක්. ඇයත් එක්ක වැඩ කරන්නත් හරිම ලේසියි. ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. මම හිතනවා අනිත් කතාවල දකින පෙම්වතුන් අතර ඊටත් වඩා කතාබහට ලක් වෙන පෙම් යුවළක් වෙයි කියලා අපි දෙන්නා.

 

දැන් ඔබ කේෂත‍්‍රයට ඇවිල්ලා කොයි තරම් කාලයක් වෙනවද?

දැන් අවුරුදු 3කට වැඩියි.

 

ඒ අවුරුදු ගණන ඇතුළත මොනවද ජීවිතේට ලැබුණු වටිනාකම්.

ඇත්තටම මේ අවුරුදු ගණන ඇතුළත සිදුවුණු දේවල් මිහිරි නෑ. යම් කිසි ප‍්‍රවීණයො පිරිසක් උදව් කළා. ක්‍ෂේත‍්‍රයට එන්නයි අමාරුව තිබුණෙ. නවකයො විදියට අපිට අවස්ථා නෑ. විශේෂයෙන්ම කොල්ලන්ට. කොල්ලෙක් ක්‍ෂේත‍්‍රයේ රැුඳිලා ඉන්න නම් දක්ෂතාවය තියෙන්නම ඕනෙ. ඉතින් මම දන්නවා මේ ක්‍ෂේත‍්‍රයට එන්න කොච්චර කට්ටක් කෑවද කියන එක. ඉතින් මම රංගනය වෙනුවෙන් කාලය කැප කරමින් විශ්වාසයෙන් වැඩ කළා. ඒ ප‍්‍රතිඵලය අද වෙද්දි සාර්ථක වෙලා කියලා හිතෙනවා.

 

ධනු විජේරත්න

 

2016-10-30-ent-117



අදහස් (0)

පුංචි තිරයට ආ අලූත්ම පෙම් යුවළ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 569 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1137 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 721 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 250 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1192 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 814 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site