IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පුංචි පුතා ජීවිත තුනක් බේරයි

අධීවේගී මාර්ගයේ  පැයට සැතපුම් 90ක් වේගයෙන් රිය පදවාගෙන ගිය පියා  සිහිසුන්වු අවස්තාවේ  ඔහුගේ ඔඩොක්කුවට පැන සුක්කානම අතට ගෙන  සැතපුම් 10ක් රිය පදවා තිදෙනෙකුගේ ජීවීත බේරාගත් 11 හැවිරිදි  පුතෙකුට ඇරිසෝනා  පොලීසිය  වීර සම්මානයක්  පිරිනැමීය.

පියා අධිවේගී මාර්ගයේ  රිය පදවාගෙන  යද්දී  ඉදිරිපස අසුනේ සිටියේ  11 හැවිරිදි  මයිකල්ය.පිටුපස අසුනේ  ඔහුගේ සොහොයුරිය වන 13 හැවිරිදි කයිලා සිටියාය.

අතරමගදී  පියා සිහිය නැතිව ගිය අතරේ ඒ බව දුටු මයිකල්  පියාගේ ඔඩොක්කුවට පැන සුක්කානම අල්ලා ගත්තේය. සොහොයුරිය කයිලා  911 දුරකතන අංකයෙන්  හදිසි ඇමතුම් ඒකකය ඇමතුවාය.

හදිසු ඇමතුම් ඒකකයේ නිලධාරීන්ට දොලෝරත්විය. ඔවුහු  පොලිස් නිලධාරීන්ටත් දන්වා  රිය ගමන්කරමින් සිටින ස්ථානය නිරීක්ෂණය කළාය. හදිසි ඇමතුම් ඒකකයේ නිලධාරීන් කයිලාට රිය වේගය පාලනය කිරීමට උපදෙස් දුන්නාය.

 ඒ අනුව ඇක්සිලේටරය පාගෙන තිබු පියාගේ පාදය මයිකල් සෙමින් ඉවත් කරමින් පිවිසුම් මාර්ගයක් අසලින්  මෝටර් රථය හරවා  නවත්වා ගැනීමට මයිකල්ට හැකි විය. ඒවන විටත් පොලීසිය සුදානම්න් සිටියේය.

පියා රෝහල රැගෙන ගිය අතර ඔහුගේ  රුධිර සීනී ප්‍රමාණය පහළ වැටී තිබු බව හෙළි විය. මයිකල් සහ කයිලා  ඇරිසෝනා පොලීසියට කැඳවාගෙන  ගොස් ඔවුන් දෙදෙනාට  පොලිස් වීර සම්මානයක් පිරිනැමීය.

 



අදහස් (0)

පුංචි පුතා ජීවිත තුනක් බේරයි

ස්ටැන්ලි Thursday, 30 May 2013 06:54 PM

ඕකනේ...... අපේ අයට වෙලා තියෙන්නේ. වෙලා තියෙන්නේ එකදෙයක් කියවන්නේ තව දෙයක් (නි)

:       0       0

රණා Thursday, 30 May 2013 07:17 PM

අපේ ගෙවල් කිට්ටුව මේ ලගදි කරත්තයක යන මනුස්සයකුට පපුවේ අමාරුව හැදිලා මැරුනා, කරත්තය උඩම. නමුත් අර ගොනා අර මනුස්සයාගේ මළකඳ අරගෙන එයාගේ ගෙදරටම ආවා, කිසි කරදරයක් නැතුව. බලන්න එතකොට කොච්චර බුද්ධියක් තිබුනද අපේ රටේ හරකට? (නි)

:       0       0

රනිල් Thursday, 30 May 2013 07:32 PM

රනිල් ඔයත් එහෙදී හීනෙන් බය වෙලාද ඉන්නේ? (නි)

:       0       0

නිහාල් Thursday, 30 May 2013 07:43 PM

අපි ඔය ප්‍රශ්නෙට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලක්ෂණ බැහැර කරමු (නි)

:       0       0

ප්‍රසන්න Friday, 31 May 2013 11:01 AM

අප ශ්‍රී ලංකා පුරවැසියන්. එයට මුස්ලිම් දෙමල සිංහල ජාතිකයින් සියල්ල ඇතුළත්. අප අපගේ රටට ආදරය ගෞරව කළ යුතුයි. කිසිවිටෙකවත් අපහාස කරන්න එපා. (නි)

:       0       0

ධම්මික රත්නායක Thursday, 30 May 2013 07:56 PM

වෙනස ලංකාවේ නම් දඩකන්න තමයි වෙන්නේ.(නදී)

:       0       0

අසාද් Thursday, 30 May 2013 08:01 PM

ඉන්දික ඔබ හරි ලංකාවෙ පොලිස්කාරයො නම් ලයිෂන් නැතුව පැදෙව්වට දඩ ගහනවා.(නදී)

:       0       0

ශිරෝ Friday, 31 May 2013 11:19 AM

එම දරුවාගේ ක්‍රියාව අගය කළයුතුය. තැනට සුදුසු නුවන හා නිර්බිතකම එකතුවීමක්. අපේ රටෙත් එවැනි දරුවන් ඕනෑ තරම් සිටිනවා. මොකද මේ තරම් හීනමානයකින් සමහරු කතාකරන්නේ. දරුවන්ට පොඩි කාලේ සිට අබියෝග වලට මුන දෙන්නට අපි පුරුදුකල යුතුය. (නි)

:       0       0

මංජු Thursday, 30 May 2013 08:07 PM

පිහිනීම,කිමිදීම,"වින්ඩ් සර්ෆින්ග්' ඔරු පැදීම වැනි දේ සුද්දගේ සංස්කෘතියේ දිනපතා අංගයන් වේ. මේවා අපි ඉගනගත්තා කියල අවාසියක් නොවේ. අපි ගෑනු පිරිමි බේදෙකින් තොරව මේවා දැන සිටියා නම් සුනාමි ජිවිත හානිය අවම වනු ඇත. අපේ අධ්‍යාපනේ වෙනස් විය යුතුය. උදාහරණ ලෙස උ/පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් පවා මෙලෝ ප්‍රථමාධාරයක් නොදනී. (නි)

:       0       0

චමත් Friday, 31 May 2013 11:30 AM

ලංකාවෙත් අව්රුදු 16න් බලපත්‍ර දෙනවනම් ගොඩක් රටට සෙතක් වේවි. (ස)

:       0       0

කුරුවිට Thursday, 30 May 2013 08:27 PM

ලංකාවේ ඔය සිද්ධිය වුණා නම්, ඇතුළෙ අවුරුදු 25ක පුතෙක් හිටියත් හැමෝම එහෙනම් අනිච්චාවත සංඛාරා තමයි (නි)

:       0       0

ක්ලෑරන්ස්-ඉතාලිය Thursday, 30 May 2013 08:28 PM

ලංකාවේ පොලිසියෙ නම් ඉන්නෙ ඔලුවක් තියෙන අය නෙමෙයිනෙ. (නි)

:       0       0

සෙන Thursday, 30 May 2013 08:39 PM

පන්තියේදී ගුරුතුමාගෙයි ගෝලයාගෙයි අතර තියන සංස්කෘතික බැඳීම ඕක නෙමෙයිද ලලිත්. එවැනි සංස්කෘතිකමය හිතුම් පැතුම් නිසානේ අපේ ළමයි "ක්‍රිටිකල් තින්කින්" කියන දේවල් වලට බය. හෙල්මට් නොදා බයිසිකල් පැදීම, කුඩා දරුවෝ බයිසිකලේ සහ වාහන වල ඉදිරියෙන් තියාගන යන ජනතාවක් බිහි වුණේ කොහොමද (නි)

:       0       0

සුප්රා Thursday, 30 May 2013 08:58 PM

මිනිසුනේ, ඔය වගේ කතා කියන්න එපා. ඔයාලට මතක නැද්ද අනුරාධපුරේ පාසලේ හතේ පන්තියේවත් නැති ළමයෙක් , වගා ඇලකට වැටුණු මිනිසුන් කීප දෙනෙක් බේරා ගත්තා. ඔහුට ඒ වෙනුවට කොළඹ ආනන්ද විදුහලට ඇතුලත් වෙන්න ලැබුනා. ඔය වගේ උදාහරණ අපේ රටේ කොයිතරම් තියනවද? (නි)

:       0       0

තිලක් බණ්ඩාර Thursday, 30 May 2013 09:14 PM

ඇයි තමන්ගෙ රට ගැන මේ තරමි පහත් විදියට හිතන්නේ? ටික කාලෙකට ඉහත කු‍ඩා දරුවෙක් දියේ ගිලෙන්න ගිය පිරිසක් බේර ගත්ත කතාවක් ප්‍රවෘත්ති වල තිබුණා මතක නැද්ද? අපි මේ වහල් මානසිකත්වයෙන් මිදෙන කල් අපිට දියුණුවක් නැහැ.(නදී)

:       0       0

චිත්‍රා Thursday, 30 May 2013 09:32 PM

ඔබේ අනාගතයට මගේ සුභ පැතුම්!(නදී)

:       0       0

නදී Thursday, 30 May 2013 10:03 PM

දියේ ගිලෙන්න යන පිරිසක් බේර ගත්ත අපේ පුතා වගේම මේ ඇමෙරිකන් දරුවත් ඒ රටට ආඩම්බරයක්. හැබැයි මේ කොයි දේ කරන්නත් යම් පුරුද්දක් තියෙන්න ඕනෑ. මේ දරුවා කුඩා කාලයේ සිටම තමාගේ තාත්තා වාහනය පදවන ආකාරය ආසාවෙන් බලා ඉදලා ඉගෙන ගන්න ඇති. තාත්තත් තමාගේ පුතාට වාහන පිළිබද යම් යම් දේවල් කියලා දෙන්න ඇති (නි)

:       0       0

මොහමඩ් Thursday, 30 May 2013 10:27 PM

මේක ලංකාවේ වුණා නම් පොඩි එකාට නඩු අඩු වයසෙන් වාහනයක් ගෙන ගියාට (නි)

:       0       0

ඩීල්ස් Thursday, 30 May 2013 10:30 PM

වීර දරුවෙක් (නි)

:       0       0

සනත් Thursday, 30 May 2013 10:44 PM

ලෝකේ කොහේ මොනවා වුණත් උපන් රටට බනින්න තමයි අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ. ඉතින් කොහෙද මේ වගේ ඉක්මන් තීරණ ගන්න දරු පරපුරක් බිහි වෙන්නේ. (නි)

:       0       0

පතිරාජා Thursday, 30 May 2013 11:06 PM

මට පෙනෙන්නේ මේවා ලියන්නේ සේරම බටහිර ඉන්න අය වෙන්න ඕනෑ (නි)

:       0       0

අයේශා Friday, 31 May 2013 12:30 AM

මේ රටවල් වල ළමයින්ට යමක් කමක් තේරෙන වයස එනකොට දෙමව්පියෝ, වැඩිහිටියෝ, පාසල් වල, මොන්ටිසෝරි වල​, ඒ විතරක් නෙමෙයි ටීවී වල පවා 911 ට කතා කරන්න​, ඒකෙන් උදව් ගන්න උගන්වනවා. ඉතින් හැම කෙනෙක්ම වගේ ක්‍ෂණික උපකාර සේවය දන්නවා. ඕනෑම හදිසියකදි කවුරුත් හදිසි උපකාර සේවයට කතා කරනවා. ඒකයි මේ රටවල් වල තියෙන දියුනුව​. (නි)

:       0       0

මාලක Thursday, 30 May 2013 04:13 PM

පිටරට අවුරුදු 11 දරුවෙක්ට අපේ රටේ අවුරුදු 18 කෙනෙක්ගේ දැනුම තියනවා.එහෙම වෙන්න නොයෙක් හේතු තියනවා.බටහිර සංස්කෘතික සම්බන්දතා සිදුවන ආකාරය. බටහිර අධ්‍යාපනේ .මනොවිද්‍යාව ගැන දැනුමක් ඇති දෙමාපියන් ආදී ලෙස.(ස)

:       0       0

සමන් Friday, 31 May 2013 12:38 AM

රෂිඩ්ලගේ මොලේ කචල්,ඔය වගේ දේවල් කියවන්නේ ඒකයි (නි)

:       0       0

සේන Thursday, 30 May 2013 04:15 PM

හොද අත්මවිශ්වාසේ තියන දරුවෙක්.මේකට හේතුව ඔවුන්ගේ සංස්කෘතිය. අවාසනාවකට අපේ අය හිතන්නේ සුද්දගේ සංස්කෘතිය අපට වඩා පහත් කියල. හැබැයි රට වටේම මුහුද තියන් රට හැම තැනම ගංගාවල් තිබිල පිනන්ට පුළුවන් කීදෙනාටද. (ස)

:       0       0

රූපවතී Friday, 31 May 2013 12:53 AM

සරත් ඔයා කොහොමද දන්නේ මම හොදට පීනන්න දන්නවා කියලා? (නි)

:       0       0

ලසන්ත Thursday, 30 May 2013 04:18 PM

මන් හිතුවේ අපේ රටේ කියලා.ඇමරිකාවේ නම් ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ.ඕක මෙහෙ වුණා නම් විලාප තිය තියා යයි වාහනේ කොහේ හරි වදිනකන්.... (නි)

:       0       0

රන්ජන් තලගොඩ Thursday, 30 May 2013 04:26 PM

සේන, ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. (ස)

:       0       0

සෑම් Friday, 31 May 2013 07:15 PM

ලසන්ත, හරියට ඔයා පොඩිකාලේ වගේ නේද? ඒත් ලසන්ත ලංකාවේ හැමෝම ඔයා වාගේ කියල නම් හිතන්න එපා... මෑතකදී ලංකාවේ ගමක ළමයෙක් රේල්පාර ගැලවී තියෙන බව දැනගෙන රතු රෙදි කෑල්ලක් අරගෙන කෝච්චිය ඉස්සරහින් වනමින් දුවලා කෝච්චියේ ගමන වලක්වා ජීවිත තුනකටත් වඩා බේරාගත්තා.... (නි)

:       0       0

කසුන් Thursday, 30 May 2013 04:38 PM

මෙවා දැක්කාම අපි ගැන වගෙම, අපෙ ළමයි ගැනත් දුකයි. කවද ද අපෙ රට දියුණු වෙන්නෙ ? (ස)

:       0       0

චන්දා Friday, 31 May 2013 02:14 AM

සූරපප්පා සමග ගල් බොරළු ඇහිදින අපේ ළමයින්ට වෙලේ දොලේ දුවපනින්න කෝ වෙලාවක් (නි)

:       0       0

දිල්ශානි Thursday, 30 May 2013 04:40 PM

සේන ඔබේ කීම හරියටම හරි.(ස)

:       0       0

චමිල Thursday, 30 May 2013 04:43 PM

බලපත්‍ර ගැනීමට වයස සම්පුර්ණ නැති රිය පැදවීමට ඉතාම දක්ෂ පොඩි දරුවන් ඉන්නවා අපේ රටෙත් ඕනෑ තරම්. (ස)

:       0       0

විජේන්ද්‍ර Friday, 31 May 2013 03:08 AM

මංගල ඔබ දැනුම කීවේ මොන දැනුමද? ලංකාවේ ළමුන්ගේ සාමාන්‍ය දැනීම අන්තිමයි. ඒ වුණාට ගානක් නම් හදන්න පුළුවන් වේවි. (නි)

:       0       0

තිලක් Friday, 31 May 2013 03:15 AM

සුක්කනමයි සීට් එකයි අතරට මේ ළමයා කොහොමද ගියේ? ළමයාගේ සයිස් එකට වාහනය මොකද්ද දන්නෙ නැහැ.. (නි)

:       0       0

අනුර Thursday, 30 May 2013 04:42 PM

අපේ රට ගෙන ඔහොම කතා කියන්න එපා.තැනට සුදුසු නුවන වෙලාවට අපේ රටටත් එයි (නි)

:       0       0

පාල Thursday, 30 May 2013 04:51 PM

චමිල රියපදවිමේ හැකියාව පමණක් තිබුනාට වැඩක් නැහැ. මෙහෙම වෙලාවක. ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒ සදහා දැඩි තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතියි. ඒ ගන්න තීරණ නිවැරදිද විය යුතුයි. ඒ සදහා ආත්මවිශ්වාසය තිබිය යුතුයි. එහෙම ආත්ම විශ්වාසය හැදෙන්න විශේෂිත වූ සංස්කෘතියක් අධ්‍යාපනයක් බටහිර ඇත. (ස)

:       0       0

ඉන්දික Thursday, 30 May 2013 04:48 PM

මෙහෙ නම් ලයිෂන් නැතුව පැදෙව්වට දඩ ගහනවා.(ස)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 30 May 2013 04:55 PM

සේන ඔබ හරි..වැඩිය එපා මටත් තවම හරියට පීනන්න බැහැ.(ස)

:       0       0

පද්මා Thursday, 30 May 2013 04:53 PM

රිය පැදවීමට ඇති හැකියාව පමණක් තිබිල මෙහෙම වැඩක් කරන්න බැහැනේ. ක්ෂණික තීරණ ගැනීම.ඒ ගන්න තීරණ නිවැරදි වීම, ඒ සදහා හොද විශ්වාශයක් ඕන වෙනවා.(ස)

:       0       0

රානි Thursday, 30 May 2013 04:55 PM

අවුරුදු 18 සම්පුර්න වූ දරුවෙක් අවුරුදු 20 පමණ වන තෙක් මහගෙදර සිටීම මෙහෙ සංස්කෘතියේ හැටියට දෙමාපියන්ට කරන නිගාවකි. ඒ මන්ද කිසිම දෙයක් තනිව කර ගැනීමට බැරි ලෝකෙට බරක් වුණ දරුවන් ලෙස ඔවුන් දිහා සමාජේ බලන නිසා. ඒකයි මෙහෙ රහස. (නි)

:       0       0

කපිල Thursday, 30 May 2013 04:56 PM

අපේ අධිවේගී එකේ මෙහෙම වුණා නම් පොඩි කොල්ලට නඩු. එහෙනම් තාත්තයි පුතයි දෙන්නම හිරේ (නි)

:       0       0

මංගල Thursday, 30 May 2013 05:00 PM

මාලක සහ සේන, දන්නා තරම තමා. ලංකාවෙ ඔය වගේ දරුවො නැතුව නෙවෙයි. අනික බටහිර අධ්‍යාපනය, සංස්කෘතිය, මනෝ විද්‍යාව ගැන ඔයාලා තියා මෙහෙ ඉන්න සුද්දොත් හරියටම දන්නෙ නැහැ. එකක් කියන්නම් පිටරට අවුරුදු 11 දරුවෙක්ට අපේ රටේ අවුරුදු 18 කෙනෙක්ගේ දැනුම නම් නැහැ. රට වටේට මූදයි රට හැමතැනම ගංගාවල් තිබුනයි කියලා හැමෝටම පීනන්න පුළුවන් වෙන්න ඕනෑද. අපිට තියෙන දේ හොදටම ඇති, පරගැති මානසිකත්වයෙන් මිදිලා හිතන්න පුළුවන් නම්. (නි)

:       0       0

රනිල් Thursday, 30 May 2013 05:12 PM

ලංකාවේ ළමයි තරම් යුරෝපේ ළමයි දක්ෂ නැහැ. අවුරුදු 25 මම ඉන්නේ යුරෝපේ. ගොඩක් ළමයි මෙහෙ හීනෙන් බයවෙලා වගෙයි ඉන්නේ. මාලක හිතාගෙන ඉන්න දෙය නෙවෙයි (නි)

:       0       0

රෂීඩ් Thursday, 30 May 2013 05:09 PM

ලංකාවේ නම් හදිසි අවස්ථා වලදී ක්‍රියා කරන ආකාරය කෙසේ වෙතත්, ජාතිවාදී විදියට ඉන්නේ කොහොමද කියලා නම් පාසල් වලත් කියලා දෙනවා ඇති. අර කඩෙන් ඇදුම් ගන්න එපා... අහවල් කඩවල් වලට යන්න එපා කිය කියා.. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 30 May 2013 05:09 PM

මෙහෙම හපන්නු (දී)

:       0       0

වරුණ Friday, 31 May 2013 07:23 AM

ලංකාවේ ඕක උනානම් පොලිසියයි සම්මානේ ගන්නේ. මොකද වැඩේ කරන්නේ වෙන කෙනෙක්. ඒ වුනාට ප්‍රවෘත්තිය යන්නේ අහවල් අධිකාරීතුමාගේ අධීක්ෂණයෙන් මේ පොලිස් නිලදාරීන්ගේ මැදිහත්වීමෙන් වෙන්න ගිය මහා විනාශයක් වළකා ගත්තා කියලා (නි)

:       0       0

ආනන්දආර් Thursday, 30 May 2013 05:17 PM

ඔය විදියටම තාත්තා පදවපු කුඩා ගුවන් යානයකින් පියාසර කරද්දී තාත්තා සිහිසුන් වුනු විටකදී නිරුපද්‍රිතව ගුවන්යානය බිමට බස්සවපු අවුරුදු දොළහක දියණියක් ගැන කියවලා තියෙනවා මට මතකයි. (නි)

:       0       0

කරුණා Thursday, 30 May 2013 05:24 PM

අපේ අධ්‍යාපන ක්‍රමය ඇමරිකන් ක්‍රමයට හරවමු. (නි)

:       0       0

චන්දි Thursday, 30 May 2013 05:25 PM

ඔව්.., මේ රටවල ළමයි ගොඩක් දක්ෂයි!! අගය කළ යුතු ක්‍රියාවක්. සේන කියනවා වගේ ගංගා ,ඇල දොළ තියෙන අපේ රටේ කි දෙනෙක්ටද පීනන්න පුළුවන් ? පුංචි පුතාට මගෙත් සුබපැතුම් එක් කරනවා (නි)

:       0       0

නෙරා Friday, 31 May 2013 08:51 AM

නියම වැඩක් පොඩි එකාගේ..හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.හැම ලිපියකටම ක්මෙන්ට් වලින් ලන්කවට බනින එක අපේ මිනිස්සුන්ගේ පුරුද්ද වෙලා.හැම දේකටම සන්ස්කෘතිය..අපේ ලන්කාවේ පොඩි උන් ඔය වගේ වීර වැඩ කරල තියෙනව ඕන තරම්..වෙනස මේ පොඩි එකා වාහනයක් පාලනය කරපු එක (දී)

:       0       0

ජ.හේරත් Thursday, 30 May 2013 05:46 PM

රෂිඩ්, ඒකට කියන්නේ ජාතිවාදේ නෙමෙයි. ඒක ඇවිත් ජාති ආලේ (නි)

:       0       0

ලලිත් Thursday, 30 May 2013 05:43 PM

මෙව්වට හේතුව සංස්කෘතිය නෙමෙයි. ළමයින්ට පුංචි කාලේ ඉඳා වගකීම් වලට පුරුදුකරණ එක. අපේ රටේ ලොකු අය කරන්නේ ළමආ පැත්තකට වෙන්න, ලමයින්ට ඔයවැඩ බෑ, කියලා මානසිකත්වය වට්ටන එක. ඉස්කෝලෙදි වුණත් ළමයෙක් කියන දේවල් ගුරුතුමාගේ අදහස් වලට වෙනස් නම් එයට ලකුණු බින්දුවක් දෙනවා. (නි)

:       0       0

කුශාන්ත Thursday, 30 May 2013 06:04 PM

සම්මානයක් දෙන්න වටිනවා

:       0       0

සරත් Thursday, 30 May 2013 06:08 PM

රිස්වාන්, රූපවතී ඉන්නෙත් ඔය ඉන්න රටේම තමයි. නිවාඩු වෙලාවක ගිහින් හම්බවෙලා ටිකක් පීනන්න ඉගෙන ගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 635 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 905 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1987 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4262 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2231 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 835 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site