IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පුංචි පුතා පාසල් ඇඳුමින් පොලිසියට

බස්නාහිර පළාතේ දොළොස් හැවිරිදි සිසුවෙක් පාසල් ගිය ඇදුමෙන්ම අද පොලිසියකට පැමිණ පියාට විරුද්ධව පැමිණිල්ලක් කළේය.පියා මවට මරණ තර්ජනය කර ඇති බව ඔහු පොලිසියට කීවේය.මවත් පියාත් පොලිසියට ගෙන්වීමට නියමිතය.



අදහස් (0)

පුංචි පුතා පාසල් ඇඳුමින් පොලිසියට

ප්‍රසංග Sunday, 06 November 2016 01:55 AM

දරුවන්ට සහ වැඩිහිටි අයට එරෙහිව දැන හෝ නොදැන කරන මානසික හිංසනයට එරෙහිව පැමිණිලි කළයුත්තේ කොහාටද? (නි)

:       0       0

නිල්මිණි Sunday, 06 November 2016 02:04 AM

පුෂ්පා කියන එක හරියටම හරි. දරුවන් මානසික හා ශාරිරිත හිංසනයට ගොදුරු වන්නේ ඒ අයගේම මව්පියන් අතිනි. ගම්බද තත්වය මම දන්නෙ නැහැ. නමුත් කොළම අය එහෙමයි කියලා මමත් දන්නවා (නි)

:       0       0

බිංදු Sunday, 06 November 2016 02:12 AM

කසදා බැඳලා දරුවෙක් ලැබුනු ගමන්, දරුවන් උස්මහත් කරන්නේ කෙසේද, යහපත් ජිවිතයක් ගත කරන්නේ කෙ‍සේද යන ඥාන්‍ය ඉබේ පහළ නොවේ. ඒ නිසා දරුවන් ඇති පවුල් වලට පවුල් උපදේශනය රජයෙන් අනිවාර්ය කරන්න. අද අය හිතන්නේ මේවට යන්නේ පිස්සු නම් විතරයි කියලා. මෙසේ කළහොත් දික්කසාද සහ පවුල් ආරවුල් සෑහෙන ප්‍රමාණයකට අඩු කළ හැකියි. (නි)

:       0       0

පද්මිණී Sunday, 06 November 2016 06:47 AM

මේ පුංචි පුතා වැඩිහිටියන්ගේ ඇස් අරවන ලොකු වැඩක් කළේ. ළමා සහ කාන්තා කාර්යාංශ දරුවන්ගේ ආරක්ෂාවට කඩිනම් වැඩපිළිවෙලක් අැරඹිය යුතුයි. (නි)

:       0       0

රූපවතී Sunday, 06 November 2016 06:59 AM

සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමඟ බුද්ධිමත් රජයේ ඊට අදාළ නිලධාරිනියක් සම්බන්ධව මව විදේශගතව ඇති පවුල් වල දරුවන්ගේ ජීවන තත්ත්වය හා අධ්‍යාපනය කෙසේද සහ ඔවුන්ගේ ජීවිත වල දියුණුව ආරක්ෂාව වහාම සොයාබලා, විදේශ ගතවනවිට දරුවන්ගේ වගකීම පවරායන පුද්ගලයට ඒ වගකීම දරන්න පහසුව ලබාදීම ගැන සොයාබැලීම ඉතාම වටිනවා රජයෙන් (නි)

:       0       0

කසුන් Friday, 04 November 2016 11:25 PM

මට අල්ලපු නිවසේ සිටින ලේලිය විසින් ඇයගේ සැමියාට සහ නැන්දනියට අසැභි වචනයෙන් බැන වදිමින් මරන තර්ජනක කරනු මා අසා සිටියෙමි. ඇය එසේ කෑ ගසනුයේ මුදුලට පැමිනි මුළු ප්‍රදේශයටම ඇසෙන පරිදිය. මේ ගැන අපට ගතහැකි නිතිමය ක්‍රියාමාර්ගය කුමක්ද? මන්ද අපටද මහළුදෙමවිපියන් සිටින බැවිනි.(අ)

:       0       0

ඉන්දික Saturday, 05 November 2016 12:09 AM

ළමා අධිකාරියට ඔන්ලයින් පැමිනිලි කරන්න ක්‍රමයක් තිබෙනවාද? නිර්නාමිකව සාක්ෂි සහිතව පැමැණිලි කළොත් ඒ ගැන සොයා බලනවාද? අපේ දරුවන් නොවුනත් කාගේ හො දරුවෙක් අපයෝජනයට ලක්වෙනවා බලන් සිටිය නොහැකියි. (අ)

:       0       0

පුෂ්පා Saturday, 05 November 2016 12:11 AM

අද වෙනත් අයගෙන් වන අපයෝජනයට වැඩිය දරුවන් මානසික හා ශාරිරිත හිංසනයට ගොදුරු වන්නේ ඒ අයගේම මව්පියන් අතිනි. විශේෂයෙන්ම මැද පන්තියේ රැකියාවල් කරන මව්වරුන් සමහරක් දරුවන්ට සළකන්නේ නැත. බත් කවන්න කතාවක් කියනවා වෙනුවට කරන්නේ කෝටුවක් ගෙන තඩි බෑමයි. අසා සිටිය නොහැකි අසැබි වචනයේන කුඩා දරුවාට බනිමින් පවුල් ප්‍රශ්න කියමින් කවන අම්මලා මා දැක ඇත. මේ ගැන පැමිනිල කරන්නේ කාටද? පැමිනිලි කළොත් සොයා බලනවාද? පැමිනිල කළ පසුව දරුවා සමග තව තවත වෛර වි දරුවාට අනතුරක් නොකරන බවට වගකිම භාර ගන්නේ කවුද? අපව දැනුවත් කරන්න (අ)

:       0       0

රිස්වාන් Saturday, 05 November 2016 03:47 AM

දෙමව්පියන් වශයෙන් දරුවන් ඉදිරියේදී මීටවඩා සංවරව හා ඉවසිලිවන්තව ක්‍රියා කළයුතුය. අද සමාජයේ දරුවන්ගේ බුද්ධි මට්ටම ඉතා ඉහළ අගයක පවතින බැවින් ඔවුන් පිළිබඳව මීටවඩා සැලකිළිමත් වීමට දෙමාපියන් විසින් වගබලා ගතයුතුය. මක්නිසාද යත් අප දෙන වැරදි ආදර්ශ ඔවුන්ගේ අනාගතයට ඉතාමත් අහිතකර ලෙස බලපාන නිසාවෙනි (නි)

:       0       0

උදානි Saturday, 05 November 2016 04:15 AM

තමාගෙ වයස අවුරුදු 6 ක් පමණ දරුවාටත් කාපිය, පලයන්, කෑවෙ නැත්නම් පිඟාන ඔළුවෙ ගහනවා, අත් කපනවා, ඔයා මගේ දරුවෙක් නෙමෙයි... කියන රජයේ රැකියා කරන අම්මලා මේ ධර්මද්වීපයේ සිටිනවා. සාක්ෂි ඉදිරිපත් කළහැකියි. මේ නොදරුවාත් දැන් එසේයි. මානසික හිංසනයට එරෙහිව බාහිර අපට පැමිණිලි කළහැකිද? පැමිණිලි කළයුත්තේ කොහාටද? (නි)

:       0       0

මෝහමෙඩ් රිෂාඩ් Saturday, 05 November 2016 05:57 AM

පුෂ්පා මම ඔබත් එක්ක එකඟ වෙමි\ (හේ)

:       0       0

කුමාරි Saturday, 05 November 2016 07:58 AM

මෙවන් පරිසරයක හැදුනු දරුවෙකුගෙන් කිසිදිනක අනාගතයේදී දෙමාපියන්ට සැලකීමක් ගැන හිතන්න බෑ.අද බොහෝ විට දෙමාපියන් පාරට වැටෙන ඇතුලාන්තය ඔකය්.දරුවන් මානසිකව පීඩවිදිනවා දෙමාපියන්ගේ කෙනහිලිකම් නොමනකම් නිසා. මෙතනදී දරුවන්ට සරණක් අවශ්යමයි. ඊට ක්‍රම වේදයක් හදන්න පුලුවන්නම් වටිනවා.(හේ)

:       0       0

පසිදු Saturday, 05 November 2016 12:22 PM

ලංකාවේ පණ්ඩිතයෝ බොහෝයි නමුත් වැඩක් නැත , හැමතැනම හිස් පුස්සකි .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 115 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 336 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 235 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 222 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 159 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 549 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39812 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site