දිවයින පුරා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළු කර ගැනීමේ උත්සව අද පැවැත්විණි. පළමු පාසල් වාරයට සහභාගි වීම සඳහා පළමු වසරට අලුතින් බඳවා ගැනුණු සිසු සිසුවියෝ අද මුල්ම වරට දෙමාපිය ගුරුවර ආශිර්වාදය මැද අකුරු කිරීම ආරම්භ කළහ.
මේ අතර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී අද පැවැත්විණි.
(හොරණ මේධංකර මහා විද්‍යාලය)
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
වව්නියාව මහමයිලන්කුලම ප්‍රාථමික විද්‍යාලය
ඡායාරූප රොමේෂ් මධුසංඛ
(හැටන් ශ්‍රීපාද විද්‍යාලය)
ජායාරූප - මනුර සෙල්ලහේවා
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ‘
ශාන සෞදි Thursday, 14 January 2016 05:24 AM
ලස්සන වැඩක් ඔබට සුබ අනාගතයක් දරුවනේ ඔබ සැමට තෙරුවන් සරණයි !!! (ම)
රුචි Thursday, 14 January 2016 05:30 AM
හරිම ආදරේ හිතෙනවා මේ පින්තුර වල ඉන්න පුංචි දරුවෝ දැක්කම. පළමු පන්තියේ සිටම ධනාත්මක සිතුවිලි මේ පුංචි මනසවල් වලට ඇතුලුකරන්න ඕන. එය තමයි රටක හොඳ පුරවැසියන් බිහිකිරීමේ අඩිතාලම. මේ සියලු දරුවන්ට මගේ සුභපැතුම්! (ම)
Roshan Cooray Thursday, 14 January 2016 06:21 AM
කාලෙකට පසු හිතට වදින මාතෘකාවක් දැක්කා. මේ සියලු දරුවන්ට ඉසුරුමත් අනාගතයක් පතමි.
රොෂාන් Thursday, 14 January 2016 06:15 AM
හිතට වදින මාතෘකාවක්. මේ සියලු දරුවන්ට ඉසුරුමත් අනාගතයක් පතමි. (නි)
සේපාලි Thursday, 14 January 2016 06:25 AM
මට මතක් වුනා මගේ දුව පාසෙල් ගිය මුල්ම දවස . (කෞ)
චමින්ද Thursday, 14 January 2016 06:34 AM
හොඳ ආරංචියක් මගේ පුතාටත් පාසලක් ලැබුණානම් මමත් අද ලංකාවට යනවා . (ම)
සඳුන් Thursday, 14 January 2016 06:43 AM
සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ ආයිත් එනවානම් අපේ දිවියට ආසය් ඒ ලස්සන කාලේ (ම)
ධනුෂ්ක Thursday, 14 January 2016 06:38 AM
රටට ආදර්ශමත් අගය කළ යුතු ක්‍රියාවක්. (ම)
data Thursday, 14 January 2016 06:53 AM
දුවල පුතාලට බුලත් අතක් දුන්නනම් කොයි තරම් හොදද මල් වෙනුවට
ලලීන් Thursday, 14 January 2016 03:33 PM
ආරච්චිගේ, මිනිස්සුන්ගේ හැගීම් විහිලුවකට ගන්න එපා. මිනිස්සු පිටරට යන්නේ මහන්සිවෙලා සල්ලි හම්බ කරලා පවුල ගොඩ ගන්න. (බ)
Aravinda Thursday, 14 January 2016 06:56 AM
1992 දි මමත් ඉස්කෝලේ ගිය පළමු දවස මතක් උනා.
සිරි අයියා Thursday, 14 January 2016 07:03 AM
හැම දරුවාටම පහසුවෙන් යා හැකි පාසැලක් පාසැලක් ලැබේවා. විදේශයක ඉපදී හැදී වැඩුන තම දරුවාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන රජයේ පාසැලක් ලබා ගැනීමට මගෙ මිතුරා දරන උත්සාහය දැක්කම මට අනේ අපොයි කියල හිතෙනවා . (ම)
සමන්ත Thursday, 14 January 2016 07:17 AM
මගේ පුතත් අද පළවෙනි වරට පාසල් යනවා. මට දුක මම පිටරටක (නි)
චන්ද්‍රාවතී Thursday, 14 January 2016 07:24 AM
හරිම සුන්දරයි (නි)
උදය Thursday, 14 January 2016 07:22 AM
සියළු දරුවන්ට මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
සේනක Friday, 15 January 2016 05:42 AM
මේ වගේ උතුම් වූ විශේෂ අවස්ථාවකදී මේ දරුවෝ අතට බැලුම් බෝල දෙන්නේ නැතුව බුද්ධියත් උත්සවයත් සංකේතවත් වන යමක් අතට දුන්න නම් කොපමණ අරුත්බරද?. අධ්‍යාපනයේ චින්තනය මේ තරම් පටුද? (බ)
මොවින්ද Thursday, 14 January 2016 08:34 AM
අනේ මේ පුංචි කෙල්ල මල් දෙන කොට මේ පුංචි කොල්ලා අහක බලාගෙන ඉන්න ලස්සන (කෞ)
ඉනෝකා Thursday, 14 January 2016 08:54 AM
පුංචි සමනල,සමනලියන්ට උණුසුම් සුබ පැතුම්...! (බ)
ආරච්චිගේ Thursday, 14 January 2016 09:06 AM
සමන්ත,එතකොට දුකක් හිතෙන්නේ පිටරටක ඉන්නවා කියල, උඹව කවුරුවත් මෙහෙ බලෙන් නවත්තගත්තද? (බ)
කරුණා Thursday, 14 January 2016 09:22 AM
මගේ පුතාට පාසලක් තිබ්බනම් අද එයත් පාසල් යන මුල්ම දවස. (කෞ)
සමන්ත Thursday, 14 January 2016 10:25 PM
ලලිත්, ඔයාට ස්තුතියි. ආරච්චිගේ, අපේ නැතිබැරිකම් නිසයි අපි මේ දුක් විඳින්නේ. මගේ හිතේ තිබුන කණගාටුව තවත් වැඩිවුණා මට දාලා තියෙන ප්‍රතිචාරය දැක්කහම. මිනිසුන්ගේ හිත් හරිම වෙනස් නේද? (නි)
asanka Thursday, 14 January 2016 12:33 PM
කව්ද මේ ආරච්චිගේ කියන මෝඩයා ?
ඉන්දු Tuesday, 19 April 2022 08:23 AM
අනාගතය බාර ගන්න ඉන්න පුංචි පැටව් සියලු දෙනාටම උනුසුම් සුභපැතුම්!