පසුගියදා හග්ගල මල්වත්තේ චිත්‍රපට රූපගත කිරීමක් අතරතුරදී සිදුවූ අපූරු සිද්ධියක් ගැනයි මේ සටහන.
මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ජනප්‍රිය නිළි පූජා උමාශංකර්. මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගතවන "පත්තිනි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන පූජාගේ දක්ෂතාවය වගේම ඇගේ නිහතමානී බව හා අව්‍යාජ බව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.
දර්ශන තලය සකස් වනතුරු පූජා මිතුරියන් දෙදෙනෙකු සමඟ මල්වතතේ නවතා තිබුණු වෑන් රථයක් තුළ කතා කර කර හිටියලු. එක පාරටම ඇගේ අවධානය වෙන පැත්තකට යොමු වුණා.
"අනේ එක්ස්කියුස් මී, පොඩ්ඩක් ඔහොම ඉන්න. හොරු කට්ටියක් ඉන්නවා මට පේනවා. මම දුවලා ගිහිං එන්නම්" කියලා වෑන් රථයෙන් බැහැලා ඇය විදුලි වේගයෙන් දිව්වලු.
ඔන්න විනාඩි පහකින් විතර මොනවද කකා ලොකු හිනාවකුත් දාගෙන පූජා වෑන් එකට ආවලු. අර යාළුවො දෙන්නා අන්දුන් කුන්දුන්වෙලා බලන් ඉන්නවලු.
"කොහෙද පූජා වෙඩිල්ල වගේ බැහැලා දිව්වෙ?"
"අයියො නැහැ. පොඩි ආතා ආතල් එකක්," පූජා කිව්වලු.
"ආතා ආකල් එකක්?"
"ඔව් ඔව් අපේ crew එකේ කොල්ලො ටිකට ආතා ගෙඩියක් හම්බවෙලා. ඒ ගොල්ලො මට හොරෙන් ගහක් යටටවෙලා වැඩේ දෙනවා මම දැක්කා. ඒකයි මම දුවලා ගියේ. මාර ආතා ආතල් එක," ඇය සුපුරුදු ලෙස හිනාවෙමින් කිව්වලු.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පූජාගේ ආතා ආතල්
ඉන්දු Sunday, 15 May 2016 04:32 AM
පූජාගේ සිංහල දැනුම ගැන හරි පුදුමයිනේ (නි)