IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පූජිත් ජයසුන්දර වැඩ බාර ගනී

34 වැනි පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) ජනපති අතින් පත්වීම් ලිපිය ලබා ගැනීමෙන් පසු පොලිස් මූලස්ථානයේ දී වැඩ බාර ගත්තේය.

එම අවස්ථාවට ඔහුගේ බිරිය සහ දරු දෙදෙනාද පැමිණ සිටියහ.

කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් දස පුද්ගල ව්‍යවස්ථා සභාවේ වැඩි ඡන්දයෙන් ඔහු පොලිස්පති පදවියට සුදුසු යැයි ජනපතිට දන්වා යවා තිබිණි.

ජයසුන්දර සමඟ තවත් දෙදෙනෙක් තරගයට  ඉදිරිපත් වුහ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ හා  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙති.

(ඡායාරූප හා වීඩියෝ පොලිස් මාධ්‍ය ඒකකය සහ ජනපති මාධ්‍ය අංශය)

limg_9

DSC_2772 DSC_2794 DSC_2857 DSC_2869



අදහස් (0)

පූජිත් ජයසුන්දර වැඩ බාර ගනී

දිනේෂා Thursday, 21 April 2016 08:06 AM

2016 ට පියමන් කරන තුන් හෙලේ කැළෑතුල සිංහ පැටව් නෑ වුන් රට අත හැරගේසින් ... (ර)

:       0       0

තාබුක් සිල්වා Wednesday, 20 April 2016 11:10 AM

නැගී තිබෙන පාතාලය හොරකම් ස්ත්‍රී දුෂන මර්දනය කර පිරිසිදු ශ්‍රී ලංකාවක් හදන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ! (බ)

:       0       0

සන්තුෂ් Wednesday, 20 April 2016 11:13 AM

පොලිස් නිලධාරීන්ගෙන් සාමාන්‍ය පුරවැසියාට සාධාරණය ඉටුවන්නේ කලාතුරකින්. බලයට, ධනයට වගේම මැරයින්ට හා පාතාලයට ඇති සැලකීම සාමාන්‍ය පුරවැසියාට නෑ. ශ්‍රී ලංකා පොලීසියේ කටයුතු පිළිබඳ මට ඇති අත්දැකීම එයයි.(අ)

:       0       0

කටුනායක Wednesday, 20 April 2016 10:13 PM

අපි මුලසිටම දැනගත්තා ඔබතුමා පමණි මේ නිලයට සුදුස්සා කියලා. අපි ඔබතුමාට හදවතින්ම සුබ පතනවා. අපි ඔබතුමාගේ නිහතමනීකමට මනුස්සකමට ගරුකරනවා. ඒක අපිට ආඩම්බරයක්. කටුනායක අපි ඔබ සමඟයි නිරන්තරයෙන්ම (නි)

:       0       0

සමීර Wednesday, 20 April 2016 10:15 PM

ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් අඩු කිරීමට පොලිසියෙන් ලැබියයුතු දායකත්වය ඔබතුමාට ලබාදීමට හැකිවේවායි පතමි. ප්‍රභූ ආරක්ෂාවට, ප්‍රභූ උත්සව වලට, වෙනත් අනවශ්‍ය උත්සව වලට මෙකී නොකී වියදම් අඩුකොට ඒ මුදල් බඩු මිල අඩුකිරීමට යොදවන්න. මේ සඳහා පොලිස්පතිතුමා වශයෙන් ඔබගේ දායකත්වයත් ලබාදීමට හැකිවේවායි පතමි (නි)

:       0       0

උපුල් විජේසිංහ Wednesday, 20 April 2016 11:21 AM

ලංකාවේ බරපතළ අපරාධ හා අපරාධකරුවන් ඒ ඒ කාලයේ සිටි දේශපාලනඥයන්ගේ අඩු වැඩි අනුග‍්‍රහය මත ක‍්‍රියාත්මක වූ ඒවා බව පැහැදිලි දෙයකි. ඒ නිසා මහ මඟ දී හෝ අන් තැනෙක සිදුවන බොහෝ අපරාධවලට පෙනෙනා දකිනා වගකිවයුත්තන් හඹා යන විට, දම්වැලක පුරුක් සේ වන ඒ ගමන අවසන් වන්නේ දේශපාලකයන්ගේ දෙපා අසලිනි. ඒ නිසා ඔබ තුමා ගෙන් අප බලාපොරොත්තුවන්නේ කාර්යක්‍ෂම අපරාධ විමර්ශන යාන්ත‍්‍රණයක් මගින් මේවායේ සුල මුල සොයා යෑම ය. ඒවායේ වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීම ය. සංවේදී අපරාධවල වින්දිතයන්, සාක්‍ෂිකරුවන් සේ ම සැකකරුවන් හා චූදිතයන් ද ආරක්‍ෂා කර ගැනීමට ඉතාමත් විචක්‍ෂණ වැඩ පිළිවෙළක් සකස් කොට ක‍්‍රියාවේ යෙදවීම ය. ඔබට සුබ පැතුම (අ)

:       0       0

උපාලි Wednesday, 20 April 2016 11:12 PM

ඉස්සර තමන්ට ඕනෑ හෙන්චයියන් පත් කිරීමේ ක්‍රමයත්, දැන් සුදුස්සන් තෝරන නියම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත් අතර වෙනස මේකයි. යහපාලනයේ අඩුපාඩු පමණක් දකින අයට ඇස් ඇරේවා. (නි)

:       0       0

විකී Wednesday, 20 April 2016 11:40 AM

මිනිසුන්ට තලන සහ කුණුහරුප කියන අය පොලිසියෙන් ඉවත් කරන්න. (බ)

:       0       0

සෆ්රින් Wednesday, 20 April 2016 11:49 AM

ඔබට උණුසුම් සුබපැතුම්. නිතිය අකුරටම ඉටු කිරීමට හැකියාව ලැබේවා. (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 21 April 2016 09:42 AM

පින්මද පුතුන් 100 යක් ලැබුණත් නිසරු ..එක පුන්සදෙන් දුරුවෙයි ලොව ගණ අදුරු ... (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 April 2016 12:02 PM

සුබපැතුම් වගේම යහපාලන රජයට ජය වේවා ! (බ)

:       0       0

කරු ජයසුන්දර Wednesday, 20 April 2016 12:03 PM

ඔබට ඕස්ට්‍රේලියාවේ සිටින අපගෙන් සුබ පැතුම්. (බ)

:       0       0

තාබුක් සිල්වා Wednesday, 20 April 2016 12:26 PM

පොලිස්පතිතුමාට අපේ ප්‍රණාමය! (බ)

:       0       0

චානක Thursday, 21 April 2016 01:17 AM

ඔබතුමාට ජයවේවා ....! (නි)

:       0       0

නිරාන් Wednesday, 20 April 2016 12:35 PM

කොයිතරම් නිල තානාන්තර ලැබුණත් වෙනස් නොවී ජාතියට ආගමට ඉතාමත් බැතිමත් ඔබතුමාට මගේ සුබ පැතුම් තෙරුවන් සරණයි ! (බ)

:       0       0

හර්බට් Thursday, 21 April 2016 02:00 AM

එදා පුජිත මල්ලි කියලා කට පුරා අමතන්නට අපට අවස්ථාව තිබුනා. ඉදිරියටත් පොලිස්පතිතුමනි කියලා ඒ විදියටම අමතන්නට අවස්ථාව අපට ලබාදෙන්න. ඔබට නව තනතුරේ කටයුතු එදා වගේම සාධාරණව යුක්තිගරුකව ඉටුකිරීමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි. දම්රද පුතුන් හැමදා ඉදිරියෙන් තබමු. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 20 April 2016 12:38 PM

ජාතිය ආගම පාසල මොකක් වුවත් ඔබ ශ්‍රී ලංකා මාතාවට බිහි වූ තවත් යුග පුරුෂයෙක්. පක්ෂ පාට බේද නොතකා රට වෙනුවෙන් යහපත් සේවාවක් ඉටු කරයි යන යහපත් හැගුමෙන් ඔබ තුමාට සුබ පතමි! (බ)

:       0       0

ලක්ෂ්මන් Thursday, 21 April 2016 02:16 AM

උණුසුම් සුබ පැතුම්! ඔබයි නියම සුදුස්සා (නි)

:       0       0

ජානක Thursday, 21 April 2016 02:20 AM

කොන්ද කෙළින් තියාගෙන, එඩිතරව රාජකාරි කරන්නට අවස්ථාව ලැබේවා! (නි)

:       0       0

ග්‍රේරෝ Wednesday, 20 April 2016 12:51 PM

එඩිතර තීරණ ගැනීම නොබියව අවංක කමින් සේවය කිරීම විනාණුකූලව සියලු ජන කොටස් හැසිරවිමට ශක්තිය ලැබේවා. දේශපාලකයන්ගේ අතකොලුවක් නොවේවා.ඔබට සුබ පැතුම්, (අ)

:       0       0

අරුණ Wednesday, 20 April 2016 01:04 PM

කොන්ඩේ කොටට කපලා පිළිවෙලට පීරුවනම් වඩාත් හොඳි වගේ (අ)

:       0       0

බෙනට් Wednesday, 20 April 2016 01:24 PM

මට තිබෙන ප්‍රශ්නය තමයි විශ්ව විද්‍යාල ළමයිගේ ඔලුවට පොල්ලෙන් ගහපු වෙලාවේ පොලිස් නිලධාරින් බෙරා ගන්න වගකීමෙන් බොරු මාධ්‍යට ප්‍රකාශ කළ කෙනෙක්ගෙන් ජනතාවට වැඩක් වෙයිද කියල .මේ ජනතාව වෙනුවෙන් කරපු පත්කිරීමක් නෙමෙයි . රජය බේරගන්න කරපු පත්කිරීමක් (අ)

:       0       0

ඩෙන්සිල් Thursday, 21 April 2016 03:07 AM

ඔබතුමාට අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

යු. එස්. මංජුල Thursday, 21 April 2016 03:12 AM

ඔබතුමාට අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

නෙලුම් පුෂ්පසිරි Wednesday, 20 April 2016 01:41 PM

අපෙන් සභපැතුම් (අ)

:       0       0

දයානි Friday, 22 April 2016 07:55 AM

නීතිය අකුරට ක්‍රියා කරන, දහමට ලැදී ඔබවන් කෙනෙක් අපරටට වාසනාවන්. .මහත්මයාණෙනි මගෙන් උණුසුම් සුබපැතුම් . (අ)

:       0       0

දයානි Friday, 22 April 2016 08:04 AM

තෙරුවන්ගුණ බලයෙනුත් සියලු දෙවිවරුන්ගේ පිහිටෙනුත් කිසිකෙනෙකුගෙන් බාධාවකින් තොරව ,අප මවුබිම ආරක්ෂා කරන්න ලැබේවා. (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 21 April 2016 03:38 AM

ඔබට මාගේ සුබ පැතුම්.! (ර)

:       0       0

නිම්මි Wednesday, 20 April 2016 02:28 PM

බෙනට් හරියට හරි. එ්ත් එ්ක මෙතුමාගේ වරද නෙමෙයි. මේ රට පාලනය කරන එවුන්ගේ වරද. මෙතුමා හරියට රස්සාව කරනම් අද මෙතන නැහැ. පුදුම රටක්. (බ)

:       0       0

චින්තක Wednesday, 20 April 2016 03:25 PM

ඡන්ද කාලේ යහපාලන ස්ටේජ් වල නැගල, යහපාලන ආණ්ඩුව බිහිකරන්න දුන්නු සහයට කළගුණ සලකල දුන්නු දේශපාලන පත්වීමක් එහෙම නෙවෙයි නේද? (බ)

:       0       0

චම්පා කළුගල්ල Wednesday, 20 April 2016 03:26 PM

සර් ඔබට සුබ පැතුම්. තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි. ඔබ තමයි පොලිස්පති ධූරයට නියම සුදුස්සා ඔබ ගැන අපට ආඩම්බරයි (බ)

:       0       0

ගීතා Wednesday, 20 April 2016 03:31 PM

ඔබතුමාට සාධාරණව සේවය කරන්න ජය ශක්තිය ලැබේවා දෙවි පිහිටයි (බ)

:       0       0

සේන Wednesday, 20 April 2016 04:03 PM

මුලික අධ්‍යාපනය ලැබූ මුකලන්යාය හා ඉබ්බාගමුව අමතක කරන්න එපා (බ)

:       0       0

අරවින්ද Wednesday, 20 April 2016 04:12 PM

ඔබතුමා සහකාර පොලිස් අධිකාරී විදියට මුලින්ම අාවේ රත්නපුරේට. අපි යෞවන සමාජ වල කටයුතු වලට ඔබ ඊට උනන්දුවෙන් සහය දුන්න. එදා ඉදන් අද වෙනකම් ඔබතුමා ගැන පලවෙන හැම තොරතුරකදීම අපි සතුටු වුනා ඔබ අපේ කෙනෙක් කියලයි අපට දැනෙන්නේ. ඔබට ලොකු වෙනසක් කරන්න ඉඩකඩ ලැබේවායි පතමු, උඩවෙල විකසිත යොවුන් සමාජය. (බ)

:       0       0

සනත් Wednesday, 20 April 2016 04:24 PM

චින්තක දන්නේ නැතුව වෙන්න ඇති එතුමා පත්කළේ ව්‍යවස්ථාදායක සභාවෙන් කියලා. 19 වෙනි සංශෝධනය නිසා දැන් රජයේ නිලධාරීන්ට කොන්ද කෙළින් තියාගෙන රාජකාරි කරන්න පුළුවන් (නි)

:       0       0

උපුල් තඹවිට Wednesday, 20 April 2016 04:28 PM

මා දන්නා තරමින් කන්ද උඩරටත් රජරටත් යාකරමින් බිහිවූ ප්‍රථම පොලිස්පතිවරයා ඔබයි. අප විදුහලේත් තනතුරේත් ගෞරවය රැකගැනීමට ඔබට හැකිවේවා! (නි)

:       0       0

ජනක Wednesday, 20 April 2016 04:45 PM

ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 20 April 2016 05:27 PM

ඔබට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

මතුගොඩ උපරතන හිමි, ස්වීඩන් Wednesday, 20 April 2016 05:36 PM

අනාගත පරපුර මත්කුඩු විපතින් මුදාගන්නට ඔබතුමාට යෝධ ශක්තිය, බලය ලැබේවා! ඔබතුමාට දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටයි. (නි)

:       0       0

යොහාන් Friday, 22 April 2016 11:47 PM

ඔබට සාර්ථකව රාජකාරිය කරගෙන යාමට හැකිවේවා! (නි)

:       0       0

චන්දන Wednesday, 20 April 2016 08:58 AM

පුජිත් ජයසුන්දර මැතිතුමනි ඔබට උණුසුම් සුබපැතුම් !!!!!! (හේ)

:       0       0

රොහාන් Wednesday, 20 April 2016 09:12 AM

ඔබට අපගේ උණුසුම් සුබපැතුම් (හේ)

:       0       0

චන්දික Wednesday, 20 April 2016 09:14 AM

සුබ අනාගතයක් ඔබ තුමාට....අපේ රටේ බිහිවූ අවංක පොලිස් නිලධාරියෙක්..(බ)

:       0       0

තාබුක් සිල්වා Wednesday, 20 April 2016 09:21 AM

පාතාල මර්දනය ස්ත්‍රී දුෂකයන් මංකොල්ල කරුවන් තුරන් කර ලස්සන සුන්දර රටක් ඔබගේ පාලන කාලය තුලදී අපි බලා පොරොත්තු වෙනවා ඔබට ජය වේවා! (බ)

:       0       0

නිලා Wednesday, 20 April 2016 09:33 AM

ඔබතුමාට අපේ උණුසුම් සුභපැතුම් (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 20 April 2016 09:39 AM

ඔබයි නියම සුදුස්සා...ඇති හැකි අයට වඩා නැති බැරි අයගේ ප්‍රශ්නවලදී කාරුණික වන්න............ඔබට ජය...............(ම)

:       0       0

මහේෂ් Wednesday, 20 April 2016 09:43 AM

ඔබතුමාට සුබ පැතුම් සමග අපගේ ආචාරය (ම) .

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 21 April 2016 07:43 PM

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි ඔබ කිවුවා මට මතකයි. පොලිස් නිලධාරියාගේ දුක වේදනාව, ගෞරවය ඔබගේ හදවතේ කැකෑරෙන බලාපොරොත්තු ගැන ඔබ කිවුවා මතකයි. කරදරයකට දුකට බියට පත්වූ මහජනයා පොලිසියට ආවිට පොලිසිය ඒ තැනැත්තාට සැළකිය යුත්තේ කෙසේදැයි ඔබ කිවුවා මතකයි. පළපුරුදු, නීතිගරුක, අවංක, ධර්මිෂ්ට, එඩිතර, දුකහඳුනන ඔබ පොලිස්පති නිලයට පත්වීම මට අරුමයක් නොවේ (නි)

:       0       0

සුරේෂ් Wednesday, 27 April 2016 07:56 AM

මීට කලින් පත් වු පොලිස්පතිවරුන්ට වඩා ඔබේ ගැන ජනතාවගේ ලොකු ප්‍රසාදයක් සහ බලාපොරොත්තුවක් ඇත.(හේ)

:       0       0

පුජිත කපුකොටුව Wednesday, 20 April 2016 06:42 PM

දම්රද මෑණියන්ගේ සෙවණේ හැදීවැඩුන ඔබ කවදාහරි පොලිස්පති වෙන බව දම්රද මෑණියන්ගේ පුතුන් හැමදාම ප්‍රාර්ථනා කළ දෙයක්. අද එය සමරන්න අපට හැකියාව ලැබුනා. රට වෙනුවෙන් යහපත් සේවාවක් කරන්න ඔබට දළදා හිමි පිහිට ලැබේවා! (නි)

:       0       0

ශාන්ත Wednesday, 20 April 2016 09:49 AM

මගේ උණුසුම් සුභ පැතුම් (ම)

:       0       0

අජිත් ජයසුන්දර Thursday, 21 April 2016 09:52 PM

ඔබතුමාට දළදා සමිදු සරණයි! අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

චානක Wednesday, 20 April 2016 09:56 AM

ජයවේවා ...!! (බ)

:       0       0

අරවින්ද Wednesday, 20 April 2016 10:04 AM

ඔබට උණුසුම් සුබපැතුම්. නිතිය අකුරටම ඉටු කිරීමට හැකියාව ලැබේවා. (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 20 April 2016 07:29 PM

ගරු පොලිස්පතිතුමනි, සාදාරන සමාජයක් බිහිකරන්න විනයානුකූල නීතිගරුක පොලිසියක් හා සමාජයක් බිහිකරන්න රටට සාමය උදාකරන්න ඔබතුමාගේ යහපත් සිතුම් පැතුම් ක්‍රියාවට නංවන්න ඔබතුමාට තුණුරුවන්ගේ පිහිට හා 33 න් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිට ආශිර්වාදය හා රැකවරණය ලැබෙවා ..!!! නිදුක් නිරෝගි සුව පතමු. චිරං ජයතු! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 20 April 2016 07:36 PM

ගරු පොලිස්පතිතුමනි, පැරිස් පුරවරයෙන් ඔබතුමාට මේ උණුසුම් සුබ පැතුම් !!! (නි)

:       0       0

ඉද්දමල්ගොඩ Wednesday, 20 April 2016 07:41 PM

ගරු පොලිස්පතිතුමනි, එ.ජා.ප. යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව වෙතින් මේ උණුසුම් සුබ පැතුම් ..!!! (නි)

:       0       0

සනත් Wednesday, 20 April 2016 10:23 AM

ධර්මරාජ පුතනුවෙකු වශයෙන් ඔබ ගැන ඉමහත් ආඩම්බරයට පත් වෙමි. දේශපාලන අතකොලුවක් බවට පත් නොවී ඔබේ කීර්ති නාමය රැක ගන්න. සාධාරණ ජනතා අරගල වලදී සංයමයෙන් ක්‍රියා කරන්න පොලිසියට උගන්වන්න.මේ රටේ ජනතාව ඔබව තවත් ඉහලට ඔසවා තබාවි. අනාගත ජාතික නායකයෙකුගේ පෙර ලකුණු අපි ඔබ තුලින් දකිනවා. (අ)

:       0       0

නෞෂි Thursday, 21 April 2016 07:26 AM

ඉසුරන්දි කියපු දෙය සහතික ඇත්ත. වැදගත් වෙන්නේ පුද්ගලයාගේ ආගම හෝ ජාතිය නොව බාරගත් නිලය නිසිලෙස ක්‍රියා කරවීමයි. (ර)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 20 April 2016 08:01 PM

මේ අවස්ථාවට පොලිසියේ කොස්තාපල්, සාජන් වගේ අයත් සහභාගි කරගත්තොත් හොඳ නැද්ද?පොලිසියේ තරම් නිලධාරිවාදය රජ කරන්නේ නැහැ කොහේවත්. ඔහුට සැබෑ වෙනසක් කර පෙන්වන්න හැකිවේවා! (නි)

:       0       0

දිනේෂා නිශාන්ති Wednesday, 20 April 2016 08:09 PM

සුන්දර මිනිසුන් අතර මිනිසකු පොලිස් මුල් පුටුවට! චිරං ජයතු! (නි)

:       0       0

ඉසුරි Wednesday, 20 April 2016 08:11 PM

ඔබට හා රටට ජය! (නි)

:       0       0

ඔගස්ටින් Wednesday, 20 April 2016 08:12 PM

සුදුස්සාට සුදුසු තැන යහපාලනයෙන් ලැබුවගයි (නි)

:       0       0

සමන්තිකා Wednesday, 20 April 2016 08:48 PM

ඔබතුමාට සුභ පැතුම්! (නි)

:       0       0

අරවින්ද Wednesday, 20 April 2016 10:59 AM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

සමන් Wednesday, 20 April 2016 08:56 PM

සුබ පැතුම් අපෙන්! ධර්මරාජයෙන් බිහිවුණු ඔබ අපට ආඩම්බරයකි. (නි)

:       0       0

සිරි Wednesday, 20 April 2016 08:56 PM

අවසානයේදී සුදුස්සාට සුදුසු තැන ලැබුනා (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 21 April 2016 08:01 AM

ගරු ජනාදිපති තුමණි, ගරු අගමැතිතුමනි, නව පොලිස්පතිතුමාට සාමය පතුරා නිතිය වපුරා එහි පලනේලන්න යටිතල පහසුකම් හා වටපිටාව සරුකර දුනහොත් රටත් රටෙවිනයත් සුවදින් මලින් ගුණ දර්මයෙන් පලදරා යහපත් සමාජ තලයක හැ ඩකාර මවුබිම අටුකොටු පිරී ඉතිරි යනු නියතයි .මගේ රටට දළදා හිමි සරණයි ඔවු අපේ රටට දළදා සෙවනයි ..!!! (ර)

:       0       0

ටෙෂාන් Wednesday, 20 April 2016 09:10 PM

වැදගත් පවුලක් බව මුහුණු වලින්ම පෙනෙනවා. ඔබ රටට වාසනාවක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 62 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1862 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 288 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 369 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1540 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1528 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38242 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site