දකුණු අප‍්‍රිකානු යොවුන් පිතිකරු ඬේවිඞ් මිලර්ගේ (නොදැවී 80) විශිෂ්ට ඉනිම නිසා ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 29 වැනි තරගය ලෙස මොහාලිහිදී අද (21 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් XI, පංජාබ් පිල කඩුලූ 7 කින් පූනේ වෝරියස් පිල පරාජය කළේය.
කිංග්ස් XI, පංජාබ් පිල ලකුණු 186 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19.5 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. පංජාබ් පිලට අවසන් ඕවරයේදී ලකුණු 16 ක් රැස්කළ යුතු වූ අතර ලූක් වයිට් යැවූ එම ඕවරයේ තෙවැනි සහ පස්වැනි පන්දුවට හයේ පහර දෙකක් ගැසූ ඬේවිඞ් මිලර් ජය තහවුරු කළේය.
ඬේවිඞ් මිලර් පන්දු 41 කදී හතරේ සහ හයේ පහර 5 බැගින් ඇතුළත් කරමින් නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
මෙහිදී පූනේ පිල නියෝජනය කළ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් ඕවර 4 ක් ක‍්‍රියාත්මක කර ලකුණු 38 කට එක කඩුල්ලක් දවා ගත්තේය.
පූනේ පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට සහභාගි නොවූ අතර අරෝන් ෆින්ච් නායකයා ලෙස කටයුතු කළේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 185 (රොබින් උත්තප්පා 37, අරෝන් ෆින්ච් 64, යුවරාජ් සිං 34, ලූක් වයිට් 34, අසාර් මහමූඞ් 42/2)
කිංග්ස් XI, පංජාබ් පිල ඕවර 19.5 කදී කඩුලූ 3 ට 186 (මන්දීප් සිං නොදැවී 77, ඬේවිඞ් මිලර් නොදැවී 80)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පංජාබ් පිල කඩුලූ 7 කින් පූනේ වෝරියස් පරදවයි
යොහාන් Monday, 22 April 2013 10:51 AM
දැන් ඕකට ගිහින් වින්ද නින්දා හොදටම ඇති. කට්ටිය කතාවෙලා ආපහු එන්න. (නි)
වරුන Monday, 22 April 2013 07:35 AM
මම කිව්වේ උපන් රටට ද්‍රෝහී වී සල්ලි පස්සේ දුවලා මිනිස්සුන්ගේ සාපෙ වැදිලා. කාගෙන්වත් සුපිරි දක්ෂතා දැක්කේ නැහැ.(නදී)
යොහාන් Monday, 22 April 2013 03:40 PM
වරුණ, මේ අයට කාගේ හරි නැත්නම් මොකක්හරි සේනාවක භීතිකාවක් වැහිලා කියලයි මට නම් හිතෙන්නේ (නි)
චරිත් Thursday, 25 April 2013 01:40 PM
දැන්වත් පූනේ වෝරියස් කණ්ඩායමේ නායකත්වයට ස්ටීවන් ස්මිත් දැම්මොත් හොඳයි නේද?මොකද යුවරාජ්ට බැරිවුණාට ගිය පාර ස්ටීවන් ස්මිත් නායකකම දරලා ජයග්‍රහණ අරන් දීලා තියෙනවා. (නි)
ෆාරු Monday, 22 April 2013 09:43 AM
අනේ මගේ කට. (නි)