IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පූජා එක්ක රඟපාන්න මම ටිකක් විතර බය වුණා

2016-12-15-ent-47

මේ දිනවල විකාශය වන චිත්‍රපට අතරේ සෝමරත්න දිසානායකයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ "සරිගම" චිත්‍රපටයට සුවිශේෂි තැනක් හිමිවේ. වෙනස්ම ආරේ කතා තේමාවක් මත ගොඩනැගුණ මෙහි ප්‍රධාන චරිත ඉන්දීය සිනමා නිළි පූජා උමාශංකර් හා අශාන් ඩයස් නිරූපණය කරති. පූජා මෙහි "මාරියා" නම් චරිතයට පණ පොවන අතර, අශාන් "කැප්ටන් ටෝනි" ලෙස පෙනී සිටියි. මෙවර "තරුණයා" මුල් කවරය සරසන්නේ ඔවුන් දෙදෙනා විසිනි.

 

"සරිගම" චිත්‍රපටයේ "කැප්ටන් ටෝනි" ලෙස ඔබට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?

2016-12-15-ent-43ගොඩක් ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. කොටින්ම කිව්වොත් මා බලාපොරොත්තු නොවුණ විදිහට මේ %කැප්ටන් ටෝනි^ කියන චරිතයට බොහෝ දෙනෙකුගේ අවධානය සහ ආකාර්ෂණය ලැබිලා තියෙනවා.

 

අශාන්ගේ කී වැනි චිත්‍රපටයද මේ?

මම සිනමාවට මුලින්ම සම්බන්ධ වෙන්නේ 2009 අවුරුද්දේ. ඒ චන්දන්රත්නම් මහත්මයගේ "අලිමංකඩ" චිත්‍රපටයට. ඊට පස්සේ ඔහු විසින්ම නිර්මාණය කරන හොලිවුඩ් චිත්‍රපටයකට මම සම්බන්ධ වෙනවා, ඒ 2011 අවුරුද්දේ. ඒ බෙන් කිංග්ස්ලි සමගින් රඟපෑ "කොමන් මෑන්" චිත්‍රපටයට. 2013 වසරේ සෝමරත්න දිසානායක මහත්මයා අධ්‍යක්ෂණ කළ "සිරිපැරකුම්" චිත්‍රපටයට එකතු වෙනවා. අන්තිමට මම රංගනයෙන් දායක වුණේ ඔහුගේම "සරිගම" චිත්‍රපටයට.

 

රංගනයට පිවිසෙන්න මාර්ගය සැකසුණේ?

ජෙරෙම් සිල්වා මහත්මයාගේ වේදිකා නාට්‍යයවලට සම්බන්ධ වීමත් එක්ක. නමුත්, නළුවෙක් වෙන්න මගෙ හීනේ තිබුණෙ ඊටත් කලින් ඉඳලා. මගේ අම්මා මට සුරංගනා කතා කියන කොට ඒ චරිත මගේ සිත්වල ඇදුණා. නිතරම මම ඒ චරිත ගැන උනන්දු වුණා. රඟපෑවා. ඒ අභාසය එක්ක තමයි නළුවෙක් වෙන උණ මට ඇති වුණේ. ජෙරෙම් සිල්වා මහත්මයගෙ වේදිකා නාට්‍යයක් නරඹන්න චන්ද්‍රන්රත්නම් මහත්මයා ඇවිල්ලා හිටියා. ඔහු තමයි ඔහුගෙම අධක්ෂණයක් වුණ "අලිමංකඩ" චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලබාදුන්නේ. සෝමරත්න දිසානායක වගේම රේණුකා දිසානායක දෙන්නා මා අඳුන ගත්තේ මම පාසල් යන කාලේ. මොකද, ඔවුන් දෙන්නාගේ ලොකු පුතා මගේ මිතුරෙක්. ඒ නිසා නිතරම මම ඔවුන්ගේ ගෙදර යනවා. එහි නවතිනවා. ඒ හරහා තමයි සෝමරත්නයන් හා රේණුකා දෙදෙනා හඳුනාගන්න ලැබුණේ.

 

ඔබ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියදී මෙරට කලා නිර්මාණවලට දායක වුණේ කොහොමද?

ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ වැඩිදුරටත් ඉගෙන ගන්න මම ඔස්ට්‍රේලියාවට ගියා. පස්සේ මම එහිම පදිංචි වුණා. මම අවුරුදු 9ක් තිස්සේ පදිංචි වෙලා හිටියෙ ඔස්ට්‍රේලියාවේ. චන්ද්‍රන්රත්නම් මහත්මයාගේ %අලිමංකඩ^ චිත්‍රපටයට දායක වෙන කාලෙදිත් මගේ පදිංචිය ඔස්ට්‍රේලියාවේ. නමුත්, නිතර නිතර කලා කටයුතුවලට මම ලංකාවට ආවා. අන්තිමට කරපු %සරිගම^ චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවුණේ මේ අවුරුද්දේ මාර්තු හා අප්‍රේල් මාසවල. ඒ වෙන කොට මම ලංකාවට ආවා.

 

සෝමරත්නයන් වැනි විශිෂ්ට නිර්මාණකරුවෙකුගේ චිත්‍රපටවලට දායක වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒක මම දකින්නේ වාසනාවක් විදියට. ඒ වගේම ඔහුගේ චිත්‍රපටවලට දායක වෙන්න ලැබුණ එක ගැන මට තියෙනවා නිහතමානී සතුටක්. සෝමරත්න මහත්මයා මෙන්ම රේණුකා මහත්මිය මට ඔවුන්ගේ නිර්මාණවලට දායක වෙන්න ලොකු සහයෝගයක් ලබාදුන්නා.

 

පූජා වැනි රංගන ශිල්පිනියක් එක්ක වැඩ කරද්දි අශාන්ට මොකද හිතුණේ?

ඇත්තටම, පූජා එක්ක රඟපාන්න මම මුලින් ටිකක් බය වුණා. මොකද, පූජා එක්ක මම මීට කලින් වැඩ කරලා නැති නිසා එයා මොන වගේ කෙනෙක්ද කියලා දන්නෙ නැති නිසා. නමුත්, පූජා එක්ක වැඩ කරද්දි තමයි මට තේරුම් ගියේ ඇය මොනතරම් මිත්‍රශීලි කෙනෙක්ද කියලා. පූජා මට වැඩිය රංගනයේදී විශිෂ්ට කෙනෙක්. ඒත්, කිසිම මොහොතක ඇය මගේ රංගනය ගැන අවතක්සේරු කළේ නැහැ. මට යම් තැනක වැරදි වෙනවා නම් ඇය තමයි මුලින්ම ඒ ගැන මට කියලා මගේ වැරැද්ද නිවැරදි කරන්නේ. පූජා එක්ක වැඩ කරදි ඇය හිතන්නේ නැහැ ඇයට වඩා ඇය එක්ක රඟපාන අනිත් අය සිනියර්ද ජුනියර්ද කියලා. ඇයට අවශ්‍ය කරන්නේ කරන වැඩේ හරියට අනිත් අයත් එක්ක එකතු වෙලා කරන්න. ඇය සමග වැඩ කරන්න ලැබුණ එක මා දකින්නේ එක්තරා විදිහක වාසනාවක් කියලා.

 

ටෙලි නාට්‍යය රංගනයට පිවිසෙන්නේ නැද්ද?

ආරාධනා නම් ලැබුණා. ඒත්, මම කැමතියි සිනමාවත් එක්කම වැඩ කරන්න. මම දැනට චිත්‍රපට 4ක වැඩ කරලා තියෙනවා. ඉදිරියටත් බොහෝ විට මගේ වැඩි දායකත්වය සිනමාවට ලැබෙවි.

 

වෘත්තීය මට්ටමේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට ඔබ වැඩ කරන කොට රංගනයට කාල වෙලාවක් හොයා ගන්න පුළුවන්ද?

මම කලින් චිත්‍රපටවලට සම්බන්ධ වුණේ ඔස්ට්‍රේලියාවෙ ඉන්න කොට. එහිදී මම ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට වැඩ කළා. දැනට මම ලංකාවට ඇවිල්ලා ඉන්නවා. බොහෝ විට කලාවට ඇති කැමැත්ත නිසාම මම ලංකාවේ රැඳෙවි කියලා කියන්න පුළුවන්. 2009 වසරේ "අලිමංකඩ" චිත්‍රපටයට සම්බන්ධ වුණාට වඩා අද මගේ කැමැත්තක් තියෙනවා කලාවට. සමහරක් විට ඉදිරියේදී මගේ කැමැත්ත කලාවටම සීමාවෙන්න පුළුවන්.

 

2016-12-15-ent-40
2016-12-15-ent-41
2016-12-15-ent-42
2016-12-15-ent-44
2016-12-15-ent-45
2016-12-15-ent-46



අදහස් (0)

පූජා එක්ක රඟපාන්න මම ටිකක් විතර බය වුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 623 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 375 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 321 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site