IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


"පාටක් නැති ආදරේ" තමයි මගේ රංගන ජීවිතයේ ලොකුම අත්දැකීම

2016-08-18-ent-102

නීතිඥවරියක වීමේ සිහින තිබූ ඇය මේ වනවිට රංගන ක්ෂේත්‍රය තුළ සහ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙකු හඳුනන චරිතයක් වී හමාරය. ඇය නමින් අෂී දෙව්මිණි. ඇයගේ කලා කටයුතු සඳහා ඉදිරි වැඩකටයුතු පිළිබඳව අපත් සමග කතාබහ කිරීමට මෙලෙස එක්විය.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-08-18-ent-98මගේ නම අෂී දෙව්මිණි. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි.

දැනට මියුසික් වීඩියෝ කිහිපයක් සඳහා දායක වෙලා තියෙනවා. ඊට අමතරව චිත්‍රපට තුනක් සඳහා දායක වෙලා තියෙනවා.

 

කොයි කාලේද ක්ෂේත්‍රයට එක්වෙන්නේ?

දැනට ටික කාලයක් වෙනවා. හැබැයි මම මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා පොඩි පොඩි වැඩ සඳහා දායක වුණා. ඊට පස්සේ ක්ෂේත්‍රයෙන් කාලයක් ඈත් වෙලා නැවතත් ළඟදි තමයි එකතු වුණේ.

 

රංගනයට අවස්ථාව ලැබුණේ කොහොමද?

එකත් අහම්බයක් තමයි. මම ක්ලාස් යද්දී තමයි ඒ අවස්ථාව ලැබුණේ. මුලින්ම මට අවස්ථාවක් ලැබුණේ ශ්‍රීපාලි හෙට්ටිආරච්චිගේ අවුරුදු නාට්‍යයක් සඳහායි.

 

මුලින්ම රංගනයෙන් එකතු වුණු චිත්‍රපටය ගැන කිව්වොත්?

මුලින්ම රංගනයට අවස්ථාව ලැබුණේ සුරංග අල්විස්ගේ රජහොරු චිත්‍රපටයි.

 

මේ සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?

නිශාන්ත වීරසිංහගේ හැඳුනුම්කමත් එක්ක තමයි සුරංග අයියව හම්බුණේ. ඊට පස්සේ තමයි එම චිත්‍රපටය සඳහා අවස්ථාව ලැබුණේ.

 

අනෙකුත් චිත්‍රපට ගැන කිව්වොත්?

වී. සිවදාසන් මහත්මයාගේ "පාටක් නැති ආදරේ" චිත්‍රපටයේ තමයි මම ප්‍රධාන චරිතයක් සඳහා දායක වුණේ . "පාටක් නැති ආදරේ" චිත්‍රපටය රංගන ජීවිතයේ මගේ ලොකුම අත්දැකීමක්. නමුත් මම මුලින්ම රංගනයෙන් දායක වුණේ "රජ හොරු" චිත්‍රපටය සඳහායි. ඊටපස්සේ  සුරංග අයියාගේ "මයි නේම් ඊස් බංදු" චිත්‍රපටයේ පොඩි චරිතයක් සඳහා අවස්ථාවක් ලැබුණා. 

 

පොඩිකාලේ ඉඳන් ආසාවද මේ කලා ක්ෂේත්‍රය කියන දේ?

නැහැ. පොඩි කාලේ මම ආස කළෙ නීතිඥවරියක් වෙන්නයි. නමුත් ඒකට අවස්ථාව නැති වුණා. ඊට පස්සේ අහම්බෙන් වගේ තමයි රංගන ක්ෂේත්‍රයට සහ නිරූපණයට එන්න අවස්ථාව හිමිවුණේ. ඒ අවස්ථාවක් එක්ක නිරූපණය ගැන කැමැත්තක් හිතුණා. ඒක නිසා දැන් කලාව වෘත්තීයක් විදිහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

නිරූපණය පැත්ත ගැන කතා කළොත්?

මම වැඩිවශයෙන් Bridal Model සඳහා තමයි දායක වෙන්නේ. ඊට අමතරව Wedding Club සඟරාවේ Official Model විදිහට කටයුතු කරනවා.

 

නිරූපණයේ ඔබට වෙන්වූ ප්‍රතිපත්තියක් තියෙනවාද?

ඔව්, මම ගොඩක් වැඩකටයුතු සඳහා දායක වෙන්නේ තෝරලා බේරලා මට ගැලපෙනවානම් කියලා හිතුනොත් විතරයි. විශේෂයෙන් මම කොටට අඳින්නේ නැහැ. විශේෂ තැනක් දෙන්නේ නිරූපණයෙන් Bridal Model සඳහා තමයි.

 

ගොඩක් අයගේ කොටට අඳින්නේ නැහැ කියන ප්‍රතිපත්තිය කාලයක් යද්දී වෙනස් වෙනවානේද?

මෙහෙමයි, දැනටනම් එහෙම වෙනස් වීමක් නැහැ. මොකක් හරි රංගනයෙන්දී අඳින්න උනොත් සාමාන්‍යයෙන් කොටට අඳිනවා. මගේ ලිමිට් එකක් තියෙනවා. එතනින් එහානම් කොටට අඳින්නේ නැහැ.

 

නිරූපණයෙන් ඉදිරියට යන්න කැපවීම කරන්න ඕනද?

අනිවාර්යයෙන්ම ඔව්, කැපවීම කරන්න ඕනා. බාධක ගොඩක් තියෙනවා. හැමදේම ඉතිං මහන්සියෙන් තමයි කරන්න ඕනේ.

 

නිරූපණය සහ රංගනයෙන් කාලයක් යද්දි ස්ථාවර තත්ත්වයක හිටියෙ නැතිනම් කලකිරීමක් ඇතිවෙන්නේ නැද්ද?

නැහැ. එහෙම නැහැ. මේ මගේ ආසාවනේ. ඉතිං මට ලැබෙන විදිහට වැඩකටයුතු කරනවා. නවත්වන්න එන කාලේදී එක නවත්වනවා.

 

දෙමාපියන් කැමැතිද නිරූපණය කරනවාට?

අම්මා නම් ගොඩක් උදව් කරනවා. විශේෂයෙන් කියන්න ඕනා අපේ තාත්තා නම් කැමතිම නැහැ. එයාගෙන් හරි අමාරුවෙන් තමයි කැමැත්ත ගන්නේ වැඩ සඳහා දායක වෙද්දී.

 

කෙටි කාලයක් තුළ චිත්‍රපට තුනක් සඳහා දායක වෙන්න අවස්ථාවක් ලැබුණ එක ගැන හිතෙන්නේ මොකක්ද?

කවදාවත් හිතුවේ නැහැ එහෙම අවස්ථාවක් ලැබෙයි කියලා. ඇත්තටම සතුටුයි. ගොඩාක් සතුටුවෙන්නේ "පාටක් නැති ආදරේ" චිත්‍රපටය පිළිබඳවයි. එහි අධ්‍යක්ෂකවරයා වී. සිවදාසන් මහත්මයා යටතේ රංගනය කිරීමට අවස්ථාව ලැබීමත් ලොකු සතුටක්.

 

ඉදිරි වැඩකටයුතු මොනවාද?

චිත්‍රපට දෙක තුනකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ කිහිපයක් සඳහාම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වැඩකටයුතු ටිකත් සතුටෙන් බාර අරගෙන තියෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

විශේෂයෙන් අම්මා, එයා තමයි මට ගොඩක් උදව් කරන්නේ. ඒවගේම තාත්තා අකමැත්තෙන් වුණත් වැඩ සඳහා දායක වෙන්න අවසරය දෙනවා. මගේ මල්ලි, එයත් මට ගොඩක් සහයෝගයක් ලබා දෙනවා. මම වැඩවලට යද්දි මගේ පස්සෙන්ම ඉන්නේ එයා. මම නිසා ගොඩක් මහන්සි වෙනවා. ඒවගේම වී. සිවදාසන් මහත්මයා. ඔහු මට ගොඩක් උදව් කළා. තාත්තා කෙනෙක් වගේ මගේ වැඩකටයුතුවලට සහයෝගයක් දැක්වූවා. විශේෂයෙන් ඔහුව මතක් කරනවා. ඊට අමතරව, ශ්‍රීපාලි හෙට්ටිආරච්චි, නිශාන්ත වීරසිංහ, සුරංග අල්විස් යන අයවත් මතක් කරනවා. ඒවගේම තමයි අනුර වරාගොඩ සර්, ඔහුගෙන් තමයි මම රංගනය ඉගෙන ගත්තේ. ඔහු තමයි ගොඩක් දේවල් රංගනය ගැන කියලා දුන්නේ. රෝෂන් අයියා, ඒ අයත් මට උදව් කළා වගේම, රංගනය ගැනත් සහ අඩුපාඩු පෙන්නලා දුන්නා. ඒ වගේම මගේ යාළුවන් මට ගොඩක් උදව් කළා. නම් කියන්න බැරි වුණත් මට වචනයකින් හරි උදව් කරපු හැමෝම ආදරයෙන් මම මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චාමර ලක්රුවන් රණසිංහ ( illumination Photography - 0772 383825 )

 

2016-08-18-ent-105
2016-08-18-ent-104
2016-08-18-ent-103
2016-08-18-ent-101
2016-08-18-ent-96
2016-08-18-ent-97
2016-08-18-ent-99
2016-08-18-ent-100
2016-08-18-ent-95
2016-08-18-ent-94
2016-08-18-ent-93
 



අදහස් (0)

"පාටක් නැති ආදරේ" තමයි මගේ රංගන ජීවිතයේ ලොකුම අත්දැකීම

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1208 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 247 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2165 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1217 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 654 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 437 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site