පට්ටිපොළ ඔහිය රක්ෂිතයේ හටගත් ගින්න හොර්ටන් තැන්න රක්ෂිතය දෙසට පැතිරීමත් සමග යුද, ගුවන්, පොලිස් හා වනසංරක්ෂණ සාමාජිකයෝ එක්ව ගින්න මැඩ පැවැත්වීමට මහත් වෙහෙසක් දරති. අද සවස්වන විට ගින්න පැතිරෙමින් තිබිණි. දුම්රිය ගමනා ගමනය යථා තත්ත්වයට පත් වී ඇත. පට්ටිපොළ දී මේ ගින්න හටගත්තේ දින තුනකට කලිනි. හෝර්ටන් තැන්නට ගින්න පැතිරුණහොත් විශාල පරිසර හානියක් ඇතිවී ගෝනුන් හා දුර්ලභ වන සතුන්ටත් තර්ජනයක් වන බව නිලධරයෝ කියති.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පට්ටිපොළ ගින්න හෝර්ටන් තැන්න දෙසට
දේවා Saturday, 04 August 2012 08:40 PM
කවුරඅහරි ගිනිතිබ්බද කියලා දැං දැං සැකයක් තියෙනවා..!!(නු)
දමිත Saturday, 04 August 2012 08:42 PM
කැලෑ විනාශ කිරීමේ ප්‍රතිඵල නොබෝකලකින් බලාගන්න පුළුවං වෙයි..!(නු)
නදී Monday, 06 August 2012 06:29 AM
අනේ දෙවියනි, ඔබ කොහිද? (නි)
සහන් දිසානායක Saturday, 04 August 2012 09:33 PM
මේක නං නිකං ඇතිවුණු ගින්නක් වෙන්න බැහැ.. ඉඩම් අල්ලන්න බලාගෙන කරපු දෙයක් වෙන්න ඕන..!!(නු)
සනත් ඉන්දික Sunday, 05 August 2012 04:33 AM
කවුරු හරි ගිනි තිබ්බනම් පරම්පරාවටම පළ දෙයි. (ත)
බණ්ඩා Sunday, 05 August 2012 06:03 AM
බොහෝදුරට ඉඩම් අල්ලගන්න කරපු දෙයක්. අවුරුද්දක් ඇතුලත දැනගන්න පුළුවන්වෙයි සහසුද්දෙන්ම. (ත)
ප්‍රදීප් Monday, 06 August 2012 11:03 AM
සමන්ත,ඔබ හරියටම හරි. (නි)
අමිල කටුනායක Sunday, 05 August 2012 07:25 AM
මේ ගින්න වගේම ඇතිවුණු අනෙක් සියළු ගිනි පිටුපස සිටින්නේ දේශපාලක කැළෑ පාළුවන්ය. (නි)
සුරංග Sunday, 05 August 2012 08:15 AM
මේ දවස්වල හොදටම පායනවා. ඒ වගේම සුළඟ. කවුරු හරි ඕන කමින් කරපු දෙයක්. ඒවා කරපු අයටමයි ඕවා විදවන්න වෙන්නේ. (ත)
hope Sunday, 05 August 2012 08:40 AM
අපරාදෙ ලංකාවෙ සුන්දරම රක්ෂිතය. පට්ටිපොල, ඔහිට අතරේ දුම්රියමග කොයි තරම් ලස්සනද? (ත)
උපුලි ගමගේ Sunday, 05 August 2012 10:43 AM
තමාටම ගිනි තියා ගැනීමක්. මතු පරපුරට රටේ මොනවද ඉතිරි වෙන්නෙ? (ත)
උපාලි ගමගේ බෙරලපනාතර Sunday, 05 August 2012 10:46 AM
රටේ සුන්දරත්වය විනාශ කරන්නේ ඇයි ගිනි තිවිවනම් නොබෝ කලකින් පරිසරයෙන්ම දඩුවම් ලැබෙයි. (ත)
ජනිත Sunday, 05 August 2012 11:35 AM
වහාම මේකට පියවරක් ගන්න. කැළෑ කියක් නම් දැන් ගිනි ගත්තද? අනාගතේ කෙසේ වෙතත් වර්තමානය ගැනවත් තැකීමක් නැති මිනිස්සු. (ත)
සමන්ත Sunday, 05 August 2012 02:55 PM
මේ ගින්න ඇතිවෙන්නේ ඔයාලා කියනවා වගේ දේශපාලන දෙයකටවත්, ඉඩම් අල්ලන්නවත්, ගස් කපන්නවත් නෙමෙයි. මම මේ පැත්ත හොදටම දන්නවා. ගින්දර ඉබේ ඇතිවෙන්නේ නැහැ. යමෙක් ගිණි තියනවා. එක්තරා මෝඩයන් කීප දෙනකු විශ්වාස කරනවා කැළේ ගිනිගත්තම වැස්ස ඉක්මනින් එනවා කියලා. එහෙම හිතන අය වැස්ස නැති හැම අවුරුද්දකම මේ කාලෙට ඔය දේ කරනවා. මට ඒ පිලිබද අවුරුදු 15 ක විතර අත්දැකීම් තිබෙනවා. අවුරුදු 2කට කලිනුත් මේ දේම වුණා. වැරැද්ද විදිහට මම දකින්නේ ඉහළ ඌව ජල පෝෂක ප්‍රදේශවල ටර්පන්ටයින් සහ ෆයිනස් ශාකය වගාකිරීම. මෙමගින් පසෙහි සාරය නැතිවීම, දිය උල්පත් සිදී යාම, යටි රෝපන විනාශ වීම සිදුවේ. මෙම ශාක පත්‍රවල තෙල් සහිත ස්වභාවය නිසා ඉක්මනින් ගිණි ගනී. මේ ස්ථානයේම පවතින හග්ගල රක්ෂිතයට අයත් ස්වභාවික කැළය ගිනි තැබුවත් ගිනි නොගනී. සිදුකළ යුත්තේ නැවත මෙම ආක්‍රමනශිලී ශාකයම ගිනි ගැනීම වෙනුවට වගා නොකොට කොස් වැනි ශාකයක් වගා කිරීමයි. එවිට බොහෝ වාසි ලැබේ. දැවයක් ලෙස කොස් හි වටිනාකම වැඩිය. කොස් ශාකයේ යටි රෝපණ පවතී. ගිණි ගැනීම් විරලය. ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වේ. සතුනට ආහාර පවතී. ඌරන් වැනි සතුන් වගා විනාශයට ගම් වැදීම අවම වේ. යම් හෙයකින් වශාල ආහාර අර්බුදයක් පැමිණියහොත් විකල්පයක් ලෙස භාවිතා කළ හැක. (නි)