රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. ඒ, රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි.
නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම සහ යුක්රේන භූමියේ සිට රුසියාවට නීතිවිරෝධීව ලෙස පුද්ගලයින්ව මාරු කිරීම සම්බන්ධයෙන් ද රුසියන් ජනාධිපතිවරයාට හේග් නුවර කේන්ද්‍රකොටගත් අන්තර් ජාතික අපරාධ අධිකරණය චෝදනා නගා ඇත.
එම චෝදනා සම්බන්ධයෙන්, රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් මාරියා ලෙවෝවා-බෙලෝවාට එල්ල වී ඇති අතර ඇයට එරෙහිව ද අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.
මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා ඇත්තේ, එම නියෝගය සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත ක්‍රියාවක් බවය.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසා ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීරණය නීතිමය දෘෂ්ටි කෝණයක් මිස එය කිසිසේත් ම සිය රාජ්‍යයට අදාළ නොවන බවයි.
මාරියා සකාරෝවා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ බලපැවැත්වෙන රෝම ප්‍රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවකු නොවන බවත් ඒ යටතේ කිසිදු වගකීමක් ද තම රට නොදරන බවත්ය.
(රොයිටර්)
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුටින් අත්අඩංගුවට ගන්න වරෙන්තු
ආකිමිඩීස් Saturday, 18 March 2023 07:32 AM
මේක අර සෙලෙන්ස්කි ජෝකරයාගේ ජෝක් එකක්ද මල්ලි... හිනාවෙලා කඳුලුත් ආවා. මොනවා නැතත් එයාට හොඳට ජෝක් කරන්න පුළුවන්. රන්ජන් පාර්ලිමේන්තුවට යැව්වා වගේ තමයි. බලන් ගියාම ලංකාවට වඩා හරක් එහේ ඉන්නවානේ...
ජගත් ලියනගේ Saturday, 18 March 2023 07:35 AM
අල්ලයි නැට්ටක්...
DM Saturday, 18 March 2023 09:17 AM
ඇෆ්ගනිස්ථානයට, ඉරාකෙට ගහලා මිනිස්සු මරපු එකට ප්‍රශ්නයක් නැහැ වගේ... ඒ වෙලාවේ අන්තර් ජාතික අපරාධ අධිකරණය නිදියගෙන වෙන්නැති ඉඳලා තියෙන්නේ.
අන්දරේ Saturday, 18 March 2023 07:49 PM
මට මතක් වෙනවා අතීතයේ මිනිස්සු කියපු ආකාරයට කලුවර අදුන තවත් බලවත්ව හදන්නෙ නැතුව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න බැහැ නොකොලොත් අධිකරණයට අපහාස වෙයිද බලන්න පුළුවන්
Chathuri Sunday, 19 March 2023 01:34 AM
පුටින්ව අල්ලන්නේ. මිනිස්සුන්ව නිරපරාදේ මරන නිසා. රනිල්, මහින්ද, ගෝඨා. අල්ලන්න ඇයි වරෙන්තු දෙන්නේ නැත්තේ. පුටින් ගොඩාක් හොඳ කෙනෙක්... රටේ දේපල ජනතාවගේ මුදල් හොරා කෑවේ නැහැ. මේ නඩේ මිනිස්සුන්ගේ ලේ විතරයි බිව්වේ නැත්තේ... ඒකත් කරයි. මහින්ද කට්ටඩියෙක් කිව්වා නම්. පුටින්ව අතඇරලා මේ නඩේව හිරකරලා හොරා කාපුවා වමාරවන්න...
ගනේගොඩ Sunday, 19 March 2023 01:01 PM
පුටින්ට ඉස්සෙල්ලා, ඇමෙරිකානු ජාතිකයින් බයිඩන්ව අල්ලලා හිරේට දාන තත්වයක් තමයි අද ඇමෙරිකාව ඇතුළේ උදාවෙලා තියෙන්නේ...!