IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පිට්බුල්ගේ කැමැත්ත 'ජැකලින්ට'

20160314-trending-news-42

ජනප්‍රිය රැප් ගායකයෙකු ලෙස ඇමෙරිකාවේ වඩාත් ජනප්‍රිය පිට්බුල්ගේ අලුත්ම මියුසික් වීඩියෝව සඳහා ශ්‍රී ලංකා රූප රාජිනි බොලිවුඩ් සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩස් තෝරාගෙන ඇති බවට "බිස්නස් ඔෆ් සිනමා" වෙබ් අඩවිය සඳහන් කරයි.

2013 වසරේදී බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සමගින් "Exotic" ගීතය ගායනා කරමින් ආසියාවේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් පිට්බුල් සිය අලුත්ම මියුසික් ගීතය සඳහා තවත් ඇමෙරිකානු රැප් ගායකයෙකු වූ අර්මෙන්ඩ් ක්‍රිස්ටියන්ද සම්බන්ධ කරගෙන තිබෙන බවට තොරතුරු පළ වේ. ජැකලින් ජාත්‍යන්තර මියුසික් විඩියෝවක් සඳහා සම්බන්ධ වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙම මියුසික් වීඩියෝව සඳහා ජැකලින්ට අමතරව සෝනම් කපූර්, කංගනා රනවුත්ගේ නම්ද යෝජනා වී තිබුණු අතර, අවසානයේ පිට්බුල්ගේ කැමැත්ත ලැබී ඇත්තේ ජැකලින්ට බව සඳහන් වේ. පසුගිය සති අන්තයේදී මියුසික් වීඩියෝවට සම්බන්ධ ගිවිසුම සඳහා ජැකලින් අත්සන් තැබු අතර, මාර්තු මාසයේ අවසන් සතියේදී හෝ අප්‍රේල් මාසයේ මුල් සතියේදී මෙම මියුසික් වීඩියෝවේ රූපගත කිරීම් කටයුතු සිදු කරන්නට බලාපොරොත්තුවෙන සිටින බව මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ වසරේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම දකින්නට ලැබෙන ජැකලින් මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වන "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටය ජුනි 03 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ. "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටයට අමතරව ඇය මේ වසරේදී "ඩිෂුම්" හා "අ ෆ්ලයින් ජේට්" චිත්‍රපට තුළින්ද මේ වසරේදී සිය සිනමා ප්‍රේක්ෂකයන් මුණගැසීමට සූදානමින් සිටින්නීය. ඊට අමතරව ජනප්‍රිය නවක නළු සිද්ධාර්ත් මල්හ්‍රෝතා සමගින්ද ඇයට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබී තිබෙන බවට තොරතුරු ලැබේ.

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

A flying jet Movie

 

 

housefull 3 Movie

 

 

20160314-trending-news-36 20160314-trending-news-37 20160314-trending-news-38 20160314-trending-news-39 20160314-trending-news-40 20160314-trending-news-41 20160314-trending-news-35



අදහස් (0)

පිට්බුල්ගේ කැමැත්ත 'ජැකලින්ට'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1088 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 742 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1143 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 832 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 505 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 915 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site