IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පටිභාන දැන් පෙන්වනවා

DSC_0160

මීට දශක තුනකට පෙර වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ "දඩයම" චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් දිගු නිහැඬියාවකට පසු "පටිභාන" සිංහල චිත්‍රපටයේ අධ්‍යක්ෂකණය සමගින් අප හමුවට එන රබීන් චන්ද්‍රසිරි මහතා සමග කළ සංවාදයකි මේ.

 

ඔබගේ චිත්‍රපටය ප්‍රදර්ශන වරම් ලබාගන්නේ කොහොමද?

රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත වුණාට පස්සේ දැන් තියෙන ක්‍රමය තමයි ප්‍රදර්ශක මණ්ඩලවල වගකිව යුතු නිලධාරීන් හා නිලධාරිනියන් ගෙනැල්ලා චිත්‍රපටය පෙන්වන එක. ඒක බලපු MPC හා LFD මණ්ඩලවල නිලධාරීන් මේ චිත්‍රපටය පෙන්වන්න කැමති වුණා. කැමති වුණේ 2014 වසරේ මුල පෙන්වන්න ලැබුණේ 2016 මුල.

මෙපමණ කල් MPC ප්‍රදර්ශන මණ්ඩලයයි LFD ප්‍රදර්ශන මණ්ඩලයයි තිබුණු සිනමා ශාලා සතුටුදායක තත්ත්වයක තිබුණේ නැහැ. නව චිත්‍රපට සංස්ථා සභාපති නීතීඥ දීපාල් චන්ද්‍රරත්න මහතා වත්මන් රජය විසින් පත්කළාට පස්සේ වෙනස් කෙරුණු චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල තුනෙන් එක්කළා. මේ MPC හා LFD මණ්ඩල එකතු කරලා එක් අලුත් ප්‍රදර්ශන මණ්ඩලයක් බවට පත්කළා. ඒ විතරක් නෙවේ දීපාල් චන්ද්‍රරත්න සභාපතිතුමා එම මණ්ඩලයටත් චිත්‍රපට බලන්න ජනතාව පැමිණෙන්න කැමති පහසුකම් ඇති සිනමා ශාලා ගණනාවකුත් එකතු කළා. සංස්ථාවෙනුත් සිනමා ශාලා දුන්නා. සිලෝන් තියටර් එකෙන් සිනමා ශාලා දුන්නා. ඒක ඉතා හොඳ දෙයක්.

 

"පටිභාන" ප්‍රදර්ශනයේදී දැනෙන ප්‍රධාන බාධකය ලෙස ඔබ දකින්නේ කුමක්ද?

චිත්‍රපට පෙන්වීමේ බාධකය ලෙස මම දකින්නේ චිත්‍රපට සංස්ථාවෙන් දෙන නියෝග හරියටම ක්‍රියාත්මක වෙන්නේ නැති වීමයි.

 

බුද්ධ ධර්මය පිළිබඳව යම් විවරණයක් කරන "පටිභාන" බලන්න වත්මන් ප්‍රේක්ෂකයා පෙළඹේවිද?

චිත්‍රපට කියන්නේ විනෝද මාධ්‍යයක්. ඒත් එම විනෝද මාධ්‍ය භාවිතා කළ හැකි පසුබිමක අද ජනතාව නැහැ. මෙතෙක් කල් පැවැති ආණ්ඩු තුළ ඒවාට සැලැස්මවල් හැදුණේ නැහැ. සෞඛ්‍ය සේවය බලන්න. රජය සෞඛ්‍ය සේවා සඳහා කෝටි ගණන් වියදම් කළත් ඒවායේ ප්‍රතිලාභ අවශ්‍ය මහජනයා වෙත නිසියාකාරව එන්නේ නැහැ. ලෙඩක් හැදුණොත් ආණ්ඩුවෙ රෝහලේදී බෙහෙත් දෙනවට වඩා එම වෛද්‍යවරයා පෞද්ගලිකව හමුවෙලා %චැනල්^ කරලා බෙහෙත් ගත යුතු අන්දමට සමාජය සකස් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ චැනල් කිරීම මාසෙන් මාසෙට කරන්න ඕන කියන අදහස දීලා මුළු පවුලටම පෞද්ගලිකව එම වෛද්‍යවරයාට මුදල් ගෙවල බෙහෙත් ගන්න හෝ පරීක්ෂණවලට භාජනය වෙන්න හෝ වන විදියේ ක්‍රමයක් තමයි අද ඇතිවෙලා තියෙන්නේ.

ඊළඟට පාසලට අමතරව පවුලකට ටියුෂන් අනිවාර්ය අංගයක් බවට පත්වෙලා. මේවටත් ජනතාවට වියදම් වෙනවා. මේ දේවල් ඇතුළු එදිනෙදා අවශ්‍යතාවලට තමන්ගේ පඩිය වියදම් කළාට පස්සේ ජනතාවට චිත්‍රපටයක් බලන්න වියදම් කරන්නේ හොඳට හිතල බලලායි. ව්‍යවස්ථා වෙනස්කම් අවශේෂ සංශෝධන කිරීමට පෙර ජනතාවගේ බදු හා වියදම් ජීවන බර අඩු කරන ක්‍රමයක් රජය විසින් ඇති කළ යුතුයි. ජනතාවගේ අතේ මුදල් ඉතිරි වුණාම චිත්‍රපට බලන්න පෙලඹෙනවා.

 

මෙවැනි තත්ත්වයක් තුළ "පටිභාන" තුළින් ලාභයක් උපයාගත හැකි අන්දම සිතුවේ නැද්ද?

නෑ. මම ලාභයක් බලාගෙන මේ චිත්‍රපටය කළේ නැහැ. මට වියදම් වුණ මුදල විතරක් ලැබුණාම ඇති කියන තැනයි මම ඉන්නේ.

 

මෙවැනි විෂයකට ප්‍රේක්ෂක අවධානය ලැබේ යැයි ඔබ විශ්වාස කරනවාද?

මෙවැනි බර මාතෘකාවක් ගැන තමන්ගේ දරුවන්ටත් පෙන්වන්න ඕන කියලා හිතන තෝරාගත් ප්‍රේක්ෂක පිරිසක් මේ "පටිභාන" චිත්‍රපටය බලාවි කියන විශ්වාසය මට තියෙනවා. බාල දේට අකැමැති චිත්‍රපට නොබලා නිද්‍රාජනකව ඉන්න ප්‍රේක්ෂකයන් මෙය බලාවි.

 

නිසි පරිදි ආදායම් නොමැති වුවහොත් සිනමාහල් ඔබට සහයෝගය නොදේවිද?

සිනමා ශාලාවල සහයෝගය මට තියෙනවා. චිත්‍රපට සංස්ථාවේ සහයෝගය මට ලැබෙනවා. මංගල දර්ශනය බලපු වෙලාවේ ඒ ප්‍රේක්ෂකයන් එය අගේ කළා. මට ලබාදී ඇති ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලාවල සියලුම දර්ශන මගේ "පටිභාන" චිත්‍රපටයට ලබාදෙනවා නම් කටින් කට ප්‍රචාරය වෙලා මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක අවධානයට ලක්වේවි කියලා මම විශ්වාස කරනවා. මහා සංඝරත්නයට ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙළක් දැන් අපි ආරම්භ කළා.

 

පද්මකුමා පී. මෙත්තසේන

ada

DSC_0002
DSC_0006
DSC_0010
DSC_0011 (2)
DSC_0014
DSC_0024
DSC_0026
DSC_0027
DSC_0028
DSC_0029
DSC_0030
DSC_0033
DSC_0042
DSC_0045
DSC_0047
DSC_0058
DSC_0066
DSC_0074 copy
DSC_0089
DSC_0098
DSC_0123
DSC_0141
DSC_0143
DSC_0146
DSC_0148

DSC_0166
DSC_0188 (2)
DSC_0195
DSC_0221
DSC_0241
DSC_0312
 



අදහස් (0)

පටිභාන දැන් පෙන්වනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 0 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 226 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 230 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 91 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1335 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1592 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site