IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පිටමාරුව පුංචි ලෝකාන්තෙ

20160902World-120160902World-2ශ්‍රී ලංකාවේ ලෝකාන්ත තියෙන්නේ එකක් වුණාට, පුංචි ලෝකාන්ත තුනක් තියෙනවා. නකල්ස් රක්ෂිතය මැද තියෙන පිටවල පතන කෙළවරේ පුංචි ලෝකාන්තයට අපි දවසක් ඔබව එක්කාගෙන ගියා. අද යන්න සූදානම් වෙන්නේ ලංකාවේ තියෙන තවත් අපූරැ පුංචි ලෝකාන්තයකට. මේකත් ගිය සතියේ කිව්ව අරදුණු ඇල්ල වගේම සැඟවිලා ගිහින් තියෙන අපූරැ ස්ථානයක්. මේක දන්නෝ දන්නේ පිටමාරැව පුංචි ලෝකාන්තය කියලා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට යනකම් ඈතින් ඈතට පෙනෙන සුන්දර දර්ශනය මෙතැනදි දැකගන්න පුළුවන්. මේක තියෙන්නේ බදුල්ලේ පස්සර වුණාට මහියංගනේ තියෙන සොරබොර වැව ඔහොම මෙහෙම තියලා ළඟට පේනවා කිව්වාම හිතාගන්න පුළුවන් නේද මෙතෙන්ට පෙනෙන දර්ශනයේ තරම...

ඉතින්, මෙතෙන්ට යන්න තියෙන පාර ගැන කිව්වොත් බදුල්ලෙන් පස්සරට ඇවිල්ලා එතැනින් මඩොල්සිම පාරේ මඩොල්සිම වෙනකම් එන්න ඕනෑ. මඩොල්සිම ඉඳලත් තව කිලෝමීටර් 22ක් විතර යන්න ඕන. යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට හරියටම පාර කිව්වොත් මඩොල්සිම ඉඳලා ඇකිරිය පාරේ කි.මී. 08 ක් විතර ගියාම හම්බවෙන කුරැවිගොල්ල මංසන්දියෙන් දකුණට තියෙන පිටමාරැව හෙවත් රෝබේරිය පාරේ කි.මී.10 ක් විතර ගියාම කොකාගල වතුයායේ පිහිටි පුංචි ලෝකාන්තයට යන්න පුළුවන්. දැන් මේ පාර දිගටම ඔය කියන වතුයායේ පාලන අධිකාරිය විසින් මඟපෙන්වීමේ පුවරැ හඳලා තියෙනවා. මුළුමාර්ගයම වගේ කාපට් කරලා අපූරැවට තියෙනවා. ඒත් අන්තිම කිලෝමීටර් තුන ගැන නම් කතා කරලා වැඩක් නෑ. ජීප් එකකට වගේ තමයි ඒ පාරේ යන්න පුළුවන්. කාර්, වෑන්, බස් එහෙම නම් කිට්ටු කරන්නවත් බෑ. ළඟ පාතක ගෙයක් දොරක්වත් නෑ. කිලෝමීටර් ගාණක් යනකම් මිනිස් පුලුටක් නෑ.

මේ සියල්ල මැද ස්වභාවදහම නිර්මාණය කරලා තියෙන මේ අපූරැ පුංචි ලෝකාන්තය ගැන කියන්න වචනත් නෑ. මේ පුංචි ලෝකාන්තයට යන අතරමඟ ඔබට දකින්න පුළුවන් කොකාගල කියලා තවත් ගල් පර්වතයක්. මේ ගල් පර්වතය දේශමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ හැඩරැව වගේ නිසා දැන් මේකට කියන්නේ &ඩී.ඇස්. ගල* කියලා. කොහොම හරි පිටමාරැව පුංචි ලෝකාන්තයේ නැරඹුම් වේදිකාවට ගියාට පස්සේ හොඳ කාළගුණයක් තියෙන දවසකට කිසිම ගැටලුවක් නැතිව අහසේ ඉඳලා මහනුවර, මීගහකිවුල, නාගදීප වැව, මහියංගනය නගරය, ඉස්සෙල්ලා කිව්වා වගේ සොරබොර වැව, බිබිලේ නගරය, මඩකලපුව, අම්පාර, සේනානායක සමුද්‍රය, බදුල්ල, මොණරාගල ආදී ප්‍රදේශවල ඉඳලා ඈත නැගෙනහිර වෙරළ තීරයටම යනකම් ඉතාම දුර්ලභ දර්ශනයක් දැකගන්න පුළුවන්. මේ කියන අපූරැ දර්ශනය බලන්න නම් අප්‍රේල් සැප්තැම්බර් අතර කාලයේ යන්න. මොකද ඔක්තෝම්බර් ඉඳලා මාර්තු වෙනකම් මෙහෙට හොඳටම වැස්ස...

ප්‍රසාද්

20160902World-3 20160902World-4 20160902World-5 20160902World-6 20160902World-7 20160902World-8 20160902World-9 20160902World-10



අදහස් (0)

පිටමාරුව පුංචි ලෝකාන්තෙ

චන්ද්‍ර වීරසිංහ Sunday, 04 September 2016 02:03 AM

මේ පුවරු ඉංග්‍රීසියෙන් පමණක් නැතුව අනෙක් භාෂා වලිනුත් තිබුණා නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 222 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 672 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1162 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 163 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 689 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 799 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site