IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පිටරැටියෝ දෙන්නෙක් අපේ ඉඩමකට ගුටි ඇන ගනිති

හුංගම කලමැටියේ වෙරළාසන්න ඉඩමකට රණ්ඩු වූ විදේශිකයෝ දෙදෙනෙක් ගුටි කෙළ ගත්හ.

පර්චස් 225ක් පමණ වන මේ ඉඩම ඊශ්‍රායල් ජාතිකයකුටත්, ඉන්දියා ජාතිකයකුටත් විකුණා ඇති බව පෙනේයැයි ද, ඉන්දියා ජාතිකයාගෙන් අද පහර කෑ ඊශ්‍රාය‍ල් ජාතිකයා තංගල්ල රෝහලට ඇතුළු කර ඇතැයි ද පොලිසිය පවසයි.

ඊශ්‍රායල් ජාතිකයා මෙම ඉඩම තුන් කෝටියකට මිලට ගෙන ඇති බව පෙනේ යැයි ද පොලිසිය කියයි.

හය මාසයකට පමණ පෙර සමාගමක් මගින්  විකුණා ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ ඉඩම් විදේශිකයනට විකිණීම නතර කිරීමේ නීති මෙතෙක් සම්මත වී නැත.



අදහස් (0)

පිටරැටියෝ දෙන්නෙක් අපේ ඉඩමකට ගුටි ඇන ගනිති

ජානක Friday, 29 August 2014 03:21 AM

ඔය නිතිය සම්මත වෙනකොට වෙන්න ඕන හරිය වෙලා එවරවෙලා තියෙයි ! (අ)

:       0       0

ලලිත් Friday, 29 August 2014 03:39 AM

ලංකාවේ ඉඩම් විදේශිකයන්ට විකිණීම වහා නැවැත්විය යුතුයි. (නි)

:       0       0

අමිල සිංග Friday, 29 August 2014 03:48 AM

ලංකා විතරයි හරියට ප්‍රවෘත්තිය වටහාගෙන තියෙන්නේ. (අ)

:       0       0

බිමල් සංජීව Friday, 29 August 2014 04:06 AM

පිට රටවල ඉන්න අයගේ ඉඩම් හොර ඔප්පු ලියලා විදේශිකයන්ට විකුණන උත්සාහයන් පවා තිබෙනවා. අපි දන්නා කෙනෙකුගේ හික්කඩුවේ වත්තක් එහෙම විකුනන්න ගිහින් අසල්වැසියෙකු කල දැනුම් දීමක් නිසා යන්තම් බේරා ගත්තාලු. (අ)

:       0       0

නස්රී Thursday, 28 August 2014 12:54 PM

ඊශ්‍රායෙල ජාත්කයාට ඉඩම් විකුණුවොත් ඉතින් පලස්තිනයට වුණ දේතමයි ලංකාවට වෙන්නේ. (අ)

:       0       0

ලක්මාල් Friday, 29 August 2014 04:55 AM

නිශ්චල දේපල විදේශිකයන්ට විකිණීමට හැකිද? නොදන්නා නිසයි අහන්නේ. (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Thursday, 28 August 2014 01:16 PM

ඉන්දියන් කාරයත් අපේ අය වාගේම තමා , ගහල මරල ඡන්ඩි කමෙන්ම තමා ඔක්කොම (අ)

:       0       0

මංජුල Friday, 29 August 2014 05:37 AM

පිටරැටියන්ටත් ලංකාවේ අයගෙන් ලෙඩේ බෝවෙලා වගෙයි (නි)

:       0       0

රවි Thursday, 28 August 2014 01:41 PM

ලංකාවේ අය ලංකාව විකුණගෙන කන්නේ නැතුව මොනවද විකුණන්නේ .. මේක තමා අපේ ලංකාවට ගිය කල ! (අ)

:       0       0

සෑම් Thursday, 28 August 2014 01:48 PM

නස්රී ඕයා ඉන්දියන් කාරයෝ ගැන තාම දන්නේ නැහැ වගේ (අ)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 28 August 2014 01:51 PM

මොනවා වුණත් අපි දැන් ඉඩමක් විකුනනවා නම් සිංහල අයෙකුටම එය විකිනීමට කටයුතු කල යුතුයි. නැතිනම් එය අපිටම වල කපා ගැනීමක් තමා. (අ)

:       0       0

නිසාර් Thursday, 28 August 2014 02:17 PM

වායු ගෝලයේ තියන හුළං ටිකත් සිංහල අය විතරක් බෙදා ගනීද? (අ)

:       0       0

ජාවෙඩ් Friday, 29 August 2014 06:06 AM

ලංකාවේ හරි උරුමක්කාරයින් කව්ද කියලා හොයන්න කොමිසමක් පත් කරමුද? (නි)

:       0       0

නුවන් Thursday, 28 August 2014 02:26 PM

නස්රී,ඊශ්‍රායෙල කිව්ව ගමන් හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න නේද? (අ)

:       0       0

ප්‍රියන්ත Thursday, 28 August 2014 02:24 PM

කරුණාකරලා පිටරැටියන්ට ඉඩම් විකිණීම නවත්වන්න නීති ගෙන එන්න ."ටෝනි ඇබට්" වගේ රටට ලැදි නායකයෙක් සිටියානම් ? (අ)

:       0       0

ජගත් Thursday, 28 August 2014 02:28 PM

නස්රී, ඔයගොල්ලන්ට ඉඩම් දීපු අපිට කවදාහරි වෙන්නේ සිරියාවේ දැන් වෙන දේ තමා! (අ)

:       0       0

නිසාම් Friday, 29 August 2014 06:22 AM

අයියෝ! මෙහෙමත් වැඩ? (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 29 August 2014 06:27 AM

පිටබැද්දර රජා, දැන්වත් අපි අපේ රට ගැන හිතලා අපේම ආර්ථිකයක් හදන්න පටන් ගන්න ඕනෑ. (නි)

:       0       0

තුසිත Thursday, 28 August 2014 02:34 PM

මම දන්නා තරමින් ලංකාවේ ඉඩම් තන්හාව වැඩියෙන් ම ඇත්තේ දකුණු පළාතේ. කවුරු හරි කෙනෙක් මැරුණාම ඒ කෙනාගේ පවුලේ අයටත් කලින් සෙසු නෑදෑයන් මියගිය අයගේ දේපල වලට අයිතිවාසිකම් කියාගෙන ඉස්සරහට පනිනවා. (අ)

:       0       0

නිශේන් Thursday, 28 August 2014 02:39 PM

ප්‍රියන්ත ටෝනි ඇබට් ගැන දැන ගෙන ද කතා කරන්නේ ? මේ දවස් වල නම් මෙහෙ පුරවැසියන් එයාගේ මුතුන් මිත්තන් මතක් කර ගත්ත ගමන් ඉන්නේ. විශ්‍රාම වැටුප් ගන්න වයසත් අවුරුදු 70 ට කල් දාලා, ආබාධිතයන්ටත් වැඩ කරන්න නියම කරලා තියෙන්නේ. පාසල් වලට සරසවි වලට දෙන මුල්‍ය ආධාරත් කප්පාදු කරලා. (අ)

:       0       0

දසුන් Thursday, 28 August 2014 02:41 PM

නිසාර්, මෝඩ කතා කියන්න එපා! (අ)

:       0       0

ප්‍රියන්ත Friday, 29 August 2014 06:37 AM

නිශේන්, මමත් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ (නි)

:       0       0

නිසාර් Thursday, 28 August 2014 02:57 PM

දසුන්, සියලුම ජාතීන් පොලවට අයිතිවාසිකම් කියනවා කිසිම කෙනෙකුට පොලව අයත් නොවේ. අපි සියල්ලම පොලව යටට යනවා මිසක් උඩින් තියන හිමිකාරත්වය තාවකාලිකය්. දැන් මට මොලේ තියනවද? (අ)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 28 August 2014 02:58 PM

නිසර් වායු ගෝලයේ තියන හුළං සිංහල මිනිස්සු විතරක් බෙදාගනිද කියල අහන්න කලින් පොඩ්ඩක් ඉතිහාසය කියවල බලන්න සෙනරත් රජතුමාගේ කාලේ ලංකාවට පිටින් ආව ඔයාලගේ මුතුන් මිත්තන් සමග අපි මොනවද බෙදා නොගත්තේ කියල... ඔයාල අද මුස්ලිම් මව් කුසකින් උපත් ලැබුවට ඔයාලගේ මුල් පරම්පරා කීපයම උපත ලැබුවේ සිංහල කාන්තාවන්ගෙන්. එක නිසා අපිට එහෙම තණ්හාවක් නම් නෑ. එත් කන බත් පතට පහරන ඔහෙලා වගේ අය ඉන්න කොට අපිටත් අපේ දේ රැකගන්න සිද්ද වෙනවා (අ)

:       0       0

චමින්ද Saturday, 30 August 2014 11:21 PM

නිශේන් පොඩි විස්තරයක් කරලා තියෙනවා ටෝනි ඇබට් ගැන.....එයට ස්තුතියි. (නි)

:       0       0

ජයනි Thursday, 28 August 2014 03:14 PM

ඉතින් බලන්නකෝ මෙතනම රණ්ඩුවක්. තව ඉඩමක් කඩමක් ඇස් ඉදිරිපිට තිබුනා නම් කොහොමද ? (අ)

:       0       0

සඳුනි Thursday, 28 August 2014 03:25 PM

ඊශ්‍රායෙල හොද රටක් ලංකාවේ හුඟදෙනෙක් එහෙ ඉන්නවා පලස්තිනයට මොනා උනාම අපිට මොකෝ (අ)

:       0       0

වසන්ත Friday, 29 August 2014 07:31 AM

බොහෝ දියුණු රටවලත් ඕනෑම කෙනෙකුට ගෙවල් ඉඩම් මිලදී ගතහැකියි නේද? (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 28 August 2014 04:11 PM

තව වසර දහයක් ගෙවෙනකොට හෙළයන්ට හුළං, (අ)

:       0       0

පද්මිනී Friday, 29 August 2014 07:58 AM

අර ද්විත්ව පුරවැසිකම් කතාවට මොකද වුනේ? මේ අයට ඒක බලපාන්නේ නැද්ද? දන්නා අයෙක් කියන්න කරුණාකර. (නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 28 August 2014 04:11 PM

පර්චස් 225ක් වික්කේ කොහොමද කියලා හොයල බැලුවොත් නේද හොඳ, (අ)

:       0       0

දිනෙල්කා Thursday, 28 August 2014 04:24 PM

දෙදෙනෙකුට එකම ඉඩම අයිති වුණේ කොහොමද කියල හොයල බැලුවා නම් නියම කෙනාට සාධාරණය කරන්න පුළුවන්නේ ඉතින්,දෙදෙනාට තිබුණේ නීතියේ සහය පතන්න මිසක් ගහ බන ගන්න නෙවෙයි (අ)

:       0       0

නිමල් ලලිත් Thursday, 28 August 2014 04:36 PM

මේ රටේ ඉන්නේ අනාගත සිංහලයන්ව තම මව් මෙම අනාථයන් අසරණයන් කරන සිංහල ද්‍රෝහියන්. එදා ජාතියේ මුර දේවතාවුන් ගෙන් වැඩිම දෙනෙක් අද මර නින්දේ. දවසින් දවස සිංහලයාට මේ රටේ ඉඩම් අහිමි වෙනවා. මේ අදහස ජාතිවාදී යන කියන අය කොළොඹ නගරයේ ඉඩම් සිංහලයන්ගෙන් වෙනත් අයට පත්වී ඇති සැටි සොයා බැලුවහොත් හොඳයි (අ)

:       0       0

නිෂාරක් කුවේට් Thursday, 28 August 2014 04:37 PM

දෙදෙනාම ලංකාව ට එපා කරපු මිනිස්සු ඒ වගේම භයානක මිනිස්සු කවුද ඉඩම් විකුනුවෙ (අ)

:       0       0

ද සිල්වා Friday, 29 August 2014 08:18 AM

රැකව කලමටියය පැත්තේ ඉන්නවා කීප දෙනෙක් මේ සුද්දන්ට ඉඩම් විකුණලා කියක් හෝ හම්බ කරගන්න. සමහරු එතනින් නවතින්නේ නැහැ කලපුවේ රක්ෂිතයත් පස් පුරවා වැටවල් ගසා සුද්දන්ට අල්ලලා දීලා. දැන් සුද්දෝ ඉඩම් වල හෝටල් හදලා ඒවා පාලනය කරන්නෙත් මෙයාල තමා. දැන් මේ පැත්තේ ලංකාවේ මිනිහෙක් හෝටලයක් කරන එක බොරු සුද්දන්ගේ සල්ලි වලින් සහ එ් හරහා ලබාගත් දේශපාලන බලයෙන් පිම්බුණු මේ මිනිස්සු නිසා මේ පළාත් විනාශවී ඇත (නදී)

:       0       0

නිමල් ලලිත Thursday, 28 August 2014 04:43 PM

නිසර්,මේ සිංහල කියන ජාතිය එදා සිටම රැකුණේ ලෙයින්,මසින්, ජීවිත පුජාවෙන්... අනාගතයටත් එයම සිදුවේවි. (නි)

:       0       0

නිසාර් Thursday, 28 August 2014 04:44 PM

සදුනි, ඔබට දෙමවුපියන්, සහෝදර සහෝදරියන් නැද්ද? (නි)

:       0       0

ඉන්දික Thursday, 28 August 2014 04:57 PM

අපේ රට ඔක්කොම පිට රටට විකුණන් කන්න තමයි අපේ පාලකයෝ බලන් ඉන්නේ . කවදාවත් ඒවා නවත්තන්න නීති ගේන්නේ නෑ. එහෙම නීති ගෙනාවොත් එයාලට රට විකුණගෙන කන්න බෑ නේ !!!!! (අ)

:       0       0

පැරා Thursday, 28 August 2014 05:18 PM

මගේ ඉඩම දෙනවා කොටි 2 කට, සේර්ෆින් බීච් 1ක්, ලංකාවේ 1ම එක .(අ)

:       0       0

ශාන්ති Thursday, 28 August 2014 06:12 PM

ඇත්ත ඇයි අපේ මව් බිම අපි පිට රැටියන්ට විකුනන්නේ ,මෙය වහා නතර කල යුතුයි (අ)

:       0       0

සුගුනවති Thursday, 28 August 2014 06:43 PM

ශාන්ති අපේ සිංහල වැදගත් අය අම්මත් විකුණන් කන පුද්ගලයෝ, ..එක ඉඩම දෙන්නෙකුට නෙවෙයි 10 කට විකුණයි..සල්ලි වැඩිපුර හම්බවෙනවා නම් පිටරට නෙවෙයි අපායේ ඉන්න අයටත් විකුණයි ..පේනවා නේද මුස්ලිම් පොරවල් රටේ බොහොමයක් දැන් අරගෙන තියෙන හැටි (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 August 2014 07:07 PM

කසුන් ඔබ ගැන හරිම ආඩම්බරයි , සමස්ථ නිසාර්ලටම සුදුසුම පිළිතුර දීල තියෙනවා මේකට තව ටික එකතු කලොත් හොඳයි කියල මට හිතුන , මෙයාල වෙළ හෙලදාම් කරලා අපෙන් දියුනු වෙලා අපේ ඉඩම් මිලට අරගත්තට කවදාවත් මෙයාලඒ ඉඩම් අපිට නැවත විකුණනවද ? ඉතාමත් සුක්ෂම විදියට මෙයාල ලංකාවේ භූමිය අල්ලාගැනීමේ කුමන්ත්‍රණයක නිරත වෙලා ඉන්න ගමන් අපෙන් අහනවා නිදහස් සුළඟත් අපිම බෙදාගන්න හදනවද කියල , මෙයාල කටින්ද කතා කරන්නේ ? (අ)

:       0       0

ලංකා Thursday, 28 August 2014 10:20 PM

මේකේ කැත වැඩේ කරලා තියෙන්නේ අපේ අය. එකම ඉඩම දෙදෙනෙකුට විකුණලා (නි)

:       0       0

කුමාරන Thursday, 28 August 2014 11:18 PM

අපි කවුරුවත් මේ ලෝකයට එනකොට කිසිවක් රැගෙන ආවේ නැහැ. (නි)

:       0       0

දිලන්ති Friday, 29 August 2014 12:05 AM

මේනක, දැන් අපි ඔක්කොම මෙතන අදහස් ලියන්න ඕනෑ ඔයාට ඕනෑ විදියටද? ඔයා කාන්තාවක් එක්ක මොකද්දෝ පරණ තරහක් පිරිමහගන්න මෙතන ලියනවා වගෙයි මට පෙනෙන්නේ. (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර Friday, 29 August 2014 01:04 AM

නිසාර්, නස්රි, මොනවාද ඔය අය මේ දොඩවන්නෙ? මේක ජාතියක් අතර ගැටුමක් නොවේ. එකම ජාතියෙ අයත් (සහෝදරයො පවා) ඉඩකඩම් වලට මරාගන්නෙ නැද්ද? ඔහොම පටු විදියට බලන්න එපා. විදේශිකයන්ට ඉඩම් විකිණීමයි වැරදි (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 29 August 2014 01:00 PM

තව ටික කලක් ගිහිල්ල සීගිරියත් ගල් කොරියකට විකුනයි (නදී)

:       0       0

භානු Friday, 29 August 2014 02:05 AM

විදේශිකයන්ට ඉඩම් විකුණන එකට පිළියම් පටන්ගන්න ඕනෑ පොඩි තැන් වලින් නෙමෙයි ලොකු තැන් වලින්. ඒවාට ඇස් කන් වහගෙන ඉඳලා තමන්ගේ පුද්ගලික ඉඩම් විකුණන පොඩි කෙනාට දොස් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

වාසනා Friday, 29 August 2014 02:41 AM

ලැජ්ජා නැද්ද මන්දා ගුටි ඇනගන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1731 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1087 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1638 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1146 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1133 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site