(අංජුල මහික වීරරත්න)
සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් මහජන උපයෝගීතා කොමිසම පිහිටි ගොඩනැගිල්ලට පිවිසුනේ කෙසේද යන්න හා එම අවස්ථාවේ තමන් එහි සිටින බව ඔවුන් දැන ගත්තේ කෙසේද යන්න සොයා බලන ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු මුදල් අමාත්‍යාංශයෙන් හා ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කර ඇත.
මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපති උදේනී වික්‍රමසිංහ මහතා සහ එහි සාමාජික මහාචාර්ය මොහාන් සමරනායක යන මහත්වරුන් මෙම ඉල්ලීම කර තිබේ.
සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් තමන්ට තර්ජනය කළේ යැයි කියමින් මහජන උපයෝගීතා කොමිසමේ මෙම සාමාජිකයන් දෙදෙනා කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර කර තිබිණි.
කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි මෙම ගොඩනැගිල්ලට කිහිපදෙනෙකු පැමිණ මහජන උපයෝගීතා කොමිසමේදී ගත් තීන්දු තීරණ ගැන ප්‍රශ්න කරමින් තර්ජනය කළ බවත් එම අවස්ථාවේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පවා එහි සිටි බවත් ඔවුන් තර්ජනය කරන ආකාරය එම පිරිස පවා දුටු බවත් මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබේ.
එදින තමන් එහි පැමිණි බව දැන සිටියේ කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීන් බැවින් මෙම තොරතුර සිවිල් සමාජ ක්‍රියාකාරීන් යැයි කියන පිරිස දැන ගත්තේ කෙසේද යන්නත් මාධ්‍යයත් රැගෙන ඔවුන් කොමිසමට පැමිණියේ කෙසේද යන්නත් වහාම සොයා බැලිය යුතු බව පැමිණිලිකරුවන් ප්‍රකාශ කර ඇත.
කොමිසමේ ම පිරිසක් ජනතාව කුපිත කොට තමන්ගේ ජිවිත වලට තර්ජනය වන ආකාරයේ වැඩපිළිවෙලක නිරතවන බවට සැකයක් මතු වන බව ද ඔවුන් කියා තිබේ.
එම නිසා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස සාමාජිකයන් දෙදෙනා පොලිසියෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිටස්තරයින් කොමිසමට ආවේ කොහොමදැයි හොයන්න කියයි
කොම්පියුටර් දූපත් වැසියා Monday, 23 January 2023 03:59 PM
කොමිසමේ ලොක්කා ගේ අතීත පැටිකිරිය දන්න අයට නම් ඔක අමුතුවෙන් හොයන්න දෙයක් නොවෙි.
රංජන් Monday, 23 January 2023 07:13 PM
තල වැපුරූ කල තල ලැබේ.
දිමුත් Tuesday, 24 January 2023 10:15 AM
මොහාන් සමරනායකගේ අතීත පැටිකිරියත් දන්නෝ දනිති!