IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පෝට් සිටි පරිසර වාර්තාවට උසාවියෙන් සහතිකයක්

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ  (පෝට් සිටි) පළමු අදියර සඳහාවූ පාරිසරික ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන්  රජය සාධනීය පියවර ගෙන ඇති බව පෙනී යන්නේ යැයි අභියාචනාධිකරණය අද (25)  ප්‍රකාශ කළේය.

නව පරිසර වාර්තා කැඳවීම, අදහස් දැක්වීමට ජනතාවට අවස්ථාව ලබා දීම, ජනතාව දැනුවත් කිරීම, තාවකාලිකව එම ව්‍යාපෘතිය අත්හිටුවා තිබීම යනාදිය එම සාධනීය පියවර බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප‍්‍රකාශ කළේය.

එබැවින් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් රජය විසින් යම් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී එය අභිබවා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් රජයට නැතැයි ද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ( පෝට් සිටි) අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් කැඳවූ විනිසුරු මේ බව කියා සිටියේය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ නීතිපතිවරයා නම්කරනු ලැබ සිටියි.

නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය සහ කැඳවා ඇති පරිසර තත්ත්ව වාර්තා සම්බන්ධයෙන් තමා සෑහීමකට පත්නොවන බවය.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව පරිසර තත්ත්ව වාර්තා කැඳවන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇති සහනය දැනටමත් ලැබී ඇති බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම නැවත සලකා බැලීම ලබන මාර්තු මස 16 වැනි දිනය කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

කොළඹ ගාලූමුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් පෙන්වා දේ.ඒ සම්බන්ධයෙන් කැඳවා ඇති පරිසර තත්ත්ව වාර්තාවෙහි සඳහන් සීමාව ඉක්මවන අක්කර ප‍්‍රමාණයක් පිරවීමට චීන සමාගම කටයුතු කර ඇතැයි පෙත්සමේ සඳහන් වේ.

එබැවින් දැනට කැඳවා ඇති පරිසර තත්ත්ව වාර්තා වෙනුවට නව පරිසර තත්ත්ව වාර්තා කැඳවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගකරන ලෙසත්මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කර ඇති නීතිවිරෝධී සියලූ ගිවිසුම් අහෝසි කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවිද්‍රනාත් දාබරේ මහතා ද ,නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සෙලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා පෙනී සිටි සිටියේය.



අදහස් (0)

පෝට් සිටි පරිසර වාර්තාවට උසාවියෙන් සහතිකයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 492 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 235 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1612 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 418 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2490 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37142 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site