IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පෝට් සිටි රහස ටීඑන්ඒ කියයි

දකුණු සුඩානයේ 70%ක තෙල් නළ පද්ධතිය වසර 50කින් කොළඹ හරහා චීනයට රැගෙන යාමේ යටි අරමුණින් චීනය කොළඹ ගාලූ මුවදොර මුහුදු නගරයක් ඉදි කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමු විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.ශ‍්‍රීධරන් මහතා වව්නියාව කුරුමන්කාඩුවේ පක්‍ෂ කාර්යාලයක් විවෘත කරමින් කීවේය.

මුහුදු නගරයක් කියන්නේ ලොව බලවත්ම රටවලටත් මෙන්ම ප‍්‍රාන්ත රටවලටත් අනතුරු දායක දෙයක් චීනය මෙම ප‍්‍රදේශවලට ඇවිත් තම පාදය ඉතා ගැඹුරට තියලා මෙච්චර ඉඩ ප‍්‍රමාණයක් අරන් යුවාන් කෝටි ගණනක් මුදල් ආයෝජනය කර එමඟින් නගරයක් ස්ථාපිත කරන්නේ ඇයි? ඇමරිකාව සහ ඉන්දියාව මේක සුළු කොට සලකන්නේ නැහැ මේක හොඳ දෙයක් කියලා යුරෝපීය රටවල් හිතුවෙ නැහැ. ඒ අය දීර්ඝව කලපනා කළා. ආයුධයක් නැතිව ලේ වැගිරීමක් නැතිව ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පරාජය කිරීමේ න්‍යාය පත‍්‍රයක් ඒ රටවලට තිබුණා ඒ සඳහා අප භාවිතා කළා නොවේද? මේ පිළිබඳව වත්මන් රජය ගැඹුරින් සිතිය යුතුයි.

 



අදහස් (0)

පෝට් සිටි රහස ටීඑන්ඒ කියයි

උපාලි Tuesday, 27 January 2015 08:10 AM

යුද්ධයේදී අපිට උදවුකළ රටවල් දැන් අපිට හොඳ නැතිවෙලා (නි)

:       0       0

ලෝහිත Tuesday, 27 January 2015 08:11 AM

චීනය කියන්නෙත් දුප්පත් රටවල් හුරාගෙන කන බලවතෙක් තමයි. එයාලා ලංකාවත් හුරාගෙන කන්න තමා හදන්නේ.අපේ රටේ අදායමෙන් ලොකු පංගුවක් දැනටම එයාලා අරගන්නවා. (නි)

:       0       0

කිර්ති Tuesday, 27 January 2015 08:12 AM

චීනය අපිට හිතවත් බෞද්ධ රටක්. නළ වලින් තෙල් අරගෙන ගියාට අපිට කරදරයක් නැහැනෙ. දැන් ඉරානය ඇවිල්ලා උමා ඔය ව්‍යාපෘතිය කරන්න ගිහින් වෙලා තියෙන දේ පේනවා නේද? ඉහළ ප්‍රදේශ වල ජල උල්පත් හිඳිලා ගිහින්. ඒවා ගැන කවුරුත් කතා නැහැ. (නි)

:       0       0

හසිත් Tuesday, 27 January 2015 08:16 AM

සෙනෙවි , කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරුන කෙනෙක් නම් හිටියා. හැබැයි එයා දැන් ඇමතිතුමෙක් නෙමෙයි. එයාට ඉතින් කාටහරි කිවිසුමක් ගියත් ඒක බටහිර කුමන්ත්‍රණයක් තමයි. (නි)

:       0       0

දමිත් Tuesday, 27 January 2015 08:16 AM

එකපාරක් වරද්දාගත්තා ඉන්දියාවට පිටුපා ඇමරිකාව බදාගන්න ගිහින්. මුළු ජාතියම අවුරුදු 35 විතර වන්දි ගෙවුවා ජීවිත දේපළ වලින් පවා. දැන් උත්සාහ කරනවා ඉන්දියාවේ කරෙන් ඇමරිකාව අල්ලන්න.බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

බර්නාඩ් Tuesday, 27 January 2015 08:22 AM

ඡන්දයට පෙර 95% පෝර්ට් සිටි එකට කැමති නැහැ. දැන් කැමතියි. අදහස් බැලුවහම ඒක පේනවා. මොකද්ද මේකට හේතුව? (නි)

:       0       0

රුවන් Tuesday, 27 January 2015 08:23 AM

සෙනෙවි, ඔය අහවල් ඇමතිතුමාගේ කටින් පිටවුණ දෙඩවිලි විශ්වාස කරන උදවිය තවමත් ලංකාවේ ඉන්නවානේ හැබෑටම! (නි)

:       0       0

කුමාරන Tuesday, 27 January 2015 08:33 AM

ඉතින් අප්‍රිකානු තෙල් ඇමෙරිකාවට සහ යුරෝපයට විතරද ගන්න පුළුවන්? චීනය ගත්තට අපිට මොකෝ.අනික අපේ රට හරහා තෙල් නළ යනවා නම් ඒකෙන් අපිටත් ගන්න පුළුවන්නේ. (නි)

:       0       0

ආර්. රාජ් Tuesday, 27 January 2015 08:36 AM

චීනය කියන්නේ වර්තමානයේ ලෝකයේ රටවල් අතරින් වැඩිම වෙළඳ ශේෂයක් හිමි රටයි.වෙළඳ ශේෂය වැඩිවෙන්න ‍වැඩිවෙන්න රටක ආර්ථිකයට වෙන හානිය ආර්ථික විද්‍යාව දන්නා අය දන්නවා. ඉතින් එහෙම රටවල් තම රටවල අතිරික්තය වෙනත් රටවල ආයෝජනය කරනවා. එමඟින් වැඩි ලාබයක් බලාපොරොත්තු නොවන අතර වෙළඳ ශේෂයේ අතිරික්තය මඟින් වන ආර්ථික හානිය අවම කිරීම තමා ප්‍රමුඛ අරමුණ. ඉතින් බටහිර හා වෙනත් ආය‍ෝජන බැංකු මඟින් ණය දෙන්න අකමැති කරුණු සඳහාත් චීනය අපට ණය දුන්නා. ඉතිං අපි නැතිවුණා කියලා චීනය එයාලගේ ආර්ථික කරුණු නැති කරගන්නේ නැහැ. එයාලා එයාලගේ ආයෝජන වඩා උපායශිලී අයුරුන් තෝරාගත් රටවලට අරගෙන යයි. (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Tuesday, 27 January 2015 08:49 AM

ලංකාවට විරුද්ධව යුද අපරාධ ගෙන ආ හැම වේලාවකම චීනය ලංකාවට සහාය දුන්නා. (නි)

:       0       0

වික්‍රම Tuesday, 27 January 2015 08:49 AM

යුද්ධයට උදවු කළේ චීනය විතරද? (නි)

:       0       0

රාම් රාජ් Tuesday, 27 January 2015 08:55 AM

රුවන් අහවල් හිටපු ඇමතිතුමා කීවා කියන පලියට එහෙම ඒවා නැතිවා නොවෙයි. දැන් බලන්න ලෝක වෙළද පලේ බොර තෙල් මිළ අඩු කරන්නේ කවුද කියලා. ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නොවේද? (නදී)

:       0       0

කසුන් Tuesday, 27 January 2015 07:08 PM

චීනය අපිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ කොන්දේසි විරහිතව සහාය පළකළා. මතක හැටියට දෙසැරයක්. අපිට චීනය ඕනෑමයි. ඔය අනෙක් කිසිම රටක් යුද්ධය වෙලාවේ අපිට උදවු කළේ නැහැ. චීනය රුසියාව තමා අපිට උදවු කළේ. කොහොමත් ඇමෙරිකාව කරන්නේ රටවල් කඩලා විනාශ කරන එක. (නි)

:       0       0

සෑම් Tuesday, 27 January 2015 09:00 AM

කීර්ති, චීනය "බෞද්ධ" රටක් කියන එක ගැන තව ටිකක් හිතා බලන්න. (බ)

:       0       0

කුමාර් Tuesday, 27 January 2015 09:03 AM

මෙයාලා ඉන්දියානු ව්‍යාප්ත වාදය තහවුරු කරන්න ටීඑන්ඒ කාරයෝ පේන කියනවා. (ස)

:       0       0

තරිඳු Tuesday, 27 January 2015 09:22 AM

චීනය තෙල් නළ ගෙනගියාට අපිට ඉඩම් නැතිවෙන්නෙ නැහැනේ. යුද්ධය වෙලාවේ අපිට ඔය ඇමරිකාව මොනවද කළ උදවු? (නි)

:       0       0

ශාමිලා Tuesday, 27 January 2015 09:31 AM

චීනයේ ඇත්ත කෙරුවාව ඔය කවුරුවත් දන්නේ නැතුවා වගෙයි (නි)

:       0       0

ලීල් Tuesday, 27 January 2015 09:35 AM

චීනය අපිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ කොන්දේසි විරහිතව සහාය පළකළා. මට මතක හැටියට දෙසැරයක්. එහෙම නොකළා නම් අද අපේ රට තවත් ඉතියෝපියාවක්. (නි)

:       0       0

ලීල් Tuesday, 27 January 2015 09:41 AM

දමිත්, නැහැ. චීනය විතරයි උදවු කළේ. ඔයා ඊයේ පෙරෙයිදා මැරිලා ඉපදුනාවද්ද? (නි)

:       0       0

කුමාර් Tuesday, 27 January 2015 09:55 AM

අපි ශතවර්ෂ එකහමාරක් සුද්දාට යටවෙලා හිටියා.චීනය කිසිම රටකට බලපෑම් කරලා නැහැ. නමුත් ඔවුන් දුප්පත් රටවලට කොන්දේසි නැතුව උදව් කරනවා. (නි)

:       0       0

සුරංග මුදියන්සේ Tuesday, 27 January 2015 10:01 AM

චීනය ලංකාවේ හොඳම මිතුරා. (නි)

:       0       0

අසංක Tuesday, 27 January 2015 10:08 AM

ඔය මුහුදු නගරය ඉතා හොඳ වැඩක්. සංචාරක ව්‍යාපාරය සහ අපේ ආර්ථිකය ඉහළටම යන ව්‍යාපෘතියක්. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 27 January 2015 10:11 AM

කොහොමත් මේ වරාය නගරය ඉදිකිරීම වහාම නැවැත්වීම අපිට හැමඅතින්ම සුබදායකයි. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 27 January 2015 10:11 AM

ඔය කතාව සුළුකොට තකන්න එපා. (නි)

:       0       0

කමල් Tuesday, 27 January 2015 11:19 AM

මේ වැඩසටහන ලංකාවට හ‍ොදක් වෙිනවාද කියලා පලමුව බලන්න. ලංකාවට තනියනේ කරන්න බැරිනමි කාග‍ේ හරි උදවුවෙන් කලාට කමක් නැහැ කියලයි මග‍ේ අදහස. (ර)

:       0       0

ලලිත් කෝදාගොඩ Tuesday, 27 January 2015 12:15 PM

මෙවන් නගර ලෝකයේ ඉතාම ජනප්‍රියයි. ඉතාම ආකර්ශනීය ආකාරයකටයි මෙම නගර නිම වෙන්නේ. කුහක ඇසින් නොදැක, බොන්නට ගන්නා ජල බඳුනේ කිඹුලන් නොදැක, සිටීමට තරම් අප දැක්ම දියුණු කරගත යුතුයි. රටේ භෞමීක අඛණ්ඩතාව රැක ගැනීමේ දූරධර්ශී සැලසුමක් විදිහටත් මෙම ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. (ර)

:       0       0

සංජය Tuesday, 27 January 2015 06:04 AM

අපිට චීනය ඕනෑමයි. ඔය අනෙක් කිසිම රටක් යුද්ධය වෙලාවේ අපිට උදවු කළේ නැහැ. චීනය රුසියාව තමා අපිට උදවු කළේ. කොහොමත් ඇමෙරිකාව කරන්නේ රටවල් කඩලා විනාශ කරන එක. (නි)

:       0       0

සුප්‍රා Tuesday, 27 January 2015 06:18 AM

අපිට මොකද වුණේ කියලා විතරක් නෙමෙයි, දැන් මොනවද වෙමින් පවතින්නේ කියලාවත් අපේ බහුතරයකට තේරුම්ගන්න බැහැ. (නි)

:       0       0

මාටින් Tuesday, 27 January 2015 06:47 AM

චීනය තෙල් නළ පද්ධතිය හැදුවහම අපිට මොකද? සමහරවිට අපිටත් ඒ තෙල් ටිකක් ලැබිලා තෙල් මිල තව ටිකක් අඩුවෙන්නත් පුළුවන්. එහෙම වුණේ නැහැ කියමු. දැන් එතකොට කියන්නේ අපිට ඉන්දියාවටයි අමෙරිකාවටයි ඕනෑ විදියට ඉන්න කියලද? අපිට හොඳක් වෙනවා නම් චීනය තෙල් නළ ගහගත්තහම මොකද? මම නම් කියන්නේ ලංකාවට හොඳක් වෙනවා නම් ඔය එක රටකවත් න්‍යායපත්‍ර අපි සැළකිල්ළට ගතයුතු නැහැ. (නි)

:       0       0

සිල්වා Tuesday, 27 January 2015 06:59 AM

චීනා පරංගියා කෝට්ටේ ගියා වගේ වැඩකරයි කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)

:       0       0

රොහාන් Tuesday, 27 January 2015 07:02 AM

යුද්ධය වෙලාවේදී අපි සමඟ සිටියේ කවුද කියන එක සමහරුන්ට අමතකවීම ගැන දුකයි. (නි)

:       0       0

නිමල් Tuesday, 27 January 2015 07:09 AM

රට දියුණු වෙනවට කැමති නැති අය එක එක කතා කියනවා. අපිටත් කියන්නේ ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕනෑ විදියට ඉන්න කියලද? (නි)

:       0       0

ලලිත් Tuesday, 27 January 2015 07:19 AM

එයාලා පුදුම විදියට දැන් රටට ආදරෙයි වගෙයි! (නි)

:       0       0

සහන් Tuesday, 27 January 2015 07:21 AM

ඔය කියන කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

සුමිත් Tuesday, 27 January 2015 07:22 AM

ඉන්දියන් අය වටේ ඉන්න කිසිම රටකට දියුණුවෙන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

සෙනෙවි Tuesday, 27 January 2015 07:31 AM

බලාගෙන යනකොට අර අපේ අහවල් ඇමතිතුමා කියන බටහිර කුමන්ත්‍රණ කතාවේ ඇත්තක් නැත්තෙත් නෑහැ වගේ. (නි)

:       0       0

අමාලි Tuesday, 27 January 2015 07:32 AM

කවුරු වුණත් කියන කතාව ඇත්ත. චීනයට ඕනෑ ඔවුන්ගේ රට ගොඩනඟන්න. අපිට ලැබෙන දෙයක් නම් ඒකත් ණයට. (නි)

:       0       0

චන්දු Wednesday, 28 January 2015 11:42 AM

රනිල් මහත්තයා ඡන්දයට කලින් මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා ඡන්දෙන් පසු එතුමාලගේ ආණ්ඩුවක් අවොත් අනිවාර්යයෙන් මේ නගරය සැදීම නවතනවා කියලා.දැන් එහෙම කරන්න පුලුවන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 378 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 119 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1815 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2322 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site