IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පාඨලී රට නංවන්න මෛත්‍රී හා රනිල් සමග

පුළුල් සන්ධානයකට අනුබල දෙමින් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරා මෙහෙයවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ වෙනසක් ඇති කර මහා සම්මතයෙන් තීන්දු ගන්නා බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සාමකාමී මැතිවරණයක් පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස්ට හා පොලිසියට ස්තූති කළ ඔහු පැවසූයේ කොට්ඨාසයකට මන්ත්‍රීවරයකු බැගින් තෝරාගන්නා මැතිවරණ ක්‍රමයකට ඇප කැප වන බවයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කොටි ත්‍රස්තවාදයට හිස එසවීම ඉඩ නොදෙන බවත් යුද අපරාධවලට ලක්වන තත්ත්වයක් ඇති නොකරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර එතෙර මෙතෙර සියලු දේශපාලන අභියෝගවලට මුහුණදී ගැටුම් ඇති නොවන පාලන ක්‍රමයක් ගෙන යන බවත් ඔහු කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කාලය එළඹ ඇතැයිද ඔහු කීය.

පාඨලී  චම්පික රණවක මහතා මේ බව පැවසුවේ අද (20) බත්තරමුල්ල එක්සත් යහපාලන ජාතික පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

web

 



අදහස් (0)

පාඨලී රට නංවන්න මෛත්‍රී හා රනිල් සමග

ගමගේ Thursday, 20 August 2015 03:19 PM

මේ දේශපාලනඥයාගේ මෙතෙක් ආ ගමනේදී ඔහු සාමාජිකත්වය දැරූ පක්ෂ කීයක් තිබෙනවාද කියන එක කාටත් අමතකයි වගේ. විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ ජවිපෙ සමග හිටියයි කියල ඔහුගේ සමකාලීනයෝ කියනවා. ඊට පස්සේ වික්ටර් අයිවන්ගේ රාවය පත්තරේට එකතුවෙලා පසු කලෙක සිංහල බෞද්ධ දේශ ප්‍රේමියෙක් හැටියට සිහල උරුමයට රිංගල එකේ නම ජාතික හෙළ උරුමය කියල වෙනස් කරගෙන බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් "මහින්ද චින්තනය" ලියන්න උදව් වෙලා සන්ධානගත වී කැබිනට් අමාත්‍යධුරයක් දරල යහපාලනයට එක්වෙලා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරලා ආයෙත් පර්ලිමේන්තුවට පත්වෙලා. දැන් ජාතික හෙළ උරුමය කොහෙද? (බ)

:       0       0

චමිලා Thursday, 20 August 2015 03:30 PM

ප්‍රදීප් , දැන් කොහෙද හෙළ උරුමයක් තියෙන්නේ ? කියන්න බලන්න මෙයාල සිංහලය වෙනුවෙන් පහුගිය මැතිවරණයේ කතා කරපු එක වචනයෙක් ? මෙයාල පුදුම බයක් තියෙන්නේ සිංහලයන් වෙනුවෙන් කතා කරන්න (බ)

:       0       0

ගයාන් Thursday, 20 August 2015 03:32 PM

මහින්ද එක්ක නැගිටින්න හදපු උන් දැන් හතරගාතනේ වැටිලා දැන් මරගාතයෙන් කියවනවා. තව ටික දවසකින් මුන් කියන්න ගත්තොත් මහින්දට ගහපිය ඕක පන්නපියි ඕකා අපිට එපා කියලා ඒ ගැනත් පුදුමයක් නෑ. දිවේ දෙකේ මිනිස්සු (බ)

:       0       0

දිලිප් Friday, 21 August 2015 04:11 AM

සාපේක්ෂ වශයෙන් ගත් කල හොඳයි කිව හැකිය. ඉදිරියේ කරන කියන දේ විමසිල්ලෙන් බලාසිටින්න. හොඳ වැඩේට හොඳ මෙන්ම නරක වැඩේට නරකයි කියන්න හැමදෙනාම හුරුවුණොත් තමයි මේ සංවාද ප්‍රතිඵලදායක වෙන්නේ. හරි තැනකට යන්න මං පෙන්වන්න පුළුවන් වෙන්නේ. කොටියා එනවා එනවා කියලා බොරුවට කෑගහන එකේ තේරුමක් නැත (නි)

:       0       0

සිල්වා Thursday, 20 August 2015 03:47 PM

අගමැතිතුමනි, මෙතුමාව නැවතත් විදුලිබල ඇමති කරන්න. ඔහුගේ දැනුම රටට යොදාගනිමු නිසි ආකාරයෙන්. (නි)

:       0       0

නිමල් Thursday, 20 August 2015 05:03 PM

චම්පික ඇමතිතුමනි, ඔබගේ නායකත්වයක් එ.ජා.පයටත් ඕනෑ කියලා මට හිතෙනවා (නි)

:       0       0

දුමින්ද Thursday, 20 August 2015 10:00 AM

තුන් කල් දැක්ම (ම)

:       0       0

ජයනාත් ශ්‍රී Thursday, 20 August 2015 06:19 PM

අර කවුද ඒ දවස් වල ලංකාවට ගොඩබැහැපු සෙන්පතියෙක් කිව්වලු "මේ රටේ පස්දෙනෙක් එක පෙළට තිබ්බහම පස්දෙනා පස්විදිහක්. ඒ අනුව මේ පස් දෙනාගේ අදහසුත් පස්විදිහක් වියයුතුයි ....මේ රට අපිට අල්ලාගන්න පුළුවන්" කියලා.මේ අදහස් බලපුවහම මට තාමත් එහෙම තමයි කියලා හිතෙනවා (නි)

:       0       0

ඇමතිය Thursday, 20 August 2015 10:13 AM

රට නංවන්න හදයිද, රට පටවන්න හදයිද දන්නේ නැහැ. (ම)

:       0       0

ප්‍රදීප් Thursday, 20 August 2015 10:18 AM

හොඳ මහත්තයෙක් වගේම හොඳ ඇමති කෙනෙක් (නදී)

:       0       0

දහම් Thursday, 20 August 2015 10:24 AM

කොරයි කියල තමයි අපිත් බලන් ඉන්නේ. (නදී)

:       0       0

ප්‍රදීප් Thursday, 20 August 2015 10:36 AM

සැමදාමක් නියම වෙලාවට නියම තීරණ ගන්න හොළ උරුමය රටක් වටී (නදී)

:       0       0

විජයබාහු Thursday, 20 August 2015 10:45 AM

අපි නොදන්නා මොනරතැන්න (නදී)

:       0       0

ශාන්ත Thursday, 20 August 2015 10:51 AM

ඔබ සියලු දෙනා ඉවසීමෙන් රට ගැන සිතා එකට වැඩ කලොත් යහපත් හෙටක් ගැන අපට බලාපොරොත්තු තැබිය හැක . ඇතිවෙන ප්‍රශ්න ඇතුලෙම විසදා ගතහොත් අප සතුටු වෙමු.(නදී)

:       0       0

බන්දුල Thursday, 20 August 2015 10:59 AM

හොඳට වැඩ කලොත් අවුරුදු 30 ක් රට කල හැකියි.(නදී)

:       0       0

සහන් Thursday, 20 August 2015 09:40 PM

එයා ගැන අපි හොඳට දන්නවා (නි)

:       0       0

සමන් Thursday, 20 August 2015 09:50 PM

මම නම් මේවා පිළිගන්නේ නැහැ (නි)

:       0       0

සුසා Thursday, 20 August 2015 11:36 AM

ඩොලර්ස් වලට රට පාවාදෙන එක්කෙනෙක් (අ)

:       0       0

ප්‍රකාශ් Thursday, 20 August 2015 11:42 AM

බලයට කෑදර,ඩොලර්වලට යටවුනු නිවට කුමන්ත්‍රණ කල්ලියක්. (අ)

:       0       0

ශානක Thursday, 20 August 2015 11:54 AM

රට කොහොමත් නංවන එක කෙසේ වෙතත් රට නැටවි. මේ වගේ වචන දෙකේ මිනිස්සු ඔය පක්සේටම තමා හොඳ තමන්ගේ වාසියට දිව හරවන කෙනෙක් (අ)

:       0       0

විජිත Thursday, 20 August 2015 11:52 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ව. ගුණසේන Thursday, 20 August 2015 12:16 PM

පාර්ලිමන්තුවේ විපක්ෂයක් නොමැතිව ඉදිරියට ගෙන යන වැඩ පිළිවලක් තිබෙනවා නම් අපුරු (නදී)

:       0       0

බිම්සර Thursday, 20 August 2015 12:16 PM

සුසා,ප්‍රකාශ් ඔබලා දන්නේ හැමෝටම ඩොලර් කාක්කෝ විදේශික ඒජන්තයෝ කියන්න පමණයි. අර චීන ව්‍යාපෘති වලින් සියයට දහයේ සිට ඉහලට ගහපු අය ඒවා ගත්තේ චීන යුවාන් වලින්ද නැත්නම් ලංකා රුපියල් වලින්ද?(නදී)

:       0       0

කැනඩා - දිසා Friday, 21 August 2015 01:00 AM

අද රටට අවශ්‍ය මේ වගේ මිනිසුන්ය (නි)

:       0       0

මිනිරාජ් Friday, 21 August 2015 01:15 AM

මුළු රටටම බුදු පිහිට ලැබේවා! (නි)

:       0       0

සිරිමල් Friday, 21 August 2015 01:25 AM

අද ගොඩක් දේශපාලකයෝ දේශපාලනයට එන්නේ තමුන්ගේ බඩ වඩාගන්න. එහෙම කරන්න එපා (නි)

:       0       0

රෝහණ Friday, 21 August 2015 01:27 AM

විවිධ කණ්ඩායම් සමඟ වැඩකිරීම අභියෝගයක්. ඉවසීමෙන් රටට, ජාතියට සේවයක් කරන්න. ඔබතුමාට ආසිරි පතමි! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 12:31 PM

ඔබ තුමා මේ පස් අවුරුදු සැලැස්ම තුල මන්නාරම් තෙල් ද්‍රෝණි ව්‍යාපෘතිය ආරම්භ කර රටට අලුත් සෞභාග්‍යක් උදාකරදේවි යයි සිතමි. (අ)

:       0       0

ද්‍ර සුනිල් ප්‍රනාන්දු Thursday, 20 August 2015 12:33 PM

එක හොරෙක්, බොරු කාරයෙක් (අ)

:       0       0

රත්නවීර Friday, 21 August 2015 06:32 AM

දක්ෂ උගත් කෙනෙක්,ඔබතුමාලා රනිල් සමඟ ලෝකය දිනාගෙන රට දියුණු කරන්න.අර පවුල කිසිම දෙකට ගාවගන්න එපා.(ම)

:       0       0

උපාලි Thursday, 20 August 2015 12:34 PM

විජයබාහු, යහපාල, සුසා,ප්‍රකාශ් සහ ශානක පව් අනේ ඔයාලට "මහින්ද අගමැති" හීන පේනවා ඇති තාමත්. (නදී)

:       0       0

ගමගේ Friday, 21 August 2015 02:17 AM

මැතිසබයේ ඉන්නම ඕනෑ කෙනෙක්. ආණ්ඩුවත් එක්ක තරහාවෙන්න නම් එපා ඔන්න. (නි)

:       0       0

සත්‍යයා Friday, 21 August 2015 02:25 AM

හෙළ උරුමයේ ඉන්න කාලේ මේගොල්ලෝ ජනතාවට මේ වගේම පොරොන්දු වුණා අන්‍ය ආගම් හැරවීම වළක්වන පනත පාර්ලිමේන්තුවට ගේනවා කියලා. කැසිනෝ පනතට විරුද්ධව අත උස්සනවා කියලා. අන්තිමට ඒ ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු මිනිසුනට වුණේ මොකක්ද? (නි)

:       0       0

ශානක Thursday, 20 August 2015 01:16 PM

උපාලි ඔයාට මම ලියපු එකවත් තෝරගන්න බැහැ වගේ නේද ? (නදී)

:       0       0

දිනේෂ් Thursday, 20 August 2015 01:24 PM

හොරකන් කරන්න නම් මණ්ඩලේ මේ විදියට සුද්ද කරන්නේ නැහැනේ.(නදී)

:       0       0

මහින්ද Thursday, 20 August 2015 01:25 PM

ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න එකම අවංක දක්ෂ ඇමතිතුමා. (නදී)

:       0       0

සන්තුෂ් Friday, 21 August 2015 02:52 AM

පවත්නා දේශපාලන ප්‍රභවය තුළ රට සහ අප කන නායකයින් මිස රටට හිතැති නායකයින් පහළවන්නේ නැත. මේ සියළුම දෙනා අපගේ සේවකයින් වීමට ඡන්දය රැගෙන අපව සූරාකන තළාපෙලන දේශපාලනඥයින් බව අමතක නොකරන්න. වෛරය මත දේශපාලන පිල් මාරුකර වෛරයම වපුරන සමහර දේශපාලනඥයින් රටට තබා ඔවුන්ටවත් හිතකර නොවේ. (නි)

:       0       0

උපුල් Thursday, 20 August 2015 02:05 PM

බොහොම අගෙයි (නි)

:       0       0

සම්පත් Friday, 21 August 2015 03:17 AM

අපි බලමුකෝ ඉදිරියට වෙන දේ (නි)

:       0       0

අජිත් Friday, 21 August 2015 03:23 AM

සන්තුෂ් කියන දේ ඇත්ත. (නි)

:       0       0

වසන්ජය Thursday, 20 August 2015 02:34 PM

ඊළඟ පිම්ම කොහෙටද? (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 20 August 2015 03:02 PM

දැන් මෙතුමාට සිංහල බෞද්ධ අයිතිය, සුද්දා එදා වතු අධිරාජ්‍යය හැදීමේදී වතු වලින් පැන්න සිංහලයන්ගෙන් පැවතඑන්නන් ගැන එහෙම කතා මතක්වෙන්නේ නැද්ද? සෝභිත හාමුදුරුවෝ 1987 දී පැවසූ දේ සහ ඔබ එදා පැවසු හොඳට මතක ඇති මිනිහෙක් මම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 101 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 229 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 266 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 593 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 449 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1466 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14599 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 191 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site