IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොඩිකාලෙ ඉඳන්ම මට ඇහුණෙ සංගීතය

20160325-ent-61

ඇයගේ මියුරු ගී හඬ අසෙන හැම සවන් නිතැතින්ම ඒ වෙත ඇදී එනවා. සිය පියාණන් වූ පේ‍්‍රමදාස මුදුන්කොටුව මහතාටත් කුමාරි බෝතොට මහත්මියටත් ලද දායදයක් බඳු සංගීත ක්ෂේත්‍රයේ උරුමයන් සහජයෙන් උපන් ගායන හැකියාවත් සමග සංගීත ක්ෂේත්‍රයට පැමිණි ඇය සමිතා එරන්දතී මුදුන්කොටුව නම් සොඳුරු ගායන ශිල්පිනියයි.

01. පොඩි කාලෙ ඉඳන්ම මම හැදුනෙ කලා පරිසරයක තාත්තගේ සංගීත ආභාසයෙන් තමයි සංගීතයට නැඹුරු වුණේ. මගෙ අම්මයි තාත්තයි දෙන්නම සංගීත ශිල්පීන් යුවළක්. ඒ නිසා පොඩිකාලෙ ඉඳන්ම මට ඇහුණෙ සංගීතය. ඉන්දියාව හා අනුබද්ධිත ලංකාවෙ ප‍්‍රථම කලායතනය වන එරන්දතී ලලිත කලායතනයත් මගෙ තාත්තගෙ. ඒ නම තමයි මටත් දාලා තියෙන්නේ. මම අවුරුදු 11දී තමයි සංගීත උපාධිය කරන්න පටන් ගත්තෙ. අවුරුදු 16දී ලංකාවෙ ලාබාලතම සංගීත විශාරදවරියක් වුණා. ඒක මගේ ජීවිතේ ලැබුනු ඉහළම සතුටක්.

 

02. 1988 දී තමයි මගෙ ප‍්‍රථම ටෙලිනාට්‍ය ගායනය සිදු කළේ. ඒ වෙද්දි මම ඉගෙනගත්තෙ 9 වසරෙ. ගංගා සහ නිෂ්ශංක ටෙලිනාට්‍යයේ "සිනා පිපෙනා මේ වසන්තය" ගීතය තමයි ගායනා කළේ. ඒ සඳහා මට ආරාධනා කළේ රෝහණ වීරසිංහ අයියා සහ ලක්ෂ්මන් විජේසේකර අයියා. ඒ වෙද්දි එයාලා මගෙ තාත්තව දැනගෙන හිටියෙ. ඒ මාර්ගයෙන් තමයි මම ඒ ගීතය ගායනා කරන්නෙ. පාසල් නිමවෙලා පාසල් නිල ඇඳුමින්තමයි මම ගීතය පටිගත කරන්න අම්මත් එක්ක ගියේ. නුගේගොඩ ස්ටුඩියෝ එකකට. ඒ දවස මට අද වගේ මතකයි. හරිම සතුටක් හිතට දැනුණා.

 

03. මම O/L කරන කාලෙ 1989 දි මගෙ ප‍්‍රථම ටෙලිනාට්‍ය රංගනයට දායක වුණා. ඒ "ඉර පායා” ටෙලි නාට්‍යයෙ. ඒක සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළේ ලාදුරු රෝගීන් පිළිබඳව. ඒ කාලෙ මම පාසල් යන නිසා පාසලෙන් අවසර ලබාගන්නත් වුණා. පාසලේ වැඩ මම හොඳින් කරපු නිසා අපේ විදුහල්පතිනිය පද්මිනි ෆොන්සේකා මහත්මිය මට කිසිම ප‍්‍රශ්නයක් නැතිව අවසරය ලබා දුන්නා. ඒ සඳහා මාව සම්බන්ධ කරගත්තෙත් රෝහණ වීරසිංහ අයියා සහ ලක්ෂ්මන් විජේසේකර අයියා. "ඉර පායා"ගීතයෙන් තමයි පේ‍්‍රක්ෂකයො මාව දැනගත්තෙ. එය මා ලැබූ විශාල ජයග‍්‍රහණයක්. ඒ වසරෙදිමයි මම සාමාන්‍ය පෙළත් කළේ. එයත් මම හොඳින්ම සමත් වුණා. ඒ වර්ෂය මට සුවිශේෂ අවුරුද්දක්. ගොඩක්ම සතුටු වුණා.

 

04. 1989 වර්ෂයේම ABU ගෝල්ඩන් කයිට් වර්ල්ඞ් සෝන්ග් ෆේස්ටිවල් එකට සහභාගි වුණා. ඒ සඳහා ලංකාවෙ තරග වට 03ක් තිබුණා. මගෙත් එක්ක ගොඩක් කට්ටිය එයට සහභාගි වුණා. ඒ තරග වට තුනෙන්ම මම ප‍්‍රථම ස්ථානය ලබා ගත්තා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් තමයි ඒ තරගය පැවැත්වුවෙ. ABU ගෝල්ඩන් කයිට් වර්ල්ඞ් ෆෙස්ටිවල් එක පැවැත්වුණේ මැලේසියාවෙ. රටවල් 177ක් එයට පැමිණියා. එය තමයි මගෙ පළමු විදේශ සංචාරය. ඒ වගේම පිටරටක වේදිකාවකට නැගපු පළමු අවස්ථාව. ඉතින් ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ. හරිම සතුටක් තමයි දැනුණෙ. කියන්න බැරි තරම්.

 

05. මම A/L උසස් ලෙස සමත් වීම මගේ ජීවිතේ ලබපු ඉහළම සතුටක් වුණා. කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙ තමයි මම ඉගෙනගත්තෙ. මට A/L වලට ලැබුණු ලකුණු මට්ටම අනුව සෞන්දර්ය්‍ය අධ්‍යන ආයතනයටත්, කැළණි විශ්වවිද්‍යාලයටත් දෙකටම ඇතුළත් වෙන්න සුදුසුකම් තිබුණා. නමුත් මම තෝරාගත්තේ සෞන්දර්ය අධ්‍යන ආයතනය. ඒ සඳහා ඇතුළත් වුණ දවසෙ මට ලොකු සතුටක් දැනුණා. ඒක වචනවලින් විස්තර කරන්න බැරි තරම්.

 

06. 1996 ජුනි 20 මගෙ ජීවිතේ ලබපු ඉහළම සතුටක්. ඒ මගේ දුව ලැබුණු දවස. ඒ දවසෙ මුළු ලෝකෙම ජයගත්තා වගේ දැනුණෙ. මොකද ඒ මගෙ දුවගෙ මූණ දැකපු දවස. අම්මා කෙනෙක් වුණ ප‍්‍රථම අවස්ථාව. ඒ දවසෙ වචනවලින් නිම කරන්න බැරි තරමේ සතුටක් දැනුණෙ. ඒ වගේම තමයි මගෙ පුතා ලැබුණු දවස. ඒ 2002 නොවැම්බර් ඒ දවසෙත් මට කියන්න බැරි තරම් සතුටක් හිතට දැනුණෙ. 1996 සහ 2002 වර්ෂ දෙක මගෙ ජීවිතේ සුවිශේෂී වසර 02ක්.

 

07. මමත්, දුවත්, පුතත් අපි තුන්දෙනාගෙ ලෝකෙ ගොඩක් සතුටින් ජීවත්වෙන එක තමයි මම ලබපු අවසාන සතුට. කොයිතරම් ප‍්‍රශ්න ආවත් මම වගේම මගෙ ළමයි දෙන්නත් කොයි වෙලාවකවත් සැලූණෙ නෑ. ඉදිරියටම ගියා. අපි තුන්දෙනා හරිම සතුටින් ජීවත් වෙනවා. ඒක තමයි මගෙ ජීවිතේ දැන් ලබන ඉහළම සතුට.

 

ධනු විජේරත්න / ඡායාරූප - සඳුන් ගමගේ

 

 

20160325-ent-60
20160325-ent-62
 



අදහස් (0)

පොඩිකාලෙ ඉඳන්ම මට ඇහුණෙ සංගීතය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 5 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 17 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 285 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 593 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 431 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 330 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site