IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘පාඩුව පිරිමහින්න බෑ - දෙමළ සංස්කෘතියට මරු පහරක්‘

ඓතිහාසික වටිනාකමකින් යුත් යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා විනාශ කිරීම දෙමළ සංස්කෘතිය විනාශ කිරීමක් ලෙසට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා කීවේය. යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා විනාශ කොට ඉරිදාට (31) දිනට වසර 34ක් ගෙවෙන අවස්ථාවේදි ඒ පිළිබඳව එදා පුස්තකාලයට ගිනි තැබීමේ සිදුවීම කාලවකවානුවේදී සිටි නිලධාරියෙකු වශයෙන් අත්දැකීම් පිළිබඳව විමසීමේදී පළාත් සභා සභාපතිවරයා මේ බව පැවසීය.

1981 මැයි මස 31 වනදා රාත‍්‍රියේ යාපනය මහජන පුස්තකාලයට ගිනි තැබුණු අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ වෙනත් මහජන පුස්තකාලවලට මෙන්ම ලොව කිසිදු පුස්තකාලයක දක්නට නොලැබෙන ඉතා වටිනා ග‍්‍රන්ථ සමූහයක් එහි තිබූ බවත් ලක් ඉතිහාසය විදහා දැක්වෙන හා දෙමළ ජනතාවගේ සම්පූර්ණ වංශ කතාවන් විදහා දැක්වූ ග‍්‍රන්ථ වලින්ද යුක්ත වූ යාපනය පුස්තකාලය එදා ගිනි තැබීමෙන් සිදු වූ හානිය කියා නිම කළ නොහැකි බවත් ඔහු කීවේය.

පසුගියදා ඉන්දීය අගමැති මෝදි යාපනයේ සංචාරයේදී මහජන පුස්තකාලයට පැමිණ එදා යාපනය පුස්තකාලයට ගිනි තැබීමෙන් දෙමළ ජනතාවගේ සංස්කෘතිය වැලලී ගිය බව පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

‘පාඩුව පිරිමහින්න බෑ - දෙමළ සංස්කෘතියට මරු පහරක්‘

වැකෝ Monday, 01 June 2015 09:48 AM

පුස්තකාලයකට ගිනිතැබීම කිසිසේත් අනුමත කළ නොහැක.(ම)

:       0       0

දුමින්ද Monday, 01 June 2015 10:05 AM

දෙමල නිජ බිම ගැන ගොතපු දේවලුත් තිබුනලු නේද (බ)

:       0       0

විමුක්ති රාජසිංහ Monday, 01 June 2015 10:06 AM

ඔව්. මේ ගිනිතැබීම නිසා දෙමළ නිජ බිම් සංකල්පය තහවුරු කර ගන්න ඊළාම් වාදීන්ට හැකියාව ලැබුණා. ද්‍රවිඩ ජනතාව මේ රටට දකුණු ඉන්දියාවෙන් පැමිණි කාල වකවානු සඳහන් වෙලා තිබුණු ඓතිහාසික ලේඛන සියල්ලම මේ ගිනි තැබීමෙන් විනාශ වුණා.(ම)

:       0       0

චතුර Monday, 01 June 2015 05:32 PM

අපිත් දැන් කොටි දළදා මාළිගාවට බෝම්බ ගහපුවා , ශ්‍රී මහා බෝධියට වෙඩි තියපුවා සමරන්න පටන් ගන්න ඕනෑ. හැබැයි අපි කළොත් ඒක ජාතිවාදි කියයි. (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 01 June 2015 10:15 AM

වකෝ මහතා හරි කිසිසේත් අනුමත කළ නොහැක . කවුද මේක කළේඇත්තටම ? 1983 කළු ජුලියද ශ්‍රී ලංකාවේ වැදගත් බාවයට බලපෑම් අතර අවි ගත් ත්‍රස්ත වාදයට වේගවත් ආරම්භයක් ලබා දුන්නේය .(ම)

:       0       0

සෑම් Monday, 01 June 2015 10:17 AM

ඉතාම ජාතිවාදී අදහස් තිබුණ ප්‍රබල ඇමති කෙනෙකුත්, එයාගේ මැර ගෝලයන් සහ එකල ප්‍රබලව තිබුණ වෘත්තීය සමිතියකට සම්බන්ධ මැරයන් පිරිසකුත් කොළඹ සිට ගිහිල්ලා තමා මේ අපරාධය සිදුකළේ (ම)

:       0       0

චන්ද්‍රා Monday, 01 June 2015 10:36 AM

මේ පුස්තකාලය ගිනි තිබ්බේ කවුද කියල දෙමල ජනතාවත් අපිත් දන්නවා. (ස)

:       0       0

රුක්ෂාන් Monday, 01 June 2015 07:10 PM

මේක කාගේ හපන්කමක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

නුවන් Monday, 01 June 2015 10:41 AM

මෙයා දැන් මොකාටද මේ එන්න හදන්නේ. ඇයි මේ මොකද පරණ දේවල් ආයෙත් අවුස්සගෙන එන්නේ ? ත්‍රස්තවාදීන් අරන්තලාවේ පිළිවෙත් පුරන භික්ෂුන් ඝාතනය කළා, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක සිල් ඇත්තන් ඝාතනය කළා, දළදා මාලිගාවට බෝම්බ තිබ්බ, යාල් දෙවි දුම්රිය පිපිරෙවුවා, මහ බැංකුව පිපිරෙව්වා, පාඩුව පිරිමහින්න පුළුවන් ඇති. මේ පුස්තකාලය තමයි පාඩුව පිරිමහින්න බැරි. අනේ නිකන් පව් දෙන්නේ නැතිව ඉන්නවා. (ම)

:       0       0

නාමල් Monday, 01 June 2015 10:56 AM

පුස්තකාලය ගිනි තිබ්බේ දකුණෙන් ගිය දේශපාලන මැරයෝ.. ඒක දකුණේ අය නිහතමානීව පිලිගත යුතුයි...(ම)

:       0       0

ශාන සෞදි Monday, 01 June 2015 11:02 AM

යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා විනාශ කලේ කොටි. ඕක ගිනි ගත්තට නැති උනේ පොත් විතරයි. කොටි බෝම්බ ගහල වෙඩි තියල විනාස කරපු අහිසක ජීවිත වලට කවුද වන්දි ගෙවුවේ? ගෙවන්නේ? (ස)

:       0       0

නලිනි Monday, 01 June 2015 11:26 AM

ඕකට ගිනිතිබ්බේ කොටි .දැන් එ්කත් අපිටද? ඉන්දියාවෙන් දෙන උපදෙස් මත. (ස)

:       0       0

ලලිත් Monday, 01 June 2015 11:44 PM

අනේ අපි නොදන්නා මෝදිලා. දැන් ආයෙත් කොටවන්න හිතාගෙන සංස්කෘතිය වැළලුනු එක ගැන කියවනවා. එයාල පොහොර දාලා ඇතිකරවපු යුද්ධය නිසා වැළලුනු සිංහල දෙමළ ජීවිත ගැන කතාවක්වත් නැහැ. මේපාරත් ලංකාව එයාලව පසුකරගෙන යයි කියලා බයේ තව පාරක් අවුලුවන්න බිජ වපුරනවා. මට නම් ඔය බූවල්ලෝ පෙන්නන්න බැහැ. දැන්වත් ඔය මෝදිලව බෝධිසත්වයෝ කියලා කරතියාගෙන නටන එක නතර කරගත්තේ නැත්නම් එයාලා ආයෙත් වාරයක් අපිව තවත් තිස් අවුරුදු යුද්ධයකට තල්ලුකරයි . (නි)

:       0       0

ලාල් Monday, 01 June 2015 11:39 AM

මේක කාගේ වැඩක්ද දන්නෙ නැහැ.? (ර)

:       0       0

මහානාම - කඳාන Monday, 01 June 2015 11:49 AM

යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ කවුද කියලා මුළු රටම දන්නවා. නිකන් බොරුවට කාවවත් සුද්ද කරන්න හෝ කාවවත් අල්ලන්න යන්න එපා.මොකද එතකොට ඔයා ලා කියන අනෙක් දේවලුත් මිනිස්සු පිළිගන්න එකක් නැහැ (නි)

:       0       0

බමුණු Tuesday, 02 June 2015 12:02 AM

අපේ ජීවිත කොපමණ ඒගොල්ලෝ නැතිකළාද? (නි)

:       0       0

ප්‍රකාශ් Monday, 01 June 2015 11:57 AM

ඇත්තටම මෙය සිදුකිරීමේ වගකීම දැරිය යුත්තේ කවුරුන් වුවත් මේවාට එල්ලකරන චෝදනා සිංහල ජාතියට එල්ලකිරීමයි සිදුවනුයේ. (නි)

:       0       0

චතුරි Monday, 01 June 2015 12:03 PM

මේ විනාශය කළේ කවුද කියලා දැන දැන දැන් මේ ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික්කරන්න එපා. කොටි නායකයා ඔලුව උඩ තියාගෙන හිටියේ කවුද කියලා අපි දන්නවා. ඒ කාලේ කරන්න තිබුනේ වටින ලියකියවිලි ආරක්ෂා සහිතව වෙන ස්ථානයකට රැගෙනයාම. ඒ කාලේ කොහෙද හිටියේ? දැන්ද මතක්වුණේ? (නි)

:       0       0

අනුර Monday, 01 June 2015 12:07 PM

ඵෙතිහාසික දළදා මන්දිරය විනාශ කිරීමෙන් අපි එය නැවත ගොඩ නඟාගත්තත් තිබුන පෞරාණික බව නැහැ. අපි මේ වැරදි හදාගනිමු (නි)

:       0       0

අසංග Monday, 01 June 2015 12:46 PM

නොදන්නා දේවල් කතාකරන්න එපා (නි)

:       0       0

ඉසුරන්දි Monday, 01 June 2015 01:42 PM

ඓතිහාසික වටිනාකම් තිබුණ කොච්චර නම් දේවල් පහුගිය වකවානුවේදී විනාශ වුණාද? විනාශ කරලා දැම්මද? මින් මතුවටත් මෙවැනි දේවල් නොවන්නට ශ්‍රී ලාංකිකයන් හැටියට ජාතිභේද නොසළකා කටයුතු කරන්න බලමු! (නි)

:       0       0

සමන්ති Monday, 01 June 2015 02:29 PM

අතීතයේ අඳුරු සේයා අමතක කරමු. සැම දෙනෙකුගේම අතීත ඓතිහාසික වටිනාකම් තිබුණ කොච්චර නම් දේවල් පහුගිය වකවානුවේදී විනාශ වුණාද? (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 01 June 2015 03:17 PM

වටිනා පොත් පත් තියෙන්න ඇති ඒවා මෙන්ම දෙමල දරුවන් නොමග යැවීම සදහා ගෙතු බොරු නිජ බිම් සංකල්ප පොතුත් තියෙන්න ඇති ,ගිනිගෙන විනාශ වෙන්න ඇති. නමුත් ඈත අතීතයේ සිටම මේගොල්ල සිංහලයන්ට ගැසූ මරු පහර වල් නිසා සිංහලයාට සිදු වූ හානිය කෙතරම්ද?(බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 01 June 2015 03:56 PM

ඉසුරන්දි,සමන්ති, එයාලගේ නැතිවූ හැමදේම ටිකින් ටික හරි දකුණින් එකතුකරලා දෙනවා.ඒත් කොච්චර කලත් කවදාවත් හොඳක් අහන්න බැහැ.නාමල්,මහානාම,මීටවඩා වටිනා මිනිස් ජීවිත පවුල් පිටින්, බුරුතු පිටින් මව්කුසින් එළියට එන්නත් පෙර කැති පාරවල් වලින් එළියට ඇදලා දැම්මා. දළදා මාළිගාව,ශ්‍රී මහා බෝධිය අසළ වූ දේවල්..? ඒවාට කමක් නැද්ද? (නි)

:       0       0

ප්‍රකාශ් Tuesday, 02 June 2015 01:22 PM

මේවා කළේ යු එන් පි,මර කල්ලියයි. මේ මැරයින් කරන දේවලට පහර වදින්නේ සිංහලයාටයි.නමුත් මේ එ. ජා ප ය උදව් කරන්නෙත් දෙමල කොටි ත්‍රස්තවාදයටයි.නිවටයින්ට මෙය නොතේරේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2338 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1531 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2320 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3216 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site