IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පාඩු ඇතත් ඛනිජ තෙල් - ශ්‍රී ලන්කන් බෝනස් දීලා

(අංජුල මහික වීරරත්න)

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ.

ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවූ බවට ලැබුනු වාර්තාවක් පදනම් කරගෙනය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇතැයි ද ජනාධිපති වෙත බාර දුන් වාර්තාවේ දක්වා තිබේ. මුදල් අමාත්‍යංශය චක්‍ර ලේඛයක් මගින් මෙම දැනුම් දීම කර තිබුණත් ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන් වේ. මේ වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇතැයි ද ලාබ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවු වාර්තාවක් යටතේ බව ද දැනගන්නට තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයක් 4200ක් සිටින අතර මොවුන්ට මාස දෙකක වැටුපක් මෙලෙස ප්‍රසාද දිමනා (බෝනස්) ලෙස ගෙවා ඇත. එහි ඉහල නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5 ක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවා ඇතැයි ද වාර්තාවේ. එලෙස ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් ප්‍රසාද දීමනා (බෝනස්) ලබා ගැනීම නිසා ඉහත මුදල වැයවී ඇතැයි ද සඳහන්ය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5800 ක් සිටින අතර ඔවුන්ට 13 වෙනි මස වැටුප ලෙස සදහන් කරමින් සේවකයෙකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබේ. ඒ අනුව රුපියල් කෝටි 58 ක් මේ වෙනුවෙන් වැය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් මෙලෙස 13 වෙනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කර ඇතැයි ද ජනපතිට දුන් වාර්තාවේ දැක්වා ඇත.

 



අදහස් (37)

පාඩු ඇතත් ඛනිජ තෙල් - ශ්‍රී ලන්කන් බෝනස් දීලා

SL Tuesday, 03 January 2023 06:59 PM

කාලකන්නි , ආයතන ටික කාල හප කරලා දැම්ම මදිවට බොනසුත් අරගෙන රටට බරක් වෙලා. සභාපතිලා හිරේ දාන්න ඕනේ ,පෙට්රෝල්.ඩීසල් ටික වැඩි කරලා උන්ට බෝනස් දෙන්නේ ඇමති හොරා කාපුවගෙන් ද ?

:       2       95

මුදියන්සේ..... Tuesday, 03 January 2023 07:06 PM

ජනතාවට දරාගත නොහැකි ජීවන බරක් පවතින අවස්ථාවක පාඩු ලබන ඛනිජ තෙල් සහ ශ්‍රී ලංකන් ආයතන සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීම අදහාගත නොහැකි තත්ත්වයකි.

:       0       84

sunil Tuesday, 03 January 2023 07:19 PM

ඔය ගෙවීම් සැලැස්මක් මත කරන දෙයක් මිස, කිසිවෙකු නොදැන එක වරම සිදු වෙන දෙයක් නොවේ. දැන් ඉතින් අශ්වයා පැන ගිය පසු ගේට්ටුව වසා දැමීමයි කරන්ට යන්නේ. අන්තිමට මේවයේ බර, විදුලි බිල් හරහා මහජනයා මත දැමීමයි දේශපාලකයින් සිදු කරන්නේ.

:       14       72

Shashika519 Tuesday, 03 January 2023 07:29 PM

රනිල් බබාද? අපිට තමයි බබා හුකුං... හොරු සමග රනිල් හෙලුවෙන්...

:       30       57

seneWednesday, 04 January 2023 11:32 AM

බින්න දීගෙක මිනිසා නේ මේ, කවුද මෙයා කියන දේ කොරන්නෙ, අනේ පව්

:       1       5

සෙනෙවිරත්න Tuesday, 03 January 2023 07:32 PM

අනුර කුමාර ඇතුලු යුනියන් කාරයො පත්කරපු සභාපතිලද මේ බෝනස් ගෙවල තියෙන්නෙ? දුන්නම නොගන්නා අයෙක් නැතිව ඇති, ඒක නිසා තවදුරටත් සේවකයන්ට දොස් නොතබා තම තමන් මාරුවෙන් මාරුවට පත්කල රජයන් විසින් පත්කල සභාපතිවරු, අධ්‍යක්ෂ වරුනට දොස් තියන්න.

:       13       52

JagathS Tuesday, 03 January 2023 07:34 PM

ඒත් මේව පෞද්ගලීකරණය කරන්න එපා කියල කෑගහන තිරිසන්නු පිරිසක් තාමත් ලංකාවෙ ඉන්නව.

:       6       82

Praba Tuesday, 03 January 2023 08:08 PM

සීනි, මහ බැංකුව, මිග් ආදී මෙකී නොකී දේ ගැනත් නිදහසට කරුණු ලඟදීම විමසනු ඇත. එයා හරි සැරයි.

:       18       38

Hafeel Wednesday, 04 January 2023 12:40 PM

ඔබ හරි. මෙයාම තමයි ලංකාව දුප්පත් රටක් බව නිල වශයෙන් ප්‍රකාශ කරමින්, මෙයාටම අනවශ්‍ය උපදේශ කළ රාශියක් පත් කරගෙන, අනවශ්‍ය රාජ්‍ය ඇමැතිලාත් පත්කරගෙන සහ ළඟදී කැබිනට් ඇමතිලා 12 දෙනෙක් පත් කරන්නත් සූදානමින් ඉන්නේ මොහොත ඒ ආයතනවල ඉන්න අයට පමණක් හරියනවාද? ඒ නිසා රනිල්ට බැහැ දූෂණ, නාස්තිය නැති කරන්න.

:       1       9

sampath Tuesday, 03 January 2023 09:01 PM

දීපු බෝනස් වැටුපෙන් කපා ගන්න. මේ කවුරුත් හුරතල් කළයුතු වෙලාවක් නොවෙයි. හරි හැටි නම් මූලික වැටුප‍ෙ පමණක් ගොවා රට අගාධයෙන් ගොඩ ගත යුතුයි. දේශපාලකයන්ට බැන්නට නිලධාරීන් මේ සියලු ව්‍යසනවලට තීරය පිටුපස ඉන්නවා.

:       2       93

NimalTuesday, 03 January 2023 10:21 PM

පාඩු ඇතත් ඛනිජ තෙල් - ශ්‍රී ලන්කන් බෝනස් ලබාදීම සිදුනොකල යුතු අතර බෝනස් ලබාගත් සේවකයන් සහ Unions නිහඩව සිටීමෙන්ම පෙනී යනුයේ සේවකයන් සහ Unions ආයතනය දියුණු කිරීමට කිසිදු අවශ්‍ය තත්වයක් නොමැත. ආයතන පාඩු ඇතත් සේවකයන්ගේ බෝනස් සහ වරප්ප්‍රසාද රජය මගින් ලබදෙනාවූ නිසා ඔවුන්ගේ වැටුප නියමිත වෙලාවට ලැබීම නිසාත් ඔවුන් නිහඩව සිටී. ලබාදුන් බෝනස් වැටුපෙන් මාසිකව අඩුකිරීමක් කලයුතුවේ. වැටුප් ලබදෙනාවූ ක්‍රමවේදය වෙනස් කලයුතුවේ.

:       0       63

Muditha Tuesday, 03 January 2023 09:05 PM

Main reason for current situation of the country is government officers and not only politicians. They suck each and every cent of their organizations. If need to build this economy first thing is to privatize those institutions.

:       1       46

ravin Tuesday, 03 January 2023 09:06 PM

ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්දේ තමා සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයම වැටුප් දීමනා හා පහසුකම් සම්පූර්ණයෙන්ම නවතා වැඩතහනමකට යටත් කොට විගනිකාධිපති වාර්ථාවක් කැඳවීමයි.

:       0       64

de silva Tuesday, 03 January 2023 09:11 PM

සභාපතිලගෙන් එම මුදල් අයකරගන්න. ඕවා විකුණන්නේ නැතිව හරියන්නේ නැහැ.

:       1       54

Sunil Tuesday, 03 January 2023 09:41 PM

ශ්‍රී ලංකන් ගුවන් සේවය නම් ආරම්භයේ සිටම රටට ලොකු බරක් වුණා. එහි සභාපතිත් ජනාධිපති නියෝග නොසලකා හරින තත්වයක් තමයි පෙනෙන්නනේ. රට තවත් වලපල්ලට.

:       1       58

Nihal Tuesday, 03 January 2023 09:48 PM

එන්න අපි බදු ගෙවමු.

:       1       46

Thaksalal silva Tuesday, 03 January 2023 09:57 PM

දේශපාලුවනන්ගෙ ඇම්බැට්ටයො රටට කෙලවන්න හරි ආසයි ඇයි රනිලෝ ඕව විකුනල දේශපාලු 225 යි නිලධාරි ඇම්බැට්ටයන්ටයි බෙදල නොදෙන්නෙ.

:       5       22

Thaksalal silva Tuesday, 03 January 2023 10:03 PM

දේශපාලුවන්ගෙ හපන්කම් තමයි රනිල් මහබැංකුව කඩල බෙදාගත්තවගෙ ඕව විකුනල 225 යි නිලධාරි කියන හොරු ටිකට බෙදල දෙමු ප්‍රශ්නයක් නැ.ශ්‍රී ලංකාවෙ නීතිය දැන් හැටපට්ටම් ඕයි'

:       18       14

surath Tuesday, 03 January 2023 10:50 PM

Leave Sri Lankans, petroleum employees are not doing a challenging job. Just Import and distribute the oil. What especial skills do they have to expect more than salary? Do they face any challenges when selling the fuel? Do they do oil exploration?

:       0       24

බෝනස්මල්ලි Tuesday, 03 January 2023 11:21 PM

මේවා ගැන අනුර මහත්තය දන්නේ නැතුව ඇති. දන්නවනම් මෙයා තමයි මුලින්ම මේවා හෙළි කරන්නේ. එතකොටනේ මහජනතාවට ඒ පිළිඹඳ පරීක්ෂණයක් කරන්න පුළුවන් වෙන්නේ. එයා රටවත් ගිහින්ද මන්දා... අසරණ මිනිස්සුන්ට තව බදු වැඩිකරලා හරි ඒවා ගෙවන්න කොහොම හරි. ඒගොල්ලෝ ජීවත් වෙනවා ඇත්තේ බොහොම අමරුවෙන්නේ. ආයතන ගැන එදා ඉඳලා හිතපු කෙනෙක් නැහැනේ. හිතුවනම් මෙහෙම වෙයිද.

:       8       32

සෙනෙවිරත්න Wednesday, 04 January 2023 08:51 PM

ඇයි අනුරද ඔය සභාපති පත්කලේ? තමන් පත් කරපු හාම්පුතාල කියන ඒවවත් අහන්නෙ නැති එකට පැත්තක ඉන්න අනුර අල්ලගන්න තරම් ඔයා කුහකද? නැත්නම් තමන් පත්කරපු පාලකයන් රට හදයි කිියල අවසන් බලාපොරොත්තුව කඩා වැටෙයි කියල බයටද?

:       1       2

K Perera Tuesday, 03 January 2023 11:51 PM

මේ වගේ නිලධාරීන්ට දඬුවමක් දීලා එළියට දාමන්න. තවත් තියාගෙන නම් ඉන්න එපා ජනාධිපති තුමනි. අනෙක් හොරුන්ටත් පාඩමක් ඉගෙන ගන්න එළියට දාන්න.

:       0       29

Prase Wednesday, 04 January 2023 01:38 AM

කෝ අරගල කාරයෝ මේවට අරගල බැරිද.

:       2       10

නිහාල් Wednesday, 04 January 2023 01:14 PM

අරගලකාරයෝ කියලා වෙනම නම් දරපු පිරිසක් නෑ. ඔබට වුණත් පුළුවන් අරගල කරන්න. ඔබ ගෙදරට වෙලා ඉඳලා අනිත් මිනිස්සු අරගල කරලා ඔබට වරප්‍රසාද බන්දේසියක තියලා දෙනකම් ඉන්න එපා. ඒක කැතයි.

:       3       5

sugath Wednesday, 04 January 2023 03:20 AM

දේශපාලකයින් විසින් ලංකාවේ මිනිසුන් තරම් මෝඩයින්ට ඇන්දවිය මිනිසුන් ඇති තවත් රටක් නැහැ.

:       2       8

චින්තක Wednesday, 04 January 2023 06:46 AM

මොකක්ද මේ නියෝගයක් මත ගෙව්වා කියන්නෙ. එහෙම කරන්න පුලුවන්ද .පාඩු ලබද්දී මෙන්ම භාණ්ඩාගාරයෙන් හෝ මුදල් අමාත්‍යාංශ මගින් එපා කියද්දී ගෙවීම් කරන්නෙ කොහොමද. එම වාර්තාව බොරුවක් වෙන්න පුළුවන්. ගෙවීම් සදහා බලය දීම අනුමත කිරීම සහතික කිරීම හා ගෙවීම් කල සියලු දෙනාගෙන්ම පොලියක් සමග අයකරන්න ඕන .ඒ අතර බලන්න අධිකරණය නියෝගයක් කියලා අධිකරණයට අපහාස කරල තියෙනවද කියලා වහාම මෙම මුදල් ආපසු ගැනීමට සංතකය ආපසු ගැනීමට නඩුවක් පවරන්න

:       0       15

බෝනස් හොරකම Wednesday, 04 January 2023 07:11 AM

මේක තනිකරම හොරකමක්, වංචාවක්, දූෂණයක්. එලිපිට සිදුවන මෙවැනි වංචාවන් වලක්වා ගත නොහැකි රජයෙන් ජනතාවට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක.

:       1       13

Bamunuarachchi Wednesday, 04 January 2023 07:14 AM

ලෙඩේට මුල වලිගෙ කිව්වලු. ඒ වගේ මේ හිතුව්ක්කාර ලෙස වැඩ කොරන්නේ මේවා මණ්ඩල හා සංස්ථා නිසයි. සභාපතියාට හිතෙන හිතෙන දේ කරන්න ඉඩ ලැබිලා තිබෙනවා. දැන් මුන්ව පන්න දමන්න.

:       1       9

saliya Wednesday, 04 January 2023 07:17 AM

රටේ ප්‍රශ්න කෙසේ වෙතත්, තමන්ගේ ප්‍රශ්න විසදා ගන්නා නිලධාරීන්.. මේ සියල්ලටම අපේ සාක්කුවෙන් ගෙවන්න සිදුවන්නේ. මොවුන් රටට සාපයක්.

:       0       11

බකුරා Wednesday, 04 January 2023 08:08 AM

ජනාධිපති තුමනි ,හොරකම් කරපු එක දේශපාලුවකුට පුලුවන්නම් දඬුවම් දෙන්න. හොරකම්, දුෂණ නිසා අහිංසක මිනිස්සු දුක් විඳිනවා. ඒ මදිවට තව බදු. හොරු සැපෙන් සනීපෙන් තවත් හොරකම්, ගැහිලි, කොමිස්..... ලංකා ඉතිහාසයේ මෙවැනි හොරුන්ට කවදාවත් දඬුවම් දීලා නැතුව ඇති. පුලුවන්නම් ඒ වාර්තාව බිඳින්න.

:       0       10

sanjeewa Wednesday, 04 January 2023 08:18 AM

මෙම පාඩු ලබන ආයතන නඩත්තු කරන්නේ මහජන මුදලෙන් ,මෙම පුද්ගලයන්ව පොදු දේපල අයතා ලෙස පරිහරණය කර රජයට රුපියල් කෝටි ගණනක් පාඩු සිදු කල චෝදනාවට අත්අඩංගුවට අරන් නඩු පවරන්න බැරි මොකද ?

:       0       13

janahanda Wednesday, 04 January 2023 09:32 AM

පාලනය කරන්නෙත් ඔවුන් ලාභ බෙදා ගන්නෙත් ඔවුන් .ඇමතිවරුන් එකතුව අපිට කියනවා .රටේ ආයතන පාලනය කරන්න බැරි ආණ්ඩුව ගෙදර යවමු

:       1       10

Saman Wednesday, 04 January 2023 12:23 PM

රනිලුත් කොර පෙට්‍රෝලියම් එකට...

:       0       6

latha Wednesday, 04 January 2023 01:12 PM

වාර්තා කැඳවනවා. ගෙඩිය පිටින් මහජනයාට බර පටවනවා. සියල්ලෝම සතුටින් විසිර යනවා. මරේ මරු...

:       0       4

de silva Wednesday, 04 January 2023 01:25 PM

ආණ්ඩුවට මෙම ආයතනවල සභාපතිවරු පාලනය කරගන්න බැරිනම් ආණ්ඩුව ගෙදර යැවීම හැර වෙන විකල්පයක් නොමැත. මෙහෙම බදු ගෙවන්න අපට බැහැ.

:       0       5

ලංකාපුත්‍ර Wednesday, 04 January 2023 05:53 PM

මෙම තනතුරු සඳහා විභාගයකින් සුදුස්සෝ තෝරාගන්න දේශපාලන හිතවතුන් ඉවත් කරන්න සංස්ථා, මණ්ඩල, අධිකාරි සඳහා පවතින නීති සංශෝධනය කරන්න ලාභයක් ලබුවොත් ප්‍රසාද දීමනා දෙන්න... පාඩුවක් ලැබුවෝත් පාඩුවට සමාන අප්‍රසාද මුදලක් සියලු නිලධාරින් හා සේවකයින්ගෙන් අයකරන්න.. එහෙම නැතුව ජනතා මුදල් නාස්තියට ඉඩදීම නොකරන්න...

:       0       2

surath Wednesday, 04 January 2023 01:55 PM

පෙනෙන ආකාරය ඔවුන් කර ඇත්තේ නීතිය අනුව වගෙයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 627 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1919 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1496 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1456 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 946 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 731 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25648 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site