අට හැවිරිදි දරුවකු මෝදර රොක් හවුස් යුවළකට රුපියල් පනස්දහසකට විකිණියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දරුවා විකුණු යුවළ ද දරුවා මිලට ගත් යුවළ ද තැරැවුකාරියෝ දෙන්නෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොඩි එකාගේ මිල ලක්ෂ බාගයයි
කලීල් Tuesday, 02 September 2014 09:39 AM
කවුද මේ ආර්ථික ප්‍රශ්න වලට වගකියන්නේ? (නි)
සාරසී Monday, 01 September 2014 05:07 PM
ඇයි සම්පත්, ඇඳුම් කඩවල? කොහොම වුණත් සල්ලි වලට හරි ගත්තේ ළමයාට ආදරේ නිසානේ. (නි)
අකිල Wednesday, 03 September 2014 02:06 AM
මේ වගේ දරුවෙක් කොහොමද විකුණන්නේ? (නි)
ඉසුරන්දි Monday, 01 September 2014 08:02 AM
මේ දරුවාව නොමරා එහෙම විකුණූ එකත් ඒ දරුවාගේ වාසනාවක්. (නි)
සිරි Monday, 01 September 2014 07:50 PM
සම්පත්, බාර් වල මිනිස්සු ඉන්නේ ආර්ථිකය හොඳ නිසා නෙමෙයි, බොන්න පුරුදු වුණ අය නොබී බැරිකමට බොනවා ඇති. (නි)
ඉන්ද්‍රා Monday, 01 September 2014 07:55 PM
දරුවෙකු පිළිසිඳ ගන්න කලින් හිතන්න තිබුනා නේද? එහෙම නැත්නම් විකුණන්නම හිතාගෙන මේ දරුවා හැදුවද දන්නේ නැහැ. කොහොම වුණත් දැන් මාපියන්ට දරුවන් හිසරදයක් වෙලා වගේ (නි)
නිශ්ශංක Monday, 01 September 2014 08:47 AM
දැන් තිබෙන ආර්ථිකයත් එක්ක මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුයි. මෙහෙම යනකොට මිනිස්සු තමන්ගේම අවයව විකුණන්න ගනීවි (නි)
රොෂාන් ප්‍රනාන්දු Monday, 01 September 2014 10:18 PM
නිශ්ශංකගේ කතාව හරි. ළමයි විකුණලා හරි අම්මලා ජීවත්වෙන්න හදන්නේ රටේ ආර්ථිකය හොඳ නිසා තමයි. (නි)
සත්‍යයා Monday, 01 September 2014 11:48 PM
රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවිට එයින් ආර්ථික වාසි ගන්න දන්නා පුද්ගලයින් පිරිසකුත් ඊට සමානුපාතිකව ඒ සමාජ ක්‍රමය තුළම උපත ලබනවා. (නි)
සුගුනවති Tuesday, 02 September 2014 12:47 AM
මේ බොහෝ දේවල් වලට අපේ සමාජයේ මිනිසුන් වගකිව යුතුයි. සම්පත් කිව්වා වගේ අපේ මිනිසුන්ට ආර්ථික අහේනිය තමන්ගේ පවුලට කන්න දෙන්න.ඒ වුණාට නොවරදවාම බෝතලේ ගහන්න පුළුවන්. (නි)
බමුණු ආරච්චි Tuesday, 02 September 2014 02:06 AM
"දරුවෙකු පිළිසිඳගන්න කලින් හිතන්න තිබුනා නේද " කියන කතාව නම් පිළිගන්න බැහැ මට (නි)
සම්පත් Monday, 01 September 2014 11:25 AM
ඇති යාන්තම් නිශ්ශංකට තේරුණා. බලන්න හවසට අරක්කු බාර්වල ඉන්න මිනිස්සු කන්දරාව. මොනතරම් නම් ආර්ථික අහේනියක් තියනවා ඇද්ද? (නි)
සුමාලි Tuesday, 02 September 2014 01:32 PM
ආර්ථික අහේනිය කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. අනෙක් අයගෙන් උදව් ලැබේවි කියලා උඩ බලාගෙන ඉඳලා හරියන්නෙත් නැහැ. සමහර කාන්තාවෝ හරි කම්මැලියි. ගෙවත්තක් තිබුනත් එළවලු පලා ටිකක් වවාගන්නේ නැහැ.අපේ කාන්තාවන් සමාජ ක්‍රමයටයි ආණ්ඩුවටයි බැන බැන නිකන් ඉන්නවා. (නි)
ජනිත් Tuesday, 02 September 2014 03:18 AM
බඩු මිල 60% කින් විතර පහත හෙලීමට පුළුවන් කම තියාගෙන ගසා කමින් තව තවත් බඩු මිල ඉහල දමන විට මිනිස්සුන්ට කන්ඩ වෙන්නේ, ඉතුරු වෙලා තියන ශරීර අවයව විකුණලා තමයි . (නදී)
ශාෆික් Tuesday, 02 September 2014 04:37 AM
මේක නම් තව කමක් නැහැ කියමුකෝ. ඇතැම් අය දරුවන් මරනවනේ (නි)
නන්ද Tuesday, 02 September 2014 06:47 AM
කාසිමිටක බර දරු සම්පතකට සමබර කළ මොහොතේ ......... කෙලෙස පතන්නද ... කවුරු පතන්නද .... බුදුපදවිය මවුනී ..... (නි)
කැළුම් Monday, 01 September 2014 03:33 PM
08 හැවිරිදි දරුවෙක් විකිණීමක් ගැන පළමුවරට ඇහුවේ (නි)