IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘පඩි ගෙවාගන්නවත් රජයට සල්ලි නෑ‘ - චන්ද්‍රිකා

රජයේ සේවකයන්ගේ වැටුප් පවා ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට රජය පත්වී ඇතැයි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක හිටපු ජනපතිනිය ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ රැස්වීමකදී ප්‍රකාශ කළාය.

ගිය රජය භාණ්ඩාගාරය හිස් කර ගිය නිසා නව රජය අමාරුවට පත්වී ඇති බව ඇය කීවාය. විනිවිද භාවයෙන් තොරව මහින්ද රාජපක්ෂ රජය ක්‍රියාකිරීමේ ප්‍රතිඵලය මෙය බවත් වත්මන් රජයේ යහපාලනය එරෙහිව ඔවුන් කල්ලි ගැහී ප්‍රති විප්ලවයක් අරඹා ඇතැයිද ඕ කීවාය.

 



අදහස් (0)

‘පඩි ගෙවාගන්නවත් රජයට සල්ලි නෑ‘ - චන්ද්‍රිකා

රිතික් රෝහිත් Monday, 11 May 2015 06:02 AM

යස අපූරුවට දියුණු වේගෙන ආපු අපේ රටට උනු දෙයක්. ඒකත් මහින්ද මහත්තයාගේ පිටට දාන්නද හදන්නේ (නදී);

:       0       0

සොපී Monday, 11 May 2015 06:04 AM

ඔය සුරංගනා කතා මහජනතාවට කියන්න එපා. (නි)

:       0       0

කරු අබුඩාබි Monday, 11 May 2015 06:04 AM

පසුගිය ආණ්ඩු වලට වරද පටවන්න එපා. මැතිවරණය කාලේ රටේ ආර්ථිකය පිළිබඳව දැනුමක් ඈති බව ප්‍රකාශ කළ අතර දින 100 තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකර ආර්ථිකය ශක්තිමත් කරන බව පොරොන්දු වුණේ ඔය කණ්ඩායමම තමයි. (නි)

:       0       0

රිතික් රෝහිත් Monday, 11 May 2015 06:06 AM

මෙව්වට උත්තර දෙන්න අපි දන්නා සඟිස්කුරුත මදි. (නදී)

:       0       0

කුරුවිට Monday, 11 May 2015 06:09 AM

කතාව පයින් ගමන දෝලාවෙන් (නදී)

:       0       0

සරත් රණසිංහ Monday, 11 May 2015 06:12 AM

රජයේ සේවකයන්ට 10000 වැඩි කලේ සල්ලි නැති හින්දද අනික ඉන්දන බදු වගේ බදු ඉවත් කලාම හිස් වෙනවා දන්නේ නැද්ද (නදී)

:       0       0

කුමාර Monday, 11 May 2015 06:18 AM

එතකොට පඩි 10000 කින් වැඩිකරේ ගණන් හදාගන්න දන්නේ නැතුවද (නදී)

:       0       0

රිතික් රෝහිත් Monday, 11 May 2015 06:18 AM

කිව්වත් වගේ පාරමී, වික්ටර් අයිවන් කිව්වෙත් එහෙමනේ (නදී)

:       0       0

නිහාල් Monday, 11 May 2015 06:19 AM

මෙයාගේ කාලේ රටේ ආර්ථිකය සෑමදාම රින අගයක තිබුණු බව මෙයාවත් දන්නේ නැතුව ඇති. (නදී)

:       0       0

ටෙනිසන් Monday, 11 May 2015 06:26 AM

මොකද වුණේ ඒ මුදල් වලට.(හේ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 12 May 2015 11:32 AM

සහන මිලට දෙන යතුරු පැදිත් දැන් දෙන්නේ නෑ.වැඩක් නෑ කවුරුත් එකයි.මේ අය ඒ අයගේ වැරැදි අල්ලගෙන දගලනවා.වැටිලා ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්න හිතන්නේ නෑ.(හේ)

:       0       0

දුමින්ද Monday, 11 May 2015 06:38 AM

මහ බැංකුවේ යහපාලන මහා මංකොල්ලය නිසාද ? (නදී)

:       0       0

හිරාන් පී Monday, 11 May 2015 06:40 AM

අයියෝ ඕක සුළු දෙයක්නේ. මහින්ද මහත්තයා වගේ බය නැතිව එච්.එස්.බී.සී වගේ වාණිජ බැංකු වලින් ණය ගනිමු. (නදී)

:       0       0

සිරිල් Monday, 11 May 2015 06:38 AM

අපිට නැවතත් ඕනේ අතේ මිටේ සල්ලි ගැවසුන චන්ද්‍රිකා යුගයක්. මැතිනිය රට බේරා ගැනීමට පෙරට එන්න. අද රටේ පැතුම ඔබයි (නදී)

:       0       0

දස්කොන් Monday, 11 May 2015 06:40 AM

මෙයාගේ කාලයේදී පොලිය නැගල තිබුනා 24%ට. මහින්ද භාර දෙන කොට 5% ට බස්සල තිබුනේ. විදේශ මුදල් සංචිතය 0 බැහැල තිබුනේ මහින්ද එ්ක බිලියන 10ක් විතර තියෙද්දී තමයි මෙහෙම උනේ. (නදී)

:       0       0

සමන් Monday, 11 May 2015 07:23 AM

දැන් ඉතින් එහෙමවත් කියමු.(හේ)

:       0       0

රාජා Monday, 11 May 2015 07:41 AM

සල්ලි නැහැ කියන්නෙ කොහොමද? ඇයි ඒ දවස්වල කිවුවෙ අපිට සල්ලි දෙන්න පෝළිමේ ඉන්නව කියලා. රජයෙ සේවකයොත් පැනලා දුන්නෙ වෙනසකටනෙ. ඉතින් දැන් වෙනස කියලා පඩි නැතුව වැඩ කරන්න කියන්න. (නි)

:       0       0

ජොහාන් Monday, 11 May 2015 07:44 AM

ඔක්කොම කුණු බේරේ බොක්කට කිව්වා වගේ දැන් හැම දෙයක්ම මහින්දගේ නමට. (නි)

:       0       0

සත්‍යදාස් Monday, 11 May 2015 08:00 AM

මේ රජය ඈත නොබලා ජනප්‍රිය විය හැකි වේය කියලා ඔවුන් හිතන විදියට තීරණ ගත්තා. රජයේ සේවකයින්ගේ පඩිය වැඩිකිරීම ,ඉන්ධන මිල අඩුකිරීම යනාදී දේවල්.දැන් ඒවා අසාර්ථක බව අද අපි අත්දකිමින් සිටිනවා. එහෙත් පසුගිය රජය කළේ, ආර්ථිකය පිළිබඳව ඈත බලා තීන්දු තීරණ ගැනීමයි. එතුමියගේ රජය කාලේ ආර්ථික වර්ධන වේගය බින්දුවයි.කමක් නැහැ,ජනතාව බලාපොරොත්තු වුණේ වෙනසකි. මෙයද වෙනසකි. (නි)

:       0       0

සියාතු Monday, 11 May 2015 08:01 AM

රිතික් පුතේ, ඔය වික්ටර් අයිවන් ලියපු පොත ගැනද ඔයා කියන්නේ? (නි)

:       0       0

සුනිල් Monday, 11 May 2015 03:02 PM

මේ සැරේ රට නැත්තටම නැති වෙයිද ? (නදී)

:       0       0

සියාතු Tuesday, 12 May 2015 04:45 PM

චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ලයිට් කැපුව නිසා සිරිල් ළමයට රෑට රෑට යමක් කමක් හොයාගන්න පුළුවන් වෙන්න ඇති මං හිතන්නේ. (නි)

:       0       0

සිල්වා Tuesday, 12 May 2015 04:49 PM

සිරිල්, ආවට ගියාට මැතිණිය කියන වචනය හැමෝටම පාවිච්චි කරන්න එපා. (නි)

:       0       0

රිතික් රෝහිත් Monday, 11 May 2015 04:12 PM

මෙන්න අලුත් ආරංචියක්. චන්ද්‍රිකාගේ කාලේ සිරිල්ගේ අතේ මිටේ සල්ලි තිබුනලු! (නි)

:       0       0

සියාතු Monday, 11 May 2015 04:15 PM

සිරිල් පුතේ, අපි නම් ආවට ගියාට නම්බු නාම දෙන්නෙ නැහැ. ඕගොල්ලෝ ඉතින් ෆේස්බුක් බේබිලා නිසා දන්නේ නැතුව ඇති නේද? (නි)

:       0       0

කුමාරි Monday, 11 May 2015 04:55 AM

තව තව ජනතාව රවටල ලංකාවත් ග්‍රීසියක් කරලා ඒ ඔක්කොම මහින්ද පිටම දමන්න. (බ)

:       0       0

රසල් හේමන්ත Monday, 11 May 2015 05:01 AM

ඔබතූමිය තමයි 2002 භාණ්ඩාගාරයයි රටයි ඔක්කොම හිස්කරලා රට පැන්නේ ඔබට අමතක වුනාට අපිට තාමත් මතකයි ඒ අතිතය (නදී)

:       0       0

කිරින්ද Monday, 11 May 2015 05:01 AM

ඔබතුමිය කියන නව ආණ්ඩුවේ සල්ලි නැති වුනාට රවී කරුණානායකගේ නව ආණ්ඩුවට සල්ලි තියනවලු, එයාගෙන් ඉල්ලගන්න එහෙනම්! (නදී)

:       0       0

සිතුජය Monday, 11 May 2015 05:03 AM

නටන්න බැරි වුනාම පොලව ඇදලු! කරන්න පුළුවන් කෙනෙකුට දීල ගියා නම් ඉවරනේ? (නදී)

:       0       0

ද සිල්වා Monday, 11 May 2015 05:05 AM

දැන් කරන්න තිබෙන එකම දෙය ඉක්මනින් මහා මැතිවරණයකට යන එක. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් කවුද පාර්ලිමේන්තුවට යන්න ඕනේ කවුද අගමැති වෙන්න ඕනේ කියන එක (නදී)

:       0       0

ලීල් Monday, 11 May 2015 05:13 AM

මේවට හූ කියල මදි (නදී)

:       0       0

ලීල් Monday, 11 May 2015 05:15 AM

එතකොට මහින්ද මාස 120 ක් පඩි ගෙව්වේ හොරකම් කළ සල්ලි වලින්ද ? (නදී)

:       0       0

දිලිප් Monday, 11 May 2015 05:19 AM

ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඇස් පනාපිට තිබෙන සත්‍ය දකින්න පසුබට වෙන්න එපා. එය රටට ද්‍රෝහීවීමක්. පසුගිය රජය යටතේ සිදු වූ මුල්‍ය අක්‍රමිකතා කොළඹ ඉන්න අපි නම් හොඳාකාරව දැක්කා. (නි)

:       0       0

ජාලිය Monday, 11 May 2015 05:22 AM

දැන් කරන්න තිබෙන එකම දෙය ඉක්මනින් මහා මැතිවරණයකට යන එක. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් කවුද පාර්ලිමේන්තුවට යන්න ඕනෑ කවුද අගමැති වෙන්න ඕනෑ කියන එක. (නි)

:       0       0

කනිෂ්ක Monday, 11 May 2015 05:29 AM

මහ භාණ්ඩාගාරයක් හිස්වෙන්න තරම් ජනතා සහන දුන් ආණ්ඩුවක් ලෝකේ තවත් ඇද්ද? කොත්තමල්ලි එහෙමත් අඩුකළානේ (නි)

:       0       0

රවී Monday, 11 May 2015 05:30 AM

අනේ මෙහෙමත් කතා? (නි)

:       0       0

මාරි Monday, 11 May 2015 05:33 AM

මෙයාලා කරන දේවල් මෙයාලට මතක නැතිවුණාට අපිට හොදට මතකනේ. (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 11 May 2015 05:33 AM

සල්ලි නැත්නම් කොහොමද පඩි 100000කින් වැඩිකළේ? දැන් දුෂණ වංචා නතර වෙලානේ තියෙන්නේ.මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් කළ දුෂණ වංචා නතරකළාම රටට කිරි උතුරවලා මිනිසුන්ව කිරියෙන් පැණියෙන් නාවන්න පුළුවන්නේ. (නි)

:       0       0

උපුල් Monday, 11 May 2015 10:05 AM

සත්‍යපාල හරියට හරි (නදී)

:       0       0

කමල් Monday, 11 May 2015 05:39 AM

කුමාරිට ඕවා තේරෙන්නේ නැහැ. හරි දෙයක් කියන්න (නදී)

:       0       0

තිලින Monday, 11 May 2015 05:47 AM

මේ වගේ බොරු කියන යන යන තැන මහජනයාගේ පිළිකුලට ලක්වන රාජ්‍ය නායිකාවක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.(නදී)

:       0       0

සත්‍යපාල Monday, 11 May 2015 05:47 AM

කටේ නරිවාදම් රෙද්ද පල්ලේ බහිනවා කියන්නේ මේවට තමයි. දැන් අර චීනෙට පයින් ගහල ලංකරගත්ත ඉන්දියාවෙන් සල්ලි එනකම් හිටපල්ලකො නොකා නොබී .ලංකාවේ අයටත් හොඳ වැඩේ. කාල බීලා ඇදල බෝම්බ බයක් නැතිව ජිවත්වේගන එනකොට පාරවල් හැදිලා නගර ලස්සන වෙලා එනකොට හිතුන පෙරලලා බලන්න. හරියට අර රත්තරන් බිජු දාන කිකිලිගේ බඩ පැලුව වගේ. දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටපල්ලා. (නදී)

:       0       0

කුමාර් Monday, 11 May 2015 05:53 AM

මේ කියන ඒවා අහන්ට අය නෑ (නදී)

:       0       0

සියාතු Monday, 11 May 2015 05:55 AM

මෙහෙම කියන්නේ කොහොමද මන්දා ? (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 11 May 2015 05:59 AM

මෙතුමිය මේ කියන්නේ බොරුනේ. සල්ලි නැත්නම් කොහොමද පඩි 100000 කින් වැඩි කලේ. (නදී)

:       0       0

රොහාන් ඩුබායි Monday, 11 May 2015 05:59 AM

වැඩේ කියන්නෙ ඔය කතාව කියන්නේ මෙයයි යහපාලන ආන්ඩුවයි විතරයිනෙ. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහෙම කියන්නෙ ඕකෙ අනිත් පැත්ත. පහුගිය රජය කාලෙ රටේ ආර්තික වර්ධනයක් තිබ්බ කියලනෙ. (නදී)

:       0       0

පාරමී Monday, 11 May 2015 06:00 AM

මෙයා ඡන්දෙ ඉල්ලුවෙත් නෑ. මිනිස්සු මෙයා දිහා ඇහැක් ඇරලා බැලුවෙත් නෑ පැරදිලා ගියාට පස්සේ. නිකමටවත් මෙයා ගැන කියුවේ වික්ටර් අයිවන් විතරයි. (නදී)

:       0       0

සරත් Monday, 11 May 2015 06:00 AM

මේවට හු කියන්නේ නැහැ හොඳද ? (නදී);

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 702 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3618 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1301 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site