IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොඩි පක්ෂ නායකයොත් මහින්ද හමුවෙති

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවසට මන්ත්‍රීන් 13 දෙනකු පැමිණ ඇතැයිද මේ මොහොතේ රාජපක්ෂ මහතා සහ ඔවුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද දේශපාලන ආරංචි කියයි.

විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ටී.බී.ඒකනායක, කුමාර වෙල්ගම, අරුන්දික ප්‍රනාන්දු, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සේනක විදානගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර, මහින්දානන්ද අලුත්ගමගේ සහ සාලින්ද දිසානායක යන මන්ත්‍රීවරු එහි ගොස් සිටිතැයි කියති.

 



අදහස් (0)

පොඩි පක්ෂ නායකයොත් මහින්ද හමුවෙති

සුමුදු හේවා Friday, 17 April 2015 08:17 AM

චතුරි, 2008 ඔයාලගේ රටේ ජනාධිපතිවරණයේදී ස්ත්‍රී පුරුෂ භාවයත් කලු සුදු බවත් තීරණාත්මක සාධක වන බව බිල් ක්ලින්ටන්ම ප්‍රසිද්ධියේ කිව්වා මතකද? ඒ පුරුද්දටද කොහෙද ඔයත් මගේ අදහස් ගැන සිතනු වෙනුවට මගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන වද වෙනවා. කොහොමත් පසුගාමී ඇමරිකාවට ප්‍රාථමික සාධක වලින් ඔබ්බට ගිය වැදගත් දේ විෂය වෙනවා අඩු ඇති. (නදී)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 03:05 PM

අනේ චතුරි, ඇමරිකාව දියුණුය කියලා ඔයාලා කියන්නේ එහි ආර්ථිකය කලක් තිස්සේ කඩා වැටෙන නිසාද? එතරම් 'දියුණු නැති' චීනය ජපානය වැනි රටවලින් ණය ගෙන ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වෙච්චි හින්දද? නිවාස නැතිව වාහනය ගෙදර කරගත් දරු පවුල් සහ බෙහෙත් ගන්න සල්ලි නැතිව මැරෙන මිනිස්සු ඉන්නා රටක් වීම නිසාද? ලාබාල මව්වරු සහ බිඳුණු පවුල් වැඩි වෙමින් තියෙන නිසාද?එහෙමත් නැතිනම් තුවක්කු ගෙන පාසල් සුපර් මාර්කට් යනාදියට කඩා පැන තමන්වත් නොදන්නා හේතුවක් නිසා නන්නාඳුනන දරුවන් සහ මිනිසුන් මරණ පිස්සන් ඉන්න රටක් වීම නිසාද?එහෙමත් නැතිනම් කල්ලෙක් වීමම මහ මග ඇවිද යද්දී පොලිසියෙන් වෙඩි කා මියැදීමට ප්‍රමාණවත් හේතුවක් වෙන තරමේ අසහාය නිදහසක් එරට කල්ලන්ට තියෙන නිසාද? එහෙමත් නැත්නම් එරටේ මුල් පදිංචිකරුවන්ගෙන් රට උදුරාගෙන ඔවුන්ට හරිහැටි නොසලකමින් බොරුවට ඔවුන්ට ස්තුතිකිරීමේ නිවාඩු දිනක් දාගෙන එදිනට කාබී ප්‍රීති වෙන නිසාද? තම රටේ පුරවැසියන්ගේ පෞද්ගලික නිදහසට නිගරු කරමින් ඔවුන්ගේ දුරකථන සංවාද වලට කන්දෙන ඔවුන්ගේ ඊමේල් කියවන රටක් වීම නිසාද? නැතිනම් ලෝකයේ වෙනත් රටවල වැසියන් යාහු ගුගල් වැනි ජාල ඊමේල් සහ ස්කයිප් සංවාද හරහා හුවමාරු කරගන්නා තොරතුරු ලජ්ජා නැතිව හොර රහසේ එක්රැස් කර ගන්නා නිසාද? මහ රෑ පාන්දර අනුන්ගේ රටක අනුන්ගේ ගෙදරකට තම හමුදා භටයන් හොර රහසේ රිංගා එනිවසේ නිරායුධ මිනිසුන් දඩයම් කරනු තම රටේ සිට සජීවීව නරඹා විනෝද වීමට තරම් උසස් මානසිකත්වයක් එරටේ නායක කාරකාදීන්ට තිබෙන නිසාද? එහෙමත් නැතිනම් ත්‍රස්තවාදීන් ඇල්ලිමටය කියා බලහත්කාරයෙන් අනුන්නේ රටවලට රිංගා කිරිකැටියන් කතුන් ඇතුළු සාමාන්‍ය ජනතාව තොග පිටින් මරණ නිසාද? ඔත්තු සේවා මගින් සහ අන්තර්ජාලය මගින් තමන්ට හිලෑ නැති ආණ්ඩු තිබෙන රටවලට අරාබි වසන්තය බඳු විපත් පමුණුවන නිසාද? නීතියක් රීතියක් සදාචාරයක් නොතකන ලෝක මට්ටමේ චන්ඩියෙකු වීම නිසාද? ඒ ඔක්කොම කරන ගමන් අපිට මානව හිමිකම් ගැන වැදී බණ දෙසමින් අපේ රණවිරුවන් දන්ගෙඩියට දැක්කීමට කැස කවන නිසාද? ඔයා ඇමරිකාව කියන දියුණු රටේ ඉන්නා නිසා කරුණාකර මට කියලා දෙන්නකෝ එහෙ තියෙනවාය කියන එහෙත් අපට නොපෙනෙන ඔය දියුණු බව මොකක්ද කියලා. (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 03:09 PM

අනේ චතුරිගේ ටිකිරි මොළේ. ඇමරිකාව බඩජාරිකමට ලෝකයේ ස්වභාවික සම්පතුත් අනුන්ගේ රටවල සියල් සම්පතුත් සූරා කාලත් සපුරාගත නොහැකි අන්දමේ අධි පරිභෝජන රටාවක ගිලෙමින් තමනුත් සියදිවි නසා ගනිමින් ලෝකයත් විනාශ කරන ගමනක යෙදෙද්දී ඔයාට පෙනෙන්නේ බඩජාරිකම අඩු රටක් වීම නිසා ඇමරිකාව දියුණුවෙන බවයි. (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 03:22 PM

චතුරි, ඔයා ඇමෙරිකාවේ ඉන්නා නිසා නොදන්නවාද මන්දා... හිටපු ජනපතිතුමා සිරිසේන තුමන්ගේ දෝතට බාර දුන්නේ කොටින්ගෙන් මුදා ගත් නිරවුල් රටක්. නිකම්ම නෙමෙයි අඛණ්ඩව අවුරුදු ගණනනාවක් තිස්සේ පවත්වාගෙන ආපු එමෙන්ම දකුණු ආසියාවේ ඉහලම ආර්ථික වර්ධන වේගය සේ සැලකෙන ආර්ථික වර්ධන වේගයක් ද සහිතවයි. එවක රජය යටතේ රටේ ණය බර ද රටේ අදායමට සාපේක්ෂව පහත වැටෙමින් පැවතුනි. ඉදිරි ආර්ථික දියුණුවට අදාළ බොහෝ සංවර්ධන ව්‍යපෘති ද නිම කෙරුණි. එහෙත් දැන් මේ යහපාලනෙට තිබුණු ආර්ථික වර්ධන වේගය පවත්වා ගැනීමට තබා සේවක පඩිනඩි ගෙවා ගැනීමටවත් බැහැ. කොටස් වෙළෙඳපොල කඩාගෙන වැටෙනවා. මහා බැංකු වංචා ගැන කියලා ඔයාගේ සිත රිදවන්නේ මොටද? ..නේද? (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 03:33 PM

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ළඟ හිටියලු හූ කාලා! අන්ද මන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටෙයි සිතු කෙන්ද බලාපල්ලා! මං කිව්වේ ඇඟපතින් කෙන්දක් වුණු කෙනෙක් ගැන නම් නොවෙයි. ඉදිරියට දින යොදාගෙන තිබුණු අනිත් බලමණ්ඩල රැස්වීම් අවලංගු කළොත් කුරුණෑගලදී වෙච්ච දේ එ්වයේදීත් වේවි කියලා බයටලු නේද? (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 03:33 PM

හොඳ ශක්තිමත් එකමුතු පොල් කෙඳි තියේනම් නැවක් වුණත් ඇදල ගන්න පුළුවන් කඹයක් හදන එකත් කජ්ජක්ද? පිදුරු ඕනේ අයට පිදුරු තියාගන්න කියලා අපි පොල් කෙඳි ටික එකතු කරගනිමුකෝ. (බ)

:       0       0

චතුරි යූඑස්ඒ Thursday, 16 April 2015 03:47 PM

අනේ. සුමුදු පොතක්. බලාගෙන මේවා ලියන්න. පුළුවන් ඒ වගේම මේ රට ඒ ප්‍රශ්න වලට අපිට විසදුම් තියෙනවා. මේ රටේ පොඩි මිනිසෙක් හොරකම් කරලා අහුවුනොත් ඒකෙනාට නීතියෙන් අනුකම්පා කරනවා. නමුත් පක්ෂ. නායකයිට නැහැ රටේ දෙයක් හොරා කන්න බැහැ පොඩිදෙටත් අලියන් දින දම්වැල් වලින් බැදගෙන උසාවියට ගෙනියන්නේ. අපේ රටේ මේ නිතිය. තියෙන්නේ කාටද පුලුවන්නම් කියන්න. මමත් වැඩි පුර ඉන්නේ ලංකාවේ වැඩිය උවමනා නැහැ බැසිල් හිනා වෙනවා. ඔයාලගේ මෝඩකමට මහින්ද තව අවුරුදු දෙකක් හිටියනම් අද සුමුදුලට මන්දපෝෂණේ (බ)

:       0       0

චතුරි Thursday, 16 April 2015 04:04 PM

සුමුදු කියන්නේ. ගනුකෙනෙක්ද. පිරිමි. කෙනෙක්ද . හිතන්න. ආමරුයි. (අ)

:       0       0

විජයබාහු Friday, 17 April 2015 08:56 AM

සුමුදු, චතුරිලට ඔය තේරෙන්නේ නැති බර වචන වලින් උත්තර දෙන්න යන්න එපා. ඔහොම අදහස් දැම්මාට මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 09:43 PM

චතුරි, රට රාජ්‍යවල ඉන්නා අපි තරම් වෙන කවුරුවත් ලෝකය ගැන දන්නේ නැහැ. තමන්නේ මව්රටේ ඉන්න ඔක්කොම නිකන්ම නිකන් ගෙම්බෝ කියලා හිතන එකත් ලොකුම මානසික ව්‍යාධියක් තමයි. මම නම් වාසනාවකට ඇමරිකාවේ ඉඳලා නැතත් ඊට අල්ලපු රටේ නම් කලක් තිස්සේ ඉඳලා තියෙනවා. ඒ රටටත් හිම කුණාටු, උණුසුම් වායු කුණාටු සහ විවිධ වසංගත රෝග යනාදී හැම වින්නැහියක්ම එන්නේ ඔයාලගේ රටින්ය කියලයි ඒ රටේ උදවිය නම් කියන්නේ. අපිටත් ඉතින් ඔයාලගේ රට මහා වසංගතයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඇරත් අද කාලේ කව්ද අනේ ඇමරිකාවේ තොරතුරු දැනගන්න පොත් බලන්නේ? ඒ ඔක්කොම ඉතින් අතුරු කතානේ. අපි මුලික ප්‍රශ්නෙට එමුකො. ඇමරිකාවේ තියනවා කියන මහා ලොකු දියුණුව මොකක්ද? කියන්නකෝ බලන්න අපිටත් දැනගන්න. (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 09:50 PM

චතුරි, ඔයාගේ ලොකු රටේ තිබෙන මං ඉහත කියපු ප්‍රශ්න වලින් එකකට හරි උත්තරයක් තියෙනවා නම් කියන්නකෝ අපිටත් දැනගන්න. මම නම් අහලා තියෙන්නේ ඔයාලගේ රටේ ප්‍රශ්නවලට නැති උත්තර හොයන්න ඔයාලා කරන අසාර්ථක වෑයමේදී ඔයාලා අපේ රටවලටත් නැති ප්‍රශ්න හදලා දෙනවයි කියලයි. (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 09:59 PM

අනුන්ගේ රටවලින් හොරකම් කිරීම සහ කොල්ලකෑම ඇමරිකාව විසින් තමන්ගේ සම්මත ආදායම් මාර්ගයක් කරගෙන තියෙද්දිත් අපේ රට තුළ කෙරෙනවයි කියන සාපේක්ෂව පුංචි හොරකම් ගැන චතුරි කොහොම ලැජ්ජා නැතුව කතාකරනවද මන්දා..! (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 16 April 2015 10:05 PM

චතුරි, ඔයා හරි. හොඳට මතක තියාගන්න චතුරි, මහින්දගේ කාලේ රටේ පෝෂණ ගුණයෙන් අනූන දේශීය සහල් වර්ග සුලබ වුණා. ත්‍රස්තවාදයේ නිමාවත් සමග එළවලු පළතුරු නිෂ්පාදනය වැඩිවුණා. ඉතින් ඇමරිකන් පිටියි ජාන විකෘති කළ එළවලු පලතුරුයි වසවිස පිරුණ සත්වයන්ගේ මාංශයි කන ඔයාලට තියෙන ව්‍යාධිවත් මන්දපෝෂණයවත් ලංකාවේ ඉන්නා අපට නැහැ. (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 17 April 2015 12:01 PM

කුණු කසළගොඩේ එකතුව ඇමෙරිකාවයි. එරටින් ලෝකයට පතුරන්නේ වසංගතයි.මේ ගොඩේ බහුතරය ඉන්නේ එම රෝග වාහකයිනුයි.අපේ මේ සිරිලකට මහින්ද මහත්මා අවශ්‍යයි. (නි)

:       0       0

කරුණාපාල Thursday, 16 April 2015 08:17 AM

'දියේ ගිලෙන්න යන මිනිසාට, පිදුරු ගහත්, ලොකු ගහක් ලු" මේක මගේ කියමනක් නෙමේ, මම එහෙම ලීවේ පිදුරු ගහ ගැන කියපුවම, සමහරක්ට මල පැනලා ඒකයි වෙන මුකුත් හින්දා නෙමේ. (බ)

:       0       0

දුමින්ද Thursday, 16 April 2015 08:30 AM

කෙන්ද කෙන්ද එකතු උනාම ශක්තිවන්තයි (බ)

:       0       0

රාමා Thursday, 16 April 2015 09:24 AM

පිදුරු ගහේ තරම පෙනේවි මහින්ද සන්ධානයෙන් අයින් වුණාම (බ)

:       0       0

නන්දන Thursday, 16 April 2015 09:48 AM

මේ කට්ටිය හිටපු ජනාධිපතිතුමා ලවාම හිස තෙල් ගාව ගන්න එක කෝකටත් හොඳයි. (බ)

:       0       0

කපිල Thursday, 16 April 2015 10:04 AM

සියල්ලට පෙර මව්බිම. ආරක්ෂාව පළමුවෙන් . මහින්ද වගේ ශකිමත් යෝධයෙක් රට බාරගන්න ඕන. දොන් ජුවන් වගේ පිදුරුගස් වලට රට ගැන කැක්කුමක් නැහැ.(බ)

:       0       0

ලක්සිරි Thursday, 16 April 2015 10:43 AM

දුමින්ද මහත්තයෝ, ඔය වගේ කෙන්ද කෙන්ද එකතු කරලා කවදාවත් කන්දක් වෙන්නත් බැහැ. ඒවගේම කෙන්ද, කන්ද කරලා බොරු ප්‍රෝඩා දමල හැමදාම බලයේ ඉන්නත් බැහැ. තිත්ත ඇත්ත ඒකයි.(ම)

:       0       0

පිටිගල Thursday, 16 April 2015 10:44 AM

හොරු රංචුවකට නායකත්වය නොදී රටට නායකත්වය දුන්නා නම් අදත් අපේ ජනපති මහින්ද. ඇත්තටම ඒ ගැන හරි කණගාටුයි.(ම)

:       0       0

සමන්ත Thursday, 16 April 2015 10:46 AM

ආයේ පරිස්සමින්. හොඳට ඉන්න ඕනි. හොරු තවම ඉන්නවා (බ)

:       0       0

තිලක් Thursday, 16 April 2015 10:53 AM

පරම්පරා ගානකට හම්බකරගන්න දීපු මනුස්සය අමතක කරන්න හොඳ නැහැ කෙලෙහිගුණ සලකන්න ඕන (බ)

:       0       0

තිලක් Thursday, 16 April 2015 10:54 AM

පරම්පරා ගානකට හම්බකරගන්න දීපු මනුස්සයා අමතක කරන්න හොඳ නැහැ කෙලෙහිගුණ සලකන්න ඕනා (නදී)

:       0       0

දුමින්ද Thursday, 16 April 2015 10:59 AM

ලක්සිරි මහතානනි, කන්ද පහල සිට නොපෙනෙන බොහෝ දේ කන්ද උඩට නැග්ග කල පෙනේ (නදී)

:       0       0

තිලක් Thursday, 16 April 2015 11:05 AM

හම්බකරගන්න දීපු මනුස්සයා අමතක කරන්න හොඳ නැහැ. (නදී)

:       0       0

ලක්සිරි Thursday, 16 April 2015 11:44 AM

දුමින්ද මහත්තයෝ, ඔය කියන කන්ද උඩට කාලෙකට ඉස්සරවෙලා නැග්ග අපිට මේකත් කන්දක්ද කියල හිතුනේ එදාමයි. ඒ මහා කන්ද පාමුල ඉඳගෙන කන්දෙනුත් පල්ලෙහට වලක් හාරන ඔබට කොහොමද ඉතින් කන්දට එහායින් තිබෙන ඒ සුන්දර ලෝකය පේන්නේ.(බ)

:       0       0

සමන් - කටාර් Thursday, 16 April 2015 12:23 PM

ලිස්ට් එකේ ඉන්නේ බාගයක් හොරුනේ? මෙයාලා එකතු වුණොත් ආපහු මහින්දට දෙවියන්ගෙම පිහිටයි (බ)

:       0       0

විජයබාහු Thursday, 16 April 2015 12:35 PM

ලක්සිරි මහත්මය කවුරු ළඟට ආවත් කන්ද කන්දම තම. එ්ක සෙලවෙන්නේ නෑ. පිටිගල දැන් බයවෙන්න දෙයක් නෑ හොරු රැල යහපාලනයට එකතුවෙලා ඉන්නේ (බ)

:       0       0

විජයබාහු Thursday, 16 April 2015 12:45 PM

සමන් එතකොට ලිස්ට් එකේ නැති අය? (බ)

:       0       0

චතුරි Thursday, 16 April 2015 01:04 PM

බඩයි කටයි ලොකු අයව මින් ඉදිරියට රටේ නායකකමට එපා. පොඩි මිනිසාට අාසාව ,තන්හාව ,පෙරේතකම ගොඩක් අඩුයි. ඒකයි ඇමරිකාව වගේ රටවල් දියුණුවෙන්නේ. අද රටට සාමය උදා කරපු රණවිරුවෝ. අැගපතින් කොපමණ කුඩාද බඩ කට ලොකු ප්‍රබාකරන් මරලා රටට සාමය උදා කරලා. දුන්නා ඒ තැන රබ්බඩ අය්යට ලබා ගන්න. බැහැ අද සිරිසේන ජනපති රට බාර ගන්නකොට මහා බැංකුවේ මුදල් නැහැ ,ආයතන මුදල් නැතිව නායකයට බයේ නිකන් වැඩ කරලා කුඩු වලින් අඩුවක් නැතිව රට ඉහිරිලා ,හොර දුෂණ වලින්මිනිස්සු පිරිහිලා , දැන් කලින් හිටපු නායකයෝ කියනවා සිරිසේන ජනාධිපති කිසිවක් කරන්නේ නැහැලු. මොලයක් තියෙනවනම් මේ වගේ දේවල් කරයිද (බ)

:       0       0

විජයබාහු Friday, 17 April 2015 07:18 AM

චතුරි, ඔයාගේ අදහස් පැහැදිලි මදි. ඔයා මුල මැද අග ඔක්කොම කලවම් කරගෙනද කොහෙද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1729 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1084 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1634 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1142 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1131 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site