IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පොඩි ලැසීගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි, පොලිස්පතිට දැනුම් දෙන බව නීතිපති කියයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

දැනට බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පවසන ජනිත් මධුසංඛ හෙවත් "පොඩි ලැසී " නමැත්තාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

දැනට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින තමාගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා පොඩි ලැසී නමැත්තා ගොනු කල රිට් පෙත්සමක්  අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මේ බව දැනුම් දුන්නේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ බන්ධනාගාර ගත කර සිටි අපරාධකරුවන් බව කියන දෙදෙනකු පිටතට ගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ සිද්ධීන් වලදී පොලිස් වෙඩි පහරින් මියගිය බව පසුගිය දා වාර්තා වූ බව ය.

පෙත්සම්කරුට ද එම ඉරණම අත්වනු ඇතැයි සැක පවතින බවද පෙත්සම්කාර නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

එබැවින් ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙන නොයන ලෙසත් ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසත් ජනාධිපති නීතීඥවරයා ඉල්ලා තිබේ.

එහිදී නීතිපති වරයාට වෙනුවෙන් පෙනී වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කරු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය.

ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්ෙවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද පෙත්සම්කරු⁣ට එරෙහිව චෝදනා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

 



අදහස් (1)

පොඩි ලැසීගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි, පොලිස්පතිට දැනුම් දෙන බව නීතිපති කියයි

Nandana Thursday, 20 May 2021 03:55 PM

අපරාදෙ සල්ලි... රජයේ වියදමින් මේ අයට කන්න බොන්න දෙන්න එපා. රටවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න ඕනෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 335 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 327 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 1136 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 1078 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 477 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 1088 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 61 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1392 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site