( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තමා ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී‘ නැමැත්තා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, එහි ප්‍රධාන ජේල්ර් , බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට නොවැම්බර් 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (23) නොතිසි නිකුත් කළේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී‘ නැමැත්තා සිය නීතීඥවරයා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම නොතිසි නිකුත් කෙරිණී.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණී.
‘පොඩි ලැසී‘ නැමැත්තා සිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා , ප්‍රධාන ජේලර් , බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ වැඩබලන පොලිස්පතිවරයා නම් කරනු ලැබ සිටිති.
ගොනු කල පෙත්සමේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.පෙත්සම්කරු අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන , මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.
බන්ධනාගාරය තුළදී පෙත්සම්කරුට දැඩි ජීවිත තර්ජන එල්ලවී ඇත. බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීමට බන්ධනාගාර බලධාරීන් බැඳී සිටිති.ඒ අනුව බන්ධනාගාරගතව සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය බැඳී සිටි.
එබැවින් තර්ජන මධ්‍යයේ බන්ධනාගාරයේ සිටින තමන් ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර බන්ධනාගාර බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොඩි ලැසී අධිකරණයෙන් ජීවිතාරක්ෂාව ඉල්ලයි
Kamal Koyrala Friday, 23 October 2020 10:36 AM
ඇතුලේ අවුලක් නැහැ කුඩු ආයුධ පෙන්වන්න යන්න එපා.... කංජිපානිගෙන් පස්සේ ඔයා ඉන්නේ ආයුධ පෙන්වන්නේ යන්නේ...
Kuma Friday, 23 October 2020 03:54 PM
ඇයි හැංගුව දේවල් හොයන්න යන්න කතා කරනවා ද?
සේන Friday, 23 October 2020 07:21 PM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. මර බිය දැනෙන විටවත් මෙවැනි සමාජ පිළිල වලට තමා කළ වැරදි ගැන දැකීමට හැකි වේ නම් අඩුම ගානේ නිරයේ ගත කරන්නට තිබෙන කාලය හෝ අඩු කර ගත හැකි වේවි
මුණසිංහ Saturday, 24 October 2020 03:04 AM
එයාල වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුත් ඉන්නවා. අපිට සාමාන්‍ය නීතිඥ මහත්යෙක් අල්ල ගන්නත් මාසෙක වියදම නතර කරන්න වෙනවා?
Bandara Saturday, 24 October 2020 05:11 AM
මධූෂ්ට වූ දේම වුණොත් හොඳයි.