IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පණ්ඩිතකමක් කර පැරදුණු බව මහින්ද පිළිගනී

ඉඩම් හා අඩු නිවාස හිමිකම් පවරා දීමට සිටිය දී පණ්ඩිතකමක් කළ නිසා අවුරුදු දෙකකට කළින් ජනපතිවරණයක් පැවැත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඹුරුපිටිය බොරළුකැටියේ දී කීවේය.

එම මැතිවරණයෙන් ඔහු පරාජයට පත් විය.

ඔහු මෙවර කුරුණෑගලින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරයි.

‘මම කළ ඒ පණ්ඩිත වැඩෙන් මිනිසුන්ට එකක් දැනගන්න පුළුවන් වුණා. එක්සත් ජාතික පක්ෂයේ වැඩ කොහොමදැයි ඔවුනට පෙවුණා. ඔවුන් බෙදන ඉඩම් ඔප්පුවේ කවරේ රනිල්ගේ පින්තූරේ. ඇතුළේ මහින්ද රාජපක්ෂගේ පින්තූරේ. ඒ කාලෙ බෙදා දීමට ලෑස්ති කළ මේ ඉඩම් ඔප්පු අපේ නිලධාරයන් බෙදා දී නෑ. දැන් ඒවා බෙදන්නේ රනිල්ලා. හැබැයි කාටවත් මගේ අත්සන වෙනස් කරන්න බෑ.‘



අදහස් (0)

පණ්ඩිතකමක් කර පැරදුණු බව මහින්ද පිළිගනී

සත්‍යයා Wednesday, 22 July 2015 12:38 AM

මේ ළඟදී නාමල් කියලා තිබුනා "අපේ තාත්තා සොරකම් කළේ ජනතාවගේ හදවත්" කියලා. දැන් තාත්තා කියනවා එයා කරපු "පණ්ඩිතකමක්" හින්දා පරාද වුණා කියලා. තාත්තලා පුතාලා මොනවා කියනවාද මන්දා? හදවත් දිනනවා වෙනුවට සොරකම් කරනවා. මෝඩ වැඩ වෙනුවට පණ්ඩිතකම් කියලා කියනවා. (නි)

:       0       0

ශක්ති Tuesday, 21 July 2015 03:08 PM

ඕවා පාරම්පරික බුදල් නෙවෙයිනේ ... (ර)

:       0       0

කැළුම් Tuesday, 21 July 2015 11:25 AM

ඔන්න කියපු එකම ඇත්ත .(ම)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 July 2015 11:33 AM

රටක් පාලනයට ගැලපෙන්නේ වෙලාවට හරි තීරණය ගන්න පුළුවන් කෙනෙක් නේද? (ම)

:       0       0

ප්‍රදීප් Wednesday, 22 July 2015 01:50 AM

පණ්ඩිත වුණාට කමක් නැහැ, අනෙක් ගුණාංග පෙන්වන්න එපා (නි)

:       0       0

අනුර පනාගොඩ Tuesday, 21 July 2015 11:43 AM

වෙලාවට ගත්ත තීරණ නිසා අද නොබෙදුණු රටක් ඉතිරිවෙලා තියෙනවා. (ර)

:       0       0

නන්දන Wednesday, 22 July 2015 02:01 AM

අනේ මහත්තයෝ, තව ඔයාගේ නම කැතකරගන්න එපා.පාඩුවේ ඉන්නකෝ. හම්බකළ ඒවා මදිද? (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 21 July 2015 11:49 AM

මේ මොනවාද මේ කියන්නේ. (ර)

:       0       0

ආනන්ද සෙනරත් Tuesday, 21 July 2015 11:59 AM

දැන් මොනවා කිව්වත් පරාජය නියතයි. (ර)

:       0       0

චතුරි Tuesday, 21 July 2015 12:05 PM

යහපාල දැන් වචන දෙකෙන් පිළිතුරු දෙන්නේ මහින්ද අනාගෙන තියෙන නිසා. මහින්දගේ පවුලේ සංවර්ධනය නැවතිලා. එකයි එන්න දඟලන්නේ. (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 21 July 2015 04:31 PM

මට හිතෙන්නේ ජනවාරි 8 වෙනිදා වුණූ කම්පනයෙන් මෙයා තවමත් යථාතත්වයට පත්වෙලා නැහැ කියලයි ......(ම)

:       0       0

අබේරත්න Tuesday, 21 July 2015 04:32 PM

ඔබ තුමා රට බේරා ගත් නායකයනේ. වෙනත් දේවල් අපට වැදගත් නැත .(ම)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 21 July 2015 12:13 PM

මහින්ද මහත්තයා දැන් පරාජිත හිටපු ජනාධිපති. ඒ නිසා එයා දැන් විශ්‍රාම අරගෙන අලුත් නායකත්වයකට ඉඩ දීල වැදගත් විදිහට දේසපලනයෙන් සමුගන්න ඕන. මොකද දැන් වයසත් අවුරුදු 70වක් වෙනවනේ. මොකද මේ තරම් පෙරේත බලේ ගන්න. (ස)

:       0       0

ශාමන්ත වෙල්ගම Tuesday, 21 July 2015 12:14 PM

දැන්ද තේරුනේ බබාට ? (ස)

:       0       0

පුරනප්පු Tuesday, 21 July 2015 12:15 PM

ඔබතුමාගේ වැරදි ගැන වැටහීමක් ලබා තිබීමත් ඒ තුලින් පාඩම් ඉගෙන ගැනීමත් ඔබේ අවංක්වතයත් අගය කරනවා. (ස)

:       0       0

රන්ජිත් Tuesday, 21 July 2015 12:35 PM

වයසට යනකොට හොදට කල්පනා කරලා තීරණ ගන්න අමාරුයි. (බ)

:       0       0

අනුර Tuesday, 21 July 2015 12:36 PM

මොන කෙනා බෙදුවත් මේවා ජනතා සතු දේවල් කිසිම කෙනෙක් තමන්ගේ පඩියෙන් වත්කමෙන් අරගෙන දෙන්නේ නැහැ ඔබ තුමන්ල යැපෙන්නේ අපේ බදු මුදල් වලින් පිනට කාල පිනට බෙදන අය (බ)

:       0       0

අනුර Tuesday, 21 July 2015 12:49 PM

ආනන්ද මහත්මය එහෙම නොවෙන්න පුළුවන් යුද්ද කාලේ කොල්ලුපිටියේ පක්ෂය හැසිරුණු විදිය ඉතාම නරක ය (බ)

:       0       0

සජී Tuesday, 21 July 2015 12:51 PM

තන්හාය ජායති සෝකෝ (අ)

:       0       0

විජිත් Tuesday, 21 July 2015 01:13 PM

ලජ්ජා නැතිව ආයෙත් පණ්ඩිත කමක් කරන්න ඇවිත් ලබන මාසේ නියමට ඇනගන්නවා නියතයි...ඔබ පරිප්පු ඉල්ලන් තෙම්පරාදුකරාලා කන්නයි යන්නේ. (අ)

:       0       0

යසිරු Wednesday, 22 July 2015 03:49 AM

මහින්ද මහත්තයෝ.... ඔයාගේ පණ්ඩිතකම නිසාම නේද අපිට යුරෝපා කොටි තහනමත් නැති වෙන්න ගියේ.... රට අදුරට ගියේ..... (හේ)

:       0       0

විපුල Tuesday, 21 July 2015 08:15 PM

කළ වැරදි තේරෙනකොට කොහොමත් පරක්කු වැඩියි (නි)

:       0       0

රජිත Wednesday, 22 July 2015 03:51 AM

පේමදාස උන්නැහෙ මලයාලි කට්ටඬියන්ව ආනයනය කරල කන්න බොන්න ඉඳුම් හිටුම් ආදීය දී,දෙන ලද ලනු කා, ඇන ගත්ත​. ලනු දෙන සාස්තර කාරය හරහා, අපේ රට බේරපු මහින්ද උතුමන්, මැතිවරනෙ අවුරුදු දෙකකට කලින් තබා ඇන ගත්ත​. (අ)

:       0       0

අන්තෝනි Tuesday, 21 July 2015 08:28 PM

දැන් තේරෙනවා ඇති ටික ටික (නි)

:       0       0

සනත් Wednesday, 22 July 2015 03:56 AM

ඔය පන්ඩිත වැඩෙන් වෙච්ච එකම දේ තමයි, ‘’සින්හාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන ඒ ලෝකයමයි’’යන ගී පද වැල 100% හරිය කියා අප කාටත් අවබෝධ වීම​! (අ)

:       0       0

මොරිස් Tuesday, 21 July 2015 09:00 PM

ඔය පැත්තේ ඉන්න අය ගැන අපි දන්නවා. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

විජේ සහශ්‍රා Tuesday, 21 July 2015 01:30 PM

මහින්ද කියන්නේ හොඳ කෙනෙක් තමා. නමුත් කිසියම් හදිසි කරදරයකින් කෙනෙක් අපිව බේරාගෙන එයාම අපේ දේවල් විනාශ කරලා දානවා නම් අපි මොකද කරන්නේ. එයා තව දුරටත් අපේ ගෙදර තියා ගන්නවද? බල තණ්හාව හැම තණ්හාවටම වඩා ලොකුයි. (අ)

:       0       0

සුදෙල්මි Tuesday, 21 July 2015 09:11 PM

පණ්ඩිතකමක් කළාට පණ්ඩිතයෙක් නොවන නිසානේ රටේ ආදායමට වඩා ණය වාරිකය වැඩි වුණේ? (නි)

:       0       0

ඉන්ද්‍ර Tuesday, 21 July 2015 01:35 PM

ඔබ තුමා රට බේරා ගත් බව ඇත්ත එත් ඔබ තුමාට බැරි වුණා රටේ හොර දේශපාලකයන් හදුනාගන්න .දැන හෝ නොදැන තනතුරු දුන්නෙත් ඒ වගේ අයට (අ)

:       0       0

රූපසිංහ Tuesday, 21 July 2015 09:52 PM

ජනතා මතය බලහත් කාරයෙන් වෙනස් කිරීමට මොවුන් උත්සහ ගනිමින් සිටී. (බ)

:       0       0

මගලී ෆොන්සේකා Tuesday, 21 July 2015 01:52 PM

ඔව් ඔව් වෙලාවට තීරණය අරගෙන ලස්සනට පලි ගත්තා සිංහල අයගෙන් සිංහල නායකයන්ගෙන් (නදී)

:       0       0

කමල් Tuesday, 21 July 2015 01:58 PM

දැන් පරාජය නලලේ කොටා ඇත. (නදී)

:       0       0

පාලිත Tuesday, 21 July 2015 02:00 PM

අවුරුදු 10ක්ම නිලධාරියන් ඇද ඇද හිටපු එකයි වැඩේ. ආයි එන්න හිතන් ඉන්නෙ ඇවිත් දඩුවම් කරන්න වෙන්න ඇති මේං කියල.(නදී)

:       0       0

ප්‍රසාද් Tuesday, 21 July 2015 11:04 AM

කලින් විසුරුවා හැරියා පෙරේතකමට. දැන් ආයේ ඇවිත් ලැජ්ජා වෙනවා (නදී)

:       0       0

සිංහලයා Tuesday, 21 July 2015 02:32 PM

අපේ දන්නා බාසාවෙන් නම් ඕකට කියන්නෙ පණ්ඩිතකම නොවේ මහත්තයෝ.... (ර)

:       0       0

ලාල් Tuesday, 21 July 2015 02:38 PM

මෙතුමට අයිති ඉඩම් මේ එක එකා බෙදන්නේ.(අ)

:       0       0

නන්දන Wednesday, 22 July 2015 12:00 AM

ඕවා මහින්දගෙත් නෙමෙයි රනිල්ගෙත් නෙමෙයි. බලයෙ ඉන්න කෙනා බෙදනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඕවා රටේ සම්පත්. ඒවා හරියාකාරව කවුරුහරි දුප්පතුන්ට බෙදලා දෙන්නයි ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 7 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 103 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 368 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 445 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3381 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1251 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23054 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22893 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site