IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පැණියාවල කැලේ බෙරලියා පිරිලා...

සිංහරාජයේ හා තෙත් කලාපවල පමණක් හටගන්නා බෙරලියමල් මේ දිනවල මතුගම වලල්ලාවිට පැනියාවල රක්ෂිතයේ දක්නට තිබේ. වසර හතරකට සැරයක් හට ගන්නා මේ මල් පෝෂ්‍යදායි ආහාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. විද්‍යාත්මකව බෙරලිය (Shorea cordifolia) නමින් හඳුන්වන අතර, ආයුර්වේදයේ සඳහන් පරිදි බෙරලියා ප්‍රභේද කිහිපයක් වෙයි. ඒවා නම් රත් බෙරලිය, කොටිකං බෙරලියයි. දානයකට බෙරලිය ව්‍යාංජන සකසා දිය හැකිනම් එම දානය ඉතා දුර්ලභ දානමය පින්කමක් ලෙසටද ගැමියෝ සලකති. බෙරලියා සෑදෙන්නේ අඩි 100 කටත් වඩා උස ගස්වලය. හට ගන්නා කාලයට මේවා සොයා ගැමියෝ විශාල වශයෙන් මහ වනයට ඇදෙති. බෙරලියා කොළය ඉතාම සිහින්ය. බෙරලියා ගෙඩිද කුඩාය. වසර හතරකට පසු හැදෙන කාලයට බෙරලියා ගෙඩි දහස් ගණනින් ගස් යට වැටේ.

2 3 5 6 7



අදහස් (0)

පැණියාවල කැලේ බෙරලියා පිරිලා...

සමන් කුමාර Thursday, 21 August 2014 03:42 AM

බෙරලිය තම්බලා පොල් එක්ක ඉතා රසවත්. අවසාන වරට කන්න ලැබුනේ මීට අවුරුදු විසිපහකට විතර පෙර. තවමත් රසය දැනෙනවා. (නි)

:       5       14

ගමගේ Thursday, 21 August 2014 03:57 AM

මේ බෙරලිය කියන්නේ හොර ගස් වලටමද? හොර ගෙඩිත් මේ වගේමයි නේද? (නි)

:       2       6

ෂාෆික් Wednesday, 20 August 2014 12:04 PM

මේ අර රූං පෙත්ත වගේ කැරකි කැරකී වැටෙන මලද (ගෙඩි) ද? (නි)

:       0       0

දර්ෂණී Wednesday, 27 August 2014 11:30 AM

ගැමි ලියන් රසට හදන කෑම හරිම රසයි (අ)

:       0       0

සමන්ති Wednesday, 20 August 2014 12:45 PM

මෙවැනි සුළඟ මගින් වියාප්තවන මේ හැඩය සහිත ගෙඩි වර්ග බොහොමයක් ඇත (දිල්)

:       0       0

චන්ද්‍රා Thursday, 21 August 2014 05:55 AM

අශෝක කියන්නේ කුඹුරුවල හැදෙන දිය බෙරලිය වෙන්න ඇති. ජපන් ජබර කියලත් කියනවා. දම්පාට මලකුත් පිපෙනවා. සමහරු ඒවත් කනවා.වැඩිය කෑවහම මත්වෙනවා කියලත් අහලා තියෙනවා. (නි)

:       4       0

දෙව්මිත් Wednesday, 20 August 2014 01:13 PM

ලංකාදීප පුවත්පතට මගේ ප්‍රණාමය මෙවැනි දේවල් අපට දකින්න ලබාදීම ගැන (නි)

:       0       0

රෝහණ Wednesday, 20 August 2014 02:04 PM

බෙරලිය කියන්නේ රසවත් ගුණවත් ආහාරයක් වගේම ලංකාවට ආවේණික ජාත්‍යන්තර රතු දත්ත පොතට එකතු වුණ ශාකයක්. (නි)

:       0       0

බෙනට් Wednesday, 20 August 2014 06:49 AM

ගොඩක් අය නොදන්නා දෙයක් ගැන දැනුවත් කිරීම ගැන එසැන ලංකාදීපයට ස්තුතියි ...මේ වගේ දුර්ලබ දේවල් ගැන දැනුම තව තවත් ලබා දීමට හැකිවේවා (නදී)

:       0       1

සමරේ(ගාල්ල) Wednesday, 20 August 2014 07:03 AM

පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ... පන ඇතිමහා සමුදුරු පවුරෙන් වයට... හෙළදිවයින මගෙයි මා ඉපදුන රටය..... ලොව අන්සියලු දිවයින් මෙිකට යටය...(මගේ රටෙි රත්තරන් පොලවෙි මොනවද වැවෙන්නෙ නැත්තෙ) (නදී)

:       0       0

තේෂා Thursday, 21 August 2014 06:51 AM

මෙවැනි දෙයක් ගැන දැනුවත් කළාට ස්තූතියි! (නි)

:       0       0

සුමිත් Wednesday, 20 August 2014 02:21 PM

ලංකාදීප පුවත්පතට මගේ ප්‍රණාමය, මෙවැනි දේවල් අපට දකින්න ලබාදීම ගැන. (නි)

:       0       0

නිරාන් සෞදි Wednesday, 20 August 2014 07:29 AM

වටිනා ලිපියක් ස්තුතියි ලංකාදීප (නදී)

:       0       0

රුවන් Wednesday, 20 August 2014 07:32 AM

මේ අර කැරකි කැරකි වැටෙන මල නේද, චාරිකාවකට සිංහරාජෙ ගියපු කාලෙ අපි ඕවා උඩ යැව්වා. මෙච්චර දුර්ලභ ආයුර්වේද ශාකයක් කියල දන්නෙ අදයි. (ස)

:       0       0

චිත්‍රා Wednesday, 20 August 2014 02:50 PM

නොදන්නා අයගේ දැනගැනීමට මම මෙය ආහාරයට සකස් කර ගන්න විදිය කියන්නම්. සියලු පොතු ඉවත් කර ඇටය සුද්ද කරගෙන උණුදියේ දමා වතුර පෙරා අව්වේ දමා හොදින් වියළාගන්න. එය කලක් තබාගත හැක. කෑමට ගෙනීමට උවමනා ප්‍රමාණය වංගෙඩියේ කොටා පෙනේරයකින් හලා පිටි ගන්න.එම පිටි ඕනෑම කෑමක් සාදා ගැනීමට සුදුසුය. ඇට පිටින් තම්බා පොල් සමඟ කෑමද ඉතා රස ගුණ වේ.කුරක්කන් පිටි වලට සමාන රසක් ඇත. (නි)

:       0       0

තබීතා Wednesday, 20 August 2014 07:33 AM

මේ වගේ දේවල් අපට දැකීමට හැකිවීම සතුටුයි. මේ ව්‍යන්ජනය ඉතාමත් රසවත් හා ගුණදායක විය යුතුයි. (ස)

:       0       0

අජේ Wednesday, 20 August 2014 07:38 AM

නියමයි. (ස)

:       0       0

නිරාන් Thursday, 21 August 2014 07:32 AM

ගලබඩ හා කුමාර, මේ රන් දිවයිනට ගරහන්න එපා. මේකේ ජීවත්වෙන නරුමයන් නිසා මිස මේ රන් දිවයින ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවේ (නි)

:       0       0

සජී Wednesday, 20 August 2014 03:41 PM

රුවන් හා ශාපික් ඔබලා සඳහන් කර ඇත්තේ 'හොර' නමින් හදුන්වන ශාකයේ ඵලය පිළිබඳවයි, බෙරලිය ඵලය කුඩාවන අතර හොර ඵලය තරමක් විශාලය, හොර ශාකයද ලංකාවට ආවේනික වන අතර එහි ඵලය ආහාරයට ගන්නේ නැත..(අ)

:       0       0

ලාලනී Thursday, 21 August 2014 07:43 AM

බෙරලිය කියන්නේ හොර ගස් වලට නොවේ (නි)

:       0       0

නෙහාරා Wednesday, 20 August 2014 04:42 PM

ඉතාම සුන්දර දසුනක් (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 20 August 2014 04:43 PM

මෙම රක්ෂිතයේ ආරක්ෂාවට වැඩපිළිවෙළක් යොදන්න වෙයි (නි)

:       0       2

ෆාතිමා Thursday, 21 August 2014 08:18 AM

මේක සුළගේ පාවෙන හොර ද? (නදී)

:       0       0

මලී Thursday, 21 August 2014 08:33 AM

ගාල්ල දිස්ත්‍රික්කෙ කන්නෙලිය රක්ෂිකයෙක් මේ දවස් වල මේවා තියෙනවා. වේලලා පිටි කරලා ගත්තම හැලප හදන්න පුළුවන් ඒ වගේම බඩේ අමාරු වලටත් ගුණයි. (නදී)

:       0       0

මලීකා Thursday, 21 August 2014 08:32 AM

හොර වගේ වුණාට මේ හොර නෙමෙයි (නි)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය, Wednesday, 20 August 2014 06:42 PM

මේම ලිපිය හා අදහස් දැක්වුවන්ගේ ලිපි කියවීමි. "බෙරලිය​"ශාකය ගැන හඳුන්වා දුන් ලංකාදිපයට මගේ සුභ පැතුම්!

:       0       0

අනුර්ද්ධ ජයසුන්දර Thursday, 21 August 2014 08:48 AM

අර රන්වල පැත්තේ මැණික් සහ රන් එකතු කරන්න කොන්ත්‍රාත් දුන්න වගේ පනියාවලත් කාට හරි දෙයිද දන්නේ නෑ. (නදී)

:       0       0

චරිත Thursday, 21 August 2014 08:48 AM

අපොන්සු, ඉහත නන්දනගේ අදහස කියවන්න. එවිට බෙරලියා මල් වල ගුණය කොතෙක්ද කියලා තේරෙයි. මමත් මේ බලන්නේ බෙරලිය මල් ටිකක් හොයාගන්න විදියක්. මගේ නෝනත් ගොඩක් කැමති වෙයි. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 20 August 2014 09:33 AM

වැල් පෙනෙල මෙන් සියගුනයක වාජීකරණ ශක්තියල් බෙරලියා මල් වලට ඇති බව සිංහල වෙද්දු සහ ගම්මු ප්‍රකාශ කරනවා. ගෙදර පිරිමියා දවසක් වෙහෙසිලා කැලේ මැද්දට ගොස් අඩි සියයක් පමණ උස ගස් වල නැග බෙරලියා මල් කඩාගෙන එනතෙක් බිරින්දෑ වරු ලිප ගිනි මොලවා තුන පහ ලිප තබා බලා සිටින්නේ එදිනම රාත්‍රියට එය රසවත්ව උයා තම සැමියාට ඉක්මනින් කවන්න කියා ජනප්‍රවාද ගොඩක් ඇසෙනවා. (නදී)

:       0       0

රන්ජිත් අමරසේකර Wednesday, 20 August 2014 09:46 AM

පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ... පන ඇතිමහා සමුදුරු පවුරෙන් වයට... හෙළදිවයින මගෙයි මා ඉපදුන රටය..... ලොව අන්සියලු දිවයින් මෙිකට යටය...(මගේ රටෙි රත්තරන් පොලවෙි මොනවද වැවෙන්නෙ නැත්තෙ ( ඔබේ කාව්‍ය සංග්‍රහය පැරණි උනත් රසවත් ) (නදී)

:       0       0

ගලබඩ Wednesday, 20 August 2014 09:47 AM

හඳපානාගල පැත්තට ගියා නම් රත්තරන් පොළොවේ වැවෙන දේවල් බලා ගන්න තිබුනා. ගැහැනියකට මහා දවල් බස් එකක යන්න බැරි, පිරිමි ළමයෙකුටවත් පාරේ යන්න බැරි, ඕනෑම ඔලුවක් කුඩු කිරීමට 'ගාස්තුවක්' ඇති රට ගැනද ඔය කියන්නේ? ලෝකේ අනිත් රටවල් ඔක්කොම කාන්තාර කියලද හීතුවේ? (ස)

:       0       0

අසෝකා Thursday, 21 August 2014 09:14 AM

ඔව් චන්ද්‍රා; මම හිතුවේ දිය බෙරලිය තමයි: ඒවා කන බවක් මම දැනගෙන් හිටියේ නැහැ. මේ විස්තර වලට ලංකාදීපයට ඉතාමත් ස්තුතියි (නදී)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 20 August 2014 09:53 AM

කාල පලයන් පෙරලි පෙරලි කිව්වලු. මටත් ලැබුනා නම් බෙරලිය මල්මිටක්. (නදී)

:       0       0

පෙරේරා Wednesday, 20 August 2014 10:08 AM

ගැමුණු පුතා මේ කරන සමජ සේවය මම අගය කරනවා (අ)

:       0       0

ටෙක්ලා Thursday, 21 August 2014 12:24 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

අසෝකා Wednesday, 20 August 2014 10:14 AM

මම මෙච්චර කාලයක් බෙරලිය කියල හිතාගෙන හිටියේ වතුරේ වැවෙන නිල්පාට මල් පිපෙන පැලෑටිය කියල. පහදා දීම ගැන ස්තුතියි. පුංචි කලේ මටත් මතකයි අපි මේවා උඩදැම්මහම කැරකි කැරකි පහලට එනවා. මේ තරම් ගුණදායක දෙයක් කියල දැනගෙන හිටියේ නැහැ.(අ)

:       0       0

සරත් සිල්වා Wednesday, 20 August 2014 10:21 AM

පණියාවල මේ දිනවල 'කෙලි මඬලක්' වෙලා ඇති බවයි මගේ අදහස. (අ)

:       0       0

අපොන්සු Thursday, 21 August 2014 02:21 AM

බෙරලිය වල තියෙන, අනිත් ශාක වල නැති විශේෂ ගුණය මොකක්ද? (නි)

:       0       0

කුමාර් Wednesday, 20 August 2014 10:38 AM

ගලබඩ මහත්තයෝ කටේ රත්තරන් දාන්න ඕන, ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි කාගෙවත් අවසර ඕන නෑ කියල මගේ තාත්ත කියල දීල තියෙනවා. (ස)

:       0       0

ජානක Wednesday, 20 August 2014 10:38 AM

මම දැක්ක හොදම සහ වැදගත්ම ප්‍රවෘර්තියක් ....බොහොම ස්තුතියි ලංකදීප (අ)

:       0       0

නෙත්මි Thursday, 21 August 2014 10:33 AM

ඇත්තටම මෙවන් දුර්ලභ දේවල් ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබගේ ආයතනයට බෙහෙවින්ම ස්තුතියි! නමින් අසා තිබුනත් බෙරලිය යනුවෙන් ඡායාරූපයකින් හරි දැක්කේ අදයි. තව තවත් මෙවන් දේවල් ලැබෙන්න සළස්වන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

සුගත් බණ්ඩාර Thursday, 21 August 2014 03:03 AM

අපේ රටේ තියෙන වටිනාකමක් සහිත දේවල් ගැන අද සිටින තරුණ පරපුර දන්නවා අඩු නිසා මේ වගේ දේශීය වටිනාකමක් සහිත දේවල් ගැන ඔබගේ පුවත්පතේ සඳහන් වීම ගැන ලංකාදීප, ඔබට ස්තුතියි (නි)

:       0       0

ගයාන් Thursday, 21 August 2014 03:33 AM

ගලබඩ සහ කුමාර්, මේක බෙරලිය ගැන ප්‍රවෘත්තියක්. එහෙම නැතුව රටේ අර්බුද ගැන නොවේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 462 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 467 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 770 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 582 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 401 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 747 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site