(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
මීරිගම කල්එලිය ප්‍රදේශයේ කේක් නිෂ්පාදනය සඳහ පළතුරු සකස් කරන ආයතනයක කල් ඉකුත් වූ හා පනුවන් සහිත රට ඉදි තොගයක් වෙළද පොළට නිකුත් කිරීමට සකස් කරමින් තිබියදී අද ( 18) ගම්පහ පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන නිළධාරීන් පිරිසක් විසින් වටලනු ලැබීය.
ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට ලද තොරතුරක් මත මෙම ආයතනය වටලන අවස්ථාවේ එහි නිෂ්පාදන කටයුතු සිදු වෙමින් පැවති බව හෙලිවිය.
කල් ඉකුත්වී පනුවන් ගසන ලද රට ඉදි කිලෝ 750ක් පමණ කර්මාන්ත ශාලාව තුළ තිබියදී සොයා ගැනීමට මෙම වැටලීම කල නිළධාරීන්ට හැකිවී ඇත.
මෙහි සකස් කරන ලද පලතුරු, කේක් සෑදීම සදහා කල්මුනේ ප්‍රදේශයටත් අවට ප්‍රදේශ වල බේකරි වලට සහ සහ වෙළද සැල් වලට ද බෙදාහැර ඇති බව මූලික පරීක්ෂණ වලදී අණාවරනය වී ඇත.
ඉතා අපිරිසිදු පරිසරයක්තුල පළතුරු සකස් කිරීම් මෙම කර්මාන්ත ශාලාවතුල සිදු වී ඇති අතර පළතුරු නිෂ්පදන භාජන තුලට විවිධ කෘමි සතුන් වැටි එම සතුන් සමගම පලතුරු අඹරා අති ආකාරය දැකගත හැකිවූ බව පාරිභෝගික සේවා නිලධාරීහු පැවසූහ
කොළඹ පිටකොටුව ප්‍රදේශයෙන් මිළදී ගන්නා නරක් වූ රට ඉදි මෙම ස්ථානයට ගෙනවිත් නැවත සකස් කර වෙළද පොළට නිකුත් කරන බව පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් සිදුකල ප්‍රශ්ණ කිරීම් වලදී හෙළි වී ඇත.
නිළධාරීන් විසින් අයිතිකරුට එරහිව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කල අතර කර්මාන්ත ශාලාවේ වැඩ කළ සේවකයින් හතර දෙනෙක් නිළධාරීන් බාරයට ගෙන බැදුම් කරයක් මත නිදහස් කර හිමි කරුට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට දැනුම් දෙනු ලැබීය.
නිළධාරීන් භාරයට ගත් රට ඉදි තොගය මුද්‍රා තැබූ අතර අධිකරණ තීන්දුවක් ලැබෙන තුරු කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරම් තහනම් කිරීමට නිළධාරීන් පියවර ගත්තේය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පණුවොත් එක්ක රටඉඳි කවන්න බැරිවෙයි
sam Friday, 19 May 2023 12:04 PM
මේ අය නම් මහා කාලකණ්ණි මිනිස්සු... රාජපක්ෂ මයිනා පවුල වගේම තමයි. සල්ලි හම්බ කරන්න නොකරන මගඩියක් නැහැ. හෙනම ගහන්න ඕනේ...