IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පණු ගෙඩි හා පිළිකා අතර සම්බන්ධයක් නෑ

(කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප‍්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය හර්ෂ මාරසිංහ)

සාමාන්‍ය භාවිතයේදී ”පණු ගෙඩි” හෝ ”හුණු ගෙඩි” නමින් හඳුන්වන ඇප්තස් වණ  බොහෝ දෙනකුගේ මුඛයේ හට ගන්නා වේදනාකාරී තුවාල විශේෂයකි.

සුදු හෝ කහ පැහැති පසුබිමක් සහිතව රවුම් හැඩයක් ගන්නා මෙම තුවාල වටේට රත් පැහැයක් ගනී. ස්පර්ශ වූ විට පමණක් නොව කථා බහේදී පවා අතිශයින් වේදනාකාරී මෙම තුවාල කෙනකුට වසරකදී දෙතුන් වරක් වුවද නැවත නැවත ඇති විය හැක.

ඇප්තස්  වණ (පණු ගෙඩි) හඳුනා ගැනීම.

සාමාන්‍යයෙන් මුඛ ශ්ලේෂමල පටලයේ  ඕනෑම තැනක හටගත හැකි නිසා ඇප්තස් වණ දිව, කම්මුල, තොල, විදුරුමස පත්ල, සිනිදු තල්ල වැනි ස්ථාන වල හට ගනී.

කුඩා ඇප්තස් වණ

සාමාන්‍යයෙන් සෙ:මී:1 කට වඩා කුඩා වන අතර, කැළලක් ඉතිරි නොකර සති 2ක පමණ කාලයකදී ඉබේම සුව වේ. එකවර කිහිපයක් හට ගත හැක.

විශාල ඇප්තස් වණ

සෙ:මී: 1 කට වඩා විශාල වන අතර, ඉතා වේදනාකාරීයි. සුව වීමට සති දෙක තුනකට වඩා කාලයක් ගන්නා අතර, බොහෝ විට කැළලක් ඉතිරි කරයි. සාමාන්‍යයෙන් හට ගන්නේ එක් තුවාලයක් හෝ දෙකකි.

ඉතා කුඩා ඇප්තස් වණ

අල්පෙනෙති හිසක තරම් කුඩා තුවාල වන අතර, තුවාල කිහිපයක් එකවර හට ගනී. සුව වීමට දින 10ක පමණ කාලයක් ගන්නා අතර කැළැල් ඉතිරි නොකරයි. මේවා බොහෝ විට වයිරස් ආසාදනයක් සමග හට ගනී.

යෞවනයන් අතර බහුලව හට ගන්නා මෙම ඇප්තස් වණ පිරිමින්ට වඩා කාන්තාවන්ගේ වැඩිපුර හට ගනී. කෙසේ වූවද, ඇප්තස් වණ සහ පිළිකා අතර සම්බන්ධයක් නැත.

ඇප්තස් වණ (පණු ගෙඩි) හට ගැනීමට හේතු.

නිශ්චිත හේතුවක් ප‍්‍රකාශ කළ නොහැකි වූවත්, ඇප්තස් වණ හට ගැනීම සමග සමපාත වන කරුණු කිහිපයක් පෙන්වා දිය හැක.

1.        සිරුරේ ප‍්‍රතිශක්තිය දුර්වල වන බැක්ටීරියා සහ වයිරස් ආසාදන 

2.        පවුලේ එකම සාමාජිකයන් අතර ප‍්‍රවේණිගත හේතු නිසා

3.        මානසික ආතතිය, දුක කනගාටුව, තරහව, අධික වෙහෙස හා නිදි වැරීම වැනි කරුණු

4.        හෝර්මෝන මාරුවීම් සිදුවන ඔසප් කාල සීමාව

5.        මුඛය තුවාල වීම් කම්මුල හැපීම, දත් බුරුසුවට තුවාල වීම, විකලාංග ප‍්‍රතිකාර ලබා ගන්නා විට, සායනයේදී දත් පිරිසුදු කිරීම්

6.        ආහාරවලට ඇති ආසාත්මිකතාව නිසා අච්චාරු, තක්කලි, බල මාළු, හුරුල්ලෝ, හරක් මස්, කෝපි, ස්ට්‍රෝබෙරි, බිත්තර, රටකජු, චීස්, අන්නාසි වැනි ආහාර

7.        මිරිස් හා කුළු බඩු අධික හා උණුසුම් ආහාර, ආම්ලික ආහාර (ඇඹරැුල්ලා)

8.        තිරිගු පිටි නිෂ්පාදන (පාන්,පීසා,--) වල ඇති  ප්‍රෝටීනයකට ඇති සංවේදීතාව,

9.        විටමින් ඊ12, ෆෝලික් ඇසිඩ්, යකඩ ඌනතාව

10.      සමහර දන්තාලේප සහ මුව සෝදන දියර වල ඇති රසායනික,

11.      සමහර ආම්ලික ඖෂධ වර්ග

12.      ඒඩ්ස් රෝගීන්

13.      ආහාර මාර්ගයේ ආසාදන

ඇප්තස් වණ ඇති වීම වළක්වා ගැනීම.

නිවසේදී කළ හැකි සරල ක‍්‍රියාකාරකමක් මගින් මෙම තුවාල හට ගැනීමට හේතුව අනුමාන කළ හැක. තුවාල හට ගත් පසු දින කිහිපයක් ආපස්සට කල්පනා කර ඇප්තස් වණ හට ගැනීමට සැක කළ හැකි හේතු වලට ඔබ මුහුණ දුන්නේ දැයි පොතක සටහන් කර තබන්න. මෙසේ කිහිප වරක් කළ විට ආසන්න හේතුවක් හෝ කිහිපයක් සොයා ගත හැකි වනු ඇත. එම හේතු මග හරවා ගැනීමෙන් ඇප්තස් වණ හට ගැනීම අවම කර ගත හැකි වේ. උදාහරණයක් ලෙස දත් බුරුසුවෙන් තුවාල වන තැන් වල තුවාල හට ගනී නම් ප‍්‍රවේශමෙන් දත් මැදීමත් මෘදු කෙදි සහිත බුරුසුවක් යොදා ගැනීමත් වඩා සුදුසුය.

ඇප්තස් වණ සදහා පූර්ව ප‍්‍රතිකාර

ප‍්‍රතිකාරවල අරමුණ විය යුත්තේ ඇප්තස් වණ පෑරීම වළක්වා ගැනීමත් වේදනාව සමනය කර ගැනීමත් බැක්ටීරියා ආසාදනය වළක්වා ගැනීමත්ය.

වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට ප‍්‍රථම නිවසේදී පහත සදහන් පූර්ව ප‍්‍රතිකාර අත්හදා බැලිය හැක.

01.      පහසුවෙන් ගිලිය හැකි මෘදු ආහාර ගත යුතුය. යෝගට්, මිදුණු කිරි වැනි ආහාර ගත හැකිය. කෝපි, චොකලට්, මිරිස් අධික ආහාර, දෙහි ලෙමන්, තක්කාලි වැනි ඇප්තස් වණ වලට හේතු විය හැකි ආහාර වලින් වැළකිය යුතුවේ.

02.      උණුසුම් ආහාරයෙන් වැළකී සිසිල් ආහාර පාන ගන්න. පාන වර්ග බීම බටයකින් බොන්න.

03.      ලූණු තේ් හැන්දක් ජලය කෝප්පයකට දමා එයින් දිනකට කිහිපවරක් කට සෝදන්න.

04.      මිල්ක් ඔෆ් මැග්නීසියා ස්වල්පයක් පුළුන් කැබැල්ලකින් තුවාල මත දිනකට 3x-4 වරක් තවරන්න.

05.      සරල වේදනා නාශකයක් ලබා ගන්න.

ඇප්තස් වණ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්තාව

01. නිවසේදී ලබා ගත්  ප‍්‍රථමාධාර ප‍්‍රමාණවත් නැති නම්

02. ඇප්තස් වණ හට ගත්තේ පළමු වතාවට නම් එය තනිවම හ`දුනාගත නොහැකි වූ විට

03. වේදනා නාශක වලින් වේදනාව සමනය නොවේ නම්

04. තුවාල සමග අධික උණ, පාචනය වැනි ආහාර මාර්ගයේ ආබාධ ඇති නම්

05. මුඛයට අමතරව සිරුරේ වෙනත් තැන්වලත් තුවාල තිබේ නම්, උදා: ලිංගාශ‍්‍රිතව

06. සති 3 කට වඩා ඉක්ම ගියත් තුවාල සුව නොවේ නම්

ඇප්තස් වණ නිතර හට ගන්නේ නම් ඔබගේ දන්ත ශල්‍ය වෛද්‍යවරයා සමග සාකච්ඡුා කරන්න. ඔබට ප‍්‍රතිජීවක ඖෂධ මේ ස`දහා නුසුදුසුය. ඔබට සුදුසු වේදනා නාශක සමග තුවාල බැක්ටීරියා ආසාදනවලින් ආවරණය කර ගැනීමට ස්ටීරොයිඞ් ආලේපන ලබා දෙනු ඇත. සමහර විටමින්, ලවණ වර්ග තුවාල සුව වීම ඉක්මන් කරනු ඇත. කෙසේ වුවද මනස සැහැල්ලූ කරන භාවනා ක‍්‍රම වලින් සතුටුදායක ප‍්‍රතිඵල අත්වනු ඇත. ඇප්තස් වණවලින් පීඩා විදීම අවම කර ගැනීම වෛද්‍යවරයා ඔබට උපකාර කරනු ඇත.

 



අදහස් (2)

පණු ගෙඩි හා පිළිකා අතර සම්බන්ධයක් නෑ

නුවන් ප්‍රියංග Monday, 14 January 2019 01:33 PM

මගේ මුඛයේ උඩු ඇන්දේ දතක් කැඩුණු කැබැල්ලක් ලඟ සුදු පාට බුබුලක් නිතර විදුරුමස තුළ හට ගනියි. එය කුමක් විය හැකිද?

:       3       17

M.G නිසංසලා ්‍යාමලි කුමාරි Thursday, 24 November 2022 06:10 PM

මගේ කටෙ උඩුපැත්තෙ ඉදිමිලා කට අරින්න බැරි තරම් රිදෙනවා ඒ පැත්තේ ඔළුවත් රිදෙනවා අනෙ මට ඉක්මන් පිලිතුරක් බෙහෙතක් කියන්න මම මෙ රටක් ඉන්නේ ගොඩක් පිං.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1261 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 523 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 652 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2255 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2199 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 913 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22621 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22557 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 357 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site