IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පඬු කරඳ ගස පැවිදි කරයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි  සහ තිලකරත්න දිසානායක)

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉවත් කිරීමේ තර්ජනයකට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන කෲඩියා සෙලනිකා හෙවත් පඬුකරද  ගස ආරක්ෂා කිරීමේ අරමුණින් මහා සංඝරත්නය අද(10) එහි ගොස් සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා පැවිදි කර සාංඝික දේපළක් බවට පත්කළහ.

ජාතික භික්ෂු පෙරමුණ හා පුරාවස්තු  සුරකීමේ සංවිධානයට සම්බන්ධ මහා සංඝයා වහන්සේලා පිරිසක් ගස පිහිටි ස්ථානයට වැඩම කළ අතර එහිදී ආගමික වතාවත් සිද්ධ කළහ. අනතුරුව සංඝයා වහන්සේලා ගස වටා චීවරයක් පළඳා පිරිත් නූල් බැඳ පඬුකරඳ ගස සාංඝික දේපළක් බවට පත්කළහ.

මෙහිදී අනුශාසනාවක් කළ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික තංගල්ලේ නාරද හිමියෝ සඳහන් කළේ රටක පාලකයින් පත් කරගනු ලබන්නේ ජනතාව සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට වුවත්, වර්තමානයේ ආණ්ඩුවෙන් රටත් පරිසරයත් බේරා ගැනීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බවයි. මෙම ශාකයේ තවත් ගස් කිහිපයක් ඇති බවට රජය ප්‍රකාශ කරමින් ගස  විනාශ කිරීමට උත්සාහ ගත්තත්  ටේත් ලෝකයේත් බෝධි වෘක්ෂ ගණනාවක් තිබෙන සමයක ශ්‍රී මහා බෝධිය ඉවත් කිරීමට කිසිවෙකු සූදානම් නැති බව නාරද හිමියෝ මෙහිදී අවධාරණය කළහ.

අද දවසේ මෙම ගස සාංඝික කර චීවරයක් පළන්දන ලද්දේ ආණ්ඩුවෙන් ගස ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් වශයෙන් බවද උන්වහන්සේ සඳහන් කළහ.

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ මෙහිදී ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා කොන්ද කෙලින් තියාගෙන පොදු දේපල රැක ගැනීමට  බිය නොවිය යුතු බව රාජ්‍ය සේවකයින්ට පවසා ඇති වුවත්, අද එසේ කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට පියවර නොගන්නා බවයි.  අපට පමණක් නොව පරිසරය ආරක්ෂා කරගැනීමට වැදි නායකයාටත් ආණ්ඩුව සමඟ නඩු කියන්නට සිදුවීම කනගාටුවට කරුණක් බව ද සමිත හිමියෝ සඳහන් කළහ.ගස් කොළකොළන් පැළ කිරීමට වවුලන්ගෙන් විශාල සේවාවක් සිදු වුවත් අද ආණ්ඩුව වවුලන් කරන සේවාවවත් පරිසරය වෙනුවෙන් නොකරන බවට සමිත හිමියෝ මෙහි දී චෝදනා කළහ.

ජාතික භික්ෂු පෙරමුණේ සාමාජිකයින් වන හෝමාගම  ආනන්ද, තලහගම ඥානසිරි, අත්තයාල විජිත යන හිමිවරුන් ද  ගම්පහ දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමයේ හා මුතුරාජවෙල අභය භූමිය රැක ගැනීමේ සංවිධාන නියෝජිතවරු  ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (16)

පඬු කරඳ ගස පැවිදි කරයි

Rata Perata Wednesday, 10 February 2021 07:19 AM

දෙවියන්ගේ පිහිටෙන් ඔය පැත්තට නන්දසේන නම් යන්න එපා.. ගියොත් මේ ගහ විතරක් නොවේ මුලු වනාන්තරේම ඉවරයි.

:       0       0

Nuwan Wednesday, 10 February 2021 07:44 AM

මම ඉන්නේ ස්වීඩනයේ... මෙහෙ තියෙන කිසිම වටිනාකමක් නැති පයින් ගස් පවා ඉදිකිරීම් කටයුතු කරනකොට ආවරණය කරලා ආරක්ෂා කරනවා. වටිනා කියන ගස් කපන්න වෙනම අවසර ගන්න ඕනේ. ආවට ගියාට අවසර දෙන්නේ නැහැ. මෙහෙ ඔහොම වදවෙන ගහක් හමුවුණා නම් ඔය ගහ වටේ පැත්ත පළාතේ සවලක්වත් ගහන්න දෙන්නේ නැහැ. පාරක් නම් නවලා ගහ වටෙන් ආරක්ෂාකාරීව යවනවා!! ඒකට අපේ නිලධාරීන් චීනාට ඕනේ විදිහට මහා පර්වත වටිනා ශාක සුණුවිසුණු කරනවා. අන්තිමට මතු පරපුරට ඕවා දකින්න වෙන්නේ ෆොටෝ වලිනුයි මුද්දර වලිනුයි. රටකට ගිය කලක්..!!!

:       0       0

රාජිත Wednesday, 10 February 2021 08:33 AM

දැන් ඉන්න ස්වාමීන් වහන්සේලාගේත් වෙනසක් නෑ. ගස් ගල් වගේ තමයි.

:       0       1

සෑම් Wednesday, 10 February 2021 08:34 AM

වැඩේ නම් එළකිරි. රටේ නායකයාගෙන් පරිසරය ආරක්ෂා කරන්න මේවා තමයි කරන්න ඕනෑ...

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 10 February 2021 09:01 AM

ඔය ගහ මුරකරේ නැත්නම් කවුරුහරි රෑට වැඩක් දෙයි. දන්නවනේ අර 225 ගැන.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 February 2021 09:03 AM

ගස රැකගැනීමට පරිසර සංවිධාන හා එක්ව කටයුතු කිරීම අගයකළයුතු දෙයක්... මාත්, බෞද්ධ. ඒත්, මෙතැනදී මේ බුද්ධ චීවරය මේකට යොදාගත් එක එතරම් කාලෝචිත නොමැති බව තමයි සිතන්නට වෙන්නේ. මන්ද, මේ වැඩේදී රටේ කිතුනු ඇතුළු අන් ආගමිකයන්ද ගත්තේ දේවානි මහත්මියගේ නිවැරදි පැත්ත. ඒ නිසා අන් ආගමික අයගේ සිත් මේ නිසා පුංචි හෝ රිදීමක් නොවීමයි වැදගත් වන්නේ. ඒ වගේම අද සමහර පැවිද්දන් බුද්ධ චීවරයට දෙන නිගාව ගැන මේ අය කිසියම් පියවරක් ගන්නේ නම්, එය වඩා උතුම් නොවන්නේද?

:       0       1

lakvidu Wednesday, 10 February 2021 09:07 AM

ශාක සම්පත ආරක්ෂා කරගැනීම නම් හොඳයි. ඒත් ගස් පැවිදි කරකර බුදුදහම විහිළිවක් කරන එක නම් සුදුසු නැහැ.

:       0       0

සෙනවි Wednesday, 10 February 2021 09:14 AM

ජනතාව පුදුම වදයක් විඳින්නේ. ගස්කොළ, වනාන්තර ටික බේරගන්න රජයට බැරිද? වනසංහාරය ඉවර වෙන්නේ කාන්තාරයක් කරලද දෙයියනේ.

:       1       3

siri Wednesday, 10 February 2021 09:57 AM

එක නාලිකාවක් වලිකනවා නේද "මේ ගස් රට පුරාම බෝවෙලා තියෙද්දී මේ එක ගහක් ගැන ඔයතරම් රුදාවක් මොන එකකටද" කියලා මතයක් ගොඩ නගන්න. වැඩේ හරියන්නේ නැති පාටයි.

:       1       1

upul Wednesday, 10 February 2021 10:04 AM

ඔක්සිජන් කන්නද කියලා අහපු අයට සම්මාන... පරිසරය රැකගන්න රාජකාරිය අකුරට කරන නිලධාරිනියට තහංචි. මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි..!!! සතුටුයි සර්..!!! 

:       1       3

විජිත් Wednesday, 10 February 2021 10:49 AM

උතුම් මෙහෙවරක් කළ ගරුතර ස්වාමීන් වහන්සේලාට අනේකවත් පින් අයිතිවේවා..!!! ඔබ වහන්සේලාගේ නම් වත් මම කලින් අසා තිබුනේ නැහැ. ඒ සමහර විට ඔබ වහන්සේලා, දේශපාලුවන්ට පිරිත් නුල් බඳින නිකායේ නොවන නිසයි කියලයි මම හිතන්නේ. ස්වාමීන් වහන්ස..., ඕලන්දය හෙවත් නෙදර්ලන්තය විශාල ගස් ට්‍රාන්ස්ප්ලාන්ට් කිරීම පිළිබඳව ලෝකයේම ප්‍රසිද්ධියක් උසුලනවා. මේ ගැන සොයා බලද්දී මට දැනගන්න ලැබුණා මේසා විශාල ලෙස පැතිරුණු මූලපද්ධතියක් ඇති ගසක් නැවත රෝපණය කිරීමට ඒ රටේ ආයතනවත් අත නොගසන බව. එසේ කළහොත් ගසේ ජීවත්වීමේ සම්භාවිතාවය 50%ක් පමණක් බවයි ඔවුන් සඳහන් කරන්නේ. නමුත් අපේ රටේ සිටින මෝඩයින් " ටික දෙනෙක් " පමණයි මේ ගසට වෛර කරන්නේ. ඔවුන්ගේ එකම අභිප්‍රාය මේ ගස මෙතනින් අයින්කොට "තමන්ට ලැබෙන ජරාවෙන් " සාක්කු පුරවාගැනීම පමණයි. මේ සටනට උරදෙන සියලුම දෙනාට උතුම් වූ බුදුන්ගේ බලයෙන්, දෙවියන්ගේ ආශීර්වාදයෙන් දිරිය ශක්තිය නොමඳව ලැබේවා...!!!

:       1       3

සම්පත් Saturday, 13 February 2021 07:38 PM

නොදන්නා කමටයි අහන්නේ? මේ ගස මෙතැනින් අයින් කරපුවාම කොහොමද "ජරාවෙන් සාක්කු පිරෙන්නේ"?. මම මෙයින් අදහස් කරන්නේ නැහැ ගස කපන්නමයි කියලා, සංවර්ධනෙත් ඕනෑ, හැබැයි පරිසරයට අවම හානියක් වෙන විදියට. දැන් බලන්න එදා මීගමුවේ ඉඳලා කොළඹට යන්න අඩුම පැය 1-1/2 යනවා. එ්ත් අද? ඒ ගමනට විනාඩි 20ක් විතරයි යන්නේ. මේ අඩු කාලය නිසා ඉන්ධන වලින් විතරක් මොනතරම් ධනස්කන්ධයක් රටේ ඉතුරුවෙන්න ඇද්ද? කොටින්ම පිට පළාත්වලින් කොළඹට ගේන අසාධ්‍ය රෝගීන් කීයකගේ නම් ජීවිත බේරෙන්න ඇතිද? කුහකකමට හැමදේටම "බොග්" ගාලා විරුද්ධ නොවී සැබෑ හදවතින් මේ ප්‍රශ්නය දිහා බලනවා නම් හැමෝටම හොඳම විසඳුමකට සාකච්ඡා සම්මුතියෙන් එන්න පුළුවන්....

:       0       1

ලලිත් පුෂ්පකුමාර Wednesday, 10 February 2021 12:14 PM

පාලකයින් සීමාවක් නැතුව කරන පරිසර විනාශයට එරෙහිව සංඝරත්නය පෙරට ඒම සුභ නිමිත්තක්...

:       0       2

rocky Wednesday, 10 February 2021 01:01 PM

සාදු..!!! සාදූ..!!! ඔබ වහන්සේලාගේ ඉදිරිපත් වීම ඉමහත් සතුටට කරුණකි. එමෙන්ම මෙම ගස ආරක්ෂා කළ යුතු බවට තීරණයක් ගත් නිර්භීත නිලධාරිනියටත් ආරක්ෂාව සලසන්නට අපි එක්වෙමු...!!! 

:       1       3

සමන් Wednesday, 10 February 2021 03:09 PM

ඇමරිකානු තානාපති කර්යාලය වටා සිවුරක් ඇඳලා ඒක සාංඝික කරපු දාට තමයි NGO වලට තරු පේන්නේ.

:       2       5

විජේසිංහ Wednesday, 10 February 2021 04:18 PM

තායිලන්තයේ ගස් පැවිදි කිරීම ඉහළින්ම කරන වෘක්ෂ ආරක්ෂා කර ගැනීමේ සිරිතකි..

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුබවාදී ලෙස උපයනවිට බද්ද සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 60 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 262 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 522 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 539 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 658 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 548 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 50 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1380 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site