IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පුතාගේ මාරයා බත් දීසියෙන් එයි

මව අතෙහි තිබූ ලොකු වීදුරු දීසියක් ගෙළෙහි වැදී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ හොරණ වැලිගම්පිටියේ නව හැවිරිදි දරුවකු දින පහකට පසු මිය ගිය බව පොලිසිය කියයි.

පසුගිය 15 වැනි දා අවුරුදු නෑගම් ආ ඥාති පිරිසකට දහවල් ආහාරය ලබා දීමට ගත් වීදුරු පළගානක් මවගේ අතේ තිබිය දරුවා දුවගෙන යද්දී එහි ගැටීමෙන් තුවාල ලැබා ඇතැයි පොලිය පවසයි.



අදහස් (0)

පුතාගේ මාරයා බත් දීසියෙන් එයි

ජිලෝ Tuesday, 22 April 2014 07:44 AM

2014 සුබ අලුත් අවූරුද්දක් වේවා ,කීවාට සිද්ධ වෙලා තියෙන්නේ අසුබ දේවල් .2014 බුද්ධිමත්ව සිතීමේ අවූරුද්දක් වේවා ! (ස)

:       0       0

නිලන්ති Tuesday, 22 April 2014 08:21 AM

අනේ හරිම දුක පුවතක් උදේම ඇහුවේ. මේ දරුවට නිවන් සුව !!! (ස)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Wednesday, 23 April 2014 07:57 AM

රුපවතී, මමත් ගමක උපන් කෙනෙක්. මමත් පොඩි කාලේ ඔය වගේ උණ බම්බු හදාගෙන වෙඩි පත්තු කළා. ඔය වගේ අත්දැකීමකට මමත් මුහුණ දුන්නා. හැබැයි මම එදායින් පස්සේ උණ වෙඩි හැදුවෙත් නැහැ. උණ වෙඩි ගහන තැනකට යන්නෙත් නැහැ. ඒක මහා අනතුරුදායක වැඩක්. හැබැයි හොඳ වෙලාවට දැන් දරුවෝ මේ උණ බම්බු වෙඩි හදන්නවත් ගහන්නවත් දන්නේ නැහැ. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 22 April 2014 09:09 AM

අපේ රටේ හදිසි අනතුරු නිසා සිදුවන ජීවිත හානි බොහොමයක් නොසැලකිලිමත්කම නිසා සහ සුළු අතපසුවීම් නිසා සිදුවන ඒවා. ගෘහ ජීවිතයේදීත් රැකියා ස්ථානවලත් අනතුරු වලක්වා ගෙන වැඩ කළ හැකි බොහොම සරල වැඩ සටහන් මගින් සමාජය දැනුවත් කිරීම් සිදුවන්නේ බොහොම ස්වල්ප වශයෙනුයි. රූපලාවන්‍ය, ඉවුම් පිහුම් වලට දෙනු ලබන ප්‍රමුඛත්වය රුපවාහිනී නාලිකාවල ' අනතුරු අවම කර වැඩ කරමු ' වගේ වැඩසටහන් දියත් කරන්ට ' සමාගම් සමාජ මෙහෙවර ' ( සී එස් ආර් ) ' යටතේ මේ සම්බන්ධව කවුරු හරි ඉදිරිපත් වෙනවානම් වඩා හොඳයි මම හිතන්නේ. ඕනෙම දෙයක් ක‍රන්න යහ සමාජයක පැවැත්ම අවශ්‍යයි. (ස)

:       0       0

ඉන්දික Tuesday, 22 April 2014 09:17 AM

නිශාර්ඩ් ප්‍රීනා, ඔබ හරි. හදිසි අනතුරු විතරක් නෙවේ. ප්‍රථමාධාර වගේ දේවලුත් ගොඩක් වටිනවා.දියේ ගිලුණු කෙනෙකුට, සර්පයෙක් දෂ්ඨ කරපු කෙනෙකුට, එහෙම නැත්නම් විදුලි සැර වැදුණු කෙනෙකුට කරන ප්‍රතිකාර ගොඩක් වටිනවා. අඩුම ගන්නේ ජීවිත කීපයක් වත් බේරගන්න පුළුවන්. (ස)

:       0       0

වාසනා Tuesday, 22 April 2014 09:20 AM

මේ පලංගාන පියාඹන පිරිසියක්ද? (ස)

:       0       0

හේමාල් විජේ‍සේන Tuesday, 22 April 2014 09:25 AM

ගොඩක් මේ වගේ අනතුරු වෙන්නේ නොසැලකිල්ල හා අඩු අවදානයෙන් කටයුතු කිරීම නිසා. පුංචි පැටවු ඉන්න අම්මල, තාත්තල, වැඩිහිටියො කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරනවා නම් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් අවම කරගන්න පුළුවන්. (ස)

:       0       0

ගුණවර්ධන Tuesday, 22 April 2014 06:28 PM

නිලුගේ කතාව හරි. නිකන් ආවට ගියාට අදහස් දාන්න එපා. මොහාන්, මේක අත්වැරදීමක්. කණගාටුයි දරුවා ගැන (නි)

:       0       0

අමල් Wednesday, 23 April 2014 08:42 AM

ලංකාවෙන් පිට රට ගියපු අය හිතන් ඉන්නේ ඒගොල්ලො තමයි පොරවල් කියලා. (ස)

:       0       0

ශාන්ති Tuesday, 22 April 2014 10:03 AM

අනේ උදේම අහපු දුක්බරම ආරංචිය මට හිතෙන්නෙත් මේ අනතුර නම් ගොඩක් දුරට නොසැළකිල්ල නිසා වෙච්ච දෙයක් කියල ,පොඩි පුතේ ඔයාට නිවන් සැප ලැබේවා(දිල්)

:       0       0

ඉද්දමල්ගොඩ Tuesday, 22 April 2014 09:35 AM

මේ වෙන දේවල් හිතාගන්නත් බෑ. මිනිස්සුන්ට මාර අපල කාලයක්. මේ හැමදේටම මුල නොසැලකිල්ල. දෙමව්පියෝ දරුවා මේ හැමකෙනාම වැරදි කියල මම හිතනවා. අවදානම ගැන හිතන්නෙම නෑ. මිනිස්සු දියුණු වෙනකොට සැලකිල්ල අවදානය වගේ දේවල් නැති වෙනවද මන්දා? කාගේ උනත් ජිවිත කොච්චර වටිනවද ඇයි ටිකක් හිතන්න බැරි. මොන වුණත් පව්. ගොඩක් වයස කෙනෙක්ට වඩා දරුවෙක් මැරුණම දුක වැඩි. දැන් හැමදේම වෙලා ඉවරයි. දරුවා දැන් නෑනේ. මේ වගේ දේවල් අහන්නවත් වෙන්න එපා. පව් (ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 22 April 2014 10:48 AM

දැන් ඉතින් සියල්ල සිදුවී ඉවරයි. අද මෙන් නොව පෙරදාත් මෙවන් අනතුරු රටේ සිදුවී ඇත. අද මාධ්‍ය, තාක්ෂණය බොහෝ දියුණු නිසා මොහතකින් ලෝකයටම මේවා දැන ගන්න ලැබෙනවා. ලොකු කුඩා කවුරුත් කල්පනාවෙන් හා පරිස්සමින් කටයුතුවල යෙදුණොත් හොඳයි. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 22 April 2014 10:49 AM

අපි මොන දේ කිව්වත් ඒ දේ වෙලා ඉවරයි. අපේ හිතට මෙහෙම දුක නම් ඒ මවට කොච්චර දුක ඇද්ද?? නොසැලකිල්ල, වගේම අවදානෙන් තොරව තමන් අතින් වුණ වරදට ජීවිත කළෙම කදුළු සලන්න වී තිබේ.කුඩා දරුවන් සිටින තැන හොඳ සිහි බුද්ධියෙන් වැඩ නොකළ හේතුව තමා මේ. (ස)

:       0       0

පහන් Tuesday, 22 April 2014 10:09 AM

අපොයි දෙවියනේ දරුවට වෙච්ච දේ .මේ දවස් ටිකට කී දෙනක්ව මාරය අරන් ගියාද? (ස)

:       0       0

පහන් Tuesday, 22 April 2014 10:15 AM

ප්‍රථමාධාර සියලුම දෙනා දැනගත යුතුයි .කෑම හිරවීම් වලින් කුඩා දරුවන් කීප දෙනෙක්ම පසුගිය වකවානුවේ නැතිවුණා. (ස)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 22 April 2014 07:24 PM

හිත සන්තෝස වෙන දෙයක් නම් අහන්නට දකින්නට ලැබෙන්නේ නැහැ. පුතේ ඔබට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

එදිරිසුරිය Tuesday, 22 April 2014 07:30 PM

මේ දරුවට නිවන් සුව ! (නදී)

:       0       0

මොහාන් Tuesday, 22 April 2014 10:26 AM

මෙතන මොකක් හරි සැකයක් හිතෙන දෙයක් තියෙනවා. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 22 April 2014 10:43 AM

පිස්සු දොඩ වන්නේ නැතිව ඉන්න මොහාන්. අවුරුදු නවයක් ආදරෙන් බලාගෙන නොසිතු අන්දමෙන් වුණ දෙයක් මේක. (ස)

:       0       0

මාටින් Tuesday, 22 April 2014 10:44 AM

පෝය සහ අවුරුද්ද එකට එනකොට මහා විපත් ඇති වේවි කියලා සැක හිතුනා. 13 අවුරුද්ද අරගෙන 12 පරණ අවුරුද්ද ගන්න තිබුනා නේද? (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 22 April 2014 10:48 AM

කිසිම සැකයක් හිතන්න බැහැ. ළමයි දුව පැන නටන කාලේ සහ ගෙවෙන වයස පිළබඳව හිතල දෙමාපියන් ප්‍රවේසමෙන් කටයුතු නොකිරීමේ ප්‍රතිපලයක් මේ. අනෙකුත් දෙමාපියන්ට යස පාඩමක්. මිය ගිය දරුවට නිවන් සුව පතමු! (ස)

:       0       0

අහමඩ් ජිෆ්රි Tuesday, 22 April 2014 11:41 AM

2014 අලුත් අවුරුද්දේ මේ කී වෙනි වේදනාකාරී සිදුවීමද? දරුවන් ඉන්න අම්මලා මේවා ආදර්ශයට අරගෙන මේ වගේ දේවල් ආයෙමත් නොවෙන්න වග බලාගන්න ඕනේ. මේ දරුවට නිවන් සුව !!! (ස)

:       0       0

රූපවතී Tuesday, 22 April 2014 12:37 PM

මමත් ලංකාවට සතියක නිවාඩුවට ගිහින් පුතත් සමග ඊයේ රෑ නැවත මෙරටට පැමිණියා ..! ඇත්තටම කියනවා නම් දරුවාව රැකගෙන අපේ ජීවිතත් රැකගන්න මම හැම වෙලේම ඇහ ගහගෙන හිටියේ අපේ ආරක්ෂාව ගැනමයි. 17 වෙනිදා පොතුහැර අපේ පවුලේ සාමාජික නිවසකට ගියේ දරුවා සමග ලංකාවට පැමිණි හෙයින් ,, එම නිවාස ආසන්නයේ පසු දින පැවැත්වෙන අවුරුදු උත්සවයකට නිවාස ආසන්නයේ ඇති වෙල් යාය සියල්ලෙන් සුදානම් වෙමින් තිබුණා...ඒ ආසන්නයේ ම මගේ පුතාගේ හොදම යහළුවා වයස 13, උණ බම්බුවක් සදා ඊට වඩා වයසින් වැඩිමහල් ළමුන් පිරිසක් එය හෙට දිනයේ උත්සයට ඉදිරිපත් කිරීමට පත්තු කරමින් සිටියේ පළාතම සද්ද කරමින්. මගේ දරුවා මා ළගට විත් ..? එය බලන්න යන්නද ඇසුවා. මම එපා නොකියා යන්න පුතේ හැබැයි ඈත ඉදන් බලනවා මිස ලගට යන්න එපා. මමත් එතනට ගියේ මම උණ බම්බුව දැකල නැහැ බලන්නයි ආවේ කියල දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ..? එය පත්තු කරමින් හිටි ළමයෙක් එකවරම එයට පිම්ඹ, මම ඒ ළමයට කීව දරුවෝ ඕකට කට තියල පිඹින්න එපා මොකක් හරි බට කැබැල්ලක් අරන් ඈත සිට පිඹින්න කියල, අනේ ඇන්ටි අපිට මේවා හොදට පුරුදුයි කීව මමත් මගේ දරුවාව මීටර් 8ක් පමණ දුරින් සිටගෙන බලන් හිටියේ තවත් ළමුන් දෙදෙනෙක් සමගයි ,,,දෙපාරක් තුන් පාරක් ඔහොම කරා තෙල් පාරක් විසි වුණා.ඒ දරුවාගේ මුළු ඔලුව පුරාම ඒ සමගම ගිනි බෝලයක් ඒ ඔලුව උඩින් ,,මට මොනවා උනාද මම දන්නේ නැහැ කෑ ගැසුව මුළු පළාතම දෙවනත් වෙන්න. මිනිස්සු මා දිහා බලාගෙන හිටියෙ හරියට මට ගිනිගත්ත වගේ ? ඒ දරුවා දගලලා දගලලා තනියම ගින්න නිවා ගත්තා. පසුව සියල්ලම එකතුවෙලා වතුර දැම්මා. දරුවාගේ නළල ඇහි පියටු කොණ්ඩේ අහි බැමි සියල්ල සමග දිය ගෙඩි පිරුණු නළලක් දැක්කා. ජීවිත ගැන කිසිම වටිනා කමකින් අපේ මිනිසුන් නෑ ...! මේ මියගිය දරුවට නිවන් සුව ...දෙමව්පියන්ගේ බුද්ධිමත් දැසවල් විවරවී මතුවට මෙවන් දේ නොමවීවා ....!!! (ස)

:       0       0

ඉන්ද්‍රලතා Tuesday, 22 April 2014 02:56 PM

අනේ අනිච්චන් කරුමෙක මහත. කවද අහපු කතාද මේ සිද්ද වෙන්නේ ? (නදී)

:       0       0

නසුර්දීන් Tuesday, 22 April 2014 03:09 PM

වාසනාට මේ පලංගාන පියාඹන පිරිසියක්ද? ඔය නම වාසනා වුණා. මාරු කර ගන්න. (ස)

:       0       0

අසංක Tuesday, 22 April 2014 04:39 PM

2014 අලුත් අවුරුද්දේ මේ කී වෙනි වේදනාකාරී සිදුවීමද? මිනිස්සුන්ට මාර අපල කාලයක්. අපේ හිතට මෙහෙම දුක නම් ඒ මවට කොච්චර දුක ඇද්ද?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 84 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 96 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1564 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1314 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 258 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31654 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23785 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site