IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පුතාගේ සිද්ධිය සුළු දෙයක් බව ඇමැති කියයි

ක්‍රිකට් ක්‍රීඩකයකු වන තම පුත් රමිත් රඹුක්වැල්ල බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයකින් ගමන් කරද්දී මුහුණ පෑවේ සුළු සිද්ධියකට බව එම ගුවන්සේවයම පවසා ඇතත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඩේලි මේල් පත්‍රයේ පළ වූ පුවතට වැඩි බරක් දී ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  මහතා ලංකාදීප එසැණ සමග පැවසීය.

‘පුතා ලංකාවට ආ ගමන් මේ ගැන මට කීවා. යානයේ සිටි අයගෙන් සමාව ගත් බවත් කීවා. යානයේ පසුපස දොරත්, වැසිකිළි දොරත් අතර දුර මීටර් දෙකක්වත් නෑ. ඕනෑ කෙනකුට මෙවැනි වැරදීමක් වෙන්න පුළුවන්. මීට පෙරත් සිදුවෙලා තියනවා. ඉදිරියටත් විය හැකි බව බ්‍රිතාන්‍ය ගුවන් සේවය කියනවා.‘

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන පරීක්ෂණයකට තම සහාය දෙන බව ද ඇමැතිවරයා කීවේය.

‘මේක සුළු සිද්ධියක්. කනගාටුවට කරුණ තමයි බ්‍රිතාන්‍ය ගුවන් සේවයෙන් වාර්තාවක් නිකුත් කර තියෙද්දී හැම මාධ්‍යයකම වගේ ගියේ ඩේලි ටෙලිග්‍රාෆ්  පත්‍රයේ තිබුණු දේ විතරයි. ඩේලි ටෙලිග්‍රාෆ්  පත්‍රයේ තියෙන්නේ අවුරුදු 23ක කෙනෙකු බියවී කෑ ගැසුවා කියලා. ඒක තමයි මාධ්‍ය වල අරගෙන තිබුණේ.

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ වාර්තාව මා ළඟ තිබෙනවා. ඒකේ තියෙන්නේ මේක සුළු සිද්ධියක් කියලා. මීට පෙරත් මේවගේ සිදුවීම් වෙලා තිබෙනවා සහ ඉදිරියටත් මේවගේ දේවල් වෙන්න පුළුවන් කියා තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල කියන්නේ ප්‍රසිද්ධ කෙනෙක් නිසා වෙන්න ඇති එයාගේ පුතාගේ සිද්ධියට මෙච්චර ප්‍රචාරයක් ලැබුණේ.



අදහස් (0)

පුතාගේ සිද්ධිය සුළු දෙයක් බව ඇමැති කියයි

රනිල් Wednesday, 03 July 2013 02:33 PM

ආරේ ගුණ නෑරේ කිවුවලු නේද? (නි)

:       0       0

අසිත Wednesday, 03 July 2013 11:49 AM

මෙතුමාගේ ක්‍රියා කලාපය,වචන කළ සේවාවල් සියල්ල සලකා බලා ඔබගේ සංවේදී ඡන්දය දෙන්න. හොද පුතෙක්. හොඳයි. සුබ අනාගතයක්. (නි)

:       0       0

චාමර Wednesday, 03 July 2013 11:50 AM

ප්‍රභාෂ් හරි (නි)

:       0       0

හේමාල් Wednesday, 03 July 2013 02:35 PM

මෙතන ප්‍රශ්නය අරින්නගියේ මොන දොරදකියනඑක (දී)

:       0       0

ලකී Wednesday, 03 July 2013 11:51 AM

ලංකාවේ ඇමතිලා මිනිස්සුද නැත්නම් කකුල් හතරේ කට්ටියද???(අ)

:       0       0

චාමි Wednesday, 03 July 2013 02:35 PM

යානය වැටුනත් එයා වැරදි නැහැ.ජීවිත කාලයටම ගුවන් ගමන් තහනම් කරන්න ඕනෑ (නි)

:       0       0

සරත් Wednesday, 03 July 2013 11:52 AM

මේවට කෙමෙන්ට් දල කාලේ කන්නේ අපරාදේ. (අ)

:       0       0

ශාන්ත Wednesday, 03 July 2013 11:54 AM

ඔව් ඉතින් තාත්තට නම් ඕක සුලුදෙයක් තමා (අ)

:       0       0

කවීෂා Wednesday, 03 July 2013 11:56 AM

මේ සිද්දිය ක්‍රිසින්ෆෝ වෙබ් අඩවියේ හොදින් විස්තර කරලා තියනවා.ඇමති පුත්තු නාගන්න එකේ ඉවරයක් නැහැ (නි)

:       0       0

තරිඳු Wednesday, 03 July 2013 02:46 PM

පුතාත් තාත්තට දෙවැනි වෙන්න කැමති නැහැ වගේ.. (නි)

:       0       0

අජිත් - බෙන්තොට Wednesday, 03 July 2013 02:48 PM

අපිට පිස්සු. රටේ වෙන ප්‍රශ්න නැද්ද ?කොල්ලෝ ඔහොම නේද ? ඒ කොල්ලගේ කොලු කාලේ ඕවා කරන්නේ නැතුව කවදා කරන්නද ? (නි)

:       0       0

අනුර Wednesday, 03 July 2013 02:49 PM

ලැජ්ජයි ඇමතිතුමනි. ඔයාට සුළු දෙයක් වුනාට දැන් ලෝකෙම දන්නවා ඔයාගේ පුතා ටොයිලට් දොර අදුරන්නේ නැහැ කියලා (නි)

:       0       0

කාංචන Wednesday, 03 July 2013 02:50 PM

ෂුවර් එකටම පුතා මානසික පිස්සෙක්. ඔය වගේ පිස්සො ඉපදෙන්නෙ. (අ)

:       0       0

අසේල Wednesday, 03 July 2013 12:00 PM

අයියෝ සල්ලි

:       0       0

ඉම්රාන් Wednesday, 03 July 2013 12:00 PM

එයාලා කළත් පුත්තු කළත් ඔක්කොම සුළු වැරදීම් (නි)

:       0       0

මොහාන් Wednesday, 03 July 2013 12:00 PM

ෂා! ලංකාවේ ඇමති කෙනෙකුට උපරිම සුදුසුකම් තියෙනවා මේ පුංචි පුතාට (නි)

:       0       0

නාරද Wednesday, 03 July 2013 12:01 PM

බලාගෙන ගිහාම දැන් කාලේ මිනියක් මැරුවත් සුළු දෙයක්. අනේ අපේ රටට ගිය කල. (නි)

:       0       0

චන්දා Wednesday, 03 July 2013 03:02 PM

අව සිහියෙන් කලත් මෙරට නියෝජනය කර රට සවාරි ගියා නම්, තව මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙවන් අදබාලයන්ගෙන්. එනමුත් පියා පලි නැත.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 03 July 2013 12:01 PM

දැන් බලනකොට මේක ප්‍රසිද්ධ කරපු මාධ්‍ය තමා ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ. (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 03 July 2013 12:04 PM

මේක සුළුදෙයක් නම් මෙයාලට ගහන්න ඕන හොද විදියකට. (ත)

:       0       0

කමල් Wednesday, 03 July 2013 12:05 PM

ක්‍රිකට් ක්‍රීඩාකයින්ට ආචාර ධර්ම පද්ධතියක් හදමු! (නි)

:       0       0

සමීර් Wednesday, 03 July 2013 12:05 PM

ඇත්ත මේක ඉතා සුළුදෙයක් මීට වඩා සුළුදේවල් අපේ රටේ සිදුවුනා(අ)

:       0       0

රුවන් පෙරේරා Wednesday, 03 July 2013 12:07 PM

පුතාගේ බීමත් කම අඩු කළානම් හොඳයි. (ත)

:       0       0

අජිත් Wednesday, 03 July 2013 12:11 PM

විපක්ෂයේ ‍මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක් වැරදිලා ශ්‍රී ලංකන් ගුවන් යානයක දොර අරින්න හැදුවා නම් ඒකත් සුලු දෙයක්ද? (නි)

:       0       0

සරත් Wednesday, 03 July 2013 03:10 PM

පුතා කළේ යානයේ යන අනෙක් මගීන්වත් අපහසුතාවයට පත් වෙන කාර්යයක් (නි)

:       0       0

කෝසල Wednesday, 03 July 2013 12:12 PM

ඔබතුමාට ජයවේවා, හැමෝම බනිනවා මම වත් හිත හදන්න (දී)

:       0       0

රොෂෙල් බණ්ඩාර Wednesday, 03 July 2013 12:14 PM

මේක වැඩි කලක් බලයේ හිටපුහම ඇතිවෙන ලෙඩක්. නුවර ජනතාව තීන්දුවක් ගත යුතුයි... (නි)

:       0       0

සංජීව Wednesday, 03 July 2013 12:15 PM

ඕවා ඇමතිතුමාට සුළු සිද්ධි, රටේ අපේ මිනිස්සුන්ට ඇමතිවරු කරන දේවල් විදියට (නි)

:       0       0

පියල් Wednesday, 03 July 2013 12:16 PM

ටෝයිලට් දොරි හදිසි දොර තෝරාගන්න බැරිනම්....??? අනේ අපේ ක්‍රිකට් වලට ගිය කල (නි)

:       0       0

රිශාන්ත Wednesday, 03 July 2013 03:15 PM

ඇමතිට මේක සුළු සුද්ධියක් වුනාට අපිට නම් ලන්ඩන් වල පාරක බැහැලා යන්න බැහැ. හැම පත්තරේකම ලොකුවට දාලා. කාගේ වුනත් හොද පුතෙක් (නි)

:       0       0

ශ්‍රියා Wednesday, 03 July 2013 03:16 PM

ආ මේ ඇමති කෙනෙක් ගේ පුතෙක්ද එහෙනම් කමක් නැහැ ,

:       0       0

දේශාන් Wednesday, 03 July 2013 12:19 PM

පාසලේදී සිද්ධියක් වුණාද? (ත)

:       0       0

සාරධා Wednesday, 03 July 2013 03:17 PM

සිද්ධිය නම් සුළු එකක් වෙන්න ඇති. හැබැයි තාත්තේ , පුතාගේ බීමත්කම නම් සුළු එකක් නෙමෙයි. ඔහොම ගියොත් මතට තිත නෙවේ, ජීවිතයටයි තිත තියන්න වෙන්නේ. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 03 July 2013 12:19 PM

වැසිකිළී දොරයි, ගුවන් යානයක ප්‍රධාන දොරයි අදුනගන්න බැරි තරම් මෙයා පොඩි එකෙක්ද? (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 03 July 2013 12:20 PM

රජිත් ඉතාලි කියපු දේ තමා හරි ,මොනවා කියන්නද? කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

සිසිර Wednesday, 03 July 2013 12:22 PM

අල්මාරියට මුත්‍රා කරපු කෙනෙකුත් කිව්වේ ඔය කතාවම තමයි (නි)

:       0       0

නීලා Wednesday, 03 July 2013 12:22 PM

ඇමතිතුමෝ, වැරදිලාවත් දොර ඇරුනා නම් සුළු සිද්ධියක්ද? එහෙම වුනා නම් සුළුදිය යන්නවත් කොළුව බේරේවිද? (නි)

:       0       0

නිමල් ලලිතා Wednesday, 03 July 2013 03:20 PM

ඕස්ට්‍රෙලියාවේදීත් ලංකාවේ ලොක්කෙකු හෝටලයකදී ඔහොම දෙයක් වෙලා වැටුනා කියලා කතාවක් තියනවා.(නදී)

:       0       0

සාමි Wednesday, 03 July 2013 03:22 PM

දැන් අලුත්ම විලාසිතාව මාධ්‍යයට බනින එක. අතඅරින්න එපා. වචනයක් නෑර ලියන්න (නි)

:       0       0

රෝහණ Wednesday, 03 July 2013 12:23 PM

අනේ ඇමතිතුමනි, ඔය කතා වැඩක් නැහැ. කරුණාකරලා ලංකාවේ මහජනයාගෙන් සමාව ගන්න. ලජ්ජා වෙන්න ඕනෑ ඔය වගේ දරුවන් හැදුවටත්. දොරවල් තෝර ගන්න බැරිකම නෙමෙයි, විනය පිරිහීම සහ පියාගේ ඇමැතිකමින් ඔලුව උදුමවාගත් එකයි වැරැද්ද (නි)

:       0       0

අමිල Wednesday, 03 July 2013 03:22 PM

ඇමතිතුමාගේ කතවට මාත් එකඟයි ,මේක ඉතාමත්ම සුළු සිද්ධියක්. ඒ වෙලාවේ යානයේ කාර්ය මණ්ඩලය පුතාට දොර ඇරලා එලියට මුත්‍රා කරන්න දුන්නා නම් මේ කිසිම ප්‍රශ්නයක් අද නැහැ (නි)

:       0       0

නිමල් Wednesday, 03 July 2013 12:28 PM

මෙයාලට හැමදෙයක්ම සුලුදෙයක් (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 03 July 2013 12:28 PM

උපරිමෙන් පස් වෙනි සිල් පදය කඩලා නේද? (නි)

:       0       0

දිල් Wednesday, 03 July 2013 12:29 PM

දවසකට ඕවගේ දේවල් කොච්චර වෙනවා ඇද්ද ප්ලානේ වල? මේක මේ ඇමති කෙනෙකුගේ පුතෙක් කළ නිසාද කොහෙද මෙච්චර කියවන්නේ. මිනිස්සුන්ගේ අතින් වැරදි වෙනවා,ගුවන් සමාගමත් සුළු සිද්ධියක් කියලා කියන එකේ අපේ මිනිස්සුන්ට බැහැනේ මේක අමතක කරන්න (නි)

:       0       0

අතුල - මාලදිවයින Wednesday, 03 July 2013 12:30 PM

පුතා පළමුවෙනි පාර වෙන්න ඇති ගුවන් යානයක ගියේ, දොරවල් මාරුවෙන්න. යානයට නගින කොටත් වෙරි වෙලා හිටිය එකත් සුලුදෙයක්. බලාගෙන හොදේ, පුතා රෑට නිදා ගත්තම අල්මාරියේ දොර ඇරලා මුත්‍රා කරයි වැසිකිලිය කියලා හිතාගෙන. (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 03:31 PM

ඇමති පුතුන් තාත්තාගේ බලය අරගෙන (දී)

:       0       0

කුමාර් Wednesday, 03 July 2013 12:30 PM

අර බල සේනාවට බැරිද මෙයාලට මොකවත් කියන්න? (නි)

:       0       0

කුලසේකර Wednesday, 03 July 2013 12:31 PM

අපි ඉන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. මෙහෙ රේඩියෝ චැනල් වල පැය 1/2 න් 1/2 ට විස්තරේ කිවුවා. ලංකාවේ අපට හරි ලැජ්ජයි (නි)

:       0       0

සුමී Wednesday, 03 July 2013 03:31 PM

ඔව් ඉතින්. එයාලට සුලුදෙයක්. ඕක තමා ආශ්චර්ය කියන්නේ. හි හි හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ (නි)

:       0       0

චින්තක Wednesday, 03 July 2013 12:31 PM

මේ සිද්දිය අපේ පුතා කළා නම් කොහොම වෙයිද (දී)

:       0       0

ඩී.උපුල් Wednesday, 03 July 2013 12:34 PM

පිටවෙන දොරටුව පැත්තේම වැසිකිලි දොර තියෙන එකම ගුවන් යානය මේක වෙන්න ඇති නේද? හදිසියෙවත් දොර ඇරුනා නම් මුළු ලෝකෙම තෙමෙන්න මුත්‍ර කරන්න තිබුනා. (නි)

:       0       0

අයේෂ් Wednesday, 03 July 2013 07:32 PM

පව්. ක්‍රීඩකයා හොදටම වතුර බීලා ඉදලා තියෙන්නේ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 12:35 PM

රෝහණ ,ඔයා හරි. හුඟක් ඇමති පුතාලට මේ ලෙඩේ තියෙනවා. (නි)

:       0       0

ලලිත් Wednesday, 03 July 2013 03:33 PM

කොහොමටත් මැති ඇමතිවරුන්ගේ පුත්තු කරන දේවල් ඉතාම සුළු වැරදිනේ. ඇමැතිතුමාත් ගුවන් යානා වල ගිහින් නැහැ වගේ. වැසිකිලි දොර සහ යානාවේ දොර අතර වෙනස හඳුනාගන්න බැරි පුතෙක් කියලද තාත්තා මේ කියන්නේ? සිහි බුද්ධියෙන් යානාවක යන ඕනෑ කෙනෙකුට මේ වෙනස හඳුනාගන්න පුළුවන්. (නි)

:       0       0

නලීන් Wednesday, 03 July 2013 03:34 PM

මාධ්‍ය සදාචාරය හදන්න කලින් ඇමතිතුමනි, මේ දේවල් සම්බන්ධ සදාචාරේ හදලා හිටියා නම් හොදා නේද? (නි)

:       0       0

දර්ශන Wednesday, 03 July 2013 03:37 PM

දෙයියෝ සාක්කි

:       0       0

කවී Wednesday, 03 July 2013 12:36 PM

අයියෝ එයට බනින්න එපා. එය ගෙදර පුරුද්දටයි එහෙම ටොයිලට් එකේ දොර හොයලා ඇත්තේ.මොකද එයාලගේ ගෙදර ඇතුල්වෙන දොරයි ටොයිලට් දොරයි එක ලග වෙන්න ඇති තියෙන්නේ (නි)

:       0       0

නිල්මිණී Wednesday, 03 July 2013 03:38 PM

ඇමතිතුමනි, ඔබට තව පුතාලා ඉන්නවද? මම සුබ පතනවා (නි)

:       0       0

තිලක් ප්‍රසන්න Wednesday, 03 July 2013 12:37 PM

මෙයාලට හැම දෙයක්ම සුළු සිද්ධී... (නි)

:       0       0

මොහමඩ් - සෞදි Wednesday, 03 July 2013 12:38 PM

පුතා කළේ යානයේ යන අනෙක් මගීන්වත් අපහසුතාවයට පත් වෙන කාර්යක් (නි)

:       0       0

ජයසිංහ Wednesday, 03 July 2013 12:39 PM

පුතා පළමුවෙනි පාර වෙන්න ඇති ගුවන් යානයක ගියේ, දොරවල් මාරුවෙන්න. බලාගෙන හොදේ, පුතා රෑට නිදා ගත්තම අල්මාරියේ දොර ඇරලා මුත්‍රා කරයි වැසිකිලිය කියලා හිතාගෙන. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 03 July 2013 12:39 PM

මොනවා වුනත් ලංකාවේ නම තමා කැත වෙන්නේ...... (නි)

:       0       0

රත්නසිරි Wednesday, 03 July 2013 12:39 PM

මම හිතන්නේ මෙම සිදුවීම ගුවන් යානයේ පිටවීමේ දොරට වැසිකිලිය හදුනාගැනීමේ සංකේතය අලවා හෝ වෙනත් අයුරකින් මෙම තරුණයා මුලා කොට එමගින් සිය පියාගේ දේශපාලනය සහ පුතාගේ ක්‍රිකට් දිවිය අදුරු කිරීමේ අරමුණ ඇති අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි (නි)

:       0       0

fathima Wednesday, 03 July 2013 08:06 PM

අර ගුරුවරිය දන ගැස්සුවට දඩුවන් කරපුනිසා අනුරාධපුරේ එක්කෙනා සමාව ගත්ත.මේකටත් දඩුවන් කරොත් විතරක් ආයේ මේවගේ දේවල් නොවෙයි . (අ)

:       0       0

චූලා Wednesday, 03 July 2013 12:41 PM

මේක ඇමති පුතෙක් නිසා වත් සාමානිය නොවන කෙනෙක් කල නිසාවත් වැඩි වටිනාකමක් දෙනවා නොව... මෙය අපේ සල්ලි වලින් සවාරි ගොස් කළ වැඩක් නිසයි වැඩි ප්‍රචාරයක් යන්නේ. මෙවැනි අය ක්‍රීඩාවට එන්නේ නියවම විදියට නොවෙයිද? (ත)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 03:46 PM

අදහස් දාන අය ඇමතිත් එක්ක තියෙන තරහ පුතාගෙන් පිරිමහන්න හදන්නේ. නැතුව මේ සිද්ධියට අදාලව දාන අදහස් නෙමෙයි වැඩි හරියක් තියෙන්නේ. මේක වෙනත් අයෙක් අතින් වුනා නම් මේ අදහස් වැටෙන්නේ නැහැ.මොනවා කරන්නද? ඔහොමවත් හිතේ අමාරු පිට කර ගෙන හීන දකිමු. (නි)

:       0       0

වාසනා Wednesday, 03 July 2013 12:42 PM

මෙයා මෙ රටේ ඉපදීම ගැන මම ලජ්ජා වෙනවා (දී)

:       0       0

රසික Wednesday, 03 July 2013 03:46 PM

තාත්තත් කැන්ගරු දේශයට ඇවිත් කලේ ඔය වගේම දෙයක්. ඒකෙන් තමයි එයාගේ කකුල කැඩුනේ. ඒකත් සුළු දෙයක් කියල තමයි එයා කිවේ. (දී)

:       0       0

මංජුල Wednesday, 03 July 2013 12:43 PM

ඇමති පුතෙක් හින්ද හොදා දුප්පත් කෙනෙක් පොල් ගෙඩියක් ඇහින්දත් උසාවි යන රටක් මේක (ත)

:       0       0

අසංග Wednesday, 03 July 2013 12:44 PM

කුමාර් ඔයා කොහිද ඉන්නේ....නිකන් බොරුවට හැම දෙයකටම බලසේනාව ඇදල ගන්න එපා. ඔයාට ලොකු අමාරුවක් තියනවා වගේ සේනාවත් එක්ක. නිකන් මෝඩ දේවල් දන්නා එපා.(ත)

:       0       0

ගිම්හානි Wednesday, 03 July 2013 12:44 PM

ආණ්ඩු අයගේ මොනවා කළත් සුළු සිද්ධියක් .බලන්න තිබුන කරුමෙකටවත් දොර අරුණ නම් (ත)

:       0       0

චමින්ද දිසානායක Wednesday, 03 July 2013 12:45 PM

මෙයා ගෙදරදී උනත් මුත්‍රා කරන්න යන්නේ එළියේ . ඒ පුරුද්දට තමයි එලියට යන්න හදල තියෙන්නේ (දී)

:       0       0

ගිම්හානි Wednesday, 03 July 2013 12:45 PM

රත්නසිරි ඔබ කිව්වා වගේ එහෙම උනාද දන්නෙත් නැහැ (දී)

:       0       0

සාදි Wednesday, 03 July 2013 03:49 PM

නෑ ඇමතිතුමා ,මේක සුළුදිය පිළිබද සිද්ධියක් (නි)

:       0       0

නාරද Wednesday, 03 July 2013 12:46 PM

පුතාගේ වරද තාත්තා පිටින් ගිහිල්ලා (දී)

:       0       0

බුද්ධික Wednesday, 03 July 2013 12:46 PM

සුළු දෙයක්නේ (දී)

:       0       0

විපුල Wednesday, 03 July 2013 03:54 PM

මොලේ ඇලේ දාල හෝදන්න ඕනි මහත්තයෝ.(අ)

:       0       0

රුවා Wednesday, 03 July 2013 03:55 PM

අනේ ඉතින් එයාලට නම් මේ හැම දෙයක්ම සුළු දේවල් තමා. එතකොට බීලා කරන හැම දෙයක්මත් සුළු දේවල් වෙනවද? (නි)

:       0       0

ඉස්මෛල් හුසේන් Wednesday, 03 July 2013 12:50 PM

මෙය යුඑන්පි එකෙන් ඇවිල්ල ආණ්ඩුවට, දැන් කියනවා ඒක සුළු දෙයක් ලු. (ත)

:       0       0

චාමික පෙරේරා Wednesday, 03 July 2013 12:53 PM

තාත්තා ඔස්ට්‍රලියාවේ ගිහින් හෝටලේ කාමරේ දොර ඇරගන්න බැරුව බිමට වැටිලා අපේ රටේ බදු මුදලින් කෝටි ගණන් ගෙව්වා රෝහල් පහසුකම් වලට. පුතා ගුවන් යානයේ වැසිකිලියේ දොර ඇරගන්න බැරුව තවපොඩ්ඩෙන් අහසෙන් බිමට වැටෙනවා. මට පෙන්නේ දොරවල් වලින් අපලයි. අනෙක කෙහෙළියගේ පුතා දොරක් තියෙන වැසිකිලියකට ගිහින් නැහැ වගේ. (දී)

:       0       0

ඒන්ජල් Wednesday, 03 July 2013 04:00 PM

සුළු සිද්ධියක් වෙන්න තිබ්බා, දොර ඇරුනා නම්. එහෙනම් අපේ පරම්පරා ගනනක් යනකන් වන්දි ගෙවන්න වෙයි. ඒ විතරක් නෙමෙයි ආයේ ලංකාවේ කාටවත් යන්නවත් බැරුව යනවා ඔය ගුවන් සේවයේ (නි)

:       0       0

සනත් එංගලන්තය Wednesday, 03 July 2013 12:55 PM

ඔබ තුමා එදා හොටලයන් වැටුනෙත් වැසිකිලිය දොර කියලා වෙන මොක්කක් හරි අරින්න ගිහිල්ලද .ඔබ තුමා එදා බිලද හිටිය? අපි දන්නා තරමට වැසිකිලිය ලග දොරවල් නැත .ලංකාව ඇමති පුත්තු මාර වැඩ කරන්න .පුතාගේ රෙදි සෝදන්න එපා (දී)

:       0       0

චමින්ද Wednesday, 03 July 2013 04:00 PM

අනේ ගිය පාර අපේ ඡන්දේ දෙන්නම් මේ පාර (අ)

:       0       0

පද්මා Wednesday, 03 July 2013 12:57 PM

ඔබ නියම වීරයෙක් . බය නැතුව පනින්න හදපු හැටි (දී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 03 July 2013 12:57 PM

අනේ මේ කොලුවට මොකුත් කියන්න එපා. එයා මේ ගුවන් යානය මහනුවර උඩින් පියාඹනවා කියලා හිතාගෙන දොර ඇරලා මම්ම පප්පට ටටා පෙන්වන්න හදලා තියෙනවා...ඉතිං පව්නේ පුංචි එකා !!!! (නි)

:       0       0

ධම්මික Wednesday, 03 July 2013 12:58 PM

මම නම් හිතන්නේ ඇත්තටම මේ සිද්දිය සුළු දෙයක් මොකද මේ වගේ දේවල් ඕනෑම තරම් ප්ලේන් එකේ වෙනවා (දී)

:       0       0

තිලක් Wednesday, 03 July 2013 12:58 PM

අපිටනේ ලොකු දෙයක් වෙලා තියෙන්නේ (දී)

:       0       0

සිරිමාල් Wednesday, 03 July 2013 04:11 PM

ලකුණු ගත්තෙත් නැහැ ජොලියක් කරලා ආවා. ලංකාවේ නම නරක් කරලා ආපු එකට කණ්ඩායමෙන් වහාම ඉවත් කරන්න. (නි)

:       0       0

නුවන් අමරසිංහ Wednesday, 03 July 2013 01:00 PM

ගුවන් යානයේ දොර අරින්න උත්සාහ කිරීම ලොකු දෙයක් නොවෙයි තමයි. අපි මේ කතා කරන්නෙක්‍රීඩකයකු ගේ බීමත් කම සඑ ඒවට වග කියන්නෙ කව්ද කියන එකයි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 03 July 2013 01:00 PM

ලංකාවේ සමහරක් ඇමතිලගේ නෝනාලාටයි, දරුවන්ටයි පුදුම මොලේ අමාරුවක් තියෙන්නේ. ජෙනරල් පොන්සේනා වගේ කෙනෙක් ජනාදිපති කරවන්න තිබුනානම් ඔය මොලේ අමාරුව බස්සන්න තිබුනා.(නදී)

:       0       0

කුමාර් Wednesday, 03 July 2013 04:12 PM

ඔව් අසංග, වැඩිකල් නොගොහින් බලසේනාව, ලංකාව මියන්මාරයක් කරාවි, ඇෆ්ගනිස්තානේ තලබාන් කළා වගේ.(නදී)

:       0       0

දිනේෂ් Wednesday, 03 July 2013 04:13 PM

රට යවන්න කලින් ටොයිලට් එකට යන්න පුරුදු කරන්න එපැයි (නි)

:       0       0

රයෙන් විජේසිංහ Wednesday, 03 July 2013 04:18 PM

රුස්සියන් ගෑනියෙක්ගේ හෝටලේට ගියෙත් වරදීමකින් වෙන්න ඇති (අ)

:       0       0

හේමන්ත Wednesday, 03 July 2013 04:26 PM

ලැජ්ජා නැතිව කියන කතා, ඔස්ට්‍රේලියාවල ගිහින් වැටුනෙත් සුළු දියක් නිසාද? කොහෙද පුතාගේ වැරැද්ද පිළිගන්නේ, ඊට කලින් අනිත් කෙනත් වලේ වැටුනනේ. (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 03 July 2013 04:27 PM

දීර්ග ගුවන් ගමන් වල නිදිමත සහ විවිධ හේතු මත මෙවන් සිද්ධි සුලබව සිදු වනවා. මෙයාලත් එක්ක හිටිය කෙනෙක් වෙන්න ඇති මෙය සිදුවුන කෙනා ගැන ඩේලි මේල් එකට ටෙක්ස්ට් කරලා තියෙන්නේ අහවලාගේ පුතා කියලා. මෙම සාමාන්‍ය සිද්ධිය 'පුවතක්' වුනේ ඒ විදියට වෙන්න ඇති. (නි)

:       0       0

සිලා විමලේ මිලානෝ Wednesday, 03 July 2013 04:29 PM

. මජ්ජපමා දත්ටනා වේරමණී සික්කාපදං කිවලු (අ)

:       0       0

සුගත් Wednesday, 03 July 2013 04:34 PM

පුතාගේ බීමත්කම ටිකක් අඩු කලා නම් හොදයි නේද? (නි)

:       0       0

ෂපීක් Wednesday, 03 July 2013 01:16 PM

වචන නැහැ අදහස් දක්වන්න.(නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 03 July 2013 01:16 PM

ඇමති තුමෝ, සිද්දියේ ප්‍රමාණය කොහොම වෙතත් පුතා හිටියේ අව සිහියෙන් කියලා නම් කාටත් පැහැදිලියි. එනිසා පුතාට සුදුහුණු ගානවට වඩා හොද නැද්ද කාටත් දැනෙන විදියේ දඩුවමක් දීලා මින් ඉදිරියටවත් පියාගේ හා පවුලේ හා රටේ නම්බුව කැත නොවන විදියට විදයට හැසිරෙන්න ඉගැන්නුවොත්.(නදී)

:       0       0

අරලිය Wednesday, 03 July 2013 01:19 PM

වෙල්කම් ටු ශ්‍රී ලංකා !(නදී)

:       0       0

අයන්ත Wednesday, 03 July 2013 01:19 PM

දොර ඇරියානම් සුළු දේ බලාගන්න තිබුනා. තාත්ති අර මොනවාද ඒක පුතේ සුලු දෙයක්නේ.(නදී)

:       0       0

සරත් Wednesday, 03 July 2013 04:39 PM

මේ ළමයා කසාද බැන්ඳ දවසට තමයි මාර ප්‍රශ්නය වෙන්නේ! (නි)

:       0       0

ගයන් Wednesday, 03 July 2013 01:24 PM

තාත්ත පනින්න හැදුවේ හෝටලේ බැල්කනියෙන් පුතා පනින්න හැදුව ගුවන් යානයෙන්. හ හා ටිකිරි මොලේ. (දී)

:       0       0

බමුණු Wednesday, 03 July 2013 04:50 PM

ඔබේ මවට ඕක සුළු දෙයක් කියලා තාත්තා කීවලු.(නදී)

:       0       0

බමුණු Wednesday, 03 July 2013 04:52 PM

අසංග, කුමාර් කියන්නේ සිංහල කෙනෙක් නොවෙයි. එම නිසා ඔබ කලබල වෙන්න එපා (නි)

:       0       0

පුබුදු Wednesday, 03 July 2013 01:27 PM

අපි ගුවන් සමාගමට කියමු වැසිකිලිය පයිලට් ඉන්න කැබින් එකේ හදන්න කියලා (නි)

:       0       0

සිල්වා Wednesday, 03 July 2013 04:54 PM

පුතා පළමුවෙනි පාර වෙන්න ඇති ගුවන් යානයක ගියේ, දොරවල් මාරුවෙන්න. බලාගෙන හොදේ, පුතා රෑට නිදා ගත්තම අල්මාරියේ දොර ඇරලා මුත්‍රා කරයි වැසිකිලිය කියලා හිතාගෙන. (නි)

:       0       0

එස්.ටි.කේ Wednesday, 03 July 2013 01:30 PM

මම වගේ කට්ටියට නම් ඕව සුළු දේවල් ... ඒ උනාට පිටරටවල් වල ඉන්න මිනිස්සුන්ට තමා ඇඳුම් ඇදල පාරේ යන්න බැරි වෙන්නේ ...සුද්දෝ ඕව ගෙන අහනකොට..

:       0       0

මිනිපෙ Wednesday, 03 July 2013 10:11 PM

වැසිකිලි ලග දොරක් තියන ගුවන් යානා තිබෙනවා.අනේ ඕක ඔය තරුණ කොල්ලෙක් ගේ වැරදීමක්.අපි එයාට සමාවක් දෙමු.අපි අපේ අතීතයත් දිහා බලමු.අපිත් ඔය හා සමාන වැරදිම කොචචර කරලා ඇද්ද..(අ)

:       0       0

අරු Wednesday, 03 July 2013 05:07 PM

මත්පැන් බීපු අය ගුවන්යානාවල ගෙනියන එක තහනම් කරන්න ඕනෑ. මේ වගේ අය අනික් මගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක්. මේ ගොල්ලන්ටත් මත්පැන් බීපු රියදුරන්ට වගේ සලකන්න ඕනෑ. (නි)

:       0       0

අජිත් Wednesday, 03 July 2013 01:31 PM

මම එහෙම කලාද මට මතක නැහැ. මේවා මගේ චරිත ගාතනයට කියන බොරු කතා. කණ්ඩායමේ ඕනේ කෙනෙක් ගෙන් අහල බලන්න. කවුරුත් ඇත්ත කියන්නේ නැහැ.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 03 July 2013 05:08 PM

ලක්ෂ ගණනක් කිසිත් නොදන්නා අපේ ගෘහසේවිකාවන් ලස්සනට ගුවනේ ගිහිල්ල එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ දොරවල්ගැන. මෙයා කරපු වැඩේ නිසා නියම රබුක්වැල්ලලත් සොවුත්තු වෙනවා.(අ)

:       0       0

ජීවන් Wednesday, 03 July 2013 01:33 PM

තාත්තා තට්ටු 3යි පුතා අඩි 35000 (දී)

:       0       0

ගමගේ Wednesday, 03 July 2013 10:26 PM

ඒක නිසා වෙන්න ඇති වත්තට වැටුනු බෝලය ගන්න ආ තමන් උගත් පාසැලේම දරුවකුගේ ඇගිලි කපලා අමානුෂිකව පහරදුන්නේ. යමක් කියන්ට පෙර හොදට බලන්න තමුන් ඇදුම් ඇදලද කියලා.(නදී)

:       0       0

බමුණු Wednesday, 03 July 2013 05:14 PM

"පුතා රෑට නිදා ගත්තම අල්මාරියේ දොර ඇරලා මුත්‍රා කරයි වැසිකිලිය කියලා හිතාගෙන." අල්මාරියට කලත් කමක් නැත තාත්තා බත් කන තැනට කලොත් තමයි වැඩේ. එහෙමට බැරි පුතෙක් නොවෙයි මෙයා. (නදී)

:       0       0

සාලිය Wednesday, 03 July 2013 01:33 PM

මට දුක අපි ගැන (දී)

:       0       0

ගාමිණී Wednesday, 03 July 2013 05:14 PM

ඕවා ගණන් ගන්න එපා මෙයාට දඬුවම් කලොත් අර අහිංසක මර්වින් සිල්වටටත් දඬුවම් කරන්න වෙනවා (අ)

:       0       0

Wednesday, 03 July 2013 05:15 PM

අපිත් ගුවන් යානාවල ගිහින් තියනවා. හැබැයි වැසිකිළියයි, පිටවන දොරයි එකලග තියන ගුවන් යානා අපි දැකලා නැහැ(අ)

:       0       0

ගැමුණු Wednesday, 03 July 2013 05:16 PM

"මත්පැන් බීපු අය ගුවන්යානාවල ගෙනියන එක තහනම් කරන්න ඕනෑ" ඒඋනාට මත්පැන් ගුවන් යානාවල දෙනවනේ. නිකන් නොවෙයි බයිට් සමග (අ)

:       0       0

ගැමුණු Wednesday, 03 July 2013 05:19 PM

'අනේ මගේ කට....."(අ)

:       0       0

නලින් Wednesday, 03 July 2013 01:45 PM

පුතා රට යවන්න කලින් පොඩි පුහුණුවක් දෙන්න තිබුන වැසිකිලි වල දොරවල් ඇරීම පිළිබද...කාට කියන්නද මේවා.(නදී)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 03 July 2013 05:22 PM

බැරි වෙලාවත් මෙයා මුස්ලිම් උනානම් මල කෙලියෛ. බී.බී.සී, සී.එන.එන්.ඇතුළු ලෝකේ ප්‍රවෘර්ති ආයතන වලට මේක හොදපුවතක් (අ)

:       0       0

අශෝක Wednesday, 03 July 2013 05:24 PM

කුමාර් බලසේනාව කරන්නේ ආණ්ඩුවට කඩේයන එක නිසා මේවට මොකුත් කරන්න එයාලට මේවා පෙන්නේ නෑ(අ)

:       0       0

සමන් පෙරේරා සෞදි Wednesday, 03 July 2013 01:49 PM

ගුවන් යානයක දොරටුව සහ වැසිකිලිය අදුරන්නේ නැති අය කොහොමද ක්‍රිකට් හරියට ගහන්නේ? පොඩි දරුවෙක්ගෙන් ඇහුවත් ගුවන් යානයේ වැසිකිලිය පෙන්නාවි. (නි)

:       0       0

රංග Wednesday, 03 July 2013 01:51 PM

පුතා නිසා තාත්ත මඩ කනවා

:       0       0

එරංග Wednesday, 03 July 2013 01:52 PM

තරහා ගන්න එපා ....ඇමතිතුමා ගෙදර රෙදි ටික හෝදන්නත් ඕනනෙ.හැමදාම අනුන්ගෙම රෙදි හෝදන එකේ (දී)

:       0       0

වාස් Wednesday, 03 July 2013 05:32 PM

පුතාට ඉන්ගිරිස් ටිකක් උගන්නන්න ඇමතිතුමෝ, අඩු තරමේ ටොයිලට් කියන වචනයෙවත් කියවන්න. මොකද මීට පස්සෙවත් කියවලා බලලා යන්න, මොකද සමහර අය පිහිනුම් තටාක වලට එහෙමත් යනවනේ වැරදිලා. (නි)

:       0       0

අත්තනායක Wednesday, 03 July 2013 01:57 PM

මේ තියෙන්නේ බෝයිං 777 ගුවන්යාන්යක සැලැස්ම. බෝයිං 777 නොගිය අය බොරු කයිවාරු ගහන්න එපා. මෙන්න මේ ප්ලැන් එක බලන්න ඔයාලා හැමෝටම තේරෙයි වෙලා තියෙන අත් වැරැද්ද? බොරුවට නහින්න එපා.(නදී) http://www.aa.com/i18n/aboutUs/ourPlanes/boeing777AtlanticSeating.jsp

:       0       0

අනුරාධ මෙල්බර්න් Wednesday, 03 July 2013 05:39 PM

පොඩි තැන පස්වන ශික්ෂා පදය කඩන්න ගිහිල්ලා තව පොඩ්ඩෙන් ජීවිත 229 කටම වගකියනවා......ජයවේවා නුවර ජනතාවට ජයවේවා! මේවගේ වැදගත් පවුලක් ජනතාවට සේවය කරන්න ඡන්දය දී පත්කළාට ශ්‍රී ලංකාවාසී අප සැම නුවර ජනතාවට සදා ණයගැතියි (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 03 July 2013 01:59 PM

ඇමතිවරුන් සහ ඔවුන්ගේ පුතුන් කරන ඕනෙම ජරා වැඩක් ඔවුන්ට සුළු දෙයක්ය. මේවා අද ඊයේ දේවල් නොවේ අවුරුදු ගණනාවකට පෙර තවත් මෙවන් පුතුන් දෙදෙනෛක් සුපිරි හොටල් ක්ලබ් එකක කලබගෑනියක් කර ගත් වෙලේ ඔවුන් කීවෙත් ඔය ටිකමය. අපේ ගස් බැඳ ගන්නා ඇමතිගේ පුතා කරන ඕනෙම වැඩක් සුළු දෙයක් කියා ඔහුගේ අචාර්ය පිය තුමා කියනවා. මේවා අහිංසක දුප්පත් කෙනෙක් කරොත් මාස ගානක් හිරේ තමා.(නදී)

:       0       0

සංජය Wednesday, 03 July 2013 02:00 PM

නරක කාලෙට රට ගියාම ඔහොම දේවල් වෙනවා...

:       0       0

දනූ Wednesday, 03 July 2013 02:00 PM

හා පුතේ ඔයාට හොඳ ප්‍රසිද්දියක් ලැබුනා. ඉල්ලමු එහෙනම් ඡන්දෙ...ෂුවර් උඩින්ම දිනයි.(නදී)

:       0       0

සුජිත් Wednesday, 03 July 2013 11:26 AM

කොහොම උනත් මේක ලෝක වාර්තාවක් වේවි මොකද වැසිකිලියේ දොර කියල ගුවන් යානයේ දොර අරින්න හදපු ප්‍රථම වතාව මේක වෙන්න පුළුවන්.(අ)

:       0       0

අනුරාධ Wednesday, 03 July 2013 05:59 PM

ලෝකෙට සුලුදෙයක් ලංකාවට ලොකු දෙයක්

:       0       0

දයා අලහාකෝන් Wednesday, 03 July 2013 02:09 PM

දඹානේ අපේ ඇත්තන්ගෙන් මේ වගේ වැඩක් නම් සිද්ද වෙන්නේ නැහැ. මේකා පොඩි එකානේ ඕක සුලු දෙයක්.(නදී)

:       0       0

කසුන් Wednesday, 03 July 2013 06:02 PM

ඕනෑම තාත්ත කෙනෙක් ඔහොම තමයි

:       0       0

දිල්තා Wednesday, 03 July 2013 02:10 PM

ඔව් සුළු සිද්ධියක්නේ මේක. ප්ලේන් එක කඩන් වැටුනත් , ඒකත් සුළු සිද්ධියක් කියලා කියයි (නි)

:       0       0

ප්‍රභාෂ් Wednesday, 03 July 2013 11:30 AM

ඇමතිතුමාගේ පුතා නිසා සිද්දිය සුළු දෙයක්.වැරදිලා හරි විපක්ෂයේ කගේ හරි පුතෙක් උනා නම් ඉතා බරපතල දෙයක්.මේ නිර්වචන ගැන කියන්න දෙයක් නැහැ,පර්ලිමෙන්ට් ජෝක් කියන්නේ මේවට.(අ)

:       0       0

කෙවින් Wednesday, 03 July 2013 11:31 AM

.ලංකාවේ තආ ලෝකෙන් මෝඩම මිනිස්සු වැඩි පුරම ඉන්න රට. මෝඩ මිනිස්සු ඉහලට යවල දැන් ඉතින් හුල්ලනවා.(අ)

:       0       0

මහේෂ් Wednesday, 03 July 2013 11:31 AM

අපි බබාලා (ත)

:       0       0

සඳුන් Wednesday, 03 July 2013 11:34 AM

තාත්තත් සුළු සිද්දියක් නිසා ද හෝටලේකින් වැටුණේ? (ත)

:       0       0

අර්ෂා Wednesday, 03 July 2013 11:35 AM

අනේ මගේ කට.....(ත)

:       0       0

අතුල - මාලදිවයින Wednesday, 03 July 2013 02:16 PM

කුමාර් කියන පුද්ගලයා බෞද්ධ නොවන අන්‍ය ආගමක මූලධර්මවාදී වෘෂභ රාජයෙක්. ඒක නිසා තමයි හැමදේකටම උම්බෑ කියලා සේනාව හොයන්නේ. (නි)

:       0       0

අචිනි Wednesday, 03 July 2013 11:36 AM

ජයවේවා! පුතත් කැත කෙරුවේ අපේ රටේ නම තමා (නි)

:       0       0

කරුණාදාස Wednesday, 03 July 2013 06:10 PM

අපිට ලොකු දෙයක් තමයි

:       0       0

ශාන සෞදි Wednesday, 03 July 2013 11:37 AM

සිද්ධිය සුළු වුනාට වරදක් කලානම් දඩුවම් කරන්න ඕනෑ. මොකද ඇමති පුතාට වෙනම නීති රටේ නැහැ නේ. කවුරු කලත් වරද වරදමයි. මෙයාලට සමාව දුන්නොත් අනෙක් අය මීට වැඩිය රටට අවමන් වන වැඩ කරනවා. මොකද මෙයාලා බබාලා නෙමෙයිනේ. හරිනම් ඇමතිතුමා මෙයට දඩුවම් කරන්න ඕනෑ එයාගේ නම කැත කලාට. මෙහෙම ගියොත් පාර්ලිමේන්තුවට වුන දේම තමා ක්‍රීඩාවටත් වෙන්නේ (නි)

:       0       0

නීලා Wednesday, 03 July 2013 11:37 AM

දොර ඇරැනත් නොඇරුනත් මෙයාලට මේවා සුළු සිද්ධි තමයි. (නි)

:       0       0

සුභ සිංහ Wednesday, 03 July 2013 02:19 PM

මේ ඔක්කොම එකතුවෙලා ලංකාව විනාශ කලා මදිවද ක්‍රිකට් කණ්ඩායම ඉවර කරන්න හදන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිදිද? මෙයාට වඩා දක්ෂ කොල්ලෝ ලංකාවේ දාලා ඇයි මෙයාව අරන් ගියේ.(නදී)

:       0       0

රජිත් ඉතාලි Wednesday, 03 July 2013 11:41 AM

අපිත් ගුවන් යානාවල ගිහින් තියනවා. හැබැයි වැසිකිළියයි, පිටවන දොරයි එකලග තියන ගුවන් යානා අපි දැකලා නැහැ. (නි)

:       0       0

මාලි Wednesday, 03 July 2013 02:22 PM

දේශපාලකයන්ට නම් මේවා සුළු දේවල් තමයි.(නදී)

:       0       0

නෙතුමි Wednesday, 03 July 2013 11:41 AM

සුළු දෙයක්නම් තමා සිතුවිල්ල නම්. මොකද වැසිකිලියේ දොර කියානේ අරින්න උත්සාහ දැරුවෙ. ඒත් යානයේ දොර විවෘත වුනා නම් ඒත් සුළු දෙයක් තමා වෙන්නේ. එහෙනම් ඉතින් පුතා ජෝබෝන් තමා. (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Wednesday, 03 July 2013 11:42 AM

ඕගොල්ලෝ කරන්නේ රටේ නම කැත කරන එකනේ. ඉතින් බොහොම සුළු දෙයක්. (ත)

:       0       0

malaka Wednesday, 03 July 2013 11:44 AM

මෙජර්ල ගුටි කන .ගුරුවරු දන ගහන .නිලදරින්ව ගස් බදින රටක මේ දෙය සුළු සිද්දියක් .බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත් පත අපේ රටේ ඉහත සිදුවීම් ටික දන්නවනම් .මේ සිදුවීම පළකරන්නේ මේ ආකාරයටය ශි ලංකාවේ කුඩා කොලු ගැටයෙකු කොලු කමට ගුවන් යානයේ දොර විවුර්ත කිරීමට යාමේදී ගුවන් සේවිකාවක් සිනාසී එය වලකන ලදී යානයේ සිටි සියලුම මගීන්ට මේ දරුවාගේ දගකාර කමට හිනා ගියේය .(අ)

:       0       0

චාමික Wednesday, 03 July 2013 11:46 AM

මන් මේ නිකමට කියන්නේ. තාත්තා කරපු දේම නොකළොත් කවුද කියලා කතාවක් තියනවා නේද? (ත)

:       0       0

පවන්,ජිනීවා Wednesday, 03 July 2013 11:46 AM

මගේ පුතා කළා නම් මගේ පුතාට ලන්ඩන් ගුවන් තොටුපළෙන් කෙලින්ම යන්න වෙන්නේ පොලිසියට.මේ වගේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආවා නම් මීගමුවේ උසාවියේ තමය් ලගින්න වෙන්නේ. මම නිතර ගුවන් ගමන් යන නිසා මට පේනවා මැද පෙරදිග ඉඳන් අපට විදේශ විනිමය හොයාගන රටට පැමිණෙන රටවැසියන්ට ගුවන් සේවා වල කුඩම්මාගේ සැලකිලි. (නි)

:       0       0

ජයන්ත Wednesday, 03 July 2013 02:31 PM

මෙයාට ඡන්දෙ දුන්නේ කව්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3621 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 642 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site